හන්තාන සිහිනේ.................

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :) මම නම් මේ සංගීතය ගැන යමක් ඉගෙන ගන්න පලවෙනි වතාව මල්ලි. ඒ නිසා ටිකක් අමාරුයි. OL කාලෙදිත් කරේ චිත්‍ර.

    masayak withara gahaddi pitch change wena ewa ehema oluwata wadunama hari
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මේකේ සම්පුර්ණ තේරුම දන්නා කෙනෙක් කියනකො
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අමරදේව මාස්ටර් ගේ අතේ තියන වාද භාන්ඩය ගැන විස්තර දන්නවද?

    ඒක අමරදේව මාස්ටර් විසින් තමාටම ඩිසයින් කරගත්තු එකක්:baffled:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඒක අමරදේව මාස්ටර් විසින් තමාටම ඩිසයින් කරගත්තු එකක්:baffled:

    එහෙම තමා මාත් අහලා තියෙන්නේ, එහෙම හදාගත්ත එවා අනික් තත් භණ්ඩවගේ ලේසියෙන් ප්ලේ කරන්න බැහැ, ඒකයි ඒවා ජනප්‍රිය වෙන්නේ නැත්තේ.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මං දන්නා විදියට මෙහෙමයි....

    මේක සම්බන්ද පේරාදෙණිය කැම්පස් එකට....
    හන්තාන සිහිනේ...


    ඔකේ කෙල්ලෙක් තමන්ගේ ලේක්ච්ර්ට ආදරේ කරනවා...
    බලා වැළපෙමි නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ....

    ඌත් එක දන්නවා...
    දරා නෙත් අග දොවා සිත් මල්
    ගොතනු මැන ළඳුනේ....
    සංසාර සිහිනේ...

    කෙල්ල උගේ තුරුලට එන්න අහනවා ...
    වැහි පබළු යට රඟමඬල මැද
    ඔබේ දෑතේ තුරුලු වන්නට

    නමුත්
    ලෙක්චරර් ඉන්නේ උගේ wife මැරිච්ච දුකෙන්...
    එනිසා කෙල්ලට කැමතිවෙන්නත් බෑ එන්න එපා කියනවා ...
    බිසෝ හැර ගිය ළසෝ රඟහල
    අමාවක අඳුරේ.....
    නොයනු මැන ළඳුනේ...

    කෙල්ල යන්නෙත් නෑ ,
    වඩින තුරු සඳ දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්

    මූ යන්න කියන්නෙත් නෑ ...
    පේන දුරින් ඉන්න කියනවා කවදාහරි එන්නං කියලා ...
    සොඳුරු ඒ සද දියේ එන්නම්
    ඉඳිනු මැන සොඳුරේ
    හන්තාන අරණේ...


    :):):):)
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ

    මා විසින් මෙවර රසවින්දනය කිරීම සඳහා තෝරාගනු ලැබුවේ මෑත කාලයේදී අසන්නට ලැබුනු සොඳුරු ගීතයකි.මෙය සරසවි ඇදුරුවරයෙකු හා සරසවි ශිෂ්‍යයාවක අතර හටගන්නා ප්‍රේමයක් රූපණය කෙරෙන ගී නිර්මාණයකි.

    මේ ගීතය හා බැඳුණු සුවිශේෂී බවක් ඇත. ඒ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි.එසේම මෙම ගීතයේ ඇති නිර්මාණ ගුණයට අමතරව මා මෙම ගීතයට ඇලුම් කිරීමට තවත් හේතුවක් ඇත.ඒ මා අධ්‍යාපනය ලබමින් සිටින පේරාදෙණි සරසවිය පසුබිම් කරගත් ගීතයක් වීමයි.

    හන්තාන යනු ප්‍රේමයට පාරදීසයක් බඳු ස්ථානයකි.එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි.සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි.එසේම හන්තාන ගීත රචකයන්ට තම නිර්මාණ උදෙසා වස්තු බීජ සපයන කදිම ස්ථානයකි.

    මෙම ගීතය අපූර්ව ගුරු සිසු පෙමක් ගැන කියන්නකි..මෙය තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන කතාබහක් මෙන් දිග හැරේ.නෙලාගන්නට බැරි හන්තාන පිළිබඳ පෙම් සිහිනය දෙස බලමින් වැළපෙන බව පෙම්වතිය කියයි.එම පෙම් සිහිනය ගොතා දෙන මෙන් පෙම්වතා පෙම්වතියට ආයාචනා කරයි.

    එළමහන් රඟමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුළු වී ඉන්නට ඈ පතයි.තමාගේ හදවත ශෝකයෙන් පවතින බව ඔහු කියයි.ඒ තම බිරිඳගේ වියෝව හේතුවෙනි.අමාවක අඳුර ඔහු තුළ හටගෙන ඇති ශෝකයේ පුභලත්වය සංකේතවත් කරයි.එහෙයින් තම හතවතට නොඑව ලෙස ඔහු ඇයට කියයි.

    කෙසේ වෙතත් මෙම ප්‍රේම සංවාදය අවසානයේ හන්තාව අරණේ සිටින්නට යැයි පෙම්වතා පෙම්වතියගෙන් ඉල්ලා සිටී.

    මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයකු වන ජානක සිරිවර්ධනයන්ය.නාද රටා අරුණ ගුණවර්ධනයන්ගෙන්ය.කලකට පසුව සිංහල ගීත සාහිත්‍යයට සාහිත්‍යයට එක් වූ අපූර්වතම ගීතයක් ලෙසින් පෙන්වා දිය හැකිය.

    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ

    වැහි පබළු යට
    රගමඩල මැත
    ඔබේ... දෑතේ
    තුරුළු වෙන්නට

    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ

    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම්
    ගී අහන්නම්

    සොදුරු ඒ සද
    දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ

    කුමාර.එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)


    මේක වෙන්න ඇති ගොඩක්ම ගීතයට සමීප අර්ථය..ගත්තේ මෙතනින්

    https://www.youtube.com/watch?v=W0BUz2eHfmI
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මං දන්නා විදියට මෙහෙමයි....

    මේක සම්බන්ද පේරාදෙණිය කැම්පස් එකට....
    හන්තාන සිහිනේ...


    ඔකේ කෙල්ලෙක් තමන්ගේ ලේක්ච්ර්ට ආදරේ කරනවා...
    බලා වැළපෙමි නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ....

    ඌත් එක දන්නවා...
    දරා නෙත් අග දොවා සිත් මල්
    ගොතනු මැන ළඳුනේ....
    සංසාර සිහිනේ...

    කෙල්ල උගේ තුරුලට එන්න අහනවා ...
    වැහි පබළු යට රඟමඬල මැද
    ඔබේ දෑතේ තුරුලු වන්නට

    නමුත්
    ලෙක්චරර් ඉන්නේ උගේ wife මැරිච්ච දුකෙන්...
    එනිසා කෙල්ලට කැමතිවෙන්නත් බෑ එන්න එපා කියනවා ...
    බිසෝ හැර ගිය ළසෝ රඟහල
    අමාවක අඳුරේ.....
    නොයනු මැන ළඳුනේ...

    කෙල්ල යන්නෙත් නෑ ,
    වඩින තුරු සඳ දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්

    මූ යන්න කියන්නෙත් නෑ ...
    පේන දුරින් ඉන්න කියනවා කවදාහරි එන්නං කියලා ...
    සොඳුරු ඒ සද දියේ එන්නම්
    ඉඳිනු මැන සොඳුරේ
    හන්තාන අරණේ...


    :):):):)

    :yes::yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අමරදේව මාස්ටර්ගේ මේ සින්දුවත් පට්ට බං.



    පට්ට බං
    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක අමරදේව මාස්ටර් විසින් තමාටම ඩිසයින් කරගත්තු එකක්:baffled:

    sangitha banda 2 ekathu karalada koheda hadal tiyenne

    එහෙම තමා මාත් අහලා තියෙන්නේ, එහෙම හදාගත්ත එවා අනික් තත් භණ්ඩවගේ ලේසියෙන් ප්ලේ කරන්න බැහැ, ඒකයි ඒවා ජනප්‍රිය වෙන්නේ නැත්තේ.

    :) ඒක තමයි අමරදේව මාස්ටර් ලග හැර වෙන කොහෙවත් ඔය වගේ එකක් දැකල නැත්තේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද එතුමගේ උපන්දිනේ :) රෑ 8 ට කිඹුලගේ පරණ ෂෝ එකක විශේෂ රිපිට් එකක් යනවා. (අමරදේව මාස්ටර් ගැන කරපු ෂෝ එක.)