ජැක් එකක් ගහනකොට විශේෂයෙන් සලකල බලන්න ඕනෑ මොන වගේ කරුණුද?
වාහනේ බර දරාගන්න පුළුවන් මොන වගේ ස්ථාන වලටද? 
ස්තුතියිජැක් එකක් ගහනකොට විශේෂයෙන් සලකල බලන්න ඕනෑ මොන වගේ කරුණුද?
වාහනේ බර දරාගන්න පුළුවන් මොන වගේ ස්ථාන වලටද?
![]()

බස් ජැක් ගැන නම් දන්නේ මේකේ ඉන්න බඩා මාමා නොහොත් යුරාජ් කියන හාදයා. පරිස්සමෙන්, බස් ජැක් එකක් ගහන හැටි කියලා දෙයි.
කාර් එකකට වෑන් එකකට වගේ නම් ජැක් එක ගහන තැන පොළව සමතලාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ අඩමාවෙට ජැක් එක තියන්න එපා. වාහනය තියන්නේ මද හෝ බෑවුමක නම් මුලින්ම හොදට කොට තියලා අනික් රෝද හිර කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ඉස්සරහා රෝදෙට ජැක් එකක් ගහනව නම් පස්ස රෝද කොට තියලා හිර කරලා ඉන්න ඕනේ. මොකද මද බෑවුමක් හෝ තියනව නම් හෑන්ඩ් බ්‍රේක් එක ගැන විතරක් විස්වාසය තියන්න හොද නෑ. පොලවේ පස් එරෙන සුලුයි නම් ලෑලිකෑල්ලක් තියලා ඒක උඩ ජැක් එක තියලා ගහන්න ඕනේ. වාහනේ යට රිංගනව නම් කවදාවත් ජැක් එක ගැන විතරක් විස්වාසය තියන්න එපා. ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. නැත්තං උස්සපු වාහනයට කොට තියලා හිර කරලා ඉන්න ඕනේ.
