හලාල් සම්බන්ධ මගේ මතය.
හලාල් සම්බන්ධ මගේ මතය.
හලාල් යනු ප්‍රමිති සහතිකයක් නොවේ. ඉස්ලාම් ලබ්ධිකයන් හට යම් දෙයක් පරිභෝජනය කිරීමට ආගමික අවහිරතාවයක් හෝ තහනමක් පවතී ද යන්න සදහා වන සළකුණක් පමණි.
එසේ නම්, මේ කියන හලාල් සහතිකය අදාල ඉස්ලාම් ආයතන විසින් ලබා දිය යුත්තේ නොමිලේ ය. ඒ, ඒමගින් සේවය සිදුවන්නේ ඉස්ලාම් ලබ්ධිකයන් හට පමණක් වන බැවිනි. ඒ සදහා මුදල් අය කිරීම, ත්‍රස්තවාදයකට සමානය. මක් නිසා ද යත් හලාල් සහතිකය ලැබීමට වෙනත් කොන්දේසි ද සම්පූර්ණ කළ යුතු නිසාය.
ස්වාභාවික යුක්ති යුක්තය අනුව, හලාල් සහතිකය අවශ්‍ය එකක් නෙවේ. ඒසේ නම් මුදල් ගෙවා එය ගෙන, ඒ බර පාරිභෝගිතයන් පිට පටවනවාට වඩා සුදුසු වන්නේ හලාල් සහතිකය නොගෙන සිටීමය. මේ ආහාරය මුස්ලිම් ලබ්ධිකයන් හට සුදුසු දැයි පරීක්ෂා කර බලා අදාල අය සහතිකය දෙනු ඇත. එසේ නොවේ නම් ඒ ගැන එතරම් එළවිය යුතු නැත. මක්නිසා ද යත් එවන් සහතිකයක් දීම ඔවුන් ගේ යුතුකමක් වන බැවිනි.
මතවාදය ගොඩනැගීම පිණිස අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන්නේ නම්, අදාළ අයට මෙය ප්‍රයෝජනවත් වේ යයි සිතමි............