හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වර්තමානයේ විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ නැතැයි කීමෙට තරම් මා ආත්මාර්ථකාමී නොවෙමි. නමුත් මිනිසුන් විවිධාකාරය. එසේම මිනිසුන් මිනිසුන් තුල ඇති මානව හැඟීම් අතිශයින් සංකීර්ණ ය. ඒවා ස්පර්ශ කිරීමට අතිශයින් සංවේදී බවත්, භාෂා ඥානය හා ප්‍රතිභාවත්, සතතාභ්‍යාසයත් අත්‍යාවශ්‍ය ය. ඒ සංකීර්ණ වූ මානව හැගීම් සුන්දර වූ ගීතයක් තුලින් රස විදීමට නම් 70, 80, 90 දශකයට යලි කාල තරණය කල යුතු බව මගේ අතිශය පෞද්ගලික මතයයි.

    බොහෝ කලකින් "හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2" හූය වෙත යමක් දායක කිරීමට නොහැකි විය. අතිශය කාර්ය බහුල ජීවන රටාවත්, එහිම අතුරු ඵලයක් වූ ආතතියත් ඊට හේතුව විය හැක. නමුත් ආතතිය මග හරිනු වස් මොහොතකට හෝ අප Elakiri සමාජයට එක් වන මොහොතක් පාසා මා සිහියට නැගෙන, මා අතිශයින් ගරු කරන පුත්ගලයෙක් සිටි. ඒ නිසාම ලාංකික ගීත සාහිත්‍යය (පැරණි) පිළිබඳ බලාපොරොත්තු යලි මල්ඵල ගන්වමින් මේ හූයේ නිර්මාතෘතුමන් හට ගෞරවයක් ලෙස මෙලෙස පෙරදින මා අත්දුටු සිද්ධියක් මෙලෙස සටහනක් තබමි.

    පෙරදින රාත්‍රියේ නාන කාමරය තුලින් සුන්දර නැළවිලි ගීයක් ගැයෙනු ඇසුනි. ඒ මගේ මවගේ හඩයි. වසර 30ක පමණ අතීතයට මා ගෙන ගියා වැනි විය. ඒ ළයාන්විත රිද්මය නිසාම මම ඉතා හොදින් ඒ දෙසෙට අවධානය යොමු කලෙමි. ඒ හඬ, වචන දැන් මට පැහැදිලිවම ඇසෙයි. නැළවිලි ගීයක ස්වර රටා ඔස්සේ මැවෙන රමණීය වූ චිත්ත සමාධියකට සම වදිමි. මට පෙරදින දහවල සිහි වේ.

    ඒ වූකලී මා විවාහය සදහා නම් ප්‍රසිද්ධ කරනු වස් විවාහ ලේකම් වරයා මුණගැසීමට ගිය අවස්ථාවයි. උපැස් යුවලක් පැළද, තේජාන්විත පෙනුමකින් යුත් විවාහ ලේකම් වරයා අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මා සිටියේ දෙමවුපියන් සමගය. නමුත් මගේ මවගේ හැගුම්බර මුහුණ නිරන්තරයෙන් මා දෙසම යොමුවී තිබු බව මා හොදින් දුටිමි. කරුණු කාරනා එසේ සිදුවිය. යලිත් මා අදාළ කරුණට පැමිණේන්නෙමි.

    පෙරදින රාත්‍රියේ නාන කාමරය තුලින් සුන්දර නැළවිලි ගීයක් ගැයෙනු ඇසුනි. ඒ මගේ මවගේ හැඩයි. මේ ගීය තරම් මා කුඩා කල ආදරය කල ගීයක් තවත් නොමැති තරම් විය. කාලයත් සමග මෙම ගීතය මා සිතින්ද අමතක වුවද, බොහෝ මෑතකදී මා මවගෙන් විමසා සිටියේ කුඩා කල මා නැළවීමට ගැයූ ඒ ගීය කුමක්ද කියයි. නමුත් එදින ඇය බොහෝ උත්සහ කලද එය සිහියට නගා ගනු නොහැකි විය.

    සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
    මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා

    සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
    වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
    කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
    පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා

    මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ
    රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
    පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
    මෙවන් සිහින් දැකලාදෝ පුතු හිනැහෙන්නේ

    දරු සෙනෙහස වූ කලී සම සිඳ, මස සිඳ, නහර සිඳ, ඇට සිඳ ඇට මිදුලු සිඳ මුළු මහත් පංචස්කන්ධයටම කාවදින්නකි. එහි සැබෑ අරුත එදා ගැයුණු ගීත වල පැහැදිලිව දක්නට ලැබුණි. උදාහරණ නම් බොහෝමත්ය. ගීත රචකයා මවන මාතෘත්වය තුළ අතිශයින් අව්‍යාජ බවක් ගැබ් වී පවතී. ඇය තම දරුවා තුලින් දකින්නේ සිදුහත් උත්පත්තිය නොවේද?

    මවක් සිය දරුවාට නිර්ලෝභී ව පුද කරන්නේ ජීවිතයයි. ඒ වෙනුවෙන් ඇය ආපසු කිසිවක් බලාපොරොත්තු නොවේ. සැබෑ මාතෘත්වය යනු ගනුදෙනුවක් නොවේ. මාතෘත්වය මා දකින්නේ සැබෑ පරිත්‍යාගයක් ලෙසයි.

    ගැහැණියකගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ මවක වීමෙන් පසුයි යන්න සමාජය පිළිගත් සත්‍යක්. එය ඔබද පිලිගන්නවා ඇතැයි මා සිතමි. මා මවටද එය පොදු සත්‍යක් වේ. ඇය පළමු වතාවට මවක කරමින් තමයි මම ඉපදිලා තියෙන්නෙ.. ඊටත් වඩා එදා කුළුදුලේ පිරිමි දරුවෙකු බිහිකිරීම ආඩම්බරයට කරුණක් බව ද මිත්තනියගෙන් මා අසා දැන සිටියෙමි.

    එසේම, මා මාගේ අතීත මතකයන් පිලිබදව සමහර අවස්තාවලදී වැඩිහිටියන් පුදුම වනවා මා දැක ඇත. එනම් මා හට වයස අවුරුදු 3 පමණ සිට සිදුවූ බොහෝ දේ තවමත් එලෙසින්ම මා මතකයේ පැවතීමයි. මේ ගීතය සම්බන්දයෙන් අතීතය ආවර්ජනය කරනවා නම් මාව නිදි කරවීම සදහා මවට මේ ගීතය ඇතුළු ඇයටම ආවේනික වූ ‍තෝරගත් ගී කිහිපයක් ගායනා කිරීමට සිදුවීමය. මේ මොහොතේදීත් මා හට එදා ඇගිලි දෙකක් කට තුල දමාගෙන මේ ගීතය ඇසු මා සිහිවේ.

    කුඩා මා සිත නිදි ගන්වමින් සැබෑ මාතෘත්වය පරිත්‍යාගය කරමින් ඈ ගැයූ නැලවිලි ගීය, වසර තිහකට පසුව මෙදිනම ඇයගේ මතකයට පැමිණියේ කෙසේද? එය එසේ වුයේ ඇයි? කුඩා ළදරුවෙක්ව සිටියදී මවගේ හඩින් මා නිදි ගැන්වූ, මා අතිශයින් ආදරය කල ඒ ගීතය මෙවන් වූ දිනක මවගෙන් යලි ශ්‍රවනය වීමීදී මා තුල කුමන ආකාරයේ හැගීමක් ඇතිවන්නට ඇත්ද? එය තීරණය ඔබට භාර කරමින් අවසන් වශයෙන් මෙසේ සටහනක් තබමි.

    කුඩා මා සිත නිදි ගන්වමින් සැබෑ මාතෘත්වය පරිත්‍යාගය කරමින් ඈ ගැයූ මෙම නැලවිලි ගීය ගැන ඉතාම කෙටියෙන් කළ මේ සටහන, මේ මොහොතේ මගේ සිතේ මා මව වෙනුවෙන් ඉපදුනු, කිසිදා ගෙවා නිමකළ නොහැකි ඒ හද පිරි කෘතවේදීත්වය සමගින් ඇයට පුදකරමි! :) :) :)

    ගීතය ගයන්නේ: ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මිය
    පද රචනය: ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහත්මානන්
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වර්තමානයේ විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ නැතැයි කීමෙට තරම් මා ආත්මාර්ථකාමී නොවෙමි.....................

    කුඩා මා සිත නිදි ගන්වමින් සැබෑ මාතෘත්වය පරිත්‍යාගය කරමින් ඈ ගැයූ මෙම නැලවිලි ගීය ගැන ඉතාම කෙටියෙන් කළ මේ සටහන, මේ මොහොතේ මගේ සිතේ මා මව වෙනුවෙන් ඉපදුනු, කිසිදා ගෙවා නිමකළ නොහැකි ඒ හද පිරි කෘතවේදීත්වය සමගින් ඇයට පුදකරමි! :) :) :)
    පළමුව,
    විවාපත්වනු සදහා මුල් පියවර තැබූ ඔබට මගේත්,මගේ පියඹ සහ දරුවන් ගේත් සුපැතුම් පිරි නමමි.
    විවාහය නම් කර්කශ මාතෘකාව මගහරිමින් සිටි ඔබ ඒ මතය වෙනස් කල අයුරු සහ හේතුව දන්නා මම ඒ පිළිබදව සතුටු වෙමි.

    ඔබේ ප්‍රස්තූතය පිළිඹද ව.......

    දාරක ස්නේහය පිළිබද ව මෙයින් වසර 2600කට මදක් වැඩි කාලයකට පෙර ශුද්ධෝදන නම් ශාක්‍ය වංශික පියෙකු කල වැනුමක් මට සිහි වෙයි.......

    “ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.මස් විනිවිද එමතුද නොව නහර විනිවිද යේ. නහර විනිවිද එමතුද නොව අස්ථි විනිවිදී, අස්ථි විනිවිද එමතුද නොව ඇටු මිදුළුව විනිවිදී. එය ඇට මිදුළුවෙහි ම රැදී පවතී.
    භාග්‍යවත්න් වහන්ස පුත්‍ර ස්නේහය නම් එයමැයි“

    දාරක ස්නේහය පිළිබද ව මෙවන් ආත්මය ප්‍රකම්පනය කරන වර්ණනයක් ඔබ කවදා හෝ අසා තිබේද?
    දාරක ස්නේහය නම් එයයි, මා සොයුර....................
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පළමුව,
    විවාපත්වනු සදහා මුල් පියවර තැබූ ඔබට මගේත්,මගේ පියඹ සහ දරුවන් ගේත් සුපැතුම් පිරි නමමි.

    දාරක ස්නේහය පිළිබද ව මෙවන් ආත්මය ප්‍රකම්පනය කරන වර්ණනයක් ඔබ කවදා හෝ අසා තිබේද?
    දාරක ස්නේහය නම් එයයි, මා සොයුර....................
    මුළු හදින්ම ලබා දුන් ඒ සුභ පැතුමට බොහොමත්ම ස්තුතිවන්ත වෙමි. මීට පෙර ඔබ විසින් අනාගතයේ දිනක සිදුවන ඒ මාගේ විවාහය පිළිබද ඔබ පල කල යම් අනාවැකි කිහිපයක් විද ඒ සියල්ල එලෙසින්ම සිදුවිය. :D:yes::yes::yes:

    නැත. එය අවිවාදයෙන් ආත්මය ප්‍රකම්පනය කරවයි. දාරක ස්නේහය ගැන කුමන නම් කථාද? එය කිසිදා විචාරය කල අවසන් කල නොහැක්කකි. එසේම යමක් සදහන් කිරීමට අමතක වී ඇත. එයනම්,

    මා මව එදා මා ගී ගයමින් නැලවුයේ යම්සේද මතු අනාගතයේ දිනක ඇය යලිත් සිය මුණුපුරෙකු හෝ මිනිබිරියක එලෙසින්ම නලවනු ඇත. :yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වර්තමානයේ විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ නැතැයි කීමෙට තරම් මා ආත්මාර්ථකාමී නොවෙමි. නමුත් මිනිසුන් විවිධාකාරය. එසේම මිනිසුන් මිනිසුන් තුල ඇති මානව හැඟීම් අතිශයින් සංකීර්ණ ය. ඒවා ස්පර්ශ කිරීමට අතිශයින් සංවේදී බවත්, භාෂා ඥානය හා ප්‍රතිභාවත්, සතතාභ්‍යාසයත් අත්‍යාවශ්‍ය ය. ඒ සංකීර්ණ වූ මානව හැගීම් සුන්දර වූ ගීතයක් තුලින් රස විදීමට නම් 70, 80, 90 දශකයට යලි කාල තරණය කල යුතු බව මගේ අතිශය පෞද්ගලික මතයයි.

    බොහෝ කලකින් "හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2" හූය වෙත යමක් දායක කිරීමට නොහැකි විය. අතිශය කාර්ය බහුල ජීවන රටාවත්, එහිම අතුරු ඵලයක් වූ ආතතියත් ඊට හේතුව විය හැක. නමුත් ආතතිය මග හරිනු වස් මොහොතකට හෝ අප Elakiri සමාජයට එක් වන මොහොතක් පාසා මා සිහියට නැගෙන, මා අතිශයින් ගරු කරන පුත්ගලයෙක් සිටි. ඒ නිසාම ලාංකික ගීත සාහිත්‍යය (පැරණි) පිළිබඳ බලාපොරොත්තු යලි මල්ඵල ගන්වමින් මේ හූයේ නිර්මාතෘතුමන් හට ගෞරවයක් ලෙස මෙලෙස පෙරදින මා අත්දුටු සිද්ධියක් මෙලෙස සටහනක් තබමි.

    පෙරදින රාත්‍රියේ නාන කාමරය තුලින් සුන්දර නැළවිලි ගීයක් ගැයෙනු ඇසුනි. ඒ මගේ මවගේ හඩයි. වසර 30ක පමණ අතීතයට මා ගෙන ගියා වැනි විය. ඒ ළයාන්විත රිද්මය නිසාම මම ඉතා හොදින් ඒ දෙසෙට අවධානය යොමු කලෙමි. ඒ හඬ, වචන දැන් මට පැහැදිලිවම ඇසෙයි. නැළවිලි ගීයක ස්වර රටා ඔස්සේ මැවෙන රමණීය වූ චිත්ත සමාධියකට සම වදිමි. මට පෙරදින දහවල සිහි වේ.

    ඒ වූකලී මා විවාහය සදහා නම් ප්‍රසිද්ධ කරනු වස් විවාහ ලේකම් වරයා මුණගැසීමට ගිය අවස්ථාවයි. උපැස් යුවලක් පැළද, තේජාන්විත පෙනුමකින් යුත් විවාහ ලේකම් වරයා අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මා සිටියේ දෙමවුපියන් සමගය. නමුත් මගේ මවගේ හැගුම්බර මුහුණ නිරන්තරයෙන් මා දෙසම යොමුවී තිබු බව මා හොදින් දුටිමි. කරුණු කාරනා එසේ සිදුවිය. යලිත් මා අදාළ කරුණට පැමිණේන්නෙමි.

    පෙරදින රාත්‍රියේ නාන කාමරය තුලින් සුන්දර නැළවිලි ගීයක් ගැයෙනු ඇසුනි. ඒ මගේ මවගේ හැඩයි. මේ ගීය තරම් මා කුඩා කල ආදරය කල ගීයක් තවත් නොමැති තරම් විය. කාලයත් සමග මෙම ගීතය මා සිතින්ද අමතක වුවද, බොහෝ මෑතකදී මා මවගෙන් විමසා සිටියේ කුඩා කල මා නැළවීමට ගැයූ ඒ ගීය කුමක්ද කියයි. නමුත් එදින ඇය බොහෝ උත්සහ කලද එය සිහියට නගා ගනු නොහැකි විය.

    සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
    මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා

    සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
    වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
    කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
    පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා

    මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ
    රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
    පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
    මෙවන් සිහින් දැකලාදෝ පුතු හිනැහෙන්නේ

    දරු සෙනෙහස වූ කලී සම සිඳ, මස සිඳ, නහර සිඳ, ඇට සිඳ ඇට මිදුලු සිඳ මුළු මහත් පංචස්කන්ධයටම කාවදින්නකි. එහි සැබෑ අරුත එදා ගැයුණු ගීත වල පැහැදිලිව දක්නට ලැබුණි. උදාහරණ නම් බොහෝමත්ය. ගීත රචකයා මවන මාතෘත්වය තුළ අතිශයින් අව්‍යාජ බවක් ගැබ් වී පවතී. ඇය තම දරුවා තුලින් දකින්නේ සිදුහත් උත්පත්තිය නොවේද?

    මවක් සිය දරුවාට නිර්ලෝභී ව පුද කරන්නේ ජීවිතයයි. ඒ වෙනුවෙන් ඇය ආපසු කිසිවක් බලාපොරොත්තු නොවේ. සැබෑ මාතෘත්වය යනු ගනුදෙනුවක් නොවේ. මාතෘත්වය මා දකින්නේ සැබෑ පරිත්‍යාගයක් ලෙසයි.

    ගැහැණියකගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ මවක වීමෙන් පසුයි යන්න සමාජය පිළිගත් සත්‍යක්. එය ඔබද පිලිගන්නවා ඇතැයි මා සිතමි. මා මවටද එය පොදු සත්‍යක් වේ. ඇය පළමු වතාවට මවක කරමින් තමයි මම ඉපදිලා තියෙන්නෙ.. ඊටත් වඩා එදා කුළුදුලේ පිරිමි දරුවෙකු බිහිකිරීම ආඩම්බරයට කරුණක් බව ද මිත්තනියගෙන් මා අසා දැන සිටියෙමි.

    එසේම, මා මාගේ අතීත මතකයන් පිලිබදව සමහර අවස්තාවලදී වැඩිහිටියන් පුදුම වනවා මා දැක ඇත. එනම් මා හට වයස අවුරුදු 3 පමණ සිට සිදුවූ බොහෝ දේ තවමත් එලෙසින්ම මා මතකයේ පැවතීමයි. මේ ගීතය සම්බන්දයෙන් අතීතය ආවර්ජනය කරනවා නම් මාව නිදි කරවීම සදහා මවට මේ ගීතය ඇතුළු ඇයටම ආවේනික වූ ‍තෝරගත් ගී කිහිපයක් ගායනා කිරීමට සිදුවීමය. මේ මොහොතේදීත් මා හට එදා ඇගිලි දෙකක් කට තුල දමාගෙන මේ ගීතය ඇසු මා සිහිවේ.

    කුඩා මා සිත නිදි ගන්වමින් සැබෑ මාතෘත්වය පරිත්‍යාගය කරමින් ඈ ගැයූ නැලවිලි ගීය, වසර තිහකට පසුව මෙදිනම ඇයගේ මතකයට පැමිණියේ කෙසේද? එය එසේ වුයේ ඇයි? කුඩා ළදරුවෙක්ව සිටියදී මවගේ හඩින් මා නිදි ගැන්වූ, මා අතිශයින් ආදරය කල ඒ ගීතය මෙවන් වූ දිනක මවගෙන් යලි ශ්‍රවනය වීමීදී මා තුල කුමන ආකාරයේ හැගීමක් ඇතිවන්නට ඇත්ද? එය තීරණය ඔබට භාර කරමින් අවසන් වශයෙන් මෙසේ සටහනක් තබමි.

    කුඩා මා සිත නිදි ගන්වමින් සැබෑ මාතෘත්වය පරිත්‍යාගය කරමින් ඈ ගැයූ මෙම නැලවිලි ගීය ගැන ඉතාම කෙටියෙන් කළ මේ සටහන, මේ මොහොතේ මගේ සිතේ මා මව වෙනුවෙන් ඉපදුනු, කිසිදා ගෙවා නිමකළ නොහැකි ඒ හද පිරි කෘතවේදීත්වය සමගින් ඇයට පුදකරමි! :) :) :)

    ගීතය ගයන්නේ: ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මිය
    පද රචනය: ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහත්මානන්

    ammawa matak una:(..lassanai bro :yes:
    sthutie weda atharathure mewani deyak liweema ...:)
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ammawa matak una:(
    ගොඩාක් ස්තුතියි. ඒ වගේම හිතාගන්න පුළුවන් මේ අවස්ථාවේ ඔබට දැනුන ඒ හැගීම ගැන. ඒ දේ වඩ වඩාත් දැනෙන්නේ විදේශයක ජීවත් වෙනකොට. No Worries...හැමදේම හොදින් සිදුවෙයි! :yes::yes::yes:
     
    :):)
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    :) :love:
     
    • Like
    Reactions: BonziBUDDY

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ammawa matak una:(..lassanai bro :yes:
    sthutie weda atharathure mewani deyak liweema ...:)

    හිතවත් සොයුරියනි...
    හුයේ ආරම්භයේ ඇති ලෙසට ම මුළු පළකෙරුමම නැවත උපුටා නොදක්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ හුයට සම්බන්ධ වන, පෙදෙහි රස හව් විදින එළකිරියේ සුධීන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඔබ යම් විචාරයකට ප්‍රතිචාර දැක්විමේ දී කරුණාකර මුලු විචාරය ම නැවත උපුටා දැක්විමෙන් වළකින ලෙස ඉතාමත් බැහැපත් ව ඉල්ලා සිටිමු. ඒ පෙර මෙන් ම මේ හුය ද, අතිශයින් ම දිගු විමද, විඩාබර තත්ත්වයකට ඒමද වැලැක්විමටයි.[/FONT]
     
    Last edited:

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    වර්තමානයේ විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ නැතැයි කීමෙට තරම් මා ආත්මාර්ථකාමී නොවෙමි. නමුත් මිනිසුන් විවිධාකාරය. එසේම මිනිසුන් මිනිසුන් තුල ඇති මානව හැඟීම් අතිශයින් සංකීර්ණ ය. ඒවා ස්පර්ශ කිරීමට අතිශයින් සංවේදී බවත්, භාෂා ඥානය හා ප්‍රතිභාවත්, සතතාභ්‍යාසයත් අත්‍යාවශ්‍ය ය.

    සහෝ, ඇත්තෙන්ම සුපිරිය..... හදවතටම දැනුන විචාරයකි.... ++
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සහෝ, ඇත්තෙන්ම සුපිරිය..... හදවතටම දැනුන විචාරයකි.... ++
    ලබාදුන් ප්‍රතිචාරය මහත් සේ අගය කරමි.:yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    විශිෂ්ට‍යි......:cool::cool::cool:
    බොහෝම ස්තුතියි සොයුර
    11.gif
    .
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හිතවත් සොයුරියනි...
    හුයේ ආරම්භයේ ඇති ලෙසට ම මුළු පළකෙරුමම නැවත උපුටා නොදක්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    :shocked:

    sorry :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා ගොඩාක් ලස්සනට ආදරය කරන්න දන්න, ආදරය කරන්න පුලුවන් කෙනෙක් කියලා මම දන්නවා. ආදරේට ආදරේ කරන ඔයා වගේ අය හරිම අඩුයි.ඔයා ආදරේ කරද්දී ඔයාගෙම ගති ගුණ ඔයා තවත් කෙනෙක්ගෙන් හොයන්නේ හරිම කැමැත්තෙන්. ඒක හරිම ලස්සන ආසාවක්. ඔයාගේ ආදර වන්තයා, සැමියා ඔයා වගේම හිතනවා නම් පතනවා නම්, ඔයාගේ ගති ගුණ එයා තුල තියෙනවා නම්.. ඔයාට ඒ දෙයට වඩා සම්පතක් නැහැ කියලා මම දන්නවා.

    පුංචි උදාහරණයක් කියන්නද., රෑට අහසේ පායන හඳ විලක සීතලම සීතල වතුර මතින් එයාගෙම සේයාව හොයනවා වගේ තමයි ඔයත්. හඳ දන්නවා විලේ ඉන්නේ එයාම නෙවෙයි කියලා. එයාගෙම සේයාව කියලා.. හැබැයි හඳ ආසයි එයාගේ රුපේ විලේ තියෙන සේයාව තුලින් දකින්න.

    විල් තෙරට වැටුනු සේයාව දිහා හඳ නොනිමි සෙනෙහසකින්, ආදරයකින් බලාගෙන ඉද්දී.., පුංචි සීතල සුළඟකින් විල කැළඹුනොත්.. හඳට දකින්න වෙන්නේ එයාගේ සේයාව නෙවේ. කෑලි කැඩිලා විසිරිලා ගිය වෙනස්ම සේයා රුවක්. ඒත් හඳ ඒ වෙනස ඉවසාගෙන, දරාගෙන හිටියොත් ආයමත් හඳේ නියම සේයාව විලේ ජලය මත්තෙ වැළඳ ගන්න පුලුවන්. මොකද විලක් හැම වෙලාවකම නොසැලී ඉන්නේ නැහැනේ.

    ඒ වගේම තමා ඔයා ආදරේ කරද්දිත්. හැම වෙලාවෙම ඔයාට ඔයාගේ ආදර වන්තයාගෙන්, සැමියාගෙන් ඔයාගෙම, ඔයා බලාපොරොත්තු වෙන, ඔයා හොයන ගති ගුණ ලැබෙන්නේ නැහැ. ආදරේ කරද්දි අනිත් කෙනාගේ වැරදි, අඩු පාඩු, වෙනස් වීම් ඉවසන තරමට තමා හැම දේම නැවුම් වෙන්නේ.

    එහෙම වෙන්නේ අපි දෙන්නම දන්න මේ ස්භාවධර්මය කවමදාකවත් එකමන් වගේ දෙන්නේක්ව මේ ලෝකෙට දායාද කරලා නැති නිසා. අපි එකිනෙකාට වෙනස්. හැසිරීම, කතාබහ, උවමනා, සිතුවිලි, ආශාවන්, ආදරය, ගතිගුණ.. මේ හැම දේම වෙනස්. ඔයා ආදරේ කරද්දී අනිත් කෙනා වෙනුවෙන් ඉවසීම, සමාවදීම අනිවාරෙන්ම තියෙන්න ඔනා. එයාගේ අඩුපාඩු හැම දේම ඉවසගෙන ඉන්න ඔනා. එයාට ඔන විදියට ඔයා වෙනස් වුනහම [වෙනස් වුනොත්] එයා ඔයාට ඔනා විදියට හැඩ ගැහෙනවා. ඒ වෙන තෙක් ඔයා ඉවසන්න. මොකද මේ ලෝකෙටම ඔයා වගේ ඉන්නේ ඔයා විතරක්ම නිසා.

    සඳ කිණිති නැමී විල් දියට එබී
    සොයයි සේයාව සඳේ
    ඔබ නෙතට එබී.. මගේ නෙතද සදා..
    සොයයි සේයාව මගේ….

    සසල නොවී විල තිබෙන තුරා
    දිළෙයි සඳ දියට යටින්
    සසල වෙලා දිය කැළඹුනු දා..
    බිදෙයි සඳ කැබිළි පිටින්..

    සසල නොවී ඔබ හිදින තුරා
    පෙනෙයි මා ඔබේ නෙතින්
    සසර පුරා සැරි සරන තුරා
    බලමි ලොව ඹබේ නෙතින්……

    සඳ කිණිති නැමී…..

    මුහුනු පොතේ මාගේ මිතුරෙකු විසින් පළ කරන ලද්දකි.

    එළකිරි.කොම් සහෘද ඔබ වෙනුවෙන් උපුටා ගතිමි.
    11.gif
     
    • Like
    Reactions: dath kimbula

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔයා ගොඩාක් ලස්සනට ආදරය කරන්න දන්න, ආදරය කරන්න පුලුවන් කෙනෙක් කියලා මම දන්නවා. ආදරේට ආදරේ කරන ඔයා වගේ අය හරිම අඩුයි.ඔයා ආදරේ කරද්දී ඔයාගෙම ගති ගුණ ඔයා තවත් කෙනෙක්ගෙන් හොයන්නේ හරිම කැමැත්තෙන්. ඒක හරිම ලස්සන ආසාවක්. ඔයාගේ ආදර වන්තයා, සැමියා ඔයා වගේම හිතනවා නම් පතනවා නම්, ඔයාගේ ගති ගුණ එයා තුල තියෙනවා නම්.. ඔයාට ඒ දෙයට වඩා සම්පතක් නැහැ කියලා මම දන්නවා.

    beautiful :D
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    පුංචි උදාහරණයක් කියන්නද., රෑට අහසේ පායන හඳ විලක සීතලම සීතල වතුර මතින් එයාගෙම සේයාව හොයනවා වගේ තමයි ඔයත්. හඳ දන්නවා විලේ ඉන්නේ එයාම නෙවෙයි කියලා. එයාගෙම සේයාව කියලා.. හැබැයි හඳ ආසයි එයාගේ රුපේ විලේ තියෙන සේයාව තුලින් දකින්න.

    අප හා බෙදා ගත්තාට තුති.... ලස්සන විචාරයක්...​