හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උප#

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උප#

    හඳුනා නොගත් රෝගයක් නිසා ඔත්පල වූ මවට ඇප උපස්ථාන කරන බෝසත් පුතා

    හඳුනා නොගත් රෝගයකින් ඔත්පලව ලෙඩ ඇඳේ සිටින සිය මවට උපස්ථාන කරන බෝසත් පුතෙකු පිළිබඳව තොරතුරක් බුල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුල්නෑව නව ගම්මානයේ පදිංචි සඳුන් දිසානායක වයස අවුරුදු 22 ක තරුණයකු සිය මවට මෙසේ ඇප උපස්ථාන කරමින්
    ඇයව ජීවත්කරවීම සඳහා දැඩි වෙහෙසක් දරමිනුයි. 52 හැවිරිදි එරන්දි මහත්මිය හඳුනා නොගත් රෝගයකින් ඔත්පළ වී එක්තැන් වී ලෙඩ ඇඳට වී සිටිනවා.ඇයගේ එකම දරුවා වූ සඳුන් දිසානායක සිය මවගේ සියළු
    ඕනෑ එපාකම් ඉටු කරමින් ඇයව නහවා කවා පොවා කැත කුණු අතගා රෙදි සෝදා ලෙඩ ඇඳේ සිටින බවට සියලු උපස්ථාන සිදු කරමින් ඇයව පණ මෙන් බලා කියා ගන්නවා. මීට වසර දෙකකට ඉහතදී සඳුන්ගේ පියා ඩබ්ලිව්.එම් . දිසානායක මහතා හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇත. අසල්වැසියන්ගේ උදව් උපකාරයෙන් දවස සරි කර ගැනීමටත් ට ද අවශ්‍ය වෛද්‍ය උපකාර ලබා දීමටත් සඳුන්ට සිදුව තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් බුදුවීම සඳහා විවරණ ගත් මේ ඉල් පෝය දිනයේ සඳුන් වැනි බෝසත් පුතෙකු පිළිබඳව ලැබුණු තොරතුරු
    සොයා අප වාර්තාකරු කාංචන එම නිවෙසට ගොස් තොරතරු විමසා සිටියා. උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබූ සඳුන් රැකියාවක් කිරීමට අවස්ථාවක් නොමැති වී ඇත්තේ සිය මවට උවටැන් කිරීම නිසාවෙනුයි. සඳුන්ගේ මවට අස්ථි දිරායාමේ රෝගයක් වැළදී මේ වන විට කොඳුඇට පෙළ අස්ථි බිඳී ගොස් ඇත. එක අතක අස්ථි සම්පූර්ණයෙන් ම බිඳී ගොස් ඇති බව සඳුන් අප වාර්තාකරු සමඟ පවසා ඇත. ඇය අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබා මේ වනවිට සිය නිවසට වී සිටින අතර අඩුම තරමේ අතපය සෙලවීමටවත් නොහැකිව ඇය හඬා වැටෙමින් සිටින අයුරු එම නිවසට යන කාටත් දැකබලාගැනීමට පුළුවන්. මෙම ආදර්ශමත් තරුණයා සිය මවගේ ආහාර වේල සකසමින් ආහාර කවමින් පමණක් නොව රෙදි තෙමා සිය මව පිරිසිදු කරන ආකාරයත් එමෙන්ම උදේ හවස බුදුරජාණන් වහන්සේට මල් පූජා කරමින් සිය මව
    සුවපත් කර ගැනීමේ ප්රාර්ථනාවද සඳුන් සිදුකරනවා. සඳුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ කිසියම් කෙනෙකු සිටිනම් තම මව සුවපත් කරගැනීම සඳහා උදව් උපකාර කරන ලෙසයි. මව්පියන් වියපත් වී අසනීප වූ විට තැන තැන දමා යන සමාජයක උගත් බුද්ධිමත් තරුණ පුතෙකු සිය මව සමඟ මේ ආකාරයෙන් ජීවත්වීම පිළිබඳව ද සැමට ආදර්ශයක සිය මවට උවටැන් කරන සඳුන්ට ඔබේ සහයෝගය ලබාදීමට පුළුවන්.


    ඔවුන්ගේ ලිපිනය වන්නේ සඳුන් දිසානායක නොම්මර 32 නවගම්මානය බුල්නෑව , සඳුන්ගේ දුරකථන අංකය 0713808958




    https://youtu.be/8ezq1_wRaDI



    18647-bulnewa-sandun-story1832076081.jpg



    Code:
    http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun4.jpg
    Code:
    http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun6.jpg
    Code:
    http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Nov/03/sandun10.jpg
     
    Last edited: