ගීත රාවේ ඇසුනේ ඈතේ
ඔබ දකිනා තුරු මා රැදුනේ
කිම නෑ යළි මාවෙත ආවේ
දකිනා තුරු නොවිසිලි වන්නේ
ඔබ හද තුළ මා මයි ඉන්නේ
එහි සැමදා මාහා රැදෙන්නේ
නෑ කෙලෙසේ අමතක කරන්නේ.
එහි ගී රාවය මා හට දැනුනේ
පාළුවේ සිතුවිලි තුළ කිමැදි ඉන්නේ
මා දවා නෑ ඔබ අත හැර යන්නේ
ඒ මතකේ සැමදා මා හද තුළ රැදෙන්නේ
නෑ කෙලෙසේ එය මා අමතක කරන්නේ.
ගීත රාවේ ඇසුනේ ඈතේ
ඔබ දකිනා තුරු මා රැදුනේ
කිම නෑ යළි මාවෙත ආවේ
දකිනා තුරු නොවිසිලි වන්නේ
ඈතට යන්නට යන්නට ඔබ මාහට ළංවෙන බව දැනුනේ
සැඩ හිරු පායනා කළ බැස යන මිදුම සේ එය පෙනුනේ
නෑ කෙලෙසද මා නැවතත් ඔබව දකින්නේ
වී ණාවේ දුක් ගී රාවය මාහට ඈතීන් ඇසෙන්නේ.
By Prothean
ස්වයං නිර්මාණයකි


lassanai ,, rep+