හබරාදුවට_බිකිනි_එපාලු
හබරාදුව පොලිසියේ දැන්වීම-බිකිනි අදින්න එපාලු.
ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස සඳහන් දැන්වීම මතභේදයට
"ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස" හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් ස්ථාපනය කරන ලද දැන්වීම් පුවරුවක සඳහන් වේ.
නාන ඇඳුමකින් සැරසී සිටින විදේශීය කාන්තාවකගේ ඡායාරූපයක් දැන්වීම් පුවරුවේ දැක්වෙන අතර එවැනි ඇඳුම් ඇඟලීම "නුසුදුසු" බව දැක්වීම සඳහා ඒ මත කතිර ලකුණක් යොදා ඇත.
අදාළ පුවරුව දැක්වෙන ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ විශාල වශයෙන් පළ වී තිබෙන අතර වැඩි වශයෙන් අදහස් පළවී ඇත්තේ එකී පියවර විවේචනයට ලක් කරමිනි.
ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල පවතින දැඩි නීති සහ හබරාදූව ප්‍රජා පොලිස් ඒකකයේ ක්‍රියාපිළිවෙත සමාන කරමින් ඇතැමුන් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.
ෆේස්බුක් සමාජ ජාලයේ පළ වී තිබුණු එක් පෝස්ටුවක සඳහන් වී තිබුනේ "සිතියමෙන් දුර වුනාට සෞදි අරාබියට අපි ගොඩාක් ළඟයි" යනුවෙනි.
"වවුලගෙ ගෙදර ආවනම් එල්ලිල හිටු! - ආගමික පොලිසිය, සිලෝන්" යනුවෙන් අදාළ දැන්වීම් පුවරුවේ ඡායාරූපය පළ කළ තවත් අයෙකු සඳහන් කර තිබිණි.
ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හබරාදූව ප්‍රජා පොලිස් ඒකකයේ විසින් ස්ථාපනය කරන ලද දන්වීම් පුවරුව සිය අවධානයට ලක්ව ඇති බව සඳහන් කරයි.
"ශ්‍රී ලංකාවේ දර්ශනීය වෙරළ භුක්ති විඳින සංචාරකයන්ට 'ඇඳුම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියක්' අනවශ්‍ය" බවත් සිය ආයතනය ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බවත් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.
එබැවින් ඒ සම්බන්ධ ඉක්මන් ප්‍රගතියක් බලාපොරොත්තුවන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
BBC Snhala