හයිබ්‍රිඩ් (ප්‍රියස්) කතාවක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,305
    3
    117,236
    113
    Gampaha
    ප්‍රියස් එක ජපානේ නිශ්පාදනය කරල බටහිර රට වලට පවා ආනයනය කරන හොඳ වාහනයක්. ඉන්ධන කාර්‍යක්ෂමතාව හොඳ හින්ද ඒ රටවල ටැක්සි රථ විදිහට පවා මේ වාහනය පාවිච්චා වෙනව.
    ඒත් මොකක් හරි අහේතුවකට අපේ රටටනම් ඕක කියන තරම්ම සාර්ථක උණේ නෑ.
    සමහර විට අපේ රටේ වාහන වල වගේම අමතරකොටස් වලත් මිලගණන් ඉතාම අඩුවට මිනිස්සුන්ට දරාගතහැකි විදිහට තියෙන නිසා වෙන්න පුලුවන්.

    මේ කතාව අපේ තාත්තගෙ යාලුවෙකුට ප්‍රියස් එකක් දීපු සුපිරි ගණයේ කටුවක්.
    මතක විදිහට වාහනේ අවුරුද්ද
    2012 KY - ++++ වැඩේ වෙනකොට 105000km විතර දුවල තිබුණ.

    මුලින්ම උණේ වාහනේ A/C එක අඩු,වැඩි වෙන්න ගත්ත එක. ඒක ලොකු ගැටලුවක් නොවන හින්ද එච්චර ගණං අරගෙන නෑ.

    ඊට පස්සෙ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේටර් ලයිට් පත්තුවෙන්න ගත්ත. චෙක් කරල බලන කොට, හයිබ්‍රිඩ් බැට්‍රිය සවුත්තු වෙලා.
    ටොයොට එකේ බැට්‍රි එක ලක්ෂ 5යි.
    වාහනේ දුවන්න බරිකමක් නැති හින්ද. මනුස්සය ලෙඩේ තියාගෙනම දුවන්න තීරනය කරනව.

    දැන් හයිබ්‍රිඩ් කාර් එකේ සුබාරුවක් ගානට පෙට්‍රල් පිච්චෙනව.
    ඔහොම මාස දෙක තුනක් දුවනකොට හරියටම බොරැල්ල හන්දිය මැද්දෙ වාහනේ හිටිය. එතන සිද්දිය ඉතින් කියන්න දෙයක් නෑනෙ. එතනින් වාහනේ අයිනට තල්ලු කරේ ගැරේජ් එකෙන් ඇවිත් ටැබ් එකකට කනෙක්ට් කරල වාහනේ අන්ලොක් කරාට පස්සෙ. පැයක් විතර බොරැල්ලෙ හන්දියෙ පාර මැද වාහනේ... අයිතිකාරයත් ගැරෙජ් එකෙන් එනකල් පිට මිනිහෙක් වගේ පාර අයිනට වෙලා සිද්දිය බලං ඉඳල.

    වාහනේ එමෙම්මම උස්සන් ගිහින් ලක්ශ 4කට බැට්‍රිය දැම්ම (කම්පැණි නෙමේ). පරණ බැට්‍රියට සුලු ගානක් අඩු කරල පිට තැනකින් දැම්ම.

    ඊට මාස 4කින් විතර බ්‍රේක් නැතුව ගියා. ඒකට 65000 විතර ගියා.

    අලුත දාපු බැට්‍රිය පලවෙනි සර්විස් එකේදි තවත් ෂෙල් 8ක් නරක් වෙලා කිවුව. හේතුව විදිහට කිවුවෙ, දවසට අඩු km ගානක් දුවන හින්ද කියල (මුං අලුත් බැට්‍රියක් දානව කියල ෂෙල් මාරු කරල හදල අර මනුස්සයව රවට්ටලද කොහෙද)

    තවත් මාස 6ක් ඇතුලත A/C ෆෑන් දෙකයි. පිටිපස්සෙ තියෙන නෝමල් බැට්‍රියයි මාරුකරල. බැට්‍රියට 30000, ෆෑන් දෙකට 25000යි.
    ඊට පස්සෙ කාර් සේල් එකක් හරහා විකුණල තිබුණ.

    කොහොමත් හයිබ්‍රිඩ් ගන්න ඉන්නවනං කම්පැනි රෙපෙයාර් කරපු එකක්ම ගන්න. පිටින් කරන ඒව විශ්වාස කරන්න බෑ.

    සිරස ඔටෝවිෂන් එකේ කිවුව කතාවක්,

    "හයිබ්‍රිඩ් වාහන වලින් ඉන්ධන පිරිමැස්මක් වෙනව. හැබැයි ඉන්ධන වලින් ඉතිරිකරවන ශක්තිය වෙන විදිහකට වැය වෙනව. ඒ වැයවෙන්නෙ බැට්‍රියෙන් ක්ෂය වන ශක්තිය ඒ වියදම කවද හරි දවසක දරන්නම වෙනව"
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,814
    16,001
    113
    Colombo
    වෙන රටවල අවුලක් නැත්තෙ ඒ රට වල ඔය වාහනේ ගොඩක් ලාබයි සහ වාහනේ අවුරුදු හතර පහකට වඩා යූස් කරන්නෙ නැති නිසා
    ලංකාවෙ ඕක අසාර්ථක වෙන්නෙ
    ලංකාවෙ වාහනයක් ගන්නෙ අවුරුදු 20-30 දුවන්න බලාගෙන
    තෙල් වල ලාබෙ ලොකුවට බලනවා
    එතකොට අවුරුදු 5ක් විතර දුවල බැටරිය දාන්න උනාම අර තෙල් ලාබෙ සම්පූර්නයෙන්ම ඉවර වෙලා අතිනුත් පාඩු වෙනවා
    සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් හොයන එවුන් ඔය කතන්දර ටික දන්න නිසා යූස් කරපු හයිබ්‍රිඩ් ගන්නෙ හොඳට බලලා සහ කුනු කොල්ලෙට ගන්න බලන්නෙ
    ඒක නිසා ලංකාවෙ මොන හයිබ්‍රිඩ් ආවත් ලොකුවට සාර්ථක වෙන්නෙ නැහැ,
    ලීෆ් එකටත් වෙලා තියෙන්නෙ මේ ටිකම තමයි, අලුත් එකක් අරන් බැටරියක් දානකන් දුවන ටික ලාබයි, බැටරිය දාන්න උනොත් පාඩුයි, සෙකන්ඩ් හෑන්ඩ් දෙන්න වෙන්නෙ ඔය බැටරි දාන්න වෙන ගනන් එහෙම අඩු වෙලා නිසා මොක කරත් පාඩුයි
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    වාහනයත් මනුස්ස ශරීරය වගේ.
    ලෙඩක් හැදුනම කීයක් ගියත් ලෙඩේ හොඳ කරගන්නවා වගේ වාහනේටත් ඒ දේ කරන්න ඕන.
    බොහෝ දෙනෙක් වාහන ගන්නේ තව කෙනෙකුගේ උපදෙස් අහලා. මමනම් හිතන්නේ වාහනේ ගන්න පුද්ගලයා වාහනේ ගැන මුලික හෝ දැනුමක් තියෙන්න ඕන.

    නඩත්තුවත් වාහනේකට අනිවාර්ය දෙයකි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,305
    3
    117,236
    113
    Gampaha
    apoi BUMP
    wede ala karagenna thiyne dana danamanee ban, adu gane oka repire parak wath damanam town eka made hira wene naa nee
    මචංල, ත්‍රෙඩ් එක ලියල ඉවරවෙන්න කලින් වැරදීමකින් පෝස්ට් උණා.
    අන්තිම හරියෙ එඩිට් කරල පස්සෙ තව ටිකක් ලියල තියෙනව. පුලුවන්නම් ටිකක් බලන්න උඹලට ඒ ටික මගහැරිල ඇති.

    "Ieannet" ගෙ පෝස්ට් එකට,
    ඔවු මිනිහ විහින් ඕක කරගත්තෙ.
    ටොයෝට එකට ලෙඩේ දැනගත්ත ගමන් ඇඩ්වාන්ස් කරල තිබුණ. තව කවුරුහරි පණ්ඩිතයෙක්ගෙ කීමට කහොමහරි අදුරන කෙනෙක් මාර්ගෙන් ඇඩ්වාන්ස් එකත් රිෆන්ඩ් කරගෙන රෙපෙයාර් නොකරම වාහනේ දිවුව..
    වෙන රටවල අවුලක් නැත්තෙ ඒ රට වල ඔය වාහනේ ගොඩක් ලාබයි සහ වාහනේ අවුරුදු හතර පහකට වඩා යූස් කරන්නෙ නැති නිසා
    ලංකාවෙ ඕක අසාර්ථක වෙන්නෙ
    ලංකාවෙ වාහනයක් ගන්නෙ අවුරුදු 20-30 දුවන්න බලාගෙන
    තෙල් වල ලාබෙ ලොකුවට බලනවා
    එතකොට අවුරුදු 5ක් විතර දුවල බැටරිය දාන්න උනාම අර තෙල් ලාබෙ සම්පූර්නයෙන්ම ඉවර වෙලා අතිනුත් පාඩු වෙනවා
    සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් හොයන එවුන් ඔය කතන්දර ටික දන්න නිසා යූස් කරපු හයිබ්‍රිඩ් ගන්නෙ හොඳට බලලා සහ කුනු කොල්ලෙට ගන්න බලන්නෙ
    ඒක නිසා ලංකාවෙ මොන හයිබ්‍රිඩ් ආවත් ලොකුවට සාර්ථක වෙන්නෙ නැහැ,
    ලීෆ් එකටත් වෙලා තියෙන්නෙ මේ ටිකම තමයි, අලුත් එකක් අරන් බැටරියක් දානකන් දුවන ටික ලාබයි, බැටරිය දාන්න උනොත් පාඩුයි, සෙකන්ඩ් හෑන්ඩ් දෙන්න වෙන්නෙ ඔය බැටරි දාන්න වෙන ගනන් එහෙම අඩු වෙලා නිසා මොක කරත් පාඩුයි
    ඔවු අපේ රටේ වාහන සංස්කෘතිය හැදිල තියෙන්නෙ, බොඩිය ටිංකර් කර කර, එන්ජින් ස්ලිවු ගගහ බෝර් කර කර දුවන්නනෙ. හයිබ්‍රිඩ් වලට ඒක හරියන්නෑ.
    වෙලාවට එහෙනම් මාත් බැටරියට කෙල වීගෙන එද්දී දුන්නේ. නැත්තන් ගෙවල් දොරවල් විකුණලා තමයි වාහන හදන්න වෙන්නේ.
    :lol: :lol: (y)
    වාහනයත් මනුස්ස ශරීරය වගේ.
    ලෙඩක් හැදුනම කීයක් ගියත් ලෙඩේ හොඳ කරගන්නවා වගේ වාහනේටත් ඒ දේ කරන්න ඕන.
    බොහෝ දෙනෙක් වාහන ගන්නේ තව කෙනෙකුගේ උපදෙස් අහලා. මමනම් හිතන්නේ වාහනේ ගන්න පුද්ගලයා වාහනේ ගැන මුලික හෝ දැනුමක් තියෙන්න ඕන.

    නඩත්තුවත් වාහනේකට අනිවාර්ය දෙයකි.
    :yes::yes::yes: අනික වාහනයක් ගන්න කලින් තමංගෙ අවශ්‍යතාව, නඩත්තු කරගන්න පුලුවන්ද වගේ දේවලුත් බලන්න ඕනෙ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,029
    1
    5,762
    113
    වෙන රටවල අවුලක් නැත්තෙ ඒ රට වල ඔය වාහනේ ගොඩක් ලාබයි සහ වාහනේ අවුරුදු හතර පහකට වඩා යූස් කරන්නෙ නැති නිසා
    ලංකාවෙ ඕක අසාර්ථක වෙන්නෙ
    ලංකාවෙ වාහනයක් ගන්නෙ අවුරුදු 20-30 දුවන්න බලාගෙන
    තෙල් වල ලාබෙ ලොකුවට බලනවා
    එතකොට අවුරුදු 5ක් විතර දුවල බැටරිය දාන්න උනාම අර තෙල් ලාබෙ සම්පූර්නයෙන්ම ඉවර වෙලා අතිනුත් පාඩු වෙනවා
    සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් හොයන එවුන් ඔය කතන්දර ටික දන්න නිසා යූස් කරපු හයිබ්‍රිඩ් ගන්නෙ හොඳට බලලා සහ කුනු කොල්ලෙට ගන්න බලන්නෙ
    ඒක නිසා ලංකාවෙ මොන හයිබ්‍රිඩ් ආවත් ලොකුවට සාර්ථක වෙන්නෙ නැහැ,
    ලීෆ් එකටත් වෙලා තියෙන්නෙ මේ ටිකම තමයි, අලුත් එකක් අරන් බැටරියක් දානකන් දුවන ටික ලාබයි, බැටරිය දාන්න උනොත් පාඩුයි, සෙකන්ඩ් හෑන්ඩ් දෙන්න වෙන්නෙ ඔය බැටරි දාන්න වෙන ගනන් එහෙම අඩු වෙලා නිසා මොක කරත් පාඩුයි
    :yes: :yes: :yes:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,599
    3,001
    113
    Battaramulla, Sri Lanka
    3rd gen ekak neda machan? 2nd gen eka tikak shape kiyanawa. danne ne hariyatma. Toyota hybrid wala lokuma case enne battery and brakes. dekama expensive repairs.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,618
    3,654
    113
    New Jersey
    "හයිබ්‍රිඩ් වාහන වලින් ඉන්ධන පිරිමැස්මක් වෙනව. හැබැයි ඉන්ධන වලින් ඉතිරිකරවන ශක්තිය වෙන විදිහකට වැය වෙනව. ඒ වැයවෙන්නෙ බැට්‍රියෙන් ක්ෂය වන ශක්තිය ඒ වියදම කවද හරි දවසක දරන්නම වෙනව"
    :yes: :yes: :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,305
    3
    117,236
    113
    Gampaha
    බුදාම්මෝ....
    බය හිතුනා වාහන පදින්නත්😋
    මගෙනං අදහස අපේ රට පෙට්‍රල් වාහන වලින් ඉස්සරහට (electric, hybrid වලට ) යන්න තරං දියුනු වෙලා මදි. ටැක්ස් ගහන විදිහ එහෙම තව සෑහෙන හැදෙන්න ඕනෙ
    ලිතියම් බැට්‍රි වලට එහෙම වෙනස් විදිහකට ටැක්ස් හැදෙන්නෙ. මම හිතන්නෙ ස්පෙයා පාට් එකක් විදිහට නැතුව අඩංගු මූලද්‍රව්‍යට තමයි ටැක්ස් එක වදින්නෙ.
    mawath lagadi maga hitta. anthimata issaraha ussagena tamai awe
    කොහොමද කට්ට..
    3rd gen ekak neda machan? 2nd gen eka tikak shape kiyanawa. danne ne hariyatma. Toyota hybrid wala lokuma case enne battery and brakes. dekama expensive repairs.
    මම හිතන්නෙ 3rd gen තමයි.
    බ්‍රේක් අවුල ගොඩක් අය කියනව. ත්‍රෙඩ් වල එහෙමත් දාල තිබුණ මතකයි.
     
    • Like
    Reactions: NRTG

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,119
    1,051
    113
    මේකෙ
    අලුත් හයිබ්‍රිඩ් එකකට යනවට වඩා ඉයර් එක ටිකක් පරණ පෙට්‍රල් හරි ඩීසල් හරි හොඳට මේන්ටේන් කරපු වාහෙනකට යන එක එක අතකින් හොඳයි නේද බන්..හයිබ්‍රිඩ් කියපු ගමන් ඔය බැටරි සීන් එක තමා ඔලුවට එන්නෙ...:confused::confused:
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    196
    177
    43
    කෝටියක් දීල ප්‍රියස් එකක් ගන්න පුලුවන් නම් අවුරුදු 5කට පාරක් එන ලක්ශ 5හේ රිපෙයාර් එක කරගන්න සල්ලි නැද්ද බන්
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,599
    3,001
    113
    Battaramulla, Sri Lanka
    කෝටියක් දීල ප්‍රියස් එකක් ගන්න පුලුවන් නම් අවුරුදු 5කට පාරක් එන ලක්ශ 5හේ රිපෙයාර් එක කරගන්න සල්ලි නැද්ද බන්

    kotiyak deela da 3rd gen ekak ganne? 4th gen nam kotiyak wage wenewa. aluth genewa adui ne.
     
    • Like
    Reactions: PHBhagya

    nikz_01

    Active member
  • Apr 12, 2017
    196
    177
    43
    kotiyak deela da 3rd gen ekak ganne? 4th gen nam kotiyak wage wenewa. aluth genewa adui ne.

    බැරන්ඩ් නිව් ගැන කිව්වෙ. Prius එන්නෙ නැත්නම් Axio එකට මේක අදාල කරගන්නකො. 80ක් දීල ගන්න පුලුවන් එකෙක් ඇයි මෙ ලක්ශ 4 ගැන ඔච්චර වොරි වෙන්නෙ.