හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........

    මා පුංචි කාලයේදී මවගෙන් හෝ පියාණන්ගෙන් මගේ රට ගැන රචානාවක් සදහා කරුණු ඉල්ලීමි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතින රටකි... මට පිළිතුරැ ලැබිණි...

    කාලය ගතවිය ශිෂ්‍යවත්ව විභාගයට රචනා සහිත පොතක් ගෙනවිත් කියවූවා මතකය... ශ්‍රී ලංකාව සංවර්ධය වෙමින් පවතින රටකි. එහි තිබිණි.

    උසස් අධ්‍යාපනය හදාරණ කාලයේ නංගිලා මල්ලිලා කියවන පොත් පත් ලියන රචනා දැක ඇත්තෙමි... මගේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි. මා දිටිමි.

    තවත් කාලය ගතවී ඇත.. මාගේ ොයුරියගේ පුතු විසින් අද දින මගේ රට ගැන පොතක් ශබ්ද නගා කියවීය... ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි... ඔහු කෑ ගසා කියනු ඇසේ....

    ආසන්න වශයෙන් පරම්පරා තුනකි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතිනි රටකි.
    කාරණය වන්නෙ මෙය නොවේ..
    තවත් පරම්පරා කීයකටනම් මේ වාක්‍යය ලියන්නට සිදුවේද යන්නයි...

    kiyala wadak na machan. ape yanne kohetada kiyala hithuwama oluwa narak wenawa..
     
    • Like
    Reactions: twisted and sasliit

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
    ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
    අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
    මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌...

    පෙම්වන්ත හිතටත් යට ඉඳන්
    පෙන්වන්න අවියක්‌ ඔබ අරන්
    මට ගන්න හැකි ඉර හඳ උනත්
    ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//

    හැමදාම මල්පෙති ළංකළත්
    දැනුනේම නෑ සුවඳැති බවක්‌
    නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌
    සාධාරණයි අපි වෙන් කළත්.....//

    පද රචනය - චන්න ජයනාත්
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - නිරෝෂා විරාජිනී

    තවත් ලස්සන වීචාරයක්.දිගටම ලියපන් මචං උඹට ජය..:D:D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල....

    ඔයා තමයි රත්තරං අයියෙ මේ ලෝකයෙ මගේ වීරය... මගේ පණ, මගේ හැමදේම.. ඒ ගොඩාක් ආදර වන්තියන් වගේ ඒක සරලව බොලදව මම කියන්න දන්නෙ නෑ... ඔයාමයි මට මගේ දකගාරකම, මුරණ්ඩුකම නැති කරල තැන්පත්ව ඉන්න කියල දුන්නෙ... ඉතින් එහෙම ඉන්න පුරුදු වුන මට වෙනකෙක් චෝදනා කලාට කමක් නෑ.. ඒත් ඔයා..........? මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා... ඒත් දෙවියනේ ඒක මම පෙන්වන්න දන්නෙ නෑනේ... මගේ හදවත ගලවල අරගෙන ඔයාට දෙන්න පුළුවන්නම්.. හදවතට කෑ ගහල කියන්න පුළුවන්නම් එයා ඔයාට කියාවි මම කොච්චරනම් ආදරේද කියල... එහෙම ආදරේ කරන මට මගේ ලගම ඉදගෙන මෙහෙම දරුණු වෙන්න තරම් නපුරු හිතක් ඔයාට තිබ්බෙ නෑනේ අයියෙ.. ඔයා කොහොමද කොහෙද ඒක හංගගෙන හිටියෙ කියල මට කියන්න...

    පෙම්වන්ත හිතටත් යට ඉඳන්
    පෙන්වන්න අවියක්‌ ඔබ අරන්

    මට ගන්න හැකි ඉර හඳ උනත්

    ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//

    ජීවිත කාලයේම ලග ඉන්නව කියල ඇවිත්... මගේ ජීවිතයම අයිති කරගෙන... මගේ ජීවිතයම නැතිකරල ඇයි ඔයා මෙහෙම ගියේ අයියෙ.. දැන් මට මගේ හිතත් නෑ.. ආදරෙත් නෑ... අඩුමගානෙ ඔයාට කල ආදරේවත් පිරිසිදු විදියට හිතන්න බෑ මට.. හිත ඔයාට ආදරේ බව ඇත්තයි.. ඒත් බුද්ධිය මගෙන් ප්‍රශ්ණ කෝටියක් අහනව... වෙලාවකට ඔයා මට කලේ බොරුවක්ද කියලත් හිතෙන තරමටම මට මාව එපා වෙනව.. ඔයාගෙ උණුසුම සුවද ආදරය නොලැබෙන බව දැන දැනත් හැමදාම හොයනව.. ඒ නිසාම වෙන්න ඇති මේ ලෝකෙ කිසිම දෙයක් මට දැන් දැනෙන්නෙ නැත්තෙ... මොනා උනත් ඔයා මාව රිද්දල මට වැරදි කෝටියක් පටවල යන්නයි හදන්නෙ.. කමක් නෑ.. මම ඔයාව නවත්වන්නෙ නෑ... ඔයාට මගේ ආදරේ මගේ හිත පෙනුනෙ නැත්නම්.. මගේ වැරදි කිය කිය බොරුවට මගෙන් වෙන්වෙන්න හේතු හදනවනම්.. කමක් නෑ.. ඔයා යන්න.. දෙවියන්ගෙ නාමෙට මට චෝදනා කරනඑක නවත්වල ඔයා යන්න.. වෙන දෙයක් නිසා නෙමෙයි.. ඔයා මට දෙවිකෙනෙක් හා සමාන නිසා.. එපා ඒ දෙවොල මගේ දෙපාමුලම විනාස කරන්න... මොකද එහෙම විනාසවෙලා ගියොත් මමත් විනාස වෙලා යන නිසා....

    හැමදාම මල්පෙති ළංකළත්
    දැනුනේම නෑ සුවඳැති බවක්‌

    නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌

    සාධාරණයි අපි වෙන් කළත්.....//

    ඒත් යන්න කලියෙන් මම එකම එක ප්‍රශ්ණයක් අහන්න ඔයා උත්තර දෙනවද අයියෙ...? මට කියන්න හදවතට එකගව ඇත්තම කියනවද....? ඔයා ඔය කියන විදියට මගෙන් ආදරයක් ඔයාට ලැබුනෙම නැද්ද....? ඔයා ඔය කියන විදියට මම ඔයාට ගැලපෙන්නෙම නැද්ද...? මෙච්චර කාලයක් ඔයා මට කලේ බොරු ආදරයක්ද...? ඔච්චරටම මට චෝදනා කරන්නෙ මගෙන් යන්න හදන්නෙ.... දැන්ද ඔයාට මගේ වැරදි පේන්න හදන්නෙ.. රොන් ටික උරල උරල මලත් එක්කම මියැදෙනව මිසක මල ට මියැදෙන්න දීල වෙන මල් හොයාගෙන යන්නෙ ඒ නිසාද කියන්න මට...

    ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
    ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌

    අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌

    මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌...

    එහෙමනම් ඇයි අයියෙ මාව මෙච්චර දුරක් ගෙනාවෙ... නිදිහසේ ඉගිල ගියපු මාව දැන් අත්තටු දෙක බැලදලාපු කිරිල්ලියක් වෙලා... මං මුලාවෙලා... ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ... ඒත් මට එකම එක දෙයක් කියන්න ඉඩ දෙන්න මං වෙනුවෙන්ම... ඒ තමයි ඔයා මේ අතරමංකරල දාල යන ඔයා වෙනුවෙන්ම ජීවත්වෙලා ඔයාගෙ නාමෙන්ම මැරිල යන මේ කෙල්ල පව් අයියෙ හරිම පව්... ආයෙ කිසිම කෙල්ලෙක් එක්ක මේ වගේ සෙල්ලමක්නම් කරන්න එපා... බුදු සරණයි ඔයාට සදහටම...........

    ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
    ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
    අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
    මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌...

    පෙම්වන්ත හිතටත් යට ඉඳන්
    පෙන්වන්න අවියක්‌ ඔබ අරන්
    මට ගන්න හැකි ඉර හඳ උනත්
    ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//

    හැමදාම මල්පෙති ළංකළත්
    දැනුනේම නෑ සුවඳැති බවක්‌
    නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌
    සාධාරණයි අපි වෙන් කළත්.....//

    පද රචනය - චන්න ජයනාත්
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - නිරෝෂා විරාජිනී

    eti yantam me patta matak wela.thanks bro hari lassanai ,hitata danennama liyala tiyenawa
     
    • Like
    Reactions: twisted

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Anyone can explain me the meaning of this song please.... Thank you....

    http://www.youtube.com/watch?v=3G8DUE1Mg0M
    සොයුර... ඔබගේ පැනයට සාධාරණයක් ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඉෂ්ඨ කිරීමට මා හට නම් නොහැකිය. පළමුව ඒ වෙනුවෙන් ඔබගෙන් සමාව ඉල්ලමි. මේ මොහොතේ මා හට තරමක් වෙහෙසය. නමුත් ඒ වෙහෙස නිවාගනු වස් මෙසේ ඔබට මා දන්නා අයුරින්, මේ අවස්ථාවේ මා සිතට නැගෙන අදහස් මෙසේ සදහන් කරමි.

    කුඩා කල පටන් අපගේ වීරයා වුයේ දුටුගැමුණු රජුය. අප ඉතිහාස පොත් ඊට සාක්ෂි දරනවා ඇත. මහා වංශය, දීපවංශය, ථූපවංශය හොදම නිදසුනය. පර සතුරු (සොලී) බලවේග වලින් රට මුදවා ශ්‍රී ලංකාව එක් සේසත් කල ගැමුණු රජු, තමාට යුද්ධයට උපකාර කල කතරගම දෙවියන්ට බාරයක් වෙයි. ඒ අනුව ඌව පලාත කතරගම (කතරගම දෙවි) රජු නමට පවරා, ඔහු නමින් වැඩහිටි කන්දේ දේවාලය තනයි. අනතුරුව රුවන්මැලි මහා සෑය තනවන රජු ස්වර්ණමාලී සෑය ලෙස නම් කරයි.

    දුටුගැමුණු රජතුමන් විසින් රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට නියමිත භූමියෙහි විශාල ලෙස වැඩී තිබූ තෙලඹු ගසක්‌ විය. මෙම තෙලඹු ගස විමානය කොට ගෙන ස්‌වර්ණමාලී නමින් දේවතාවියක්‌ වාසය කළාය. රූස්‌ස ලෙස අතු පතර වැඩී තිබූ තෙලඹු ගස ස්‌වර්ණමාලී දේවතාවියගේ වාසස්‌ථානයවිය. මේ මහාථූපයේ බිම සැකසීම සඳහා තෙලඹු ගස කැපීමට සැරසෙන විට රජුට ස්‌වර්ණමාලී දේවතාවිය කන්නලව් කරමින් වැළපෙන්නට වූවාය. ඒ තමා අරක් ගත වාස භවන ඉවත් නොකරන ලෙස ඉල්ලමිනි.

    නමුත් තෙලඹු ගස ඉවත්කොට සෑ රජුන් ඉදිකිරීම අරබනු වස් එම
    තෙලඹු රුකෙන් ඉවත් ව යන ලෙසත්, නමුත් ඇගේ නම සදාකල් පැවැත්ම සඳහා, අලුතෙන් ඉදිකරන දාගැබ "ස්වර්ණමාලී චෛත්‍යය" නමින් නම් කරනු ලබන බවත් ඉතා හැගුම් බරව දුටුගැමුණු රජු විසින් ඉල්ලා සිටින ආකාරය ගැන කියැවෙන විශිෂ්ඨ ගීතයකි මෙම ගීතය. එහි පද අලංකාරයන් සහ පණ්ඩිත් අමරදේවයන්ගේ මදුර මනෝහර හඩ මා හට නම් ඇතිකරවන්නේ අති මහත් බුද්ධාලම්බන ප්‍රීතියකි.

    32843663.jpg

    ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ

    උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
    නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
    වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
    සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
    කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
    කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
    පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
    ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
    දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
    කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

    ඔබ යම් දිනක පුරාණ සිව්පද සංග්‍රහය කියවා ඇත්නම් ඔබගේ මතකයට "ස්‌වර්ණමාලී දෙව්දුවගේ ශෝකාලාපය" වහාම පැමිණෙනු ඇත. මා ඉන් කවි දෙකක් පමණක් මෙහි සටහන් තබන්නෙමි.

    රජු:
    නුරාවයස හිමි හට කල් බැන්ද ලියේ
    දරානිම වන්ට බැරි කඳුළු වැගිරියේ
    සිතුවට මෙගැන දොස්‌ නැත ස්‌වර්ණ මාලියේ
    මතුවට පවතින්ට දාගැබ බදිමු ලියේ

    දේවතාවිය:
    අගේ වඩන රන් තෙලෙඹුව කපති ලොබා
    දගේ නොවෙයි මහරජ නොසිතන්න සුබා
    ගඟේ වතුර ලේ කරගෙන බොමිනි සුබා
    මගේ නමට බදිනෙඳ ඔබගේ දාගැබා

    ඉහත ගීතයේ පද වැල මහගම සේකරයන්ගෙනි. එසේම ගීත රචනාවෙහි සේකරයන් ගේ භාෂා භාවිතය පිළිබඳ සලකු විට
    ගීතයට උචිත වටපිටාවට අනුව පද ගැළපීමට ඔහුට තිබුණු මනා හැකියාව මොනවට පැහැදිලිවේ. “ආලවඩන දන්ත කැකුළු කුන්ද සමන්”, "වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ" මෙන්ම "කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ" යන කොටස් තුල සියුම් ශෘංගාරයක් ගැබ්වී ඇති බව මගේ හැගීමයි. ඔබ මීට සති කිහිපයකට පෙර එළකිරි රේඩියෝව තුලින් මහගම ශූරීන් අනුස්මරණය සදහා ගෙන එනු ලැබූ "සසල හද විල් තෙර" දෙපැය ශ්‍රවනය කළා නම් මේ නොමියෙන කලාකරුවෙකු වන සේකරයන් ගේ අපූර්වත්වය පිළිබද දල අදහසක් ලබා ගැනීමට ඔබට තිබු අවස්තාවක් මගහැරී ඇති බව නම් මට හැගේ.

    අමරදේව සහ මහගම සේකර සුසංයෝගය එකල හැඳින්වූයේ ගී පොතයි-මී විතයි යන ප‍්‍රකට උපමාවෙනි. අමරදේව ගී පොත නම් මහගම සේකර මී විතය. අමරදේව ගයන බොහෝ ගීතයන් රචනා කර ඇත්තේ මහගම සේකරයන් වීම ඊට හේතුවයි.

    මා සිතනවා ඔබට යම් සාධාරණ පිළිතුරක් ලැබුනා කියා... ස්තුතියි:D
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා...

    සස්ලිට් අයියා ගෑනු ළමයින්ගෙ වචන හැසිරවීම් ගැන හොදට දන්නවනේ..:rofl: අත්දැකීම් වෙන්න ඇති..:rolleyes: මං මේ වචනය නම් ගොඩ දෙනෙක් කියනවා අහල තියෙනවා..:yes: ඕකෙන් මට හැඟෙන්නෙ නම් එයාලට ඉක්මනටම හැම දෙයක්ම අමතක වෙනවා.. එහෙමත් නැත්තං ආදරේ කරද්දි පෙම්වතාට කියන පුංචි බොරුවක්..;)

    හැමදාම වගේ සුපිරියට වැඩේ කරලා තියෙනවා..
    ජය වේවා සල්ලිට් අයියෙ..
    REP 13+

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මා අසා ඇති අයුරින් නිරෝෂා විරාජිනිය මෙතරම් හැගීම්බරව ගැයූ තවත් ගීයක් නොමැති තරම්ය. මෙය ඇය විසින් ඇගේ ජීවිතයේ ලද අත්දැකීමක් දෝ මට සිතේ.

    මෙය සම්පූර්ණයෙන් කියවූ මා එක් වරම සිතට ආවේ කලාත්මක හැගීමක් නම් නොවේය. එනිසා කලාව නම් මානයෙන් අපගමනය වී, අද වෙනස්ම කෝණයකින් යමක් ලිවීමට සිතුවෙමි.

    පිරිමි සහ ගැහැණු බොහෝ වෙනස්ය. ඉන් අදහස් කරන්නේ එක් පාර්ශවයක් හොද හෝ නරක බව නොව එකිනෙකාට සමාන නොවන බවයි. එසේ සමාන නොවීමට හේතුව පරිනාමීය වශයෙන්, ජීව විද්‍යාත්මක වශයෙන් හා ජානමය බහුලව සිදුවන බලපෑම්ය. මේ දෙවර්ගය ගැන කියනවා නම් ඔවුන් සමාන වන්නේ එකම සත්ව වර්ගයකට ඇතුලත් වීමෙන් පමණක්ය යන්න මගේ අදහසයි.

    • පිරිමියා නිතරම ගැහැනියටද තමා මෙන් හැසිරීමට නොහැකි මන්දැයි තේරුම් නොගනියි.
    • ගැහැනියද ඇගේ මිනිසා ද තමා මෙන්ම හැසිරෙති බලාපොරොත්තු වෙති. සම්බන්දතා බිද වැටෙන්නේ මේ ගැන අවබෝදය නොමැති කමිනි.

    ගැහැණිය සහ පිරිමියා වෙනස් වූ ලෝකවල බෙහෙවින් වෙනස් නීති මාලාවකට අනුව ජීවත් වෙයි. ඇත්තෙන්ම සත්‍ය මෙය වුවද එය පිළිගැනීමට බොහෝ දෙනා අකමැතිය. පිලිගන්නවා නම් ඒ පිරිමින් පමණක්ම වේ.

    පැරණි අර්ථාන්විත කියමනක් නම් "ආදරය කිරීමය කියන්නේ, පිරිමියා ලිංගික කාර්යයේ යෙදෙන අතර ගැහැණිය කරන දෙයයි" යනුය. සරලව කිවහොත් ගැහැණු ආදරය කරන අතර පිරිමි ලිංගික සතුට ලබති.

    මිනිසා යනු අවුරුදු මිලියන ගණනක් තිස්සේ පරිනාමය වෙමින් පොදු ආවේග සහිත දියුණු සත්වයෙකු හෙයින් අපගේ මූලික ආශාවන් හා ආවේග අන් අයටද තේරුම්ගත හැකිවන්නේය. එසේම එසේම මාලුවෙකුගෙන් ආරම්භ කල වත්මන් මිනිසාගේ පරිනාමය විවිදාකාර වෙනස් වීම් මැද දියුණු සත්ව වර්ගයක් සංවර්ධනය වෙමින් වසර මිලියන ගණනක් ගෙවී ගොස් දෙපයින් සිටගෙන සද මතට යාමට තරම් ඥානය ලබා, දේශපාලන වශයෙන්ද නිවැරදි මාවතකට පැමිණ ඇතත්, ජීව විද්‍යාත්මකව ඔහු තාමත් ගල් යුගයේද යන්න විරාජිනිය අසනවා මට ඇසේ...

    "දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල...."

    වත්මන් සමාජය විශේෂයෙන්ම හිරිමල් යොවුන් වියට පය තබන යුවතියන් තේරුම් ගත යුත්තේ මෙයයි. විද්‍යාත්මකව පිරිමි මොලය චිත්තවේග තුන් වර්ගයක පිහිටීම හදුනාගෙන ඇත. කාමය, දැඩි ලෙස ආදරය කිරීම, දැඩි හිතවත් බව ඒවාය. එක් එක් චිත්තවේග සතු එයටම විශේෂ වූ මොලයේ රසායනික සංයුතිය ජීව විද්‍යාත්මකව බලූ විට මේ මොලයේ අංග තුන ප්‍රජනනය නම් ජීව ක්‍රියාවලිය ඉටුකිරීම සදහා හැඩ ගැසී ඇත.

    මොළයේ චිත්ත වේග අතරින් "කාමය" යනු ශාරීරික වශයෙන් සිත ඇදී යාමය. එහි වාචික සබදතාවක් නැත. විද්‍යාඥයින් සොයාගෙන ඇති ආකාරය අනුව දැඩි ආදරය පවතින අවස්ථාව මොළයට තදින් කා වදින අවස්ථාව හෙයින් එය පිටතට දැමිය නොහැක. ආදරවන්තයා හෝ ආදරවන්තියගේ ධානාත්මක ගුණාංග ගැනම පමණක් මොලය අවධානය යොමු කරන අතර නරක ගති නොසලකා හරියි.

    "ඔයා තමයි රත්තරං අයියෙ මේ ලෝකයෙ මගේ වීරය... මගේ පණ, මගේ හැමදේම.. ඒ ගොඩාක් ආදර වන්තියන් වගේ ඒක සරලව බොලදව මම කියන්න දන්නෙ නෑ... ඔයාමයි මට මගේ දකගාරකම, මුරණ්ඩුකම නැති කරල තැන්පත්ව ඉන්න කියල දුන්නෙ... ඉතින් එහෙම ඉන්න පුරුදු වුන මට වෙනකෙක් චෝදනා කලාට කමක් නෑ.. ඒත් ඔයා..........? මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා... ඒත් දෙවියනේ ඒක මම පෙන්වන්න දන්නෙ නෑනේ... මගේ හදවත ගලවල අරගෙන ඔයාට දෙන්න පුළුවන්නම්.. හදවතට කෑ ගහල කියන්න පුළුවන්නම් එයා ඔයාට කියාවි මම කොච්චරනම් ආදරේද කියල... එහෙම ආදරේ කරන මට මගේ ලගම ඉදගෙන මෙහෙම දරුණු වෙන්න තරම් නපුරු හිතක් ඔයාට තිබ්බෙ නෑනේ අයියෙ.. ඔයා කොහොමද කොහෙද ඒක හංගගෙන හිටියෙ කියල මට කියන්න..."

    දැඩි ලෙස ආදරය කරන අවස්ථාව අනාගත සහකරු/සහකාරිය සමග බන්දනය ඇතිකරගැනීමට මොලය උත්සහ කරන අවස්ථාවකි. එය විශ්වාස කල නොහැකි තරම් වූ ඉතා ප්‍රබල චිත්තවේගයක් වේ. මේවන් අවස්ථා වලදී යම් ප්‍රතික්ෂේප වීමක් සිදුවුවහොත් ගල් යුගයේ සිටි වානරයා ඉදිරියට පැමිණ මිනීමැරීම් පවා සිදුවිය හැක. තදබල ආදරයෙන් සිටින විට නිදහස් වන හෝමෝන නිසා මානසිකව එසවුන ස්වභාවය ඇතිවේ. Dopamine හෝමෝනය නිසා සතුටද සුවයද දැනේ. ෆීනයිල් එතයිලමයින් (Phenylethulamine) මගින් එම චිත්ත ආවේග තවත් ඔසවා තබයි. සෙරටෝනින් (Serotonin) චිත්තවේගය ස්ථාවරව පවත්වා ගැනීමේ හැගීම ඇතිකරයි. නොරෙපිනෆ්රයින් (Norepinephrne) මගින් ඕනෑම දෙයක් අත්කරගත හැක යන හැගීම ජනිත කරවයි. ලිංගික සතුටෙහි ලෝලිත්වය ඇති තැනැත්තා මෙම අධික ආදරය ඇති අවස්ථාවේහි මෙම හෝමෝන රාශියේ මිශ්‍රණයට ලෝල්වීමෙන් ස්ථීරව ඉහල සිටීමට කැමති වේ. නමුත් එම අධික ආදරය අවස්ථාවද තාවකාලිකය. සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ මාස 12, 15, 18 දක්වා පවතී. විරාජිනියත්, වත්මන් සමාජයේ විරහ වීදනාවෙන් මැරී මැරී උපදින අනෙත් තරුණ තරුණියන් ද එය "ආදරය" යැයි අර්ථ දක්වන්නේ වරදීමෙනි. එය සොභාදහමින් ප්‍රජනනය සදහා ගැහැනියක හා මිනිසෙකු සෑහෙන කාලයක් එක්කොට තැබීමට ස්භාවධර්මයා යොදන ලද ජීවවිද්‍යාත්මක උපායකි, උගුලකි. ස්භාවධර්මයට විරාජිනියගේ දුක ඇසීමට අවශ්‍ය නැත. ස්භාවධර්මයට අවශ්‍ය දෙදෙකෙකු එක් කර ප්‍රජනනය සහතික කර ගැනීම පමණකි. විරහවට, කදුලට එහි ඉඩක් නැත.

    මෙහි භයානක තත්වය නම් ඔවුනොවුන්ගේ ලිංගික ආවේග හරියටම ගලපෙන්නේයැයි පෙම්වතුන් යුවල සිතීමය. ඔවුන්ගේ නියම ලිංගික ආවේගවල ස්වභාවය හරියටම ඔවුන්ට වැටහෙන්නේ තදින් ආදරයෙන් බැදුන කාලසීමාව අවසන්ව, හිතවත්ව හදවත් යාවූ කාල පරිච්චේදය පැමිණි විටය.

    "ඒත් යන්න කලියෙන් මම එකම එක ප්‍රශ්ණයක් අහන්න ඔයා උත්තර දෙනවද අයියෙ...? මට කියන්න හදවතට එකගව ඇත්තම කියනවද....? ඔයා ඔය කියන විදියට මගෙන් ආදරයක් ඔයාට ලැබුනෙම නැද්ද....? ඔයා ඔය කියන විදියට මම ඔයාට ගැලපෙන්නෙම නැද්ද...? මෙච්චර කාලයක් ඔයා මට කලේ බොරු ආදරයක්ද...? ඔච්චරටම මට චෝදනා කරන්නෙ මගෙන් යන්න හදන්නෙ.... දැන්ද ඔයාට මගේ වැරදි පේන්න හදන්නෙ.. රොන් ටික උරල උරල මලත් එක්කම මියැදෙනව මිසක මල ට මියැදෙන්න දීල වෙන මල් හොයාගෙන යන්නෙ ඒ නිසාද කියන්න මට..."

    ආදරයෙන් තදින් වෙලී සිටි කාලය අවසන්ව යථාතත්වයට පැමිණි විට දෙදෙනාම හෝ එක් කෙනෙක් වෙන්වීම ප්‍රතික්ෂේප කරන්නට වෙමින් තුන්වෙනි අදියර වන දරුවන් හදා වඩා ගන්නා තුරු සාමුහික බැදීමෙන් සිටීමට අරමුණු කරති. මෙහිදී මට දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය මතකයට පැමිණේ. ඇය ආදරයෙන්ද පරදී විරාජිනිය නොකියූ කතාවක් ද කියයි. එනම් "දූ සිගිත්තියක් ද සෙමින් අගේ දෝතට පැමිණි වගයි."

    මේ අවස්ථා තුන (
    කාමය, දැඩි ලෙස ආදරය කිරීම, දැඩි හිතවත් බව) ඉතා හොදින් තේරුම් ගැනීමෙන්, අවබෝදයෙන් තදින් ආදරයෙන් බැදී සිටින අවස්තාව ගත කිරීමටත්, එහි නියත බැසීමේ තත්වයට (ස්භාවධර්මයට අනුව එය නියතයකි) පත්වූ විට එයට සුදානම් වීමටත් හැකිය. ඒ සදහා ස්භාවධර්මය අපට ලබාදී ඇති බුද්ධිය පාවිච්චි කල යුතුය.

    ආදරය යනු ආවේගශීලී වීම යයි මා ඉහත සදහන් කළා ඔබට මතක ඇත. මෙය පිරිමින්ටනම් සියයට සියයක් අදාළ වේ. පිරිමින්ගේ දෙඇස් ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) වලින් බල ගැන්වී ඇති විට පහසුවෙන් ආදරය අරබීමෙන් පසුව කාමයට කැදවා ගෙන යයි. තදින් ආදරයෙන් බැදුන කාලය තුල පිරිමි ටෙස්ටොස්ටෙරෝන් වලින් බලගැන්වී උඩ යට පැති කොහිදැයි කිව නොහැකි තත්වයට පත්වේ. පිරිමි පෙරමොන හමුවේ කාන්තාවද ආවේගවත්ව ඔහු දිරිමත් කිරීමට පෙළබේ. සුරාන්තයෙන් කෙලවර වන ඒ ස්භාවධර්මයේ අපූරු සුවය ලැබූ පසු පිරිමියා මද නින්දකට වැටෙන අතර ගැහැනියගේ මොලයේ චිත්තවේග හා තර්කනය සදහා වූ මධ්‍යස්ථාන හොදින් සම්බන්ද වී ඇති හෙයින් ද අයට ඇය පාලනය කර ගත නොහැකිව සිටින හෙයින්ද ඇය අනාගත සහකරු වශයෙන් ඔහුගේ සුදුසු බව මැන ගනියි.

    "එහෙමනම් ඇයි අයියෙ මාව මෙච්චර දුරක් ගෙනාවෙ... නිදිහසේ ඉගිල ගියපු මාව දැන් අත්තටු දෙක බැලදලාපු කිරිල්ලියක් වෙලා... මං මුලාවෙලා... ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ..."

    බොහෝ සබදතා ගැහැණිය විසින් අවසන් කිරීමටත්, පිරිමියා සිදුවුයේ කුමක්දැයි විශ්මයට පත්වීමටත් හේතුව එය නොවේද? එසේම එම වෙන්වීම මෘදු ආකාරයෙන් කිරීමට මෙන්ම භාරගනීමටද ගැහැණිය දනියි. වෙන්වීමේ ලිපිය අවසන් කරමින් සදාකල් ආදරය කරන බව ලිවීමටද ඇය අමතක නොකරයි.

    ප.ලි:

    මෙය නම් මා සටහන් කල යුතුමය. ස්භාවධර්මය කුමන කූට උපක්‍රම යෙදුවත්, විද්‍යාව කුමන තර්ක ගෙනාවත්, මිනිසා යනු පෘතුවෙයේ සිටින බුද්ධිමත්ම සත්වයාය. මිනිස් බුද්ධියට කල නොහැක්කක් නොමැත. අද ඔහු විසින්
    ස්භාවධර්මයද පාලනය කරයි. සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුධත්වයට පත් තථාගතයානන් වහන්සේ ලොවට පෙන්වා දුන්නේ සිතුවිලි පාලනය තුලින් දුකින් මිදීමේ මාර්ගයයි. එනිසා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය හැගුම් වලට/සිතට පමණක් වහල් නොවී තම බුද්ධිය, ස්වයංතර්කයෙන් මෙහෙයවා කටියුතු කිරී තුලින් මෙවන් ගීතයක් ඔබේ මුවින් පිට නොවීමට වග බලාගන්නේ නම් මැනවි.:yes::yes::yes:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකෙන්ම:D.. කෝ මේ නූලේ ලොකු අප්පච්චි:confused:

    kibula ayyayi,sasa ayyayi dennama radio nisa busy:dull:.user52 elakri eneth nae wage dan:dull:
    රේඩියෝවයි මේකයි ... රස්සාවයි ඔක්කොම අමාරුයි බන්....

    රේඩියෝවද මේකද දෙකෙන් එකක් තෝරගන්න කාලය ඇවිත්වගේ....
    මේක කවදහරි වැදගත්වන්න පුළුවන් කාටහරි... ඒ නිසා මේ දිහාට තමයි වැඩි හිත...:dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේඩියෝවයි මේකයි ... රස්සාවයි ඔක්කොම අමාරුයි බන්....

    රේඩියෝවද මේකද දෙකෙන් එකක් තෝරගන්න කාලය ඇවිත්වගේ....
    මේක කවදහරි වැදගත්වන්න පුළුවන් කාටහරි... ඒ නිසා මේ දිහාට තමයි වැඩි හිත...:dull::dull:
    :yes::yes::yes::yes:
    ඒක නම් ඇත්ත.. එළකිරිය තියෙනකන් තියෙයි.. රේඩියෝව ඉතිං ඇහුවා එතනිං ඉවරයිනේ.. ඒත් සස්ලිට් අයියා කරන ෂෝ අහන් ඉන්න ආසයි.. කාලෙකින් අහන්න බැරි වුණා පොඩ්ඩක් වැඩ අධික නිසා.. මේකයි ඒකයි දෙකම ශේප් එකේ කරගෙන යන්න..
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සොයුර... ඔබගේ පැනයට සාධාරණයක් ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඉෂ්ඨ කිරීමට මා හට නම් නොහැකිය. පළමුව ඒ වෙනුවෙන් ඔබගෙන් සමාව ඉල්ලමි. මේ මොහොතේ මා හට තරමක් වෙහෙසය. නමුත් ඒ වෙහෙස නිවාගනු වස් මෙසේ ඔබට මා දන්නා අයුරින්, මේ අවස්ථාවේ මා සිතට නැගෙන අදහස් මෙසේ සදහන් කරමි.

    කුඩා කල පටන් අපගේ වීරයා වුයේ දුටුගැමුණු රජුය. අප ඉතිහාස පොත් ඊට සාක්ෂි දරනවා ඇත. මහා වංශය, දීපවංශය, ථූපවංශය හොදම නිදසුනය. පර සතුරු (සොලී) බලවේග වලින් රට මුදවා ශ්‍රී ලංකාව එක් සේසත් කල ගැමුණු රජු, තමාට යුද්ධයට උපකාර කල කතරගම දෙවියන්ට බාරයක් වෙයි. ඒ අනුව ඌව පලාත කතරගම (කතරගම දෙවි) රජු නමට පවරා, ඔහු නමින් වැඩහිටි කන්දේ දේවාලය තනයි. අනතුරුව රුවන්මැලි මහා සෑය තනවන රජු ස්වර්ණමාලී සෑය ලෙස නම් කරයි.

    දුටුගැමුණු රජතුමන් විසින් රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට නියමිත භූමියෙහි විශාල ලෙස වැඩී තිබූ තෙලඹු ගසක්‌ විය. මෙම තෙලඹු ගස විමානය කොට ගෙන ස්‌වර්ණමාලී නමින් දේවතාවියක්‌ වාසය කළාය. රූස්‌ස ලෙස අතු පතර වැඩී තිබූ තෙලඹු ගස ස්‌වර්ණමාලී දේවතාවියගේ වාසස්‌ථානයවිය. මේ මහාථූපයේ බිම සැකසීම සඳහා තෙලඹු ගස කැපීමට සැරසෙන විට රජුට ස්‌වර්ණමාලී දේවතාවිය කන්නලව් කරමින් වැළපෙන්නට වූවාය. ඒ තමා අරක් ගත වාස භවන ඉවත් නොකරන ලෙස ඉල්ලමිනි.

    නමුත් තෙලඹු ගස ඉවත්කොට සෑ රජුන් ඉදිකිරීම අරබනු වස් එම
    තෙලඹු රුකෙන් ඉවත් ව යන ලෙසත්, නමුත් ඇගේ නම සදාකල් පැවැත්ම සඳහා, අලුතෙන් ඉදිකරන දාගැබ "ස්වර්ණමාලී චෛත්‍යය" නමින් නම් කරනු ලබන බවත් ඉතා හැගුම් බරව දුටුගැමුණු රජු විසින් ඉල්ලා සිටින ආකාරය ගැන කියැවෙන විශිෂ්ඨ ගීතයකි මෙම ගීතය. එහි පද අලංකාරයන් සහ පණ්ඩිත් අමරදේවයන්ගේ මදුර මනෝහර හඩ මා හට නම් ඇතිකරවන්නේ අති මහත් බුද්ධාලම්බන ප්‍රීතියකි.

    32843663.jpg

    ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි
    ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ

    උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
    නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
    වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
    සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
    කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
    කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
    පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
    ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
    දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
    කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

    ඔබ යම් දිනක පුරාණ සිව්පද සංග්‍රහය කියවා ඇත්නම් ඔබගේ මතකයට "ස්‌වර්ණමාලී දෙව්දුවගේ ශෝකාලාපය" වහාම පැමිණෙනු ඇත. මා ඉන් කවි දෙකක් පමණක් මෙහි සටහන් තබන්නෙමි.

    රජු:
    නුරාවයස හිමි හට කල් බැන්ද ලියේ
    දරානිම වන්ට බැරි කඳුළු වැගිරියේ
    සිතුවට මෙගැන දොස්‌ නැත ස්‌වර්ණ මාලියේ
    මතුවට පවතින්ට දාගැබ බදිමු ලියේ

    දේවතාවිය:
    අගේ වඩන රන් තෙලෙඹුව කපති ලොබා
    දගේ නොවෙයි මහරජ නොසිතන්න සුබා
    ගඟේ වතුර ලේ කරගෙන බොමිනි සුබා
    මගේ නමට බදිනෙඳ ඔබගේ දාගැබා

    ඉහත ගීතයේ පද වැල මහගම සේකරයන්ගෙනි. එසේම ගීත රචනාවෙහි සේකරයන් ගේ භාෂා භාවිතය පිළිබඳ සලකු විට
    ගීතයට උචිත වටපිටාවට අනුව පද ගැළපීමට ඔහුට තිබුණු මනා හැකියාව මොනවට පැහැදිලිවේ. “ආලවඩන දන්ත කැකුළු කුන්ද සමන්”, "වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ" මෙන්ම "කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ" යන කොටස් තුල සියුම් ශෘංගාරයක් ගැබ්වී ඇති බව මගේ හැගීමයි. ඔබ මීට සති කිහිපයකට පෙර එළකිරි රේඩියෝව තුලින් මහගම ශූරීන් අනුස්මරණය සදහා ගෙන එනු ලැබූ "සසල හද විල් තෙර" දෙපැය ශ්‍රවනය කළා නම් මේ නොමියෙන කලාකරුවෙකු වන සේකරයන් ගේ අපූර්වත්වය පිළිබද දල අදහසක් ලබා ගැනීමට ඔබට තිබු අවස්තාවක් මගහැරී ඇති බව නම් මට හැගේ.

    අමරදේව සහ මහගම සේකර සුසංයෝගය එකල හැඳින්වූයේ ගී පොතයි-මී විතයි යන ප‍්‍රකට උපමාවෙනි. අමරදේව ගී පොත නම් මහගම සේකර මී විතය. අමරදේව ගයන බොහෝ ගීතයන් රචනා කර ඇත්තේ මහගම සේකරයන් වීම ඊට හේතුවයි.

    මා සිතනවා ඔබට යම් සාධාරණ පිළිතුරක් ලැබුනා කියා... ස්තුතියි:D

    එලම තමයි :yes: :yes: :yes: :yes:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මා අසා ඇති අයුරින් නිරෝෂා විරාජිනිය මෙතරම් හැගීම්බරව ගැයූ තවත් ගීයක් නොමැති තරම්ය. මෙය ඇය විසින් ඇගේ ජීවිතයේ ලද අත්දැකීමක් දෝ මට සිතේ.

    මෙය සම්පූර්ණයෙන් කියවූ මා එක් වරම සිතට ආවේ කලාත්මක හැගීමක් නම් නොවේය. එනිසා කලාව නම් මානයෙන් අපගමනය වී, අද වෙනස්ම කෝණයකින් යමක් ලිවීමට සිතුවෙමි.

    පිරිමි සහ ගැහැණු බොහෝ වෙනස්ය. ඉන් අදහස් කරන්නේ එක් පාර්ශවයක් හොද හෝ නරක බව නොව එකිනෙකාට සමාන නොවන බවයි. එසේ සමාන නොවීමට හේතුව පරිනාමීය වශයෙන්, ජීව විද්‍යාත්මක වශයෙන් හා ජානමය බහුලව සිදුවන බලපෑම්ය. මේ දෙවර්ගය ගැන කියනවා නම් ඔවුන් සමාන වන්නේ එකම සත්ව වර්ගයකට ඇතුලත් වීමෙන් පමණක්ය යන්න මගේ අදහසයි.

    • පිරිමියා නිතරම ගැහැනියටද තමා මෙන් හැසිරීමට නොහැකි මන්දැයි තේරුම් නොගනියි.
    • ගැහැනියද ඇගේ මිනිසා ද තමා මෙන්ම හැසිරෙති බලාපොරොත්තු වෙති. සම්බන්දතා බිද වැටෙන්නේ මේ ගැන අවබෝදය නොමැති කමිනි.

    ගැහැණිය සහ පිරිමියා වෙනස් වූ ලෝකවල බෙහෙවින් වෙනස් නීති මාලාවකට අනුව ජීවත් වෙයි. ඇත්තෙන්ම සත්‍ය මෙය වුවද එය පිළිගැනීමට බොහෝ දෙනා අකමැතිය. පිලිගන්නවා නම් ඒ පිරිමින් පමණක්ම වේ.

    පැරණි අර්ථාන්විත කියමනක් නම් "ආදරය කිරීමය කියන්නේ, පිරිමියා ලිංගික කාර්යයේ යෙදෙන අතර ගැහැණිය කරන දෙයයි" යනුය. සරලව කිවහොත් ගැහැණු ආදරය කරන අතර පිරිමි ලිංගික සතුට ලබති.

    මිනිසා යනු අවුරුදු මිලියන ගණනක් තිස්සේ පරිනාමය වෙමින් පොදු ආවේග සහිත දියුණු සත්වයෙකු හෙයින් අපගේ මූලික ආශාවන් හා ආවේග අන් අයටද තේරුම්ගත හැකිවන්නේය. එසේම එසේම මාලුවෙකුගෙන් ආරම්භ කල වත්මන් මිනිසාගේ පරිනාමය විවිදාකාර වෙනස් වීම් මැද දියුණු සත්ව වර්ගයක් සංවර්ධනය වෙමින් වසර මිලියන ගණනක් ගෙවී ගොස් දෙපයින් සිටගෙන සද මතට යාමට තරම් ඥානය ලබා, දේශපාලන වශයෙන්ද නිවැරදි මාවතකට පැමිණ ඇතත්, ජීව විද්‍යාත්මකව ඔහු තාමත් ගල් යුගයේද යන්න විරාජිනිය අසනවා මට ඇසේ...

    "දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල...."

    වත්මන් සමාජය විශේෂයෙන්ම හිරිමල් යොවුන් වියට පය තබන යුවතියන් තේරුම් ගත යුත්තේ මෙයයි. විද්‍යාත්මකව පිරිමි මොලය චිත්තවේග තුන් වර්ගයක පිහිටීම හදුනාගෙන ඇත. කාමය, දැඩි ලෙස ආදරය කිරීම, දැඩි හිතවත් බව ඒවාය. එක් එක් චිත්තවේග සතු එයටම විශේෂ වූ මොලයේ රසායනික සංයුතිය ජීව විද්‍යාත්මකව බලූ විට මේ මොලයේ අංග තුන ප්‍රජනනය නම් ජීව ක්‍රියාවලිය ඉටුකිරීම සදහා හැඩ ගැසී ඇත.

    මොළයේ චිත්ත වේග අතරින් "කාමය" යනු ශාරීරික වශයෙන් සිත ඇදී යාමය. එහි වාචික සබදතාවක් නැත. විද්‍යාඥයින් සොයාගෙන ඇති ආකාරය අනුව දැඩි ආදරය පවතින අවස්ථාව මොළයට තදින් කා වදින අවස්ථාව හෙයින් එය පිටතට දැමිය නොහැක. ආදරවන්තයා හෝ ආදරවන්තියගේ ධානාත්මක ගුණාංග ගැනම පමණක් මොලය අවධානය යොමු කරන අතර නරක ගති නොසලකා හරියි.

    "ඔයා තමයි රත්තරං අයියෙ මේ ලෝකයෙ මගේ වීරය... මගේ පණ, මගේ හැමදේම.. ඒ ගොඩාක් ආදර වන්තියන් වගේ ඒක සරලව බොලදව මම කියන්න දන්නෙ නෑ... ඔයාමයි මට මගේ දකගාරකම, මුරණ්ඩුකම නැති කරල තැන්පත්ව ඉන්න කියල දුන්නෙ... ඉතින් එහෙම ඉන්න පුරුදු වුන මට වෙනකෙක් චෝදනා කලාට කමක් නෑ.. ඒත් ඔයා..........? මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා... ඒත් දෙවියනේ ඒක මම පෙන්වන්න දන්නෙ නෑනේ... මගේ හදවත ගලවල අරගෙන ඔයාට දෙන්න පුළුවන්නම්.. හදවතට කෑ ගහල කියන්න පුළුවන්නම් එයා ඔයාට කියාවි මම කොච්චරනම් ආදරේද කියල... එහෙම ආදරේ කරන මට මගේ ලගම ඉදගෙන මෙහෙම දරුණු වෙන්න තරම් නපුරු හිතක් ඔයාට තිබ්බෙ නෑනේ අයියෙ.. ඔයා කොහොමද කොහෙද ඒක හංගගෙන හිටියෙ කියල මට කියන්න..."

    දැඩි ලෙස ආදරය කරන අවස්ථාව අනාගත සහකරු/සහකාරිය සමග බන්දනය ඇතිකරගැනීමට මොලය උත්සහ කරන අවස්ථාවකි. එය විශ්වාස කල නොහැකි තරම් වූ ඉතා ප්‍රබල චිත්තවේගයක් වේ. මේවන් අවස්ථා වලදී යම් ප්‍රතික්ෂේප වීමක් සිදුවුවහොත් ගල් යුගයේ සිටි වානරයා ඉදිරියට පැමිණ මිනීමැරීම් පවා සිදුවිය හැක. තදබල ආදරයෙන් සිටින විට නිදහස් වන හෝමෝන නිසා මානසිකව එසවුන ස්වභාවය ඇතිවේ. Dopamine හෝමෝනය නිසා සතුටද සුවයද දැනේ. ෆීනයිල් එතයිලමයින් (Phenylethulamine) මගින් එම චිත්ත ආවේග තවත් ඔසවා තබයි. සෙරටෝනින් (Serotonin) චිත්තවේගය ස්ථාවරව පවත්වා ගැනීමේ හැගීම ඇතිකරයි. නොරෙපිනෆ්රයින් (Norepinephrne) මගින් ඕනෑම දෙයක් අත්කරගත හැක යන හැගීම ජනිත කරවයි. ලිංගික සතුටෙහි ලෝලිත්වය ඇති තැනැත්තා මෙම අධික ආදරය ඇති අවස්ථාවේහි මෙම හෝමෝන රාශියේ මිශ්‍රණයට ලෝල්වීමෙන් ස්ථීරව ඉහල සිටීමට කැමති වේ. නමුත් එම අධික ආදරය අවස්ථාවද තාවකාලිකය. සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ මාස 12, 15, 18 දක්වා පවතී. විරාජිනියත්, වත්මන් සමාජයේ විරහ වීදනාවෙන් මැරී මැරී උපදින අනෙත් තරුණ තරුණියන් ද එය "ආදරය" යැයි අර්ථ දක්වන්නේ වරදීමෙනි. එය සොභාදහමින් ප්‍රජනනය සදහා ගැහැනියක හා මිනිසෙකු සෑහෙන කාලයක් එක්කොට තැබීමට ස්භාවධර්මයා යොදන ලද ජීවවිද්‍යාත්මක උපායකි, උගුලකි. ස්භාවධර්මයට විරාජිනියගේ දුක ඇසීමට අවශ්‍ය නැත. ස්භාවධර්මයට අවශ්‍ය දෙදෙකෙකු එක් කර ප්‍රජනනය සහතික කර ගැනීම පමණකි. විරහවට, කදුලට එහි ඉඩක් නැත.

    මෙහි භයානක තත්වය නම් ඔවුනොවුන්ගේ ලිංගික ආවේග හරියටම ගලපෙන්නේයැයි පෙම්වතුන් යුවල සිතීමය. ඔවුන්ගේ නියම ලිංගික ආවේගවල ස්වභාවය හරියටම ඔවුන්ට වැටහෙන්නේ තදින් ආදරයෙන් බැදුන කාලසීමාව අවසන්ව, හිතවත්ව හදවත් යාවූ කාල පරිච්චේදය පැමිණි විටය.

    "ඒත් යන්න කලියෙන් මම එකම එක ප්‍රශ්ණයක් අහන්න ඔයා උත්තර දෙනවද අයියෙ...? මට කියන්න හදවතට එකගව ඇත්තම කියනවද....? ඔයා ඔය කියන විදියට මගෙන් ආදරයක් ඔයාට ලැබුනෙම නැද්ද....? ඔයා ඔය කියන විදියට මම ඔයාට ගැලපෙන්නෙම නැද්ද...? මෙච්චර කාලයක් ඔයා මට කලේ බොරු ආදරයක්ද...? ඔච්චරටම මට චෝදනා කරන්නෙ මගෙන් යන්න හදන්නෙ.... දැන්ද ඔයාට මගේ වැරදි පේන්න හදන්නෙ.. රොන් ටික උරල උරල මලත් එක්කම මියැදෙනව මිසක මල ට මියැදෙන්න දීල වෙන මල් හොයාගෙන යන්නෙ ඒ නිසාද කියන්න මට..."

    ආදරයෙන් තදින් වෙලී සිටි කාලය අවසන්ව යථාතත්වයට පැමිණි විට දෙදෙනාම හෝ එක් කෙනෙක් වෙන්වීම ප්‍රතික්ෂේප කරන්නට වෙමින් තුන්වෙනි අදියර වන දරුවන් හදා වඩා ගන්නා තුරු සාමුහික බැදීමෙන් සිටීමට අරමුණු කරති. මෙහිදී මට දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය මතකයට පැමිණේ. ඇය ආදරයෙන්ද පරදී විරාජිනිය නොකියූ කතාවක් ද කියයි. එනම් "දූ සිගිත්තියක් ද සෙමින් අගේ දෝතට පැමිණි වගයි."

    මේ අවස්ථා තුන (
    කාමය, දැඩි ලෙස ආදරය කිරීම, දැඩි හිතවත් බව) ඉතා හොදින් තේරුම් ගැනීමෙන්, අවබෝදයෙන් තදින් ආදරයෙන් බැදී සිටින අවස්තාව ගත කිරීමටත්, එහි නියත බැසීමේ තත්වයට (ස්භාවධර්මයට අනුව එය නියතයකි) පත්වූ විට එයට සුදානම් වීමටත් හැකිය. ඒ සදහා ස්භාවධර්මය අපට ලබාදී ඇති බුද්ධිය පාවිච්චි කල යුතුය.

    ආදරය යනු ආවේගශීලී වීම යයි මා ඉහත සදහන් කළා ඔබට මතක ඇත. මෙය පිරිමින්ටනම් සියයට සියයක් අදාළ වේ. පිරිමින්ගේ දෙඇස් ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) වලින් බල ගැන්වී ඇති විට පහසුවෙන් ආදරය අරබීමෙන් පසුව කාමයට කැදවා ගෙන යයි. තදින් ආදරයෙන් බැදුන කාලය තුල පිරිමි ටෙස්ටොස්ටෙරෝන් වලින් බලගැන්වී උඩ යට පැති කොහිදැයි කිව නොහැකි තත්වයට පත්වේ. පිරිමි පෙරමොන හමුවේ කාන්තාවද ආවේගවත්ව ඔහු දිරිමත් කිරීමට පෙළබේ. සුරාන්තයෙන් කෙලවර වන ඒ ස්භාවධර්මයේ අපූරු සුවය ලැබූ පසු පිරිමියා මද නින්දකට වැටෙන අතර ගැහැනියගේ මොලයේ චිත්තවේග හා තර්කනය සදහා වූ මධ්‍යස්ථාන හොදින් සම්බන්ද වී ඇති හෙයින් ද අයට ඇය පාලනය කර ගත නොහැකිව සිටින හෙයින්ද ඇය අනාගත සහකරු වශයෙන් ඔහුගේ සුදුසු බව මැන ගනියි.

    "එහෙමනම් ඇයි අයියෙ මාව මෙච්චර දුරක් ගෙනාවෙ... නිදිහසේ ඉගිල ගියපු මාව දැන් අත්තටු දෙක බැලදලාපු කිරිල්ලියක් වෙලා... මං මුලාවෙලා... ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ..."

    බොහෝ සබදතා ගැහැණිය විසින් අවසන් කිරීමටත්, පිරිමියා සිදුවුයේ කුමක්දැයි විශ්මයට පත්වීමටත් හේතුව එය නොවේද? එසේම එම වෙන්වීම මෘදු ආකාරයෙන් කිරීමට මෙන්ම භාරගනීමටද ගැහැණිය දනියි. වෙන්වීමේ ලිපිය අවසන් කරමින් සදාකල් ආදරය කරන බව ලිවීමටද ඇය අමතක නොකරයි.

    ප.ලි:

    මෙය නම් මා සටහන් කල යුතුමය. ස්භාවධර්මය කුමන කූට උපක්‍රම යෙදුවත්, විද්‍යාව කුමන තර්ක ගෙනාවත්, මිනිසා යනු පෘතුවෙයේ සිටින බුද්ධිමත්ම සත්වයාය. මිනිස් බුද්ධියට කල නොහැක්කක් නොමැත. අද ඔහු විසින්
    ස්භාවධර්මයද පාලනය කරයි. සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුධත්වයට පත් තථාගතයානන් වහන්සේ ලොවට පෙන්වා දුන්නේ සිතුවිලි පාලනය තුලින් දුකින් මිදීමේ මාර්ගයයි. එනිසා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය හැගුම් වලට/සිතට පමණක් වහල් නොවී තම බුද්ධිය, ස්වයංතර්කයෙන් මෙහෙයවා කටියුතු කිරී තුලින් මෙවන් ගීතයක් ඔබේ මුවින් පිට නොවීමට වග බලාගන්නේ නම් මැනවි.:yes::yes::yes:

    :yes: :yes: :yes: :yes:
    thumbs_up_smiley.gif.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රේඩියෝවයි මේකයි ... රස්සාවයි ඔක්කොම අමාරුයි බන්....

    රේඩියෝවද මේකද දෙකෙන් එකක් තෝරගන්න කාලය ඇවිත්වගේ....
    මේක කවදහරි වැදගත්වන්න පුළුවන් කාටහරි... ඒ නිසා මේ දිහාට තමයි වැඩි හිත...:dull::dull:
    :dull:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රේඩියෝවයි මේකයි ... රස්සාවයි ඔක්කොම අමාරුයි බන්....

    රේඩියෝවද මේකද දෙකෙන් එකක් තෝරගන්න කාලය ඇවිත්වගේ....
    මේක කවදහරි වැදගත්වන්න පුළුවන් කාටහරි... ඒ නිසා මේ දිහාට තමයි වැඩි හිත...:dull::dull:
    yoyo-emoticon-1-019.gif
    තේරෙනවා සහෝ...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රේඩියෝවයි මේකයි ... රස්සාවයි ඔක්කොම අමාරුයි බන්....

    රේඩියෝවද මේකද දෙකෙන් එකක් තෝරගන්න කාලය ඇවිත්වගේ....
    මේක කවදහරි වැදගත්වන්න පුළුවන් කාටහරි... ඒ නිසා මේ දිහාට තමයි වැඩි හිත...:dull::dull:

    :frown::frown::frown::frown: මරාගෙන් මැරෙනව යකොව්