හදුන්නෙත්ති සහ JVP දේශපාලනය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    හදුන් ගමට මොනවත් කරේ නැහැ කියලා මේ කියන්නේ ඇත්තද?
    FB_IMG_1597115250021.jpg

    අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ ඉඳපු සුනිල් හඳුන්නෙත්ති තමන්ගේ ගමට කියලා මාතරට මොනවාද කරලා තියෙන්නේ මාතර ගැන කිසි දෙයක් දන්නේ නැති බූරුවො සුනිල් හඳුන්නෙත්ති ගැන ගීත ලියනවා.

    හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටම අවුරුද්දකට විමධ්‍යගත අරමුදල් යටතේ මහජනතාව වෙනුවෙන් සේවය කරන්න ලක්ෂ 100ක් ලැබෙනවා. නමුත් සුනිල් හඳුන්නෙත්ති කිසිම දවසක ගමේ අඩුපාඩුවක් වෙනුවෙන් එක රුපියලක් විමධ්‍යගත අරමුදලෙන් වෙන් කරලා නෑ

    අවස්ථා දෙක තුනකදී මාතර මිනිස්සු සුනිල් හඳුන්නෙත්තිගේ විමධ්‍යගත අරමුදල් යටතේ මාතරට වැඩ කරගන්න යෝජනා යැව්වා. නමුත් සුනිල් හඳුන්නෙත්ති මොනවද කරේ කොළඹට වෙලා ඉඳගෙන ඡන්දෙ ඉල්ලන්න විතරක් ගමට ආවා. මේ වගේ පැරශුට් කාරයන්ට මාතර ජනතාව නිසි පිළිතුරක් ලබා දීම පිළිබඳව මා සතුටු වෙනවා.

    පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තමන්ගෙ ගම කියලා මාතරට ඇවිත් ඡන්දෙ ඉල්ලුවා නමුත් ගිය පාරත් මාතර මිනිස්සු මේ මිනිහව පරාජයට පත්කරා. අපි හිතුවා ඒ වෙලාවේ වත් මේ මිනිහා හැදෙයි කියලා. නමුත් පසුගිය අවුරුදු 05ත් මාතර වෙනුවෙන් මේ මනුස්සය කිසි දෙයක් කළේ නෑ. මාතරට වැඩ කරන්න කියලා විමධ්‍යගත අරමුදල් ඉල්ලුවහම මේ මනුස්සය මොකද්ද කරේ සුළු ජාතික ඡන්ද වෙනුවෙන් තමන්ගේ විමධ්‍යගත අරමුදල් මඩකලපුව දිස්ත්‍රික්කයට වෙන් කරා. ගමට කිසි දෙයක් නොකරපු වෙනත් දිස්ත්‍රික්ක වල සුළු ජාතිකයන් වෙනුවෙන් වැඩ කරපු මේ මිනිහා ලැජ්ජ නැතුව ඡන්දය ඉල්ලන්න විතරක් මේ පාරත් මාතරට ආවා.

    ඒ විතරක් නෙවෙයි මේ මනුස්සය තරම් පට්ටපල් බොරු කියන චරිතයක් මාතර දේශපාලනයේ මා දැක නෑ. එක රූපවාහිනී සාකච්ඡාවලට ගිහිල්ලා රටේ ජනාධිපති ජාතිය අමතලා කරපු කතාවත් විකෘති කරලා පට්ටපල් බොරුවක් කියලා ආපු මනුස්සයෙක් තමයි මෙයා. මෙයා ඒ රූපවාහිනී සාකච්චාවේදී කියනවා ජනාදිපතිතුමා ජාතිය අමතලා තෙල් මිල සහනය සැමන් හා පරිප්පු වලින් ලබාදෙන බව කිව්වා කියල. නමුත් ජනාධිපතිතුමා එහෙම කතාවක් කිව්වේ නෑ. රටේ ජනාධිපතිතුමා ජාතිය අමතක කරපු කතාවත් විකෘති කරන්න තරම් පහත් මට්ටමට වැටුණු දේශපාලන චරිතයක් තමයි සුනිල් හඳුන්නෙත්ති කියන්නේ.

    තවත් දවසක් රූපවාහිනී සාකච්ඡාවකට ගිහිල්ලා මේ මනුස්සයා කියනවා රටේ ජනාධිපතිට අප්‍රේල් 30න් පස්සේ මුදල් වියදම් කරන්න බලයක් නෑ කියලා. රටේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව මුදල් වියදම් කරනවා කියලා තවත් අවස්ථා කිහිපයකදී මොහු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කිව්වා. ඔහුගේ අරමුණ වුණේ විදේශ රටවල් වලින් අපේ රටට ලැබීමට නියමිතව තිබුණු විදේශ ආධාර අහිමි කිරීමයි. කෝප් කමිටුවේ හිටපු සභාපති තුමා රටේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව මුදල් වියදම් කරනවා කියලා කිව්වම විදේශ රටවල් වලින් අපිට ලබාදෙන ආධාර ලබා දෙන්නෙ නෑ කිසිම රටක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීති විරෝධීව රට පාලනය කරන රාජ්‍යන්ට උදව් කරන්නේ නෑ ඔහුගේ අරමුණ වුණේ කොරෝනා වසංගතය අස්සේ ආන්ඩුවට ලැබෙන්න තිබිච්ච මුදල් ආධාර ටික අහිමි කිරීම.

    මොහුගේ ක්‍රියාකලාපය හොඳින් බලා සිටි මම දවසක් මොහුට කිව්වා මන්ත්‍රිතුමා ඔය කැත වැඩේ කරන්න එපා ඔබතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ගැටළුවක් තියෙනවා නම් කරුණාකරලා අධිකරණයට යන්න ගිහින් අධිකරණයේ නඩුවක් දාන්න එහෙම නැතුව දවස ගානෙ මාධ්‍ය සාකච්ඡා තිය තිය ජනාධිපතිවරයා මුදල් වියදම් කරන්නේ නීති විරෝධීව කියලා කියන්න එපා ඒකෙන් අපේ රටට ලැබෙන්න තියෙනවා ආධාර ටික අහිමි වෙනවා කියලා. නමුත් මොහු නෙවෙයි කනකට ගත්තේ. පස්සෙ මම වීඩියෝ එකක් ම දාලා මේකෙ තියෙන ඇත්ත තත්ත්වය පැහැදිලි කරලා ඔහුට අභියෝග කරා කොන්ද පණ තියෙනවා නම් මාධ්‍ය සාකච්ඡා තිය තිය මයික් පළන්නේ නැතුව ජනාධිපතිවරයා මුදල් වියදම් කරන්නේ නීතිවිරෝධීව කියලා නඩුවක් දාන්න කියලා ( අදාළ වීඩියෝව මෙම ෆේස්බුක් ගිණුමේ තවමත් ඇත )

    පහුගිය පාර්ලිමේන්තුවේදී මොනවද ඔහු කළේ ලංකා ඉතිහාසයේ විශාලතම හොරකම වන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයෙකු වූ රනිල් වික්‍රමසිංහ ඉතාම සූක්ෂම අයුරින් නිදහස් කරනු ලැබුවේ ඔහු විසින්. බැඳුම්කර වංචාව සිදු වන විට මහ බැංකුව භාරව හිටියේ රනිල් වික්‍රමසිංහ.

    මුදල් අමාත්‍යංශය යටතේ තිබුණු ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවලා රනිල් වික්‍රමසිංහගේ යටතට ගන්නවා. මහ බැංකු බැඳුම්කර වංචාව සඳහා උපදෙස් ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ කියලා හිටපු මහ බැංකු අධිපති අවස්ථා ගණනාවකදීම කිව්වා. නමුත් සුනිල් හඳුන්නෙත්ති රනිල් වික්‍රමසිංහගේ නම ඉවත් කරලා බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව හදනවා. තමන් හදපු කෝප් වාර්තාවෙන් වංචාවේ මහමොළකරු රනිල් වික්‍රමසිංහගේ නම ඉවත් කරනවා. එහෙම කරපු මේ මිනිහා ඊට පස්සේ රූපවාහිනී සාකච්ඡාවලට ඇවිත් කියනවා රනිල් වික්‍රමසිංහ තවමත් එළියෙ ඔහුව අත්අඩංගුවට ගන්නේ නෑ කියලා. තමන් හදපු කෝප් වාර්තාවෙන් වත් වැරදිකරුවෙක් නොකරපු රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න කියලා මාධ්‍ය සාකච්ඡා තියන්න තරම් පහත් මට්ටමට ඔහු වැටෙනවා. මේ ඔහුගේ පාහර දේශපාලනය පිළිබඳව කරුණු ටිකක් විතරයි.

    හඳුන් ගහක් කියලා ලෝකෙට පෙන්නන්න හැදුවට මුගේ ඇතුල ගැන දන්නෝ දනිති

    කොහෙවත් ඉන්න උඔලාට සුනිල් හදුන්නෙත්ති කියන්නේ පොරක් උනාට මාතර අපට නම් සුනිල් හදුන්නෙත්ති කියන්නේ රනිල් හාමුගේ පුංච් බලු කුක්කෙක් විතරයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Eka thamai. Sunil handunneththila mokkuda. Mathara minissunta hariyanne saruwa sunil wage dial. Anna minissu. Matharata kochchara wada karala tyeda.

    සාරුවා සුනිල් ලගෙන් දැන් වැඩක් නැහැනේ උෟ හිරේ.ඵක.ඵකා නෙමෙයි මේ කථාව බොරුයි කියන්න proof හොයල දාපන්,නැත්නම් අැත්ත කියල පිළිගනින්..😁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    හදුන්නෙත්ති අවුරුදු 15 ක් ම මොනවත් කරලා නැහැ කියන්නේ . හදුන්නෙත්ති හොදයි නම් මොනවද කරේ කියලා තමා හොයන්න වෙන්නේ . සරුවට රාජපක්ෂට අරයට මෙයාට හොරා කියලා වැඩක් නැහැ නේ ද?🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok