හයිඩ්‍රජන් බලයෙන් දිවෙන හමුදා ජීප් රිය

Jun 2, 2016
154
119
0
Sri Lanka
හයිඩ්‍රජන් බලයෙන් දිවෙන හමුදා ජීප් රිය

landscape-1475526009-truck.jpg


ජෙනරල් මෝටර්ස් සමාගම මගින් නිර්මාණය කරන ලද Chevrolet Colorado ZH2 ලෙස හඳුන්වන මෙය ගමන් කරන්නන්ට අතරමගදී එල්ලවන ප්‍රහාරවලින් ආරක්ශාවීම සඳහා සන්නාහ (amour plating) වලින් සමන්විත කොට ඇත. අඟල් 37 විශ්කම්භය ඇති ටයර හා ඝණවනාන්තර හා කාන්තාරවලට ඔරොත්තුදෙන සස්පෙන්ෂන් පද්ධතිය නිසා ඕනෑම පරිසරයක ගමන් කිරීමේ හැකියාව ඇත.

මෙහි ඇති හයිඩ්‍රජන් ඉන්ධන පද්ධතිය (hydrogen fuel cell) සඳහා ෆොසිල ඉන්ධන යොදාගත හැකි අතර ෆොසිල ඉන්ධන දහනයේදී සිදුවන පරිසරදූෂණය හා ශබ්දයෙන් තොරව නිහඬව ක්‍රියාත්මක වීමට හැකියාව ඇත. යුධ මෙහෙයුම් වලදී මෙම ජීප් රියට ඉතා නිහඬව ක්‍රියාත්මක වීම නිසා සතුරු බළමුලු අසලටම ගෙන යාහැකි අතර හයිඩ්‍රජන් ඉන්ධන පද්ධතිය මගින් තාපය නිපදවන්නේ නැති නිසා මෙය අධෝරක්ත සංවේදකවලට හඳුනාගැනීමද අපහසුය.


chevy-colorado-zh2-4.jpg


එපමණක් නොව මෙහි බලය නිපදවීම සඳහා හයිඩ්‍රජන් හා ඔක්සිජන් දහනය කිරීමෙන් අතුරුපලයක් ලෙස පැයකට ජලය ගැලුම් 2ක් පමණ නිපදවන අතර මෙම ජලය කාන්තාර මෙහෙයුම් වලදී සෙබලුන්ට පානය සඳහා භාවිතාකල හැකි ලෙස එකතුකර ගත හැකිය.

එමෙන්ම හමුදා කඳවුරක ගාල් කොට තිබියදී මෙම ජීප් රථයේ හයිඩ්‍රජන් බල පද්ධතිය ක්‍රියාත්මක කොට මෙය ඉතා නිහඬව ක්‍රියාත්මක වන විදුලි ජනක යන්ත්‍රයක් ලෙසද භාවිතාකල හැකි අතර රථයෙන් විදුලි බලය පිටතට ලබාගැනීම සඳහා පහසුකම් ලබාදී ඇත.


chevy-colorado-zh2-2.jpg




Source: vidya-gaweshana.blogspot.com/2016/10/blog-post_78.html

 

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
වෙන වාහන වලටත් හයිට්‍රජන් ඉන්දන විදිහට පාවිච්චි කරන්න ක්‍රමයක් තියනව නම්.
 

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මේක තමයි හයිබ්‍රිඩ් වල අනාගතය. ඉදිරියේදී වෙළදපොලට නිකුත් වෙන්නේ මේ වගේ වාහන. ඉන්ධන සැපයුම් විදිහට පෙට්‍රල් ඩිසල් ෂෙඩ් වගේ ඒවගේම දැන් ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන්න තියෙන විදිහටම හයිඩ්‍රජන් ඉන්ධන ලබාගන්න පුළුවන් වෙන තැනට එනවා.
    හැබැයි ඉතින් අපේ දේශපාලු උත්තමයෝ ටික මේ රටේ ඉන්න ගොන් ජනතාවට ලබාගන්න ඉඩ දෙයිද දන්නේනම් නැහැ.