හරක් නිදහස් කරන මී හරක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ගවයෙක් නිදහස් කර ගන්න එකේ හොඳ නරක ගැන නම් මම කියන්න යන්නේ නැහැ. නමුත් අපි කොල්ලෝ ටිකක් එකතු වෙලා තව ගමේ අයගේ සහයෝගයත් අරන් දැන් හරක් තුන් දෙනෙක් නිදහස් කලා. පලවෙනි පාරනම් ගත්තේ මස් කඩෙන් , දෙවෙනි පාර හරක් දෙන්නෙක්ම නිදහස් කළා අපිට එකට ලැබුණු ආධාර දෙන්නෙක්ම ගන්න සෑහුණු නිසා, ඒ ගත්තේ නම් ගෙවල් වලට ගිහින්. මස් කඩේට දෙන්න හරක් ඉන්නවා කියන ආරංචිය ඔස්සේ ගිහින්.(ඒ වැඩේට අපේ දෙන්නෙකුට තම්බි තොප්පිත් ගන්න උනා )මිට පස්සේ ගන්නෙත් එහෙමයි.හරක් තුන් දෙනාම බෙදා දුන්නෙත් ගමේම පවුල් තුනකට.දැන් උන්ගෙන් පැටවුත් ඉන්නවා. පැටවූ ලොකු උනාම උන් දෙන්නේ කාටද කියලත් තීරණය කරන්නේ අපි.
මම කියන්නේ මේකයි. මේ ගැන වාද කරන එලකිරියන්ස්ලා මොනවා කිව්වත් මොනවා හිතුවත් අපිට දවස් දෙකතුනකට සැරයක් වත් අපි නිසා තවමත් ජිවත් වෙන එළදෙන දකිනවා. උගේ කිරි දොවිනවා, උගේ පැටවූ සෙල්ලම් කරනවා යන එනකොට පේනවා. ඒ දැක්කම තවමත් අපේ හිතට ලොකු සතුටක් දැනෙනවා.ඒක මිල කරන්න බැහැ.අපි කලේ හොඳ වැඩක් කියල හැම තිස්සෙම හිතෙන නිසා එකෙන් ලැබෙන පිනක් තියෙනවා නම් ඒවා අපේ ගිණුමකට බැර වෙයි..
මෙන්න දෙවෙනි පාර නිදස කල ගවයින් දෙන්නා.
XqIui75.jpg

Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මස් කඩේට දෙන්න හරක් ඉන්නවා කියන ආරංචිය ඔස්සේ ගිහින්.(ඒ වැඩේට අපේ දෙන්නෙකුට තම්බි තොප්පිත් ගන්න උනා )

    ඒක සාර්තක ක්‍රමයක්, මම කලෙත් එහෙමයි.. ගමේ විකුනයි කියලා දැනුන හරකෙක්ව ගත්තා, ඒ සතා තාමත් අපේ මහ ගෙදර ඉන්නවා.. දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙ..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බන්ටු;15014283 said:
    මනසින් අත ඇරීම .

    ඔයාට අනුව: ලෝකයේ තිබෙන දේවල් මනසින් අත් ඇරීමට පුරුදු වූ නිසා.

    1. මුලින්ම පින් පව් පිලිබඳ සිතුවිල්ල මනසින් අත් අරින්න.
    2. මරණයට කැප වූ ගවයා(ට) ඕන දෙයක් වෙච්චාවේ කියල මනසින් අත අරින්න.
    3. මස් කඩ කාරයාව මනසින් ඇත අරින්න.
    4. මස්කඩ කාරයාට ගෙවන කීප ගුණයක් වැඩිවූ මුදල මනසින් අත අරින්න.

    මට අනුව:

    මමනම් අවංකවම අත් නොහරිමි. එනිසා ඔබගේ උදාහරණයට අනුව,

    1. බිඳුණු මල් පෝච්චිය පිලිබඳ කනගාටුවක් ඇති වේ.

    වෙනත් දේ:
    2. වාහනයේ සුළු හෝ සීරීමක් ඇති වූ විට කණගාටුවක් ඇතිවේ.
    3.මුදල් පසුම්බිය අස්ථානගත වුවහොත් කණගාටුවක් ඇතිවේ.

    කුරුල්ලාගේ උදාහරණය පිළිබඳව: ඔබගේ අදහසට අනුව එය අහම්බයක් උවත් සිදුවිය හැක්කක් නේද? එතකොට?
    (අනික පූසෙක් මන බලන එකත් අහම්බය්ක්නේ? මොකද කියන්නේ?)

    (සුළු කාරණාවකට මේ විදියට තර්ක ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැති බව විශ්වාස කරමි)

    නෑ කුරුල්ලෙක් මැරෙන්නෙ පූසෙක් කාලමද? පූසෙක් අල්ලගන්නවා නම් ඒ සමස්ථ කුරුලු ගහනයෙන් ඉතාමත් සුලු පිරිසක්. ඒකත් නාගරිකව සිටින අයටයි ඒ බලපෑමත් තියෙන්නෙ. අනිත් ‍එක ඔබ පූසා මාන බලනවා දැක්කොත් අතාරින්නෙ නෑනෙ. නමුත් ඔබ මස්කඩ කාරයා තවත් හරක් දෙතුන් දෙනෙකුට මාන බලන බව දැන දැන සල්ලි දීලා එනවා. ඇත්ත මේක මේ තරම් තර්ක කරන්න අවශ්‍යය නැහැ.

    ඔබ තවමත් මනසින් අත්හැරීම කියන දේ තේරුම් අරන් නැහැ. ‍ඒක කිවුවෙ මේ සිද්ධියට අදාලව නෙමෙයි, ජීවත් වෙනකොට මනසින් අත්හැරීම ගැනයි. ඔබ ඔය කියන සිද්ධිය අදාල වෙන්නෙ පින් රැස්කිරීමට ඇති ආශාවත් එක්ක.නමුත් අපි තාම ලෞකික ජීවිත ගත කරන පෘතක්ජන මිනිස්සු. අපිට තාම ඒ තරමට අත්හැරීම පුරුදු කරන්න බැහැ. නමුත් මතක තියාගන්න රහතන් වහන්සේලා පිං රැස් කරන්නෙ නෑ. පිං රැස් කරන්නෙ අපේ අනාගත සුඛ විහරණය ගැන හිතලා. නමුත් බෞද්ධයන් ලෙස සැබෑවටම නිවන ඉලක්ක කරනවා නම් ඔබ රැස් කල යුත්තේ කුසල්.

    කුසල් කියන්නෙ පින නෙමෙයි. කුසලය ගැන කෙටියෙන් කිවුවොත් හැම වෙලේම කුසලය කියවෙන්නෙ නොකිරීමත් එක්ක. වැරදි දේ නොකිරීම කුසලයයි. ඒ කියන්නෙ අත්හැරීම. අපි සතුන් මරන්නෙ නෑ, සත්තු මරන්න අපේ හිතේ ඇති වෙන ආශාව අත්හැරීම. ඒ වගේ හැම තැනකම කියවෙන්නෙ පුරුදු කරන්නෙ අත්හැරීම. ඒ වගේ සමහරවිට ආත්ම කල්ප ගානක් අත්හැරීම පුරුදු කරන්න වේවි ඔය කියපු පිං රැස්කිරීමේ ආශාව කියන එකත් අතෑරලා සියලු දේ අතෑරලා බැඳීම් මනසින් අත් හැරලා නිර්වාණයට යොමු වෙන්නට.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිනක් කරනවා නම් ප්‍රතිඵල ගැන බුද්ධිමත්ව හිතලා කරන්න
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ඔයත් එක්ක කතා කරලා වැඩක් නෑ සහෝ. උදාහරණය උදාහරණයක් විදියට තේරුම් ගන්න බැරුව කුරුල්ලෙක් මැරෙන්නේ පුසෙක් කාලමද , etc වගේ ප්‍රශ්න අහනවා. තේරුමක් නෑ.
    මස්කඩ කාරයාගේ මාන බැලිල්ල මට වැඩක් නෑ, ඊට වඩා වැදගත් වැඩ කරගන්න තියනවා. අනික් එක මන් නිවන් අරමුණු කරලත් නෑ තවම. රැකියාවක් කරමින් පවුල් ජීවිතයක් ගත කරනවා.
    ගොඩක් කට්ටියට පන්සිල් මතක් වෙන්නේ වෙසක් උත්සවය වගේ ලං උනහම. ඒක මේ එලකිරියේත් අපරාදේ කියන්න බෑ පැහැදිලිව පේනවා. මමනම් අවුරුදු ගානකින් පන්සලකට ගිහින් නෑ.
    ඔයා කතා කරන්නේ හරියට කිසිම පව් වැඩක් නොකරපු උපාසක මහත්තයෙක් වගේනේ . සමහරවිට එක එහෙම වෙන්නත් ඇති. මමනම් එහෙම නෑ මධ්‍යස්ථයි.

    අපරාදේ ඔයාගේ thread එකට කොමන්ට් කරේ.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔයා ඔය කියන මනසින් අත ඇරීම මට තේරුම් ගන්න පුළුවන්. මන් බබෙක් නෙමෙයි.

    මමනම් මුකුත් තාම මනසින් අත ඇරලා නෑ. ඉස්සරහට බලමුකෝ මනසින් ඇත ඇරපු උදවිය කොයි වගේ දේවල් මේ එලකිරියට ඇවිත් කියයිද කියල. අපිත් ඉන්නවනේ . බෞද්ධ උපාසක මහත්වරුන්ගේ වැඩකිඩ !!
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බන්ටු;15014521 said:

    අපි ගිහින් එන්නම්. අපහු වෙලාවක හමු වෙමු. ජය !!

    මම නැති අතරෙ ලොකූ කතාවක් කියලා ගිහිල්ලත් එක්කනෙ. හරි කමක් නෑ ඒ උනත් මම පීලි පැන්නෙ නෑ
    හොඳට බලන්න ඔයයි පැහැදිලි කරන්න කියලා වෙන මාතෘකාවක් ඉල්ලුවෙ. උදාහරණයක් කියන්නෙ මොකද්ද කියලා
    තේරුම් ගන්න මුලින්. උදාහරණයක් උනාම ඒ ගලපන දෙකේ සමානකමක් තියෙන්න ඕනෙ. :yes:

    කුරුල්ලෙක් තුවාල වෙලා ඉද්දි ඌට බෙහෙත් කරලා නිදහස් කරනවා. ඒ උනාට ඒ කුරුල්ලා අහම්බයෙන් පූසෙක්
    කන්න ඉඩ තියෙනවා ඒක ඇත්ත. අන්න එතනදි අපි ඒක හිතන්නෙ නැතුව නිදහස් කරනවා.
    මොකද ඒක අහම්බයෙන් සිදුවිය හැකි දෙයක්. :rolleyes:

    ඒත් හරකෙක් නිදහස් කරන්න සල්ලි දෙනකොට ම දන්නවා මේ සල්ලි අරගෙන මේ මස් කඩ කාරයා කරන්නෙ මොකද්ද කියලා.
    කඩ කාරයා තව හරක් දෙතුන්දෙනෙක් ගන්නවාමයි. ඒක අහම්බයක් නෙමෙයි. :baffled:

    සිදුවීම් දෙකෙන් එකක් අහම්බයක්. අනිත් එක අනිවාර්යෙන් සිදු වෙන දෙයක්.
    ඒක අනිවාර්යෙන් සිදුවෙන දෙයක් කියන්නෙ මෙහෙමයි. ඔයා ගිහින් මුලු හරක් මඩුවෙම හරක් ටික අද අරන් ආවත්
    හෙට කඩේ වහන්නෙ නෑ. අනිද්දට ගේන්න තිබ්බ හරක් ටික හෙ‍ටම ගේනවා. :rofl:

    බුදු හාමුදුරුවො කොහෙවත් වෙන් කලේ නෑ භික්ෂු භික්ෂූණි විතරක් නිවනට යන්න උපාසක උපාසිකා අය ලෞකික ජීවිතේ
    ගැන හිතන්න දැම්ම නිවනට යන්න එපා කියලා. ඔයාම කියන‍වනෙ මට පවුල් ජීවිතේ අතාරින්න බෑ කියලා. ඇත්ත
    මනුස්සයෙක්ට පවුල් ජීවිතේ අතාරින්න බෑ. ඒක ඔබතුමාට විතරක් නෙමෙයි මටත් පොදුයි. හැබැයි මම කිවුවෙ අත්හැරීම
    කියන්නෙ මොකද්ද කියලා. අත්හැරීම කියන්නෙ කැලේට යන එක නෙමෙයි. තමන්ගෙ අනෙක් වැඩ කරන අතරෙම
    අත්හැරීම පුරුදු කරන්න පුලුවන්. මම කියපු දේවල් අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    එහෙම අවබෝධ උනේ නැත්තන් සමාවෙන්න ඕනෙ. වැරදියට තේරුම් ගන්න එපා මම පොර ටෝක් දෙනවා කියලා
    හිතන්නත් එපා අහපු දේට මම උත්තර දුන්නෙ. :dull:

    අනිත් එක කාලෙන් කාලෙට එක එක ඒවා එනවා කියලා මට කියන්න එපා
    මොකද ඔයා ඇවිත් තියෙන්නෙ 2012 ජුනි.
    ඔයත් කාලෙකට ආපු කෙනෙක් වගෙයි මට පේන්නෙ. :rolleyes:
     
    හොඳයි හොඳයි ඔයා අතැරිම පුරුදු කරලා අපිටත් කියල දෙන්නකෝ. බණ දේශනාවට ස්තුතියි. හැබැයි ප්‍රයෝගික නෑ. නිකන් psycho case එකක් වගේ. අනික් උන් ඔක්කොම උතුර මෙහේ කියද්දී නෑ නෑ අරෙහෙ කිව්වා වගේ.

    අනික ඔයාගෙන් මන් ඇහුවොත් මස් කඩ කාරයා අනිවාර්යෙන්ම තව හරක් කීප දෙනෙක් ගෙනෙයි කියල හරියටම ඔයා කියන්නේ කොහොමද? බලන් හිටියද? හරි එහෙම උනා කියමු. එතකොට එකේ පල විපාක ඒ හරක් විකනපු උන්ටයි මස් කඩ කාරයටයි ලැබෙයි.ඔයා හරකෙක් නිදහස් කරගත්තනම් එකේ පින ඔයාට ලැබෙයි. ඔයා ඔය කතා කරන්නේ සමාජයීය මට්ටමින්. එහෙම එපා, තමන්ගේ මට්ටමින් කතා කරන්න. ඔයා යහපත් දෙයක් කරොත් එහෙ පින් පව් ඔයාට ලැබෙයි. සමාජේ වැරදි නිවැරදි කරන්න අපිට පුළුවන්කමක් නෑ. ඒ විදියට හිතල බලන්න. එතකොට තේරෙයි ඔයා අනික් මිනිස්සුන්ට හරක් නිදහස් කරන්න මස් කඩ කාරයන්ට මුදල් දෙන්න එපා කියපු එක හරිද වැරදිද කියල.

    යාචකයෙක්ට කීයක් හරි දෙන්නේ අසරනයෙකට පිහිට වෙනවා කියන ආකල්පයෙන්නේ? ඒ මිනිහ එකෙන් සිගරට් එකක් බිව්වොත්? අපිට මොකද? මොකද අපේ චේතනාව ඒ මිනිහ සිගරට් බොන එක නෙමෙයි, අසරනයෙක්ට පිහිට උනා කියන එකයි. ඔයාගේ විදියටනම් පස්සෙන් ගිහින් බලන්න වෙනවා යාචකය මොකද කරන්නේ කියල. (කොහොමත් ගොඩක් යාචකයන් වගේ ඉන්න කට්ටිය කරන්නේ හිඟාකාල drugs වලට වියදම් කරන එකනේ.)

    2012 ID එක ගැන PM එකක් මාර්ගයෙන් පිළිතුරු දී ඇත.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ග්‍රෙගරි road සම්බෝධි විහාරයට ගිහින් බලන්න කිරි ගවයෙක්ට මෙච්චරයි, පැටියෙක්ට මෙච්චරයි, සාමාන්‍ය ගවයෙක්ට මෙච්චරයි කියල ගණන් තියනවා. ඒවා ඔයා ඔය කියන ඒවා වගේ කීප ගුණයක් වැඩි ඒවා නෙමෙයි. සම්බෝධි විහාරයෙන් අහුවොත් කියයි අපිට direct involve වෙලා කොහොමද නිදහස් කරගන්නේ කියල. ඒවගේ ස්ථාන ලංකාවේ ඕන තරම් ඇති, හොයල බලන්න. සමහරවිට ඔයා මස්කඩ කාරයෙක්ට අහු වෙන්න ඇති. නැත්තම් අතනින් මෙතනින් හොයා ගත්ත විස්තර ටිකක් අරගෙන අනික් උන්ට හරක් නිදහස් කරන්න සම්මාදම් වෙන්න එපා කියනවා ඇති. ලොල් !!
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සත්තු මරන එක වලක්වන්න නම් අපි හැමොම මස් මාංශ කැමෙන් වැලකෙමු. එක තමා හොදම දේ හෙට වෙසක් පෝය දවසේ ඉදලම පටන් ගන්න.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සත්තු මරන එක වලක්වන්න නම් අපි හැමොම මස් මාංශ කැමෙන් වැලකෙමු. එක තමා හොදම දේ හෙට වෙසක් පෝය දවසේ ඉදලම පටන් ගන්න.

    නෑ නෑ, මස්කඩේට දක්කන හරකව නිදහස් කිරීමෙන් වැලකි සිටිමු. නිකන් මොකටද මී හරකෙක් වෙන්නේ :rofl::rofl::rofl:
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    සත්තු මරන එක වලක්වන්න නම් අපි හැමොම මස් මාංශ කැමෙන් වැලකෙමු. එක තමා හොදම දේ හෙට වෙසක් පෝය දවසේ ඉදලම පටන් ගන්න.

    Good point
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    බන්ටු;15013952 said:
    උඹ කියන කතාවට මන් එකඟ නෑ මචන්. :no::no:
    බුද්ධ දේශනාවේ තියෙන්නේ "චේතනාහo බික්ඛාවේ කම්මං වදාමි" කියල.
    හරකෙක් නිදහස් කරගන්න කෙනෙක්ගේ හිතේ තියෙන්නේ සතෙක් මරණයෙන් බේර ගන්න එක. එකේ ආනිසංස එයාට ඒ විදියට ලැබෙයි. මස් කඩ කාරයාගේ චේතනාව තමයි එයාගේ කර්මය. ඒක අයහපත් නිසා එයාට ඒකට අදාළ ආනිසංස මොන අත්මෙකදී හරි ලැබෙයි.
    මේ ලෝකේ මිනිස්සු අතරේ සැප වගේම අන්ත අසරණ දුක විඳින (කරුම) පිරිස දිහා බැලුවොත් යම් වෙනසක් තියනවා නේද?
    සතෙක් මරණෙන් මුදවාගන්න කෙනා වලක්වන එකත් පවක්.

    :yes::yes::yes::yes::yes: