හබල්_දුරේක්ෂය

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    අභ්‍යාවකාශ නිරීක්ෂණයේදී විශාල සේවයක් මේ දක්වා සිදු සමත්වුනේ හබල් දුරේක්ෂයයි. කොහොමහරි විද්‍යාඥයන් දැන් සැරසෙන්නේ මේ සියල්ලටම වඩා ප්‍රබල විශ්වයම සිසාරා යා හැකි නව දුරේක්ෂයක් නිර්මාණය කිරීමටයි. මේ වන විටත් මෙහි වැඩකටයුතු ආරම්භ කෙරී ඇති අතර 2021 වසරේදී වසර වන විට මෙය පනගැන්වීම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. මෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිමකෙරිමට අපේක්ෂා කෙරෙන්නේ 2024 වසරේදියි. මෙය නිර්මාණය කිරීම සඳහා සමාගම් 11ක් සිය දායකත්වය ලබා දෙනවා. ඒ සමාගම් වන්නේ,
    Observatories of the Carnegie Institution of Washington
    University of Chicago
    Harvard University
    Smithsonian Astrophysical Observatory
    Texas A&M University
    University of Arizona
    University of Texas at Austin
    Australian National University
    Astronomy Australia Limited
    Korea Astronomy and Space Science Institute
    University of São Paulo
    මේ දුරේක්ෂයේ විශාලත්වය වැඩි නිසාම එයට නතු කරගත හැකි ආලෝක කිරණ ප්‍රමාණය ඉතා ඉහලයි. ඒ නිසා විශ්වයේ ඈතින්ම පිහිටන ග්‍රහවස්තු මෙන්ම මිට වසර මිලියන 12කට පමණ පෙර පැවති ග්‍රහවස්තු වල ආලෝක පවා මෙයට ග්‍රහණය කරගත හැකි බවට විද්‍යාඥයන් පවසනවා. ඒ වගේම දැනට හඳුනාගෙන ඇති ග්‍රහලෝක, තාරකා සහ තවත් ග්‍රහ වස්තු බොහොමයක් ඉතා හොඳින් සමීපව නැරඹීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. නව ග්‍රහලෝක සොයාගැනීමට පවා මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් වැය වන බවට ගණන් බලා තිබෙන අතර මෙහි වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට ඩොලර් මිලියන 500ක මුදලක් මේ වන විට ලැබී තිබේ. මෙහි දෘෂ්ටි පෘෂ්ඨය අඩි 80ක් පමණ වනවා. හබල් දුරේක්ෂයේ දෘෂ්ටි පෘෂ්ඨය අඩි 7.8ක් පමණයි. මේ නිසා හබල් දුරේක්ෂයට වඩා දස ගුණයක තීව්‍රතාවයක් සහිත දසුන් නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනවා.
    මේ දුරේක්ෂය මගින් මිනිස් වාසයට සුදුසු පිටසක්වල ග්‍රහලෝක සොයාගැනීමටත් හැකි වන බවට පැවසෙනවා. විශ්වයම මහා පිපිරුමකින් ආරම්භ වුනු බව සලකන විද්‍යාඥයන්ට වසර බිලියන 13.2කට පමණ පෙර සිදු මේ සිදුවීමෙන් නිකුත් වූ ආලෝක කිරණ පවා මේ දුරේක්ෂයට නතු කර ගැනීමට හැකි වනු ඇතැයි මේ ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂක කටයුතු කරන ගඟනගාමි Patrick McCarthy පවසා සිටිනවා. ඒ විශ්වයේ විශාලත්වය නිසාම ආලෝකය එක් තැනක සිට තවත් තැනකට යාමට විශාල කාලයක් ගතවන බැවිනි.
    ගණන් බලා ඇති ආකාරයට විශ්වය වසර බිලියන 13,7ක් පමණ පැරණියි. 2018 වසරේ NASA ආයතනයේ James Webb දුරේක්ශයත් පනගැන්වෙනවා. මේ නව දුරේක්ෂ දෙකේ එකතුවෙන් හබල් දුරේක්ෂය කල කාර්යට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවට තදින්ම විශ්වාස කෙරෙනවා.


    O31b1eS.jpg
     
    • Like
    Reactions: RSmith