Rasulullah (Sallallahu Alayhi Wasallam) says: "Trim closely the moustache, and let the beard flow (Grow)."
- Narrated Ibn Umar (R.A.) in Muslim, Hadith no. 498
21-41. (නබි මුහම්මද්ණී එලෙසම) නුඹට පෙර සිටි රසූල්වරුද සමච්චල් කරනු ලැබූහ. නමුත් (එසේ සමච්චල් කළ) ඔවුන් අතුරින් ඔවුන් සමච්චල් කරමින් සිටි දැය(දඬුවම) සමච්චල් කළ අයම වටලා ගත්තේය.
21-45. මම නුඹලාට අවවාද කරනුයේ වහී(හෙළිදරව්ව) මගින් යැයි (නබි මුහම්මද්) කියනු. එහෙත් බිහිරෝ කැදවීම ශ‍්‍රවණය නොකරති. ඔවුනට අවවාද කරනු ලබන කල්හී
21-46. කෙසේ වුවද, නුඹගේ රබ්(පරමාධිපති)ගේ දඬුවමින් ස්වල්පයක් ඔවුනට පැමිණියහොත්, අපේ විනාශයයි, නියතවශයෙන්ම අපි අපරාධකරුවෝ යැයි ඔවූහු කියන්නෝමය.
22-42. (නබි මුහම්මද් ණී) ඔවුන් නුඹ(ගේ දූතමෙහෙවරය) බොරු යැයි සලකන්නේ නම්, ඔවුනට පෙර නූහ්ගේද ආද්ගේද සමූද්ගේද ජනයා, (ඔවූහු) නියතවශයෙන් බොරු යැයි සැලකූහ.
22-43. ඉබ‍්‍රාහීම්ගේ ජනයාද ලූත්ගේ ජනයාද
22-44. මද්යන් වාසීහූද(ඔවුන් බොරුයැයයි සැලකූහ) තවද මූසාද බොරු යැයි සැලකනු ලැබීය. එවිට මම (මෙවැනි) ප‍්‍රතික්ෂේපකයින්ට කාල අවකාශ දුන්නෙමි. පසුව ඔවුන් හසුකර ගත්තෙමි. මාගේ දඬුවම කෙතරම් (බිහිසුණු) වීදැ?(යි නුඹලා දැනගත යුතුය.)
22-45. දුෂ්ටවූ (දෑහි නිරතව සිටි) ජනාවාස කොපමණක් අපි විනාශ කළෙමුද? ඒවා ඒවායේ වහල් මත ඇද හැලිණ. තවද කොපමණක් පාලු ළිංද මහා මාලිගාද (නටඹුන් බවට පත් කරන ලදී)
22-46. ඔවූහූ මහපොළොවෙහි සංචාරය කර නැතිද? එසේ වුවහොත් ඔවුනට එයින් හඟින සිත්වන්නට හෝ එයින් ඇසෙන කන්වන්නට පිළිවන. නියතවශයෙන් ඇස් අඳ වන්නේ නැත. නමුත් ළය තුළ ඇති හදවත්ය අඳ වන්නේ.
22-47. ඔවූහු දඬුවම ඉක්මන් කරන ලෙස නුඹගෙන් ඉල්ලා සිටිති. අල්ලාහ් කිසි විටෙක තමන්ගේ ප‍්‍රතිඥාව (ඉටු කිරිමට) පසුබට නොවන්නේමය. නුඹගේ රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ දවසක්, නුඹලා ගණන් කරන අවුරුදු දහසක් බඳුය.