හයි වේ...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    1618433_672952422747944_1853975932_n.jpg


    මේ වගේ මරු මරු කතන්දර ඇහෙන කාලෙ මේවගේ අදහසක් ගැන හිතා ගන්න පුලුවන්ද?? කිසිම පක්ශෙකට බනින්නවත් කඩේ යන්නවත් මේක ලියන්නෙ නෑ...

    නිදහසෙන් පස්සෙ ඉදලා කොලබ පාරවල් කොච්චර හැදුනද???
    මේ 1932 කොලබ මැප් එක...


    colombo.bmp


    මේව ගොඩක්ම ගුරු පාරවල්... කාලෙ යනවත් එක්කම වාහන වැඩි වෙනවා...ඉතින් පාර තාර දානවා..කාපට් කරනවා...පලල් කරනවා...අද කොලඹ පාරවල් ට්‍රැක් 6 දක්වාම වැඩි කරල තියෙන්නෙ...

    මේ තියෙන්නෙ අද මැප් එක...


    colombo_map_small1.jpg


    ලංකාවට වාහන ගෙන්නන එක කවදාවත් අඩු වෙලා නෑ... ඉස්සර කාර් එකක් තිබුනෙ යමක් කමක් තියන මිනිස්සු... මේ වෙනකොට ලංකාවෙ ඕන ගෙදරක අඩුම ගානෙ බයික් එකක් හරි තියනවා... මේ වැඩි වෙන වාහන ටික යන්න ඕන ඔය පාරවල් වලමයි නේද???... උඩින් යන්නද??? පාරවල් උපරිමේටම පලල් කරල තියෙන්නෙ...

    තව පාරවල් ලොකු කරනවනම් දෙපැත්තෙ තියන කඩ,ගෙවල් සේරම අතුගාලා දාන්න වෙනවා...හම්බන්තොට වගේ කැලයක් නෙවෙයිනෙ කොලබ... ඒක නිසා ඒක කරන්න බෑ...


    ඒක නිසා විසදුම මේක...

    2010010457490101_216006e.jpg


    06BGROAD1_1168001g.jpg


    තට්ටු දෙකේ පාරක්...

    ලංකාවට මේ නෙට් වර්ක් එක අලුත්... ඔන්න ලගදිම එනවා ඒකත්... ආශ්චර්‍යක් නම් නෙවෙයි... අපේ අයියලා මහින්ද චින්තනේ ආශ්චර්‍ය කිය කිය මිනිස්සු රැවැට්ටුවට රනිල් චින්තනේ හරි,අනුර කුමාර චින්තනේ හරි එහෙමත් නැත්නම් සිරිපාල කියන එකා රටේ රජ උනත් ඌටත් මේක කරන්න සිද්ද වෙනවා...
    එහෙම නැත්නම් දවසෙන් බාගයක් ට්‍රැෆික් එකේ ජීවත් වෙන්න වෙනවා ලංකාවෙ උන්ට...

    මේ තමයි ලංකාවෙ හයිවේ ටික නෙට්වර්ක් කරන විදිය...
    r12s.png


    කොට්ටාවෙ ඉදන් හයි ලෙවෙල් එකේ කොටුවට... කොටුවෙ ඉදන් කැලනි පාලමට...
    එතන ඉදන් බේස් ලයින් එකේ ආයෙත් හයිලෙවෙල් එකට...
    කැලනි පාලම ඉදන් කටුනායකට..(දැනටහදලා ඉවර වුනු )
    කැලනි පාලම ඉදන් නුවර පාරෙ කඩවතට....
    කොට්ටාව,කඩුවෙල (ලගදි ඕපන් කරන එක)...
    කඩුවෙල,කඩවත, කෙරවලපිටිය එතනින් කටුනායක හයිවේ එක...

    මේටික හැදුවම නම් සහනයක් වේවි... කවදා ඒ දවස ඒවිද කියන එක තමයි සැක....ඒ දවස ඉක්මනින්ම උදා වේවා...

    මේක කියවලා බම්ප් එකක් රෙප් එකක් වත් දාලා පලයල්ලා...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    හැමරජයක්ම පාරවල් හැදුවා තමා එත් රාජෆක්ස රජය ණයට ගිනි පොලියට සල්ලි අරං එකෙන් බාගයක් කොමිස් ගහල පාරවල් හදනව ප්‍රමිතියත් නෑ. වෙන කිසිම ආණ්ඩුවක් නොකළ විදිහට ඒ මදිවට ඒ ගැන කියල චන්දෙ ඉල්ලනව. ඔන්න ඔතනයි ප්‍රශ්නේ.

    එතකොට සුද්දොත් රේල් පාර එහෙම හැදුවා. දැන් එතකොට උන් ඒ ගැන කියල චන්දෙ ඉල්ලුවොත් සිංහලු මොකද කියන්නේ ? මොනවා උනත් පාරවල් හැදුවනේ කියල සුද්දට චන්දෙ දෙනවද ?