මේවා කතා කිරීමෙන් පලක් නොමැත කොලබ හා තදාසන්න පෙදෙස් වල වෙසෙන්නන් හම්බන්තොට දකින්නේ කැලයෙන් වැසි යුතු ප්‍රදේශයක් ලෙසයි. ලංකාවේ පිහිටීම අනුව අපිට මොනවා කරොත් වැදගත්ද කියන එක තේරුම් ගන්න පිරිස් අඩුයි. අනික මහින්ද හම්බන්තොට වීම තවත් මේ දේවල් ගණන් නොගැනීමට හේතුවක්. අතීතය යන්තම් හරි මතක මිනිස්සු දන්නවා ඇති එදා මහවැලිය අසාර්ථකයි කියල කියපු හැටි, ගාමිණී දිසානායකට ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු තියෙනවා මහවැලියෙන් ගහපු සල්ලි වලින් ගත්ත කියල මිනිස්සු කියන්න ගත්තා. ඒ මිනිස්සුම අද මහවැලියේ ප්‍රතිපල බුක්ති විදිනවා මහවැලියේ ගැටළු නැත්තේම නෑනේ නමුත් එකෙන් රටට උන සේවය වැඩියි.
කොහොම උනත් හම්බන්තොට වරාය කියන්නේ මට මතක හැටියට දැනට අවු 40කට වගේ කලින් එන්න තිබ්බ project එකක් විවිද හේතු නිසා පවතී රජයන් පස්සට දාපු වැඩක්, මේ ගැන හොද ලිපියක් ලියල තිබ්බා master divers ආයතනයේ අරියශිල වික්‍රම මහතා පුලුවන්නම් ඒක මෙතන දාන්න.








