සාධාරණ හේතුමත උද්ඝෝෂණ වැඩ වර්ජනය කරනවා වෙනුවට පටු දේශපාලන අරමුණු ඉටු කරගන්න කරන උද්ඝෝෂණ,වැඩ වර්ජන නතර කල යුතුමයි.ආසන්නතම උදාහරණය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහලක වෛද්‍යවරයෙකු ස්ථානමාරුවක් වෙනුවෙන් කරපු උද්ඝෝෂණ....එකෙන් වුනෙත් වෙනදා වගේම අසරණ රෝගීන්ගේ ජිවිත අනතුරට දාපු එක...දැන් තියෙන මීතොටමුල්ල ප්‍රශ්නයේදී වුනත් මුල් කාලයේදී ඔතන කුණු දාන්න පටන්ගන්න කොට කිසි සද්දයක් නෑ ඒත් දැන්.....ඒ වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන්න උද්ඝෝෂණ කරන්න,නඩුදාන්න,මාධ්‍ය සංදර්ශන පවත්වන්න ඒ කාලේ පාලකයෝ වුන ඈයෝ පවා ලැස්තියි....ඒ මොනව වුනත් උද්ඝෝෂණ වැඩවර්ජන රැල්ලෙන් වෙන්නේ අන්ත අසරණ සාමාන්‍ය ජනතාව තවත් දුකට පත් වෙන එකයි...කොහොම නමුත් මේ වගේ තීරණයක් පරක්කු වෙලා හරි ගත්ත එක දුප්පත් මිනිහට සහනයක් වේවි....