හම්බ ජනතාවට පමණක් වෙන්වූ සන්නිවේදන ජාලයක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,424
    1
    101,338
    113
    34
    Kalutara
    ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොතෙන් ප්‍රචාරය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාව තුළ මෙතෙක් භාවිත කර නොමැති ඉතා රහසිගත අති ප්‍රබල දුරකතන සන්නිවේදන ජාලයක් නිර්මාණය කර පවත්වාගෙන ගොස් ඇති බවටත්, මෙරට ඇතැම් ප්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලනඥයන් මේ ජාලයට සම්බන්ධ වී සිට ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාට ඊයේ (01) කරුණු වාර්තා කළේය.

    මෙම සන්නිවේදන සේවාව ලබාගත් පුද්ගලයන් අතර, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සිටිත් ද යන්න පිළිබඳව පුළුල් ලෙස විමර්ශනයක් පැවැත්වූ බවත්, ජාලය සමග සම්බන්ධතා පැවැත්වූ ඉහත දේශපාලනඥයන් සම්බන්ධයෙන් එහිදී තොරතුරු අනාවරණය වූ බවත්

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තතාවක් මගින් අධිකරණයට කරුණු වාර්තතා කර ඇත. නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම අති ප්‍රබල සන්නිවේදන ජාලය ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හෝ හසු නොවූ එකක් බවත්, එය එහි ලියාපදිංචි කර හෝ නොමැති එකක් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තතා කර තිබේ.

    මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා භාරයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකතන හා ලැප්ටොප් පරිගණක දත්ත විශ්ලේෂණය කිරීමේදී මොහු අන්තර්ජාලය තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මෙම අති ප්‍රබල සන්නිවේදන ජාලය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර ඇත. මෙම අති ප්‍රබල දුරකතන ජාලය මගින් මෙරට වෙනත් දුරකතන ජාල පද්ධතියකට ලබා ගනු ලබන දුරකතන ඇමතුම්, කුමන හෝ දුරකතන සේවා සැපයුම් ආයතනයකට හෝ කිසිදු ආකාරයකින් තොරතුරු ලබා ගත නොහැකි ආකාරයේ ජාලයක් බවට ද හෙළිවී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

    මෙම අති ප්‍රබල දුරකතන ජාලයෙන් යන සහ එන ඇමතුම්, අපරාධ විමර්ශනයකදී දුරකතන විශ්ලේෂණ වාර්තා සාක්ෂි වශයෙන් ලබා ගැනීමට නොහැකි බව මෙකී සේවාව ලබා ගැනීමේ දී කිසිදු අනන්‍යතාවක් අවශ්‍ය නොවන බවටත් හෙළිවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව, මෙම දුරකතන ජාලය මගින් ඉතා රහසිගත සස්නිවේදන පොකුරු පවත්වාගෙන යා හැකි අතර, සැකකරු විසින් මේ අයුරින් පවත්වාගෙන යනු ලැබූ ජාලයේ ග්‍රාහකයන් 450කට අධික පිරිසක් සේවාව ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්ත කළේය.

    මෙහිදී වඩාත් අවදානම් සහගත තත්වයක් ලෙස පෙන්වාදිය හැක්කේ “මුස්ලිම් ප්‍රජාවගේ රහස් සන්නිවේදන ජාලයක් සඳහා මෙම ක්‍රමය වර්ධනය කිරීම" යනුවෙන් සඳහන් උපදෙස් මාලාවක් සහිත කෙටි පණිවිඩයක් මෙමජාලයෙන් ග්‍රාහකයන් වෙත ලැබීම බවද අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුව සිය බී වාර්තාවෙන් දක්වා ඇත. මෙම සැකකරු ඉහත ජාලය ග්‍රාහකයන් වෙත ලබා දී ඇත්තේ ඩොලර් 100 සිට 500 දක්වා වූ මුදල් අය කර ගැනීමෙන් පසුව බවට විවිධ රටවලට සහ ඇමතුම් ලබාගන්නා කාලය අනුව විවිධ ආකාරයෙන් මුදල් අයකර ගැනීම සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

    මෙම ඇමතුම් ජාලය පදනම් කරගනිමින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සැලසුම් කර ඇතිද යන සම්බන්ධයෙන් මෙන්ම මෙම සැකකරුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7කට ආසන්නෙ මුදලක් සංසරණය වීම පිළිබදව ද විමර්ශන සිදුකරමින් පවතින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. අංක 46, 4/2, පීටර් පටුමග, දෙහිවල ලිපිනයෙහි පදිංචි මොහොමඩි ෆසාල් නිසාර් නමැති මෙම සැකකරු මේ වන විට 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 90ක කාලයක් තම දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ.

    මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 03 (1), ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06 (1) යන පනත්වලින් වරදක් සිදුකර ඇති බැවින් මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 11 වැනිදාය. මෙම සැකකරුට අයත් පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් ඉකුත් 2020 වර්ෂයේදී සංසරණය වී ඇති බවත් අධිකරණ නියෝග මත කැඳවා ඇති ඔහුගේ අනෙක් බැංකු ගිණුම් 6ක විස්තර වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව අධිකරණයට දැනුම් දී ඇත.

    02-02-2021
    --ලංකාදීප--
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,076
    113
    මෙන්න මෙතන...
    ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොතෙන් ප්‍රචාරය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාව තුළ මෙතෙක් භාවිත කර නොමැති ඉතා රහසිගත අති ප්‍රබල දුරකතන සන්නිවේදන ජාලයක් නිර්මාණය කර පවත්වාගෙන ගොස් ඇති බවටත්, මෙරට ඇතැම් ප්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලනඥයන් මේ ජාලයට සම්බන්ධ වී සිට ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාට ඊයේ (01) කරුණු වාර්තා කළේය.

    Hodama tika me tiyenne...hakeem krpu wada tamai mewa..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    තම්බියෝ දැන් මාර ගේම් ගහන්නේ ......... :unsure:
    අර AIRTEL වහපු එකට මේකත් සම්බන්දයිද දන්නේ නෑ. AIRTEL වහනවා කියලා නූලක් දාලා තිබුණා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113
    ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොතෙන් ප්‍රචාරය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාව තුළ මෙතෙක් භාවිත කර නොමැති ඉතා රහසිගත අති ප්‍රබල දුරකතන සන්නිවේදන ජාලයක් නිර්මාණය කර පවත්වාගෙන ගොස් ඇති බවටත්, මෙරට ඇතැම් ප්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලනඥයන් මේ ජාලයට සම්බන්ධ වී සිට ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාට ඊයේ (01) කරුණු වාර්තා කළේය.

    Hodama tika me tiyenne...hakeem krpu wada tamai mewa..
    ඕකත් එක්කම ලෝ කෝලේජ් එකෙන් අවුට් වෙන බැජ් එකක ලෝයර්ස්ලගෙ නම් ටිකත් බැලුවනම් ඇඩෙනව පුතා !
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    පාලමෙන්තුවෙදි: අපිට පාලමෙන්තුවෙ චන්දය දෙනවානම් උබල එක අයෙත් හදා හදලාගනිල්ල. උබලව ශෙප් කරන්නම් කොස්සක් දාල :cool:

    ඊලග චන්දයෙදී:
    මෙ බෙදුම් වාදය, අනතවාදය හිස ඔසවල අම්මෙ තත්තේ.
    අනාගත දරුවන්ට රටක් ඉතුරු කරන්න ඔන.
    අන්න එහෙම නායකයකුට ඔබෙ වටිනා චන්දය දෙන්න.

    ආණ්ඩුව ගත්තම:
    Last week: ඔහුට විරුද්ධව අපිගාව සාක්කි තියෙ.
    This week: ඔහුට විරුද්ධව මොනවත් නෑ, එකයි නිදහස් කරෙ.
    කරෝල ගෙන්න යාපනෙ යනවා ටික කලෙකට

    බය්යොයි, හාමුවයි දෙගොල්ලම ඔකයි කරෙ.
    අපි බයි නායකයන්ට ආදරෙයි, අනිසා වික්ක-හාමුගෙ වැරදි විතරක් හොයනවා බනින්න
    වික්ක-හාමුට අදරෙ නිසා බනින්න හිත දෙන්නෙ නෑ.ඒ නිසා බයි ආණ්ඩුවට වැම වැරැද්දම දානවා :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වට් ද පක් ඉස් දැට්? අපිට බැරිවෙයිද ඕක විකුණල රටේ ණය ගෙවන්න :unsure:
    custom built messenger similar to torrent protocol - 2010 ටත් කලින් ඉඳල තිබ්බ එකක් දැනුයි අහු වෙලා තියෙන්නේ - නෑ අහු වෙලා නෙවෙයි - දැන් තමයි ඕක ප්‍රසිද්ධ කෙරුවේ -
     
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,161
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    custom built messenger similar to torrent protocol - 2010 ටත් කලින් ඉඳල තිබ්බ එකක් දැනුයි අහු වෙලා තියෙන්නේ - නෑ අහු වෙලා නෙවෙයි - දැන් තමයි ඕක ප්‍රසිද්ධ කෙරුවේ -
    එහෙම එකක්නම් ඕනෙ එකෙකුට හදාගන්න පුලුවන්නෙ. එහෙනම් ඒක විකුණල ණය ගෙවන්න බැරිවෙයි 😞
     
    • Sad
    Reactions: Heshan Daminda