කියන්නේ මතකයන් ගොඩක් වගේ.
කැම්පස් එකේ පළවෙනි වසර ඉවර වෙලා විශාඛා ගේ යාළුවෝ ටිකයි මගේ යාළුවෝ ටිකයි හන්තානේ නගින්න ගියා. උදේ එකොළහට පටන් ගත්තට ගොඩක් අය වගේ අපිත් අතරමං උනා.
හරියට කෑමකුත් නැතුව වතුරත් නැතුව මුදුනට අපි එනකොට වෙලාව රෑ 8 යි. ටික වෙලාවකින් විශාඛාට සිහිය නැති උනා. මුදුනේ ඉඳං පාර හොයන් එයාව කරේ තියා ගෙනම පහළට එනකොට රෑ 10 ත් පහු වෙලා. යන්තම් පහළදී වතුර පොවන කම් එයාට සිහිය නෑ.
එදා රෑ අපි නුවර ස්ටේෂන් එකේ බිම බුදිය ගත්තා. පාන්දර තිබුණ කෝච්චියේ නැගලා කොළඹ බෝඩිමට එනකොට එළිවෙලා. එතකොට අපි යාළු වෙලා හිටියෙත් නෑ. හැබැයි ලං වුනා.
පසුගිය දා ආයේ පේරාදෙණියේ ගියේ මැච් එකක් ගහන්න. හන්තාන පාමුලට වෙලා පරණ මතකයන් මතක් කරන එකේ ආශ්වාදය වෙනම එකක්. ජීවිතේ සතුටු වෙන්න නම් මතකයන් වැඩිපුර නිර්මාණය කර ගන්න ඕනේ කියලා දැන් තේරෙනවා. ඒ නිසා අපි වැඩිපුර සුන්දර මතකයන් නිර්මාණය කරමු.
පැතුම්
#පැතුම්ගේ_කතාව