හන්තානේදී විශාකා එක්ක අතරමං ඌ පැතුම් #පැතුම්ගේ_කතාව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කියන්නේ මතකයන් ගොඩක් වගේ.

    කැම්පස් එකේ පළවෙනි වසර ඉවර වෙලා විශාඛා ගේ යාළුවෝ ටිකයි මගේ යාළුවෝ ටිකයි හන්තානේ නගින්න ගියා. උදේ එකොළහට පටන් ගත්තට ගොඩක් අය වගේ අපිත් අතරමං උනා.

    හරියට කෑමකුත් නැතුව වතුරත් නැතුව මුදුනට අපි එනකොට වෙලාව රෑ 8 යි. ටික වෙලාවකින් විශාඛාට සිහිය නැති උනා. මුදුනේ ඉඳං පාර හොයන් එයාව කරේ තියා ගෙනම පහළට එනකොට රෑ 10 ත් පහු වෙලා. යන්තම් පහළදී වතුර පොවන කම් එයාට සිහිය නෑ.

    එදා රෑ අපි නුවර ස්ටේෂන් එකේ බිම බුදිය ගත්තා. පාන්දර තිබුණ කෝච්චියේ නැගලා කොළඹ බෝඩිමට එනකොට එළිවෙලා. එතකොට අපි යාළු වෙලා හිටියෙත් නෑ. හැබැයි ලං වුනා.

    පසුගිය දා ආයේ පේරාදෙණියේ ගියේ මැච් එකක් ගහන්න. හන්තාන පාමුලට වෙලා පරණ මතකයන් මතක් කරන එකේ ආශ්වාදය වෙනම එකක්. ජීවිතේ සතුටු වෙන්න නම් මතකයන් වැඩිපුර නිර්මාණය කර ගන්න ඕනේ කියලා දැන් තේරෙනවා. ඒ නිසා අපි වැඩිපුර සුන්දර මතකයන් නිර්මාණය කරමු.

    පැතුම්
    #පැතුම්ගේ_කතාව
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    වෙලාවට විශාකා පොන්නයෙක් එක්ක තනි වුනේ.
    බැජ් එකේ එවුනුත් බය වුනේ නැතුව ඇති විශාකා ඉන්නේ පැතුම් එක්ක කියලා දැනගත්තම.
    ලං වුනා කිව්වට ලං වෙලා කටේ ගද බැලුවද දන්නේ නෑ
    වෙන දෙයක් කරගන්න බෑනේ.

    🫠
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මූ දැන් වැල කතා ලියන ගානටම බැහැලද.. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න කියපාන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    එතකොට අපි යාළු වෙලා හිටියෙත් නෑ. හැබැයි ලං වුනා.
    හන්තාන පාමුලට වෙලා පරණ මතකයන් මතක් කරන එකේ ආශ්වාදය වෙනම එකක්

    දිගමට ලියන්න. ඔයාට හොදට ලියන්න පුළුවන් මචන් :P:P

    මල් ගොමු ගානේ රොන් යායේ, ගින්දර තාලේ උණුසුම් කාලේ
    නිම් නාදේ දෙකොපුල් මාගේ හිරිවැටුනා !!!!