හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලාංකීය ජන සමාජයේ බොහොම හුරු පුරුදු නෑන මස්සිනා ආදර කථාවකට මුල පුරන්නයි හදන්නේ. (577 ඉල්ලීමක් දුටුව නිසා සහ කව්රුත් තවම ප්‍රතිචාර නැති නිසා. කුස පබාවතී ජාතක කථාවේ කථාවම තමයි මචන් :) )

    එහෙනම් මුල් ලියුම්කරුවන්ගෙන් සහ එළකිරි වාසීන්ගෙන් අවසරයි..... :yes::yes::yes:

    මේ සින්දුව බැලු බැල්මට නෑන මස්සිනා කතාවක් කියලා තේරෙනවා
    ඒත් සුන්දර ආදර කතාවක් නෙමෙයි......
    එහෙනම් මොකද්ද මේකේ ඇතුලේ තියෙන සිද්දිය ????

    සුදු නැන්ද ඇයි මම එනවා දැකලා දොර වැහුවේ ?
    කවදාවත් නැතුව මාමණ්ඩි මග ඇරලා ගියේ ඇයි ?
    කෙල්ල ගෙයි ඉඳන් අඬනවා ඇහෙන්නේ ඇයි ??

    සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
    මාමණ්ඩි මට ඇයි මගහැරියේ
    හීන් හඬට ඉකිබිඳුම් ඇහෙන්නේ
    හීන් නගා ඇයි ගෙයි මුල්ලේ.....

    නෑන මස්සිනා ආදරය දළුලාගෙන එනවා...
    මස්සිනා නගරෙට යනවා රැකියාවකට
    ආදයමක් අතට අරගෙන නෑනව සහේට ගන්න හිතාගෙන.

    නැන්ද මාම උනත් කැමැත්ත දීලයි තියෙන්නේ,
    දැන් ගෙයක් දොරක් හදාගෙන මගුල ගන්නයි තියෙන්නේ.
    හැමදාම නගරේ ඉඳන් ඇවිත් ඉස්සෙල්ලම කරන්නේ හීන් නගා බලන්න එන එක.
    ඒ එනකොට මොනවම හරි අරන් එනවාමයි.

    නැන්ද මාම මම එනකම් බලන් ඉන්නවා විස්තර දැනගන්න....
    දුවගේ අනාගතේ ගැන කථාබහ කරගන්න
    වෙනදා මම ආව කියල දැනගත්තම ගෙදරට එනකම් මිදුලේ කඩුල්ල ලඟට වෙලා බලාගෙන ඉන්න හීන් නගා.....

    අද මොකද ගෙයි ඉඳන් අඬනවා ඇහෙන්නේ ?
    ඇයි කඩුල්ල වහල දාල ?
    ගෙදර ඉන්න හරකවත් ඇයි මගේ ගැන තැකීමක් කරන්නේ නැත්තේ....???

    වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
    වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
    රිදී පොටක් ‍හංගාගෙන ආවා
    හීන් නගේ නුඹ නැහැ දන්නේ
    හීන් නගේ නුඹ නැහැ දන්නේ

    ගෙයි දෙවනත් වෙන්න අඬලන කුකුළා මොකද ගුලි ගැහිලා කුඩුවට වෙලා නිදි ?
    හෙප්පුවත් කනප්පුවෙන් බිමට වැටිලා, කව්රුවත් අරන් තියලා නැත්තේ ඇයි ?
    පාන් පැලේ තියෙන්නේ පර වුන මල්.. ඇයි මල් ටිකවත් අස් කරලා නැත්තේ ?
    මේ ගෙදර මිනිස්සුන්ට මොකක් වෙලාද ???????

    තටු පොරවාගෙන සැලයා කූඩු වෙලා
    කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
    පාන් පැලට අද පර මල් වැඩලා
    ගලේ විහාරෙත් ගොලු වීලා
    ගලේ විහාරෙත් ගොලු වීලා

    වෙලා තියෙන්නේ මෙන්න මේකයි.

    නෑනා.... ඔව් මස්සිනා නැති අතරේ වෙනත් හාදකමක පැටලිලා
    එකෙන් වෙන්න ඕනේ හරිය කරගෙන, ඒක ගෙදරට ආරංචි වෙලා.
    මේ අව් අස්සෙම දුවගේ අත දෙන්න පොරොන්දු වෙලා හිටපු මනමාලයා, නෑකමට බෑනා නගරේ ඉඳන් ගෙදර එනවා

    කෙල්ල කරගෙන තියෙන වැඩේ හැටියට කොහොමද ඒ ළමයට අර දෙමව්පියෝ මුණ දෙන්නේ ?

    එකයි මාමණ්ඩි මග ඇරලා ගියේ....
    නැන්දා බෑනා ගෙට එන්න කලින් දොර වහලා දැම්මේ...
    ඒ කොල්ලගේ හොඳ කියා කියා දුවට බනිනකොට කරපු මෝඩකම් තේරිලා
    දුව අඬන සද්දේ තමයි බෑනාට ඇහෙන්නේ.

    ඔන්න ඕකයි මේ ගීතයේ කතාවට මුල.

    වැඩි හරියක්ම තියෙන්නේ උපමා රූපක

    ලාංකීය සංස්කෘතියේ කාන්තාවකට තියෙන වැදගත්ම කාරනාව අහිමි වීමෙන් සහ
    ඒ සමගම ලෝකයට, දුව දෙන්න පොරොන්දු වෙලා හිටපු තරුණයට මුහුණ දීමේ
    අපහසුවෙන් පෙලෙන පවුලක් ගැනයි මේ ගීතයෙන් කියන්වෙන්නේ.

    මේ කාරණාව මුළු ගෙදරම ගිලගෙන තියෙන ආකාරයයි උපමා වලින් හැඩ ගන්වලා
    තියෙන්නේ.
    හොඳම උදාහරණය ගෙදරක පහන් පැලට උදේ හවස මල් පුජා කරනවා,
    ඒත් මේ දවසේ තරුණයා එනකොට පහන් පැලේ තියෙන්නේ පරවුන මල්.
    ඒ කියන්නේ ගෙදර මිනිස්සුන්ට බුදුන්ට මලක් පහනක් තියන්න බැරි තරම් බැරෑරුම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
    තරුණයට තියෙන ගැටලුව ඒ මොකද්ද කියලයි ?

    {මේ කථාව මට දැනගන්න ලැබුනේ මම අයියලා වගයක් එක්ක සහභාගී වුන සාදයකදී වෙරි වුන නිතිඥය මහතෙක් ගෙන්. එතුමා කිවේ මේක සත්‍ය කථාවක් ඇසුරෙන් රචනා වුවක් කියලයි.}

    ස්තූතී... පොඩි නිවැරදිකිරීමක්.

    මේ ගීතයේ කොතනකවත් සදහනක් නැහැ තරුනයා ගම දාලා නගරයයට හම්බකරන්න යනවා කියලා.. අනික සැලයා යනු සැලලිහිනියාය.

    අනික මේකෙ ගොඩක් ව්‍යංගාර්ථ තියෙනවා.

    කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා කියන්නේ සුහදව කතාබහ,සතුටු සාමිච්චියේ උන් කාලය ඉවරයි , නැතිනම් මගුල් තුලා ප්‍රතික්ශේපයි කියන එක.

    පාන් පැලට අද පර මල් වැඩලා කියන්නේ වෙනදා නොමැති මල් වර්ගයක් (ආගන්තුක) පැමින ඇති වග මිස මල් පරවී ඇතිවග නොවෙයි.
    :yes:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    බොහොම ස්තුතියි...
    මම මේ කිවේ මට මේක කියපු පුද්ගලයාගේ පුද්ගලික අත්දැකීමක් විස්තර කරපු විදිය. (එකේදී තරුණයා ගමෙන් නගරයට යනවා :)
    ගීතයේ අර්ථයට හානියක් උනානම් සමාවෙන්න කියලා ඉල්ලනවා :( )

    ව්‍යන්ගාර්ථයක් තේරුම් ගන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා
    ඒක තමයි අපේ සිංහල භාෂාවේ තියෙන ලස්සනම දේ.
    මම මේ කිවේ ඉතාම සරල පැහැදිලි කිරීමක්.

    මේකේ තියෙන හැම දෙයක්ම පැහැදිලි කරන්න ගියොත් වෙනම නුලක් දන්නා වෙයි.
    මොකද එක දෙයක් කිහිප ආකාරයකටම පැහැදිලි කරන්න පුළුවන් නිසා.

    ඔබතුමාගේ අදහස මේ සමග එකතු උනානම් වැඩි පැහැදිලි වීමක් සිද්දවෙනවා
    බොහොම ස්තුති...:cool::cool::cool:
     
    Elazz :cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ස්තූතී... පොඩි නිවැරදිකිරීමක්.

    මේ ගීතයේ කොතනකවත් සදහනක් නැහැ තරුනයා ගම දාලා නගරයයට හම්බකරන්න යනවා කියලා.. අනික සැලයා යනු සැලලිහිනියාය.

    මෙතනදි සැවුල කියන්නෙ කුකුලට කියලයි මට තේරෙන්නෙ මචං.... :yes::yes:
    උදාහාරණ....
    පිනිබර යාමේ සැවුලන් අඬලනවා
    අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා

    උදේ පාන්දර කුකුල්ලුනේ බං අඩලන්නෙ... සැලලිහිණියෙක් කොහෙද?:confused:
    සමාවෙන්න මම වැරදිනම් මගේ අදහස කීවෙ මචං;);)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මෙතනදි සැවුල කියන්නෙ කුකුලට කියලයි මට තේරෙන්නෙ මචං.... :yes::yes:
    උදාහාරණ....
    පිනිබර යාමේ සැවුලන් අඬලනවා
    අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා

    උදේ පාන්දර කුකුල්ලුනේ බං අඩලන්නෙ... සැලලිහිණියෙක් කොහෙද?:confused:
    සමාවෙන්න මම වැරදිනම් මගේ අදහස කීවෙ මචං;);)

    සස්ලිත් ඔයා.... ????

    කොහෙද දෙයියෝ ඉන්නේ ?
    එන්නකෝ සිංදුවක් දෙකක් අපිට කියලා දෙන්න කිම්බුලාත් එක්ක
    ඔයාල දෙන්නගෙ ත්‍රෙඩ් දෙකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත
    ගොඩක් පින් ඒ වැඩ වලටනම් :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිත් ඔයා.... ????

    කොහෙද දෙයියෝ ඉන්නේ ?
    එන්නකෝ සිංදුවක් දෙකක් අපිට කියලා දෙන්න කිම්බුලාත් එක්ක
    ඔයාල දෙන්නගෙ ත්‍රෙඩ් දෙකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත
    ගොඩක් පින් ඒ වැඩ වලටනම් :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:

    ;);)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙතනදි සැවුල කියන්නෙ කුකුලට කියලයි මට තේරෙන්නෙ මචං.... :yes::yes:
    උදාහාරණ....
    පිනිබර යාමේ සැවුලන් අඬලනවා
    අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා

    උදේ පාන්දර කුකුල්ලුනේ බං අඩලන්නෙ... සැලලිහිණියෙක් කොහෙද?:confused:
    සමාවෙන්න මම වැරදිනම් මගේ අදහස කීවෙ මචං;);)

    උයා කියන එකත් ඇත්තක් වෙන්න ඇති. එත් මේකේ ව්‍යන්ගාර්ත් තියෙන නිසා මම හිතුවේ කුකුලා නෙමෙයි සැලලිහිනියා මේකට සම්බන්ද ඇති කියලා.

    සැලළිහිණි සාත්තරය

    සැලළිහිණියා, ඇසලයා, සැලයා යන නමින් හඳුන්වන මෙම පක්ෂියා කළු සහ කහ පැහැය ගනී. හොටය සහ හිස දෙපස තද කහ වර්ණය වන අතර ශරීරයේ වැඩි කොටසක් කළු පැහැති වෙයි. ජුනි, ජූලි මාසවලදී බහුලව දැකිය හැකි සැලළිහිණියා ජූලි මාසයේ දී ඇසළ පොහොය උදාවන බැවින් ඇතැමුන් ඇසළයා ලෙසද හඳුන්වයි.

    ඉතා මිහිරි හඬකින් නද දෙන සැලළිහිණියා සම දේශගුණයට ඇලුම් කරයි. අෑත අතීතයේ පණිවුඩ හුවමාරුවට මෙම පක්ෂියා ප්‍රධාන කොට ගත්තේද සුබ පක්ෂියකු සහ හඬෙහි මිහිරි බව නිසා වාසනාව ලබාදෙන බැවිනි.

    • ඇසළ පොහොයට පෙර පුර කාලයේ උදය වරුවක කැලයක දුටුවේ නම් හෝ හඬනවා දුටුවේ නම් එතැන් පටන් ග්‍රහ අපල දුරු වෙයි.
    • සැලළිහිණියකු තම නිවෙස ඉදිරිපිට ඇති පැඟිරි ගසක සිට නාද කරයි නම් නිවෙසේ අයකු තරගයකින් හෝ විභාගයකින් ජය ලබයි.
    • සැලළිහිණියකු ඉදුණු පලතුරු කනවා දකී නම් ප්‍රියසාදයකට සහභාගි වීමට ලැබෙන අතර එහිදී අලුත් මිතුරකු මුණ ගැසේ.
    • සැලළිහිණියකු නිවෙසේ වහලයේ කූඩු සාදයි නම් වාසය කරයි නම් එම නිවෙසට ධන සම්පත ගලා එයි. සොර සතුරන්ගෙන් හානි අපල නැත.
    • තම නිවෙසේ ළිඳකින් හෝ භාජනයකින් සැලළිහිණියකු වතුර බොයි නම් නිවෙසේ අය අතර සමඟිය උදාවෙයි.

    • ගමනක් යෑමට නිවෙසින් බසින විට සැලයකු කෑගසයි නම් එය යන ගමනින් බලාපොරොත්තු ඉටු වෙයි.
    • සැලළිහිණියකු තම නිවෙසින් නිතර පැමිණ කෑම කයි නම් එම භූමියේ තිබෙන තදබල අමනුෂ්‍ය දෝෂ අඩුවෙයි.
    • තම භූමියේ ගසක සැලයකු සිටී නම් එම භූමිය නිරවුල් භූමියක් වෙයි.
    • ගල් පර්වතයක් මත උදේවරුවක සැලයකු හඬනු දුටුවේ නම් තමාට පැමිණෙන නින්දා අපහාස අඩුවෙයි.
    • නිවෙසේ වහල මත වර්ෂාවකට තෙමෙමින් සැලයකු හඬයි නම් එම පවුලට, නිවෙසට අලුත් සාමාජිකයකු එකතු වෙයි.

    http://www.mawbima.lk/84-83985-news-detail.html
     
    :D:D:yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මෙතනදි සැවුල කියන්නෙ කුකුලට කියලයි මට තේරෙන්නෙ මචං.... :yes::yes:
    උදාහාරණ....
    පිනිබර යාමේ සැවුලන් අඬලනවා
    අම්මා වටකර ලිප ගිනි නැළවෙනවා

    උදේ පාන්දර කුකුල්ලුනේ බං අඩලන්නෙ... සැලලිහිණියෙක් කොහෙද?:confused:
    සමාවෙන්න මම වැරදිනම් මගේ අදහස කීවෙ මචං;);)

    සැවුලා - කුකුලා
    සැලයා - සැලලිහිනියා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සැවුලා - කුකුලා
    සැලයා - සැලලිහිනියා

    :cool:

    Ah සැවුලා kohomada? kaalekin dakke... dan ithin apiwa mataka nehane... පහත් තැනින් යයි ගලා ජලේ කියන්නේ ඕකට තමා... :P:P;)
     
    lakayesh

    Member
    May 20, 2009
    7
    1
    0
    අන්තිම පිටුවට ආවා එහෙනම්...මාසයක් විතර නූල් 2ම කියෙව්වා......අනර්ගයි....අති විශිෂ්ටයි...........කියවනකොට ඇස වලට කදුළු ආපු වෙලාවල් අනන්තයි......මේක දිගටම කරගෙන යමු....
    satalit ,dath kibuka & others ..............
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අන්තිම පිටුවට ආවා එහෙනම්...මාසයක් විතර නූල් 2ම කියෙව්වා......අනර්ගයි....අති විශිෂ්ටයි...........කියවනකොට ඇස වලට කදුළු ආපු වෙලාවල් අනන්තයි......මේක දිගටම කරගෙන යමු....
    satalit ,dath kibuka & others ..............

    :angry::angry::angry:sasliit:angry::angry::angry::angry:
    :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ