හද-කම්පාකල-කථාවක්
මේ ප්‍රවෘතිය දැනට වසර 1 1/2 කට පමණ කලින් එක්තරා පුවත් පතක පලවී තිබුනා.....
එය මගෙ හිත ගොඩක් කම්පාවට පත්කලා.....
සිද්ධිය වෙලා තිබ්බෙ සමනල කන්ද පාමුල පිහිටි තේ වත්තක
මේ ප්‍රදේශය තරමක් කැලෑ බද වූ අතර මෙහි කුඩා පැලක එක්තරා යුවලක් වාසය කර තිබෙනවා ඔවුන්ට වසරක පමණ කුඩා දරුවෙක්ද සිටි අතර..... දුප්පත් කමේ පතුලේ සිටි පියා සහ කුඩා පුතු අතහැර සිය බිරිද වෙනත් සැමියෙකු සමග ප්‍රදේශයෙන පලා යනවා.... නිවසේ තනිවන මෙම පුද්ගලයා වසරක පමණ වයසැති අත දරුවාද පෝෂනය කිරීමේ වගකීම පැවරෙනවා....
ඔහුගේ ජීවනෝපය වන්නේ දර කඩා අසල පිහිටි හැටන් නගරයට ගෙන ගොස් විකිණීමයි.
කුඩා දරුවා නිවස තුල දමා දොරගුලු ලා තම රාජකාරියට යන මෙම තරුණයා හවසට කීයක් හරි හොයගෙන දරුවාට කිරිපිටිද රැගෙන නිවසට පැමිනෙනවා...
දිනක් සිදුවන්නේ අවාසනාවන්ත සිද්ධියක්...
දරකැඩීමට දිරච්ච ගහකට නගින ඔහු අත්තක් කඩාගෙන බිමට පතිත වන්නේ ඔහුගේ ජීවන ගමන හමාර කරමිනි....
නිවසේ සිටින දරුවාට සිදුවන්නේ කුමක්ද....
අසල තේ වත්තේ දලු නෙලන අයට දුගදක් දැනී විපරම් කිරීමේදී... මියගිය තරුණයාගේ කුණුවී ගිය සිරුර හමුවෙනවා... පොලිසියට දැනුම් දීමෙන් පසු තව දුරටත් සෝදිසි කිරීමේදී... දොරගුලු ලෑ නිවස තුල සිගිති අත දරුවාගේ මීයන් තැනින් තැන කෑ සිරුරද හමුවෙනවා....
පසු විපරම -
තරුණයා ගසෙන් වැඩි ක්ෂණික මරණයක් අත්වන්නට ඇත. එහෙත් කුඩා දරුවා බඩ ගින්නේ කෙතරම් දුක් විදින්නට ඇතිද...
සම්බුදු පහස ලද සමනල අඩවියේ මෙවැනි ඛේදවාචකයක් සිදුවුයේ කිමද....
මෙය මා සිත කම්පා කල සත්‍ය සිදුවීමකි...

ඔයාලත් මෙවැනි සිදුවීම් දන්නේනම් මෙහි සටහන් කරන්න....