හමුවූ මිනිස් ඇඳුම් බෝම්බය
කතරගම විශ්‍රාම ශාලාවක බෝම්බ ඇඳුම් කට්‌ටලයක් - බඩු ගබඩාවේ රෙදි සෝදන යන්ත්‍රයක සඟවලා
හේමන්ත රන්දුණු සහ කේ.ඩී. දේවප්‍රිය
කතරගම නගරයේ මුස්‌ලිම් විශ්‍රාම ශාලාවේ බඩු ගබඩාවේ රෙදි සෝදන යන්ත්‍රයක සඟවා තිබූ අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක් කතරගම පොලිsසිය මගින් ඊයේ (31 වැනිදා) උදේ සොයාගෙන ඇත.
මෙම විශ්‍රාම ශාලාවේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණි පිරිසක් මුලින්ම මෙම බෝම්බ ඇඳුම් කට්‌ටලය දැක ඇති අතර ඔවුන් ඒ බව මාර්ග සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට දැනුම් දී තිබේ.
ඒ අනුව විශ්‍රාම ශාලාව වෙත පැමිණි කතරගම පොලිසියේ නිලධාරීන් එම බෝම්බ ඇඳුම් කට්‌ටලය හොයාගෙන තිබේ.
මෙම බෝම්බ ඇඳුම් කට්‌ටලය සඟවා තිබූ රෙදි සෝදන යන්ත්‍රය මීට වසර 5 කට පමණ උඩදී අබලන්වී තිබිණි. පසුව විශ්‍රාම ශාලාවේ සේවකයන් එය පැරණි බඩු ගබඩාවට දමා ඇත.
විශ්‍රාම ශාලාවේ අලුත්වැඩියා කටයුතු සඳහා මෙම පරණ බඩු ගබඩාවේ තිබූ අබලි ද්‍රව්‍ය ඉවත් කරද්දී බෝම්බ ඇඳුම් කට්‌ටලය සේවකයන් විසින් දැක තිබේ.
මෙම බෝම්බ ඇඳුම් කට්‌ටලය තවමත් ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයේ පවතින බව මූලික පරීක්‌ෂණවලදී හෙළිවී ඇත.
කොටි ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාකාරකම් පැවති සමයේ මෙම බෝම්බ ඇඳුම් කට්‌ටලය කිසියම් ප්‍රහාරයක් සඳහා ගෙනවිත් විශ්‍රාම ශාලාවේ සඟවන්නට ඇති බවට සැකපහළ කරයි.
මෙම බෝම්බ ඇඳුම් කට්‌ටලය පිළිබඳව පරීක්‌ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිලධාරීහු පිරිසක් ද ඊයේ (31 දා) පෙරවරුවේ කතරගමට ගොස් සිටියහ.
මෙම ඇඳුම් කට්‌ටලය පිළිබඳව පරීක්‌ෂා කිරීම සඳහා රජයේ රස පරීක්‌ෂකවරයා ඊයේ (31දා) දහවල් කතරගමට පැමිණීමට නියමිතව තිබිණි.
මෙම බෝම්බ ඇඳුම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා විශ්‍රාම ශාලාවේ සේවකයන් ඇතුළුව 8 දෙනකු පොලිස් භාරයට ගෙන තිබේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතාගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ කතරගම පොලිස් ස්‌ථානාධිපති අයි. එම්.ජී. බණ්‌ඩාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.
- http://www.divaina.com/2012/02/01/news06.html
- http://mawbima.lk/e-paper.html