Dan terenawa neda ubata Me Po&naya MR ta pu#a didi dagalanna hetuwa. Mu hena moda gonek ban. Deyak kiyawala terum ganna wath molayak nehe. Rassawa nati wela appuchchata kela una nisa. Hamadama thread dagena puke marmite ulaa gannawa ban.

"ඕනෑම කෙනෙකුට දේශපාලන වශයෙන් හෝ ඕනෑම විදිහකට ප්රජාතන්ත්රවාදය තුළ සිටිනා තුරු සතුටින් සිටිය හැකියි. එහෙත් එසේ නොමැතිව අන්තවාදී වෙන්න ගියහොත් රට නොව ඒ අයගේ හිස කඳින් වෙන්විය හැකියි"
යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා තවත් සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් අද සිය ධූරයෙන් විශ්‍රාම ගන්වනු ලබයි
ශොක් එක තාම එකයි ටිකක් අප්සට්![]()
Tikak neme muta hodatama upset. Puke bettak hira wela ree ganna baruwa wage koi weleth berihan denawa appuchchata kela unu dawase idan.
Mu aye 2015 Maha matiwaranen passeth adaagena Thread ekak damaavi hotu peragena. 
ත්‍රෙඩ් එකක් දාල කෝ මේ රනිලගේ ලෝල්ලෝ කියලා ඇහුවම hitback ලා r.pathirana ලා දුවගෙන එන්නේ... පොන්න ඩබල...![]()
අනිවා කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ කියල අහපු ගමන් එන්නෙම ඔය පොන්න ඩබල!!!පොන්න ඩබල...![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1662980අනිවා කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ කියල අහපු ගමන් එන්නෙම ඔය පොන්න ඩබල!!!![]()
![]()
යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා තවත් සේවා දිගුවක් ඉල්ලා තිබියදීත් අද සිය ධූරයෙන් විශ්‍රාම ගන්වනු ලබයි. ඒ සඳහා වූ නිල උත්සවය යුද හමුදා මූලස්ථානයේදී උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවකු වන දයා රත්නායක මහතා පාසල් වියේ විවිධ ක්‍රීඩා ඉසව් රැසකින් ශූරතා දිනූ දක්ෂ ක්‍රීඩකයෙක් ද විය. පසුකලෙක ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති වශයෙන් ද කටයුතු කළේය.
දෙවන ලුතිනන්වරයකු ලෙස 1981 වර්ෂයේ අධිකාරිය ලැබූ අවදියේ සිටම යුද සංග්‍රාමයේ අභීතව නියැළුනු ලුතිනන් ජෙනරාල් දයා රත්නායක නැඟෙනහිර 23 වන පාබල සේනාංකයේ සේනාධිපති ලෙස පත්වීමත් සමඟ කොටි ත්රස්තවාදයේ නැඟෙනහිර බලකොටු සුණු විසුණු කිරීමේ මෙහෙයුම මෙහෙයවමින් මාවිල්ආරු සොරොව්ව නැවත හමුදාව අතට පත් කර ගැනීමේ සිට අවසන් මෙහෙයුම දක්වා පූර්ණ දායකත්වයක් දුන් සටන් බිම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙකි.
මෙහෙයුම් නිමාවීමෙන් අනතුරුව දොළොස්දහසක් වු හිටපු එල්ටීටීඊ සටන්කරුවන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ කාර්යයයේ පුරෝගාමියා වශයෙන් හෙතෙම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස පත්වීම් ලැබීය. සිය විචාර බුද්ධි හැකියාව සහ මානුෂීක ගුණාංග පාදක කොටගෙන පුනරුත්ථාපන ක්ෂේත්රයට නොමැකෙන සේවාවක් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් සලසනු ලැබුවේ යුද්ධ හමුදාව යුද්ධ වාතාවරණයෙන් මිදී සාමය සුරකින හමුදාවක් ලෙස පරිවර්ථනය වීමත් සමඟය.
අධිකාරියට පත්වීමෙන් අනතුරුව හෙතෙම සිය වෘත්තියට අදාළව කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, ඉන්දියාවේ කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ අණ දෙන පාඨමාලා, එක්සත් රාජධානියේ ක්‍රෑන්ෆීල්ඩ් සරසවියේ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව, උසස් ආරක්ෂක ඩිප්ලෝමා පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හොනලුලූහි පිහිටි ආසියා - පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ උසස් සන්නිවේදන නිපුණතා පාඨමාලාව වැනි උපාධි පාඨමාලා රාශියක් හදාරා ඇත. එමෙන්ම හෙතෙම බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, චීනයේ ජාතික ආරක්ෂක සරසවිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆෝර්ට් නැචුකාහි පිහිටි හමුදා බුද්ධි පාසල වැනි ආයතන මගින් උපාධි පාඨමාලා හදාරා ඇත.
එසේම ලුතිනන් ජෙනරාල් දයා රත්නායක වසර ගණනාවක් තිස්සේ යුද්ධයට කැපවී රට වෙනුවෙන් කළ උදාර මෙහෙයට ගෞරව කරනු පිණිස පදක්කම් 20කින් පිදුම් ලබා තිබේ. ඒ අතරින් වීරවික්රම විභූෂණ, රණ වික්‍රම, රණශූර උත්තම සේවා සහ දේශපුත්ර පදක්කම් සුවිශේෂී වෙයි. යුද්ධයේ දරුණුම වකවානුවකදී ලුතිනන් ජෙනරාල් රත්නායක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.
දයා රත්නායක මහතා මෑතකදී වඩාත් ජනප්‍රිය වූයේ "ඕනෑම කෙනෙකුට දේශපාලන වශයෙන් හෝ ඕනෑම විදිහකට ප්රජාතන්ත්රවාදය තුළ සිටිනා තුරු සතුටින් සිටිය හැකියි. එහෙත් එසේ නොමැතිව අන්තවාදී වෙන්න ගියහොත් රට නොව ඒ අයගේ හිස කඳින් වෙන්විය හැකියි" යන අභීත ප්‍රකාශයත් සමගයි.