හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අවංකව ම කියන්නේ ඇඩුනා..............
    බිරිද ඇවිත් අහනව අඩන්නේ ඇයි කියලා........
    ඔබේ පෝස්ට් එක පෙන්නුවාම ඇය ගියේ හිස වනමින්..............ඇය ඒ විදියට හිස වනන්නේ දුක හිතුනා ම.........

    විවාහය කියන්නේ ඇත්තට ම වගකීමක්....ආතල් එකක් නෙවෙයි.........
    බොන්ස්, දෙමාපියන් නිසා නම් විවාහ වෙන්නේ....නැවත පොඩ්ඩක් හිතන්න.....
    හේතුව, ප්‍රශණයක් ඇති කර ගත්තොත් ඔබ පස්සේ....ඒ දුකත් දෙමාපියන්ට........

    ඔබ ඉතාම මෘදු හදක් ඇත්තෙක්....ඔබ වැන්නෙක් ලබන්නට තරුණියක් පින් කර තිබිය යුතුය......
    එවැන්නන් දුලබය......ඒ තුරුණු ළිය ඔබට ලැබේවා.....
    ජීවිතය, ජීවිතයක් ලෙසට ගෙවා ගන්නට වාසනාව ලැබේවා....!
    ගොඩාක් ස්තුතියි අයියේ...මමත් හරිම වාසනාවන්තයි ඔබ වැනි සොදුරු මිනිසෙකුගෙන් මෙවන්වූ සහතිකයක් ලැබීම ගැන.:D

    ඇත්තටම කියනවනම් අර මම කිවුව කදුලුත් එක්ක ගොඩාක් දේවල් පිටවෙලා ගියා කියලයි මට හිතෙන්නේ, එත් එක්කම අම්මට වැදලා අර එයාලාට තීරණය කරන්න කියන එක කිවුවට පස්සේ හිත පුදුමාකාර විධිහට සැහැල්ලු උනා. ඇත්තටම ආපසු එන ගමනේදී මම ආවේ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන්. සත්තයි.:yes::yes::yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවුරු හරි මගෙන් ඇහුවොත් මේ එළකිරි සමාජයේ වැඩියෙන්ම කැමති කාටද කියලා, මගේ උත්තරය වෙන්නේ මම වැඩියෙන්ම එළකිරි සමාජයේ කැමතිම සාමාජිකයා තමයි "දත් කිබුලා" කියන එක. අතිශයින් සොදුරු හදවතක් ඇති, මේ අව්‍යාජ සහුර්දයාගේ "හද විල කළඹන ගී ජල රේඛා" හූයට සම්බන්ද වීමට සති කිහිපයක් තිස්සේ සිත සිතා සිටියත් ලියන්න නොහැකි උනා. හේතුව නම් වෙලාව මදිකම. අදත් ලියන්න කියලා වෙලාවක් නැතත් අද නම් ලියන්නම වටින දවසක්. අද අහම්බෙන් වගේ සිද්ධ වෙච්ච සංවේදී සිද්ධියක් නිසා.

    සති අන්තයේදී ගෙදර ගියේ, සිකුරාදා (18) හවස එළකිරි රේඩියෝවේ ගිය "සසල හද විල් තෙර" මහගම සේකරයන් වෙනුවෙන් වෙන් වූ ඒ සොදුරු පැය දෙකහමාරක පමණ කාලයේ මිහිරත් සමගයි. ඇත්තෙන්ම දත් කිබුලාණන් විටකදී ඒ මහගම සේකරයන්ගේ "බෝඩිම" කාව්‍ය සංග්‍රහයෙන් උපුටා දැක්වූ අවිවාහකයෙක් හා විවාහකයෙක් අතර වූ ඒ දෙබස සිහිපත් කරමින්, මගේ ජීවිතයද සම්බන්ද කරමින් රිය පැදවූ ඒ සතර පැය පුදුමාකාරය. මා නොදැනුවත්වම ගෙදරට පැමිණ සිටියෙමි.

    මා අවිවාහකයෙකි. ඇත්තෙන්ම විවාහ වන විය පසු කරමින් සිටිමි. මගේ දෙමාපියන් මේ හේතුවෙන් පිටතට නොපෙන්නුවද ඇතුලතින් අතිශයින් කම්පා වන බව මා දනිමි. එහෙත් මා විවාහයක් සදහා සුදානම් නැත. හේතුව මා නොදනිමි. බොහෝ විට අද සමාජ ක්‍රමයේ ඇති ව්‍යාජත්වය හා ව්‍යාකූලත්වය මා ඒ තත්වයට පත්කලා විය හැක. සපත්තුවක අමිහිරි රසය විද ඇතිමුත් මෙතෙක් අවිවාහකව සිටීමට එය බලපෑමක් එල්ල නොකළ බව මගේ හ්ර්දසාක්ෂිය කෑගසයි. අද මා අතිශයින් අකමැති මාතෘකාවක් වන විවාහ යෝජනාවක් රැගෙන අම්මා කාමරයට පැමිණියාය. මෙතෙක් දෙගොල්ලන් අතර හුවමාරු වූ ලිපි ලේඛන සියල්ල මා අතට දුන්නාය. නමුත් මට මෙයට දීමට ඇත්තේ සුපුරුදු උත්තරය පමණයි. අහෝ! කරුමයක මහත:no:. අම්මාගේ සිත රිදෙන වචනයක් මා මුවින් හදිසියේ පිටවිය.

    අම්මා කාමරයෙන් පිටව ගියා... විනාඩි කිහිපයකින් යලිත් පියවි සිහියට පැමිණි මම අම්මගේ කාමරයට ගියා. මගේ පපුව එතනම කඩා වැටුන වගෙයි මට තේරුනේ. අම්මා මං මුලින්ම ඉස්කෝලෙට ගෙනිහින් භාරදුන්න දවසේ මට අන්දපු මුල්ම ඇදුම අතට අරගෙන අඩනවා. මට ඒක ඇත්තටම දරා ගන්න බැරිවුනා. මම අපහු මගේ කාමරේට ඇවිත්.. එත් මටත් ඇඩෙනවා...

    මම හිතන්නෙ ඕනම දෙමාපියෙකුට තමන්ගේ දරුව මුලින්ම පාසල් ගිය දිනය අමතක කරන්න බෑ. ඒ වගේම මට අද වගේ මතකයි අම්මයි, අප්පච්චියි මාව මුලින්ම ස්කොලේ ගෙනිහින් භාර දුන්න දවස. බුලත් අත දීලා වැන්දට පස්සේ අබේරත්න ටීචර් (ගරුතුමිය) මාව අතින් අල්ලලා ගෙනියන වෙලාවේ මම අඩුව, එදා ඉදලා සතියක් යනකල් දවසම අම්මයි, අප්පච්චියි පේන දුරින් හිටිය මට මතකයි. ඊට පස්සේ අප්පච්චි නාවත් අම්මා පොඩ්ඩක් පේන්න හිටියේ නැත්නම් මම අඩනවා. ඒ විදිහට අම්මා අවුරුදු කීයක් නම් මන් වෙනුවෙන් ඒ දුක වින්දද? මේ සියලු සිදුවීම් අද සිදුවූ ඒ සිද්ධියත් එක්ක එක පෙලට චිත්‍රපටියක් වගේ මගේ සිතට අවා. දන්නෙම නැතුව කොට්ටේත් තෙමිලා කදුළු වලින්. එත් ඒ කදුළු වලින් ඒ වන්දිය ගෙවන්න බැහැ.

    කොහොම හරි අද දින මට
    මුහුණ දීමට සිදුවූ මේ වූ මේ සිද්ධියත් සමගඇන්ජලීන් ගුනතිලක මහත්මිය ගයන මේ ගීතය මට මතක් උනා. මගේ හිතවත් "දත් කිබුලා" මිත්‍රයානන්ගේ හූයේ එය මෙලෙස සටහන් තබමි.:yes::yes::yes:

    පුංචි පුතා මගේ …ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අදවේ
    මුල්ම දවස අදවේ
    බුලත් අතක් දී …ගුරුතුමියට වැඳ …
    මා තනි කල මොහොතේ
    මා තනි කල මොහොතේ…

    අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
    මතු යම් දවසක වියතෙක් වනු මැන
    සිතෙන් පැතුම් පතලා
    ඔහු පන්තියෙ තියලා
    මා වෙන්වෙන මොහොතෙ
    පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
    ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට…

    පුංචි පුතා මගේ … ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අදවේ …මුල්ම දවස අදවේ…

    සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
    පුතු තනි කරලා පංතියෙ තියලා
    මල්ගස් යට සෙවනේ
    පුතුගෙ සුවඳ පවනේ
    මා තනි වූ මොහොතෙ
    පංතිය නිම වී පුතු ඇවිදිල්ලා



    මේතනින් ඒ ගීතය අහන්න:yes:

    http://soundcloud.com/lokujohn/punchi-putha-mage-iskole-giya


    දැන් වෙලාව හතරයි. අපහු එන්නත් වෙලාව හරි. ගෙදරින් එන්න කලින් මේක පොස්ට් කරනවා කොහොම හරි. ඒ වගේම අම්මට කියනවා එයාලා ගන්න ඕනි තීරණයකට මම කැමතියි කියලා. එත් ඒ තීරණය මගේද......නැත්නම්:confused::confused::confused:?
    විවාහය කියන්නේ ජිවිතයේ එක සන්දිස් තානයක්
    එක වැදගත් තීරණයක් අපිට 100 % ගැලපෙන කෙනෙක් හොයා ගන්න බැ
    100 % හැමෝම නරකත් නැ අවංකව ආදරේ කළෝත් කොච්චර නරක කෙනෙක් උනත් හොද කරගන්න පුළුවන් ,මමත් කයිය ගැහුවට මටත් කෙල්ලෙක් නැ ,කෙනෙක්ව ආශ්‍රය කාරලා හොදින්
    තේරුම් ගන්න .විවාහය කියන්නේ සමාන අදහස් එකතු කරන එක නෙමයි ,විෂම අදහස් සමාන කරන එක ,වියාජ අත්වය පිටු දැකිය හැක්කේ අවයාජ අත්වයෙන් විතරයි,සුබ පතනවා හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    විවාහය කියන්නේ ජිවිතයේ එක සන්දිස් තානයක්
    එක වැදගත් තීරණයක් අපිට 100 % ගැලපෙන කෙනෙක් හොයා ගන්න බැ
    100 % හැමෝම නරකත් නැ අවංකව ආදරේ කළෝත් කොච්චර නරක කෙනෙක් උනත් හොද කරගන්න පුළුවන් ,මමත් කයිය ගැහුවට මටත් කෙල්ලෙක් නැ ,කෙනෙක්ව ආශ්‍රය කාරලා හොදින්
    තේරුම් ගන්න .විවාහය කියන්නේ සමාන අදහස් එකතු කරන එක නෙමයි ,විෂම අදහස් සමාන කරන එක ,වියාජ අත්වය පිටු දැකිය හැක්කේ අවයාජ අත්වයෙන් විතරයි,සුබ පතනවා හැම දෙයක්ම සාර්තක වෙන්න කියලා
    ඔවු...සහෝ, ඔයාගේ කථාව සහතික ඇත්ත. මම ඒ තීරණය ගත්තා. ඇත්තටම කාලය කියන්නේ පුදුමාකාර දෙයක්. කාලයත් එක්ක ජීවිතයට කොච්චරනම් අත්තකීම් එකතුවෙනවද? ඔබ කිවූ ලෙස "විවාහය කියන්නේ සමාන අදහස් එකතු කරන එක නෙමයි , විෂම අදහස් සමාන කරන එක , ව්‍යාජත්වය පිටු දැකිය හැක්කේ අවයාජ අත්වයෙන් විතරයි"... මේ අව්‍යාජ කම හේතුවෙන් "සපත්තුවක" රස වින්දත් එයින් මා සැලුනේ නම් නැත. එසේ වුවද මා හට උරුම වන්නේ ව්‍යාජත්වයද, අව්‍යාජත්වයද... ලැබෙන දේ අව්‍යාජව රැකගන්නවා කියන දේ කියන්න කැමතියි... එසේම මිතුර ඔබටත් මම හදවතින්ම සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල....:yes::yes::yes:
     

    Nohim Ys

    Well-known member
  • ගොඩාක් ස්තුතියි අයියේ...මමත් හරිම වාසනාවන්තයි ඔබ වැනි සොදුරු මිනිසෙකුගෙන් මෙවන්වූ සහතිකයක් ලැබීම ගැන.:D

    ඇත්තටම කියනවනම් අර මම කිවුව කදුලුත් එක්ක ගොඩාක් දේවල් පිටවෙලා ගියා කියලයි මට හිතෙන්නේ, එත් එක්කම අම්මට වැදලා අර එයාලාට තීරණය කරන්න කියන එක කිවුවට පස්සේ හිත පුදුමාකාර විධිහට සැහැල්ලු උනා. ඇත්තටම ආපසු එන ගමනේදී මම ආවේ කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන්. සත්තයි.:yes::yes::yes:

    ගොඩාක් ස්තුතියි :D:D:D

    :):):)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මීට සතියකට දෙකකට පමණ ඉහතදී මට සිදුවූ අත්දැකීමක් හේතුවෙන්, අතීතයේ මතකයෙන් වන වැදී තිබු පාසල් ජීවිතයේ තවත් එක් කථාවක් මා ටික දිනකට පෙර " පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ)" යන මාතෘකාව යටතේ පලකලා. එයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබු අතර මොහොතකට පෙර මා දුටුවා එක් සහෞර්දයෙක් කොමෙන්ටුවක් දමා අසා තිබෙනවා "බස් ජැක්" ගැනත් යමක් පල කරන ලෙස. මෙය දුටු මතින් මා සිතට පැමිණියේ මා පාසල් ගිය ආදරණීය බස් රියයි. "බස් ජැක්" යනුවෙන් හදුන්වන දෙය අතිශ්‍ය පිළිකුලෙන් හෙළා දකින නමුත්, ඒ ප්‍රශ්නය නැගු සොයුරාට සාධාරණයක් කරන්නේ කෙසේදැයි සිතමින් සිටින මොහොතේදී මට Elakiri පවුලේ මා බොහෝ ගරු කරන තවත් එක් සොදුරු මිනිසෙකු වූ දත් කිබුලානන් සිහිපත් වෙනවා. මගේ සිතට එන සිතිවිල්ල ඔහුගේ මෙම "හද විල කළඹන ගි ජල රේඛා" හූයට සම්බන්ද කළහොත් එය මේ සොදුරු මිනිසා දිරිමත් කිරීමක් නොවන්නේද...? :)

    ඔන්න මම හදන්නේ ඔයාලට ආය පාරක් ඉස්කෝලෙ ජීවිතේ මතක් කරලා දෙන්න.. කාටද ඉතින් තමන්ගේ පාසල් ජීවිතෙ අමතක වෙන්නේ.. ? මොකද ඒ කාලය තමා අපේ ජීවිතවල තියන සුන්දරම කාලය.. කොයි කාගෙන් ඇහුවත් ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා, හැමෝම කියන්නේ ඒ ඉස්කෝලේ කාලේ කියලයි. ඉතින් මටත් ඒක එහෙමයි! ඉස්කෝලේ කාලේ කියන්නේ එකම රස ගුලාවක්. ගුරුවරු පන්තියට ඇවිල්ලා උගන්නපු එක විතරයි ටිකක් අවුලකට තිබුනේ. නමුත් ඉස්කෝලේ අනිත් හැමදේම අදටත් හරි ආශ්වාදජනකයි. ඒ නිසා මම හිතන්නේ නෑ කාටවත්ම තමන්ගේ පාසල් ජීවිතය අමතකවෙලා යයි කියලා.. අපි හැමෝමලාට පාසල් ජීවිතයක් කියලා එකක් තියනවා, එහෙම නැත්තම් තිබිලා තියනවානේ..ඉතින් ඒ කාලේ අයෙමත් එන්නේ නැතියි කියලා හිතෙනකොටත් මාර දුකක් නේද හිතෙන්නේ.?

    ඇත්තටම කියනවා නම් පාසල් ජීවිතයයි පාසල් බස් එකයි කියන්නේ එකට බැදිච්ච දෙයක්. "8716" එහෙමත් නැත්නම් අපේ ස්කූල් බස් එක, නැත්නම් එදාට කෑවේ නැහැ වගේ තමයි. මගේ අවුරුදු 13ක ඒ පාසල් ජීවිතයෙන් අවුරුදු 10ක්ම ගීයේ මේ එකම බස් එකේ. අපිටම හරියන රියදුරු මාමෙක් තමයි අපිට හිටියේ. වෙන ටර්න් දිවුවේ නැතත් ස්කූල් ටයිම් එකට බස් එක ස්ටෑන්ඩ් එකේ ඇති.

    buspl.jpg
    90466486.jpg


    හැබැයි කවදාවත් බස් ජැක් සීන් නම් අපි අතර තිබුනේ නැහැ. අක්කලා, අයියලා, නංගිලා සහ මල්ලිලා ඔක්කොම එකා වගේ. හැබැයි එක දෙයක්...:P

    අපි පොඩි එවුන් කාලේ (කොට කලිසන් අදින සන්දියේ) අක්කලා නම් හරිම කැමතියි අපිව සීට් අස්සට ගන්න. අපි/මම ඉතින් ටියුබ් ලයිට් නේ ඔය කාලේ. ලොකු අයියලා නම් ඉතින් ඔය සීට් එක අස්සට යනකොට මොනවද..මොනවද කිවුව, ඒ කියන දේවල් වල මොකක්දෝ කුණුහරුප තේරුමක් තිබුනත් ඉතින් අපි/මම හරිම ආසයි අක්කලාගේ සීට් අස්සට රිංගන්න. ඔය අතරේදී දෙගොල්ලන්ගේ කකුල් ස්පර්ශ වෙනකොට මොකක්දෝ විදුලියක් වගේ දෙයක් යට භාගයේ ඉදන් ඔලුවටම යනවා කියලා තේරෙනවා වගේම අවංකවම ඒ ස්පර්ශ සංවේදනය විදින්න නේද ඒ තැනට හැමදාම ගියේ කියලාත් හිතෙනවා. කුමක්දැයි හරියට නොතේරුණත් මනස කිචිකවූ ඒ හැගීම මොකක්ද කියන කරුණු කාරනා හරියටම තේරුනේ දිග කලිසන් අදින කාලේ තමයි. එතකොට අක්කලා අපිව සීට් අස්සට අරගෙන හුරතල් කථා කියන කාලේ පහුවෙලා. අපි එදා ඒ ලබපු අහිංසක රස (කාම) සංවේදනය හා අද වර්තමාන සමාජයේ පුංච් මල්ලි කෙනෙක් මුලින්ම මේ සංවේදනය ලබන්නා වූ ආකාරය අහසට පොලව මෙන් පරතරයක් තියනවා නේද? ඒ ගැන ලියන්න ඇත්තටම ආසයි. හිතට අදහස් ගලාගෙන ආවත් ඒ දේවල් ලිවීම මදකට නවතා වෙනත් කරුණක් මෙහි සටහන් තබමි.

    අපිට ඒ කාලේ තිබුනේ එකම එක ප්‍රශ්නයයි. ඒ තමයි සිංහල - දෙමල ප්‍රශ්නය. වලි ලෝකයක් තමයි. වැඩේ කියන්නේ අපේ ඩ්‍රයිවර් මාමා අපිට ෆුල් සපෝර්ට්. එහෙම කියලා කවදාවත් ද්‍රවිඩ ජාතික ළමයෙක් හලලා නම් යන්නේ නැහැ. හරියටම කියනවා නම් ඒක එක්තරා විදිහක ජාතිවාදී යුද්ධයක් උනා. පස්සේ මේ අපේ බස් එකේ ගැටුම සව්ම්‍යමූර්ති තොන්ඩමන් අමාත්‍ය තුමා දක්වාම ගියා. අන්තිමට ඩිපෝ කළමනාකාර තුමා මේකට මැදිහත් වෙලා සාම සාකච්චා වට කිහිපයකින් පස්සේ ෆෙඩරල් විසදුමක් (වචනේ හරිද මන්ද) දුන්නා. විසදුම උනේ බස් එක දෙකට බෙදීම.:D


    • බසයේ ඉදිරිපස දොර අසල සිට පසුපස රෝදය උඩ ආසනයට වහාම ඇති ඉදිරිපස අසුන දක්වා දමිල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට.

    • පසුපස රෝදය උඩ ආසනයට වහාම ඉදිරියෙන් ඇති අසුන සිට පසුපස පේලිය දක්වා සිංහල සිසුන්ට. (පිටිපස්සේ තමයි වල බහින්න ලේසිම තැන... ඒ කාලේ තමයි ඔය වල බහිනවා කියන වචනය අපේ භාෂිතයට එක් උනේ. බස් එකේ පිටිපස්සේ හිටගෙන රවුමක් හැදෙනවා. මද ඉන්න එවුන් සාමාන්‍යයෙන් මොකක්වත් අල්ල ගන්නේ නැහැ. වටේ සෙට් එක තමයි ගානට වල බැලන්ස් කරන්නේ. ඕක තමයි 90ව දශකයේ බිහිවූ මුල්ම වල)

    • බැටරිය උඩ ප්‍රදේශය සහ රියදුරු අසුන ආසන්න පසුපස ප්‍රදේශය (ඉස්සර බස් වල එන්ජිම අසල වෙනම කොටසක් බැටරියට හා බඩු - භාණ්ඩ සදහා වෙන්කරලා තිබුනා) කුඩා දරුවන් සදහා පමණයි.

    • උදෑසන පාසල් ගමන් වාරය - සිංහල දරුවන්

    • සවස පාසල් ගමන් වාරය - දමිල දරුවන්
    පොඩ් එවුන්ට පුදුම ආසාවක් තියෙන්නේ මෙතන යන්න... (පින්තූරය බලන්න)


    මේ කාරණය අදීක්ෂණය සදහා කොන්දොස්තර මහතාව පත් කළා. (අර Norway කාරයා වගේ නම් නෙමෙයි මේ අන්කල්) මෑන්ස් බොහොම සාධාරණව මුල කාලය බැලන්ස් කරලා දුන්නා. පස්සේ ඒ වැඩේ ගානටම සෙට් උනා. කවදාවත් ආයේ සිංහල - දෙමළ අරගලයක් ඇතිඋනේ නැහැ. මට මතක විදිහට 1994 දී කවුරු හරි ගෙදරක දානයක් තිබිලා කැවුම් - කොකිස් - කෙසෙල් ගෙනාවා. කොහොම හරි එදා ඒවා බස් එකේ හැමෝටම බෙදුවා. මෙතනින් පස්සේ අපි දෙගොල්ලෝ අතර පුදුමාකාර එකමුතුවක් ඇති උනා. එතනින් පස්සේ නිතරම වඩේ-මුරුක්කු-කඩල වගේම කේක්-කැවුම්-කොකිස්-කෙසෙල් වැරදුනේ නැහැ. අපි දෙගොල්ලෝ නිතරම අපි දෙගොල්ලන්ගේ සීමාවල් දැනගෙන සහයෝගයෙන් හිටියා.

    තව දෙයක් ඉස්සර අපි පාසල් යන කාලේ උදෙන්ම අම්මලා අප්පච්චිලා කරන්නේ නැගිටලා රේඩියෝවේ පිරිත් දාන එක. වෙළද සේවය තමයි ඉතින් ජනප්‍රිය. උදේ පාන්දර රම්‍යා වනිගසේකරගේ "...ආයුබෝවන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි...මෙන්න ප්‍රවෘත්ති..." කියලා ඇහුවේ නැති නම් දවසම මස්තබාල්දුයි වගේ. පණ්ඩිත් අමරදේවයන්ගේ "ජගන් මෝහිනී" ඒ කියන්නේ උදා ගී ඇහෙද්දී තමයි අපි උදේට නැගිට්ටේ... උදේම යන්නේ දේශානුරාගී ගීත. එත් උදේට නිතරම වාදනය වෙන සින්දුවක් තිබුනා. උදෑසනම පොඩි අපි දුව එනවා... කියලා. මමනම් අදටත් හරිම ආදරෙයි මේ සින්දුවට. මේ ගීතය නො ඇසු දෙසවනක් අප කුඩා කාලයෙහි නොවිණි. එය රසවත් මෙන්ම අගනා පණිවිඩයක් ද අප හට ලබා දුන් ඉතා සාර්ථක ගීතයකි. මේ සින්දුව වාදනය වෙනකොට අදටත් මට අපේ පාසල් බස් රිය මතක් වෙනවා. ඒ වගේම අපේ "බස් වලේ" සෙට් එක සින්දු කියන කොට මේ සින්දුව ජාතික ගීය වගේ වරද්දන්නෙ නම් නැහැ. කෙල්ලෝ ටිකත් මේ සින්දුවට නම් උපරිම සපෝර්ට් එක දෙනවා.

    සහෝදරයිනේ අහලා බලන්න මේ සින්දුව පොඩ්ඩක්. එතකොට ඔයාලට තේරෙයි ඒ කාලේ පාසල් සිසුන් හා ශ්‍රී ලංගම පාසල් බසය අතර කොච්චර බැදීමක් තියෙන්න ඇත්ද කියලා. ලොකු - පොඩි කියලා භේදයක් නැහැ අපි දෙගොල්ලොම බස් එකේදී මේ සින්දුවට ගරු කළා. ආදරය කළා.
    school-children-sri-lanka.jpg


    උදෑසනම පොඩි අපි - දිව එනවා...
    කොහේද සැඟවී - එළියට එනවා...//
    උදේ පාන්දර - පාසැල් යන්නට...
    බසයක් ඇවිදින් - කථා කරනවා...

    දෙබර මුලක් ගල් වැදී - සැලෙන සේ...
    එපා පුංචි ළමයිනි - පොර කන්නට...
    පේලි ගැසී - බසයට නැග ගත්විට...
    මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...

    මුතු ඇමුනුවා වාගෙ - මුතු පොටකට...

    උදෑසනම පොඩි අපි - දිව එනවා...

    මේ පොඩි බස් රිය - ඔබේය සිතලා...
    කුරුටුගෑම හොද නැහැ - ඉරි ඇදලා...
    අසුන් කඩා බිද දමා - නොයන්නේ...
    ඔබේය මේ බස් රිය - රැක ගන්නේ...

    උදෑසනම පොඩි අපි - දිව එනවා...




    මේ මිහිරි ළමා ගීතයේ පද රචනය නැසීගිය ගාමිණී විජේතුංගයන් සතුය. :yes:

    ඒ වගේම මහත් භක්තියෙන් මතක් කරන්න ඕනි ඒ කාලේ අපේ ලංගම රියදුරු මාම සහ කොන්දොස්තර මාමා. අපි කවදාවත් ඒ අයට "කොන්දා" යන පහත් වචනයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. ඒ අය තම රාජකාරිය නිසි ගරුත්වය ලැබෙන අයුරින් එදා අකුරටම ඉෂ්ඨ කළා. ඒ වගේම එයාලගේ එකම අරමුණ උනේ ඉස්කෝලේ යන දරුවෝ ටික වෙලාවට ගෙනියන එක සහ දවල් ගෙදරට ගෙනත් දාන එක. ඒක නිසා අවන්කවම ඒ අයට පිං දීලා මතක් කරන්න ඕනි.
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"


    ඔන්න මම හදන්නේ ඔයාලට ආය පාරක් ඉස්කෝලෙ ජීවිතේ මතක් කරලා දෙන්න.. කාටද ඉතින් තමන්ගේ පාසල් ජීවිතෙ අමතක වෙන්නේ.. ? මොකද ඒ කාලය තමා අපේ ජීවිතවල තියන සුන්දරම කාලය.. කොයි කාගෙන් ඇහුවත් ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා, හැමෝම කියන්නේ ඒ ඉස්කෝලේ කාලේ කියලයි. ඉතින් මටත් ඒක එහෙමයි!
    .


    උබට බොහොම පිං සහෝ......ආයෙ කවදාවත් යන්න බැරිවෙයි කියල හිතාගන හිටපු ස්කෝලෙට ආයෙත් සැරයක් මෙහෙම හරි යන්න ඉඩ සැලැස්වුවාට:yes::D;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මීට සතියකට දෙකකට පමණ ඉහතදී මට සිදුවූ අත්දැකීමක් හේතුවෙන්,...........................



    මේ මිහිරි ළමා ගීතයේ පද රචනය නැසීගිය ගාමිණී විජේතුංගයන් සතුය. :yes:

    ඒ වගේම මහත් භක්තියෙන් මතක් කරන්න ඕනි ඒ කාලේ අපේ ලංගම රියදුරු මාම සහ කොන්දොස්තර මාමා. අපි කවදාවත් ඒ අයට "කොන්දා" යන පහත් වචනයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. ඒ අය තම රාජකාරිය නිසි ගරුත්වය ලැබෙන අයුරින් එදා අකුරටම ඉෂ්ඨ කළා. ඒ වගේම එයාලගේ එකම අරමුණ උනේ ඉස්කෝලේ යන දරුවෝ ටික වෙලාවට ගෙනියන එක සහ දවල් ගෙදරට ගෙනත් දාන එක. ඒක නිසා අවන්කවම ඒ අයට පිං දීලා මතක් කරන්න ඕනි.
    ඔබතුමා වැන්නෙක් මෙම හුයට ලියන්නට පටන් ගැනීමත්, පොදුවේ එළකිරිය වෙත ලියන්නට පටන් ගැනීමත් මා ලැබූ ලොකුම භාග්‍යය බව සළකමි. හේතුව මා මෙහි අත්දැකි වේදනාව ලිවීමට හැකි වුන් අත පය හකුලා ගෙන රැල්ලට එළකිරිය ගසා ගෙන යනු බලා සිටීම නිසාවෙනි..........
    මෙවන් එකතුවක් හේතුවෙන් එළකිරිය යම්තාක් දුරට උඩුගං බලා පිහිනෙයි නම්, එයයි සිදුවිය යුත්තේ..............

    අර වීඩියෝ එක අප්ලොඩ් කරපු එකා මගේ සහෝදර කවයේ එකෙක් බව කියා ඌට ද පින් දිය යුතුය.......මෙවැනි ම ළමා ගීත 34ක පළමු පටිගත කිරීම් මැරීඩ් ක්ලබ් එකට දුන්නෙමි..........එය අවශ්‍ය සත්තවයෝ කොස්&පොල්ට පීඑම් කරත්වා!!!!!!!!!!!!!