පළමුව,වර්තමානයේ විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ නැතැයි කීමෙට තරම් මා ආත්මාර්ථකාමී නොවෙමි.....................
කුඩා මා සිත නිදි ගන්වමින් සැබෑ මාතෘත්වය පරිත්‍යාගය කරමින් ඈ ගැයූ මෙම නැලවිලි ගීය ගැන ඉතාම කෙටියෙන් කළ මේ සටහන, මේ මොහොතේ මගේ සිතේ මා මව වෙනුවෙන් ඉපදුනු, කිසිදා ගෙවා නිමකළ නොහැකි ඒ හද පිරි කෘතවේදීත්වය සමගින් ඇයට පුදකරමි!![]()
![]()
මුළු හදින්ම ලබා දුන් ඒ සුභ පැතුමට බොහොමත්ම ස්තුතිවන්ත වෙමි. මීට පෙර ඔබ විසින් අනාගතයේ දිනක සිදුවන ඒ මාගේ විවාහය පිළිබද ඔබ පල කල යම් අනාවැකි කිහිපයක් විද ඒ සියල්ල එලෙසින්ම සිදුවිය.පළමුව,
විවාපත්වනු සදහා මුල් පියවර තැබූ ඔබට මගේත්,මගේ පියඹ සහ දරුවන් ගේත් සුපැතුම් පිරි නමමි.
දාරක ස්නේහය පිළිබද ව මෙවන් ආත්මය ප්‍රකම්පනය කරන වර්ණනයක් ඔබ කවදා හෝ අසා තිබේද?
දාරක ස්නේහය නම් එයයි, මා සොයුර....................

වර්තමානයේ විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ නැතැයි කීමෙට තරම් මා ආත්මාර්ථකාමී නොවෙමි. නමුත් මිනිසුන් විවිධාකාරය. එසේම මිනිසුන් මිනිසුන් තුල ඇති මානව හැඟීම් අතිශයින් සංකීර්ණ ය. ඒවා ස්පර්ශ කිරීමට අතිශයින් සංවේදී බවත්, භාෂා ඥානය හා ප්‍රතිභාවත්, සතතාභ්‍යාසයත් අත්‍යාවශ්‍ය ය. ඒ සංකීර්ණ වූ මානව හැගීම් සුන්දර වූ ගීතයක් තුලින් රස විදීමට නම් 70, 80, 90 දශකයට යලි කාල තරණය කල යුතු බව මගේ අතිශය පෞද්ගලික මතයයි.
බොහෝ කලකින් "හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2" හූය වෙත යමක් දායක කිරීමට නොහැකි විය. අතිශය කාර්ය බහුල ජීවන රටාවත්, එහිම අතුරු ඵලයක් වූ ආතතියත් ඊට හේතුව විය හැක. නමුත් ආතතිය මග හරිනු වස් මොහොතකට හෝ අප Elakiri සමාජයට එක් වන මොහොතක් පාසා මා සිහියට නැගෙන, මා අතිශයින් ගරු කරන පුත්ගලයෙක් සිටි. ඒ නිසාම ලාංකික ගීත සාහිත්‍යය (පැරණි) පිළිබඳ බලාපොරොත්තු යලි මල්ඵල ගන්වමින් මේ හූයේ නිර්මාතෘතුමන් හට ගෞරවයක් ලෙස මෙලෙස පෙරදින මා අත්දුටු සිද්ධියක් මෙලෙස සටහනක් තබමි.
පෙරදින රාත්‍රියේ නාන කාමරය තුලින් සුන්දර නැළවිලි ගීයක් ගැයෙනු ඇසුනි. ඒ මගේ මවගේ හඩයි. වසර 30ක පමණ අතීතයට මා ගෙන ගියා වැනි විය. ඒ ළයාන්විත රිද්මය නිසාම මම ඉතා හොදින් ඒ දෙසෙට අවධානය යොමු කලෙමි. ඒ හඬ, වචන දැන් මට පැහැදිලිවම ඇසෙයි. නැළවිලි ගීයක ස්වර රටා ඔස්සේ මැවෙන රමණීය වූ චිත්ත සමාධියකට සම වදිමි. මට පෙරදින දහවල සිහි වේ.
ඒ වූකලී මා විවාහය සදහා නම් ප්‍රසිද්ධ කරනු වස් විවාහ ලේකම් වරයා මුණගැසීමට ගිය අවස්ථාවයි. උපැස් යුවලක් පැළද, තේජාන්විත පෙනුමකින් යුත් විවාහ ලේකම් වරයා අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මා සිටියේ දෙමවුපියන් සමගය. නමුත් මගේ මවගේ හැගුම්බර මුහුණ නිරන්තරයෙන් මා දෙසම යොමුවී තිබු බව මා හොදින් දුටිමි. කරුණු කාරනා එසේ සිදුවිය. යලිත් මා අදාළ කරුණට පැමිණේන්නෙමි.
පෙරදින රාත්‍රියේ නාන කාමරය තුලින් සුන්දර නැළවිලි ගීයක් ගැයෙනු ඇසුනි. ඒ මගේ මවගේ හැඩයි. මේ ගීය තරම් මා කුඩා කල ආදරය කල ගීයක් තවත් නොමැති තරම් විය. කාලයත් සමග මෙම ගීතය මා සිතින්ද අමතක වුවද, බොහෝ මෑතකදී මා මවගෙන් විමසා සිටියේ කුඩා කල මා නැළවීමට ගැයූ ඒ ගීය කුමක්ද කියයි. නමුත් එදින ඇය බොහෝ උත්සහ කලද එය සිහියට නගා ගනු නොහැකි විය.
සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා
සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා
මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ
රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
මෙවන් සිහින් දැකලාදෝ පුතු හිනැහෙන්නේ
දරු සෙනෙහස වූ කලී සම සිඳ, මස සිඳ, නහර සිඳ, ඇට සිඳ ඇට මිදුලු සිඳ මුළු මහත් පංචස්කන්ධයටම කාවදින්නකි. එහි සැබෑ අරුත එදා ගැයුණු ගීත වල පැහැදිලිව දක්නට ලැබුණි. උදාහරණ නම් බොහෝමත්ය. ගීත රචකයා මවන මාතෘත්වය තුළ අතිශයින් අව්‍යාජ බවක් ගැබ් වී පවතී. ඇය තම දරුවා තුලින් දකින්නේ සිදුහත් උත්පත්තිය නොවේද?
මවක් සිය දරුවාට නිර්ලෝභී ව පුද කරන්නේ ජීවිතයයි. ඒ වෙනුවෙන් ඇය ආපසු කිසිවක් බලාපොරොත්තු නොවේ. සැබෑ මාතෘත්වය යනු ගනුදෙනුවක් නොවේ. මාතෘත්වය මා දකින්නේ සැබෑ පරිත්‍යාගයක් ලෙසයි.
ගැහැණියකගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ මවක වීමෙන් පසුයි යන්න සමාජය පිළිගත් සත්‍යක්. එය ඔබද පිලිගන්නවා ඇතැයි මා සිතමි. මා මවටද එය පොදු සත්‍යක් වේ. ඇය පළමු වතාවට මවක කරමින් තමයි මම ඉපදිලා තියෙන්නෙ.. ඊටත් වඩා එදා කුළුදුලේ පිරිමි දරුවෙකු බිහිකිරීම ආඩම්බරයට කරුණක් බව ද මිත්තනියගෙන් මා අසා දැන සිටියෙමි.
එසේම, මා මාගේ අතීත මතකයන් පිලිබදව සමහර අවස්තාවලදී වැඩිහිටියන් පුදුම වනවා මා දැක ඇත. එනම් මා හට වයස අවුරුදු 3 පමණ සිට සිදුවූ බොහෝ දේ තවමත් එලෙසින්ම මා මතකයේ පැවතීමයි. මේ ගීතය සම්බන්දයෙන් අතීතය ආවර්ජනය කරනවා නම් මාව නිදි කරවීම සදහා මවට මේ ගීතය ඇතුළු ඇයටම ආවේනික වූ තෝරගත් ගී කිහිපයක් ගායනා කිරීමට සිදුවීමය. මේ මොහොතේදීත් මා හට එදා ඇගිලි දෙකක් කට තුල දමාගෙන මේ ගීතය ඇසු මා සිහිවේ.
කුඩා මා සිත නිදි ගන්වමින් සැබෑ මාතෘත්වය පරිත්‍යාගය කරමින් ඈ ගැයූ නැලවිලි ගීය, වසර තිහකට පසුව මෙදිනම ඇයගේ මතකයට පැමිණියේ කෙසේද? එය එසේ වුයේ ඇයි? කුඩා ළදරුවෙක්ව සිටියදී මවගේ හඩින් මා නිදි ගැන්වූ, මා අතිශයින් ආදරය කල ඒ ගීතය මෙවන් වූ දිනක මවගෙන් යලි ශ්‍රවනය වීමීදී මා තුල කුමන ආකාරයේ හැගීමක් ඇතිවන්නට ඇත්ද? එය තීරණය ඔබට භාර කරමින් අවසන් වශයෙන් මෙසේ සටහනක් තබමි.
කුඩා මා සිත නිදි ගන්වමින් සැබෑ මාතෘත්වය පරිත්‍යාගය කරමින් ඈ ගැයූ මෙම නැලවිලි ගීය ගැන ඉතාම කෙටියෙන් කළ මේ සටහන, මේ මොහොතේ මගේ සිතේ මා මව වෙනුවෙන් ඉපදුනු, කිසිදා ගෙවා නිමකළ නොහැකි ඒ හද පිරි කෘතවේදීත්වය සමගින් ඇයට පුදකරමි!![]()
![]()
ගීතය ගයන්නේ: ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මිය
පද රචනය: ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහත්මානන්
..lassanai bro 

ගොඩාක් ස්තුතියි. ඒ වගේම හිතාගන්න පුළුවන් මේ අවස්ථාවේ ඔබට දැනුන ඒ හැගීම ගැන. ඒ දේ වඩ වඩාත් දැනෙන්නේ විදේශයක ජීවත් වෙනකොට. No Worries...හැමදේම හොදින් සිදුවෙයි!ammawa matak una![]()

ගොඩාක් ස්තුතියි. ඒ වගේම හිතාගන්න පුළුවන් මේ අවස්ථාවේ ඔබට දැනුන ඒ හැගීම ගැන. ඒ දේ වඩ වඩාත් දැනෙන්නේ විදේශයක ජීවත් වෙනකොට. No Worries...හැමදේම හොදින් සිදුවෙයි!![]()

ammawa matak una..lassanai bro
sthutie weda atharathure mewani deyak liweema ...![]()
හිතවත් සොයුරියනි...
[FONT="]
[/FONT] [FONT="]මේ හුයට සම්බන්ධ වන, පෙදෙහි රස හව් විදින එළකිරියේ සුධීන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඔබ යම් විචාරයකට ප්‍රතිචාර දැක්විමේ දී කරුණාකර මුලු විචාරය ම නැවත උපුටා දැක්විමෙන් වළකින ලෙස ඉතාමත් බැහැපත් ව ඉල්ලා සිටිමු. ඒ පෙර මෙන් ම මේ හුය ද, අතිශයින් ම දිගු විමද, විඩාබර තත්ත්වයකට ඒමද වැලැක්විමටයි.[/FONT]
වර්තමානයේ විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ නැතැයි කීමෙට තරම් මා ආත්මාර්ථකාමී නොවෙමි. නමුත් මිනිසුන් විවිධාකාරය. එසේම මිනිසුන් මිනිසුන් තුල ඇති මානව හැඟීම් අතිශයින් සංකීර්ණ ය. ඒවා ස්පර්ශ කිරීමට අතිශයින් සංවේදී බවත්, භාෂා ඥානය හා ප්‍රතිභාවත්, සතතාභ්‍යාසයත් අත්‍යාවශ්‍ය ය.
ලබාදුන් ප්‍රතිචාරය මහත් සේ අගය කරමි.සහෝ, ඇත්තෙන්ම සුපිරිය..... හදවතටම දැනුන විචාරයකි.... ++

විශිෂ්ටයි......වර්තමානයේ විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ නැතැයි කීමෙට තරම් මා ආත්මාර්ථකාමී නොවෙමි..........

හිතවත් සොයුරියනි...
හුයේ ආරම්භයේ ඇති ලෙසට ම මුළු පළකෙරුමම නැවත උපුටා නොදක්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ඔයා ගොඩාක් ලස්සනට ආදරය කරන්න දන්න, ආදරය කරන්න පුලුවන් කෙනෙක් කියලා මම දන්නවා. ආදරේට ආදරේ කරන ඔයා වගේ අය හරිම අඩුයි.ඔයා ආදරේ කරද්දී ඔයාගෙම ගති ගුණ ඔයා තවත් කෙනෙක්ගෙන් හොයන්නේ හරිම කැමැත්තෙන්. ඒක හරිම ලස්සන ආසාවක්. ඔයාගේ ආදර වන්තයා, සැමියා ඔයා වගේම හිතනවා නම් පතනවා නම්, ඔයාගේ ගති ගුණ එයා තුල තියෙනවා නම්.. ඔයාට ඒ දෙයට වඩා සම්පතක් නැහැ කියලා මම දන්නවා.

පුංචි උදාහරණයක් කියන්නද., රෑට අහසේ පායන හඳ විලක සීතලම සීතල වතුර මතින් එයාගෙම සේයාව හොයනවා වගේ තමයි ඔයත්. හඳ දන්නවා විලේ ඉන්නේ එයාම නෙවෙයි කියලා. එයාගෙම සේයාව කියලා.. හැබැයි හඳ ආසයි එයාගේ රුපේ විලේ තියෙන සේයාව තුලින් දකින්න.
සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී.. මගේ නෙතද සදා..
සොයයි සේයාව මගේ….