පහත දැක්වෙන්නේ වික්ටර් අයිවන් මහතාගේ ලිපියකි. මා මස් මාංශ ආහාරයට ගන්නේ නැති නමුදු පහත අදහස් වලට එකග වෙමි. (මා මස් මාංශ ආහාරයට ගන්නේ නැත්තේ ආගම් වලින් කියා ඇති නිසා නොව, මගේ ශරීරයේ බර වැඩි නිසාය. මස් වල ඇති තෙල්අධික බව නිසා තවත් ස්ථුල වීමට ඇති නිසා මා මස් වර්ග ආහාරයට ගන්නේ නැත.)
මෙය හුදෙක් දැණුවත් වීම සඳහා පමනක් මෙහි මා පල කරන අතර, ලිපියට වගකීම මා නොව රාවය කතෲ වික්ටර් අයිවන් මහතා සතුය.
.......
හරක්මස් වාදය-
ඕනෑම සත්ව පාලනයකදී මස් ප්‍රයෝජනයට නොගන්නේ නම් එම සත්ව පාලනය ආර්ථික වශයෙන් ඵලදායී විය නොහැකිය. එය පිළිගත් රීතියකි. මස් පිණිස නොගෙන බිත්තර සඳහා පමණක් කුකුළන් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත. මස් ප්‍රයෝජනයට නොගෙන කිරි සඳහා පමණක් හරකුන් ඇති කිරීමද ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත.
රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය නම් දිනකට ලීටර් 20ත් 25ත් අතර ප්‍රමාණයකින් කිරි ලබාගත හැකි හොඳ වර්ගවල හරකුන්ගෙන් සමන්විත කිරිපට්ටි පාලනයකට රට යොමු කළ යුතුය. එක යායට පුරන් වී තිබෙන කුඹුරුවල ප්‍රමාණය සැලකිල්ලට ගත්විට ඒවා හරකුන්ට තණ නිපදවන තණ පිට්ටනි බවට පත්කළ හැකි නම් ඒවාද ආර්ථික වශයෙන් ඵලදායී ඉඩම් බවට හැරවිය හැකිය. එහෙත් දියුණු හරකුන්ගෙන් යුත් ගවපට්ටි පාලනයකට මිනිසුන් මුදල් ආයෝජනය කරනු ඇත්තේ කරනු ලබන ආයෝජනයන්ට සරිලන ලාභයක් උපයාගත හැකි නම් පමණය.
උසස් වර්ගයේ හරකුන් 100කගෙන් යුතු ගවපට්ටියක් කිසියම් කෙනකු ආරම්භ කළායැ’යි උපකල්පනය කරමු. හොඳ වර්ගයේ එක හරකකු සඳහා ඔහුට රුපියල් ලක්ෂයත් දෙකත් අතර මුදලක් වැය කරන්නට සිදුවේ. හරකුන්ගේ වයස අවුරුදු තුනේදී උන්ට පැටව් ලැබී කිරි ලබාගත හැකි තත්ත්වයක් ඇතිවේ.
එහෙත් එම හරකුන්ගෙන් ඔහුට කිරි ලබාගත හැක්කේ අවුරුදු හතක් තරම් කාලයක් පමණය. ඉන්පසු උහු කිරි ලබාගත නොහැකි, අඩුවෙන් කිරි ලබාදෙන ආර්ථික වශයෙන් ඵලදායී නොවන දෙනුන් බවට පත්වෙති. ඉන්පසු ඒ හරක් 100ට ඔහු කරන්නේ කුමක්ද? ඔවුන් මැරෙන තෙක් නඩත්තු කළ යුතුද?
එසේ කළහොත් ඔහුගේ ගවපට්ටි පාලනයම අලාභදායී දෙයක් බවට පත්වන්නේය. හරකකුගේ ජීව බර කිලෝ 500ක් ලෙස සලකතොත් මස් පිණිස ජීවබරට දීමෙන් එක හරකකුගෙන් රුපියල් 75,000ක් පමණ උපයා ගත හැකිය. එවිට සිය දෙනාගෙන් උපයාගත හැකි ආදායම රුපියල් ලක්ෂ 75කි. එම ලක්ෂ 75 ආදායමක් බවට හරවා නොගෙන ඔහුගේ කිරි පට්ටි කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගත හැක්කේ කෙසේද? ඔහුට තම කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගැනීම අවශ්‍ය නම් එම හරක් 100 විකිණිය යුතුමය.
රටේ ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත්තේ කිරි ලබාගත නොහැකි හා ප්‍රමාණවත් තරමකින් කිරි ලබාගත නොහැකි දෙනුන් මස් පිණිස විකිණීමට පුළුවන්කමක් ඇත්නම් පමණය. එවැනි හරකුන්ට ඉල්ලූමක් තිබිය හැක්කේ රටේ හරක් මස් කර්මාන්තයක් තිබේ නම් පමණය. ඉන්දියාවේ හරක් මස් නොකන හින්දුන්ට ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන හරක් මස් කන මුස්ලිම් ජනතාවක් රටේ සිටීම නිසාය. මසට හරක් මැරීම තහනම් කිරීමකින් විය හැක්කේ රටේ මුළු කිරිපට්ටි කර්මාන්තයම නැතිභංග කිරීමය.
--->

Last edited:
අපේ රටේ ගොඩක් මිනිස්සු දකින්නෙ එක පැත්තක් විතරයි.