සමන්ත මේසන් බාස්ට කියලා අපිටත් වැඩක් කරගන්න බැරිද දන්නේ නෑ අඩු ගාණට...තාප්පයක් තියෙනවා බැඳගන්න.
ඇයට වයස 78 යි, වයස අවුරුදු 16 දී තමා පූනාගල වත්තට තේ දළු නෙලන්න පය තබන්නේ.
මීට වසර දෙසීයකට පෙර මෙරටට පැමිණි මලයගම් ප්‍රජාවගේ තුන්වෙනි පරම්පරාවට තමා ඇය අයත් වන්නේ.
ඇය නමින් රෙන්ගම්මාය...
හරියටම අවුරුදු 62 ක් දළු කූඩය පිටේ බැඳගෙන ඇඟිලි තුඩු වල මේපමණ කරගැට ප්‍රමාණයක් එනතුරු දළු කිලෝ කීයක් නම් කඩලා ඇත්ද ?
ඩොලර් කොච්චරක් නම් රටට ගේන්න දායක වෙලා ඇත් ද ?
ඒ දළු නෙලපු අවුරුදු 62 ක කාලයක කුසට ආහරයක් නැතුව කී වේලක් නම් මේ අම්මා ඉඳලා ඇත් ද ?
අව්වට පිච්චුනු වාර, වැස්සට තෙමුණු වාර,
කූඩැල්ලන් කාපු වාර, බඹර ප්‍රහාර එල්ලවුනු වාර කෙතරම් තියෙන්නට ඇත් ද ?
මෙතුමියට නොතෙමී ඉන්න තිබුණ එකම ලැයිම් කාමරෙත් නායට සුනු විසුණු වූ තැන වසර දෙක හමාරක්ම එකම ආපදා කඳවුරක පවුල් පනහක් සමග හිස් බලාපොරොත්තු එක්ක ජීවත් වුණු ඇය.
අපි පසුගිය දා ශ්‍රමදානයට කබරගලට එක්වන මොහොතේ තමන් වෙනුවෙන් ඉදිවන නිවස දිහා දෑස් දල්වාගෙන සිටි මොහොත.
ඔබ වැනි සියලු දෙනාටම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුම කර දීම අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඇතුළු අප රජයේ ඒකායන අරමුණයි.
මෙවැනි කාර්යයන් වෙනුවෙන් බදු ගෙවන ඔබට කෘතඥ වෙමි.
- සමන්ත විද්‍යාරත්න -