හරක් නිදහස් කරන මී හරක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හරක නිදහස් කර අනිත් සත්තු මලාට අව්ලක් නෑ කියාල බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ ශිව ගේ බලපෑමට
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අභය දානය කියන්නෙ මරන්න යන එකෙන් බ්රන එකට නෙවෙයි.

    සසර භය නැති වෙන්න ධර්ම දානය දෙන එකට.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ රටේ එවුන්ට යථාර්ථය තේරුම් ගන්න බෑනේ. හැමදාම බජට් එක කියවන කොට දේශිය කිරි කාර්මාන්තය දියුණු කරන එක ගැන කියනවා. කිරි කර්මාන්තය දියුණු කරනවා කියන්නේ වැස්සියන්ට පැටව් ලැබෙන්න එපැයි. ඒ ලැබෙන පැටව් වැස්සියෝ වුණොත් හොදයි. වස්සෝ වුණොත් මොකද කරන්නේ. කිරි ගොවියා වස්සට කන්න බොන්න දිලා මැරෙනකම්ම බලාගන්නද? එහෙම බිස්නස් කරන්න බෑනේ. කිරි කර්මාන්තය දියුණු කරන ගමන්ම හරක් මස් තහනම් කරන එක කරන්න බෑ. එක්කෝ කිරි සමග මස්, නැත්නම් කිරිත් නෑ මසුත් නෑ.

    අනික ඔය දාස් ගණන් දිලා කැහැටු ගැහුණු සතෙක් නිදහස් කරගෙන මොනවා කරන්නද? ආයෙත් ටික කාලෙකින් මස් කඩේට තමයි.

    මේකත් ඉන්න ගමන් කියවන්න.
    හරක් මස් වාදය.
    http://yathranews.com/magazine/?p=372
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    දැන් ඔය මස් කඩවලට හරක් විකුන්නේ කවුද? වැඩි හරියක් බෞද්ධයොනේ. ඉතින් ඒ විකුණන මිනිස්සුන්ට ඔනේ සල්ලි. හරක් විකුණන උන්ගෙන් සල්ලි දීලා හරක් ගන්න වැඩ පිළිවෙලක් නෑ. හම්බයන්ට හරක් 5ක 6ක සල්ලි ගෙවලා එක හරකෙක් නිදහස් කරන්න පුලුවන් විලි ලැජ්ජාවක් නැතිව
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන් ඔය මස් කඩවලට හරක් විකුන්නේ කවුද? වැඩි හරියක් බෞද්ධයොනේ. ඉතින් ඒ විකුණන මිනිස්සුන්ට ඔනේ සල්ලි. හරක් විකුණන උන්ගෙන් සල්ලි දීලා හරක් ගන්න වැඩ පිළිවෙලක් නෑ. හම්බයන්ට හරක් 5ක 6ක සල්ලි ගෙවලා එක හරකෙක් නිදහස් කරන්න පුලුවන් විලි ලැජ්ජාවක් නැතිව

    බිත්තර දාලා ඉවරවුනාම කිකිළි යොත් මසට නානට තමයි විකුනන්නේ. කවුරුත් කිකිළියෝ නිදහස් කරන්නේ නැනේ.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මේ රටේ එවුන්ට යථාර්ථය තේරුම් ගන්න බෑනේ. හැමදාම බජට් එක කියවන කොට දේශිය කිරි කාර්මාන්තය දියුණු කරන එක ගැන කියනවා. කිරි කර්මාන්තය දියුණු කරනවා කියන්නේ වැස්සියන්ට පැටව් ලැබෙන්න එපැයි. ඒ ලැබෙන පැටව් වැස්සියෝ වුණොත් හොදයි. වස්සෝ වුණොත් මොකද කරන්නේ. කිරි ගොවියා වස්සට කන්න බොන්න දිලා මැරෙනකම්ම බලාගන්නද? එහෙම බිස්නස් කරන්න බෑනේ. කිරි කර්මාන්තය දියුණු කරන ගමන්ම හරක් මස් තහනම් කරන එක කරන්න බෑ. එක්කෝ කිරි සමග මස්, නැත්නම් කිරිත් නෑ මසුත් නෑ.

    අනික ඔය දාස් ගණන් දිලා කැහැටු ගැහුණු සතෙක් නිදහස් කරගෙන මොනවා කරන්නද? ආයෙත් ටික කාලෙකින් මස් කඩේට තමයි.

    මේකත් ඉන්න ගමන් කියවන්න.
    හරක් මස් වාදය.
    http://yathranews.com/magazine/?p=372

    හරක් හදන්නෙ වැස්සියොන්ට ඉන්ජෙක්ෂන් එකක් ගහල ඔයා මේ කියන කතාව ඇත්ත ඌ වැස්සියෙක් උනොත් හොඳයි. නැත්තං පැටියවත් මරණවා. වැස්සියෙක් දැන් 85000 විතරවෙනවා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වෙසක් එකට ගොඩක් අය ගවයන් නිදහස් කරනවා, ගවයෙක් නිදහස් කරන්න කියලා මස් ක‍ඩේට යනකො‍ට
    නිදහස් කරන ගවයන් වෙනම ඉන්නවා. ඒ කටු ගැහුණු නාකි හරක්. ඒකත් ගත්ත ගාන වගේ දහගුණයකට විතර තමයි නිදහස් කරන්න
    දෙන්නෙ. ඒකෙන් වෙන්නෙ අර ඉන්න එක හරකෙක් නිදහස් කරනකොට මස් කඩ කාරයට තව හොඳ මස් පිරුණු හරක් හය හතක්
    ගන්න සල්ලි හම්බ වෙනවා. අපි නිකන් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව වෙසක් එකට පිං කරන්න කියලා ගිහින් අන්තිමට හොඳට
    හිටපු හරක් 6,7 දෙනෙක් මරණයට කැප කරනවා.

    හරකෙක් නිදහස් කරනවා නම් මුලින් එකෙක් ගිහින් අහන්න අපේ ළඟ සතෙක් ඉන්නවා ඔයාලා ගන්නවද කීයක් විතර දෙනවද කියලා.
    සතාගෙ ප්‍රමාණෙත් ඔය ඉන්න සතෙක් ගාන කියලා කියන්න. ඌ කියයිනෙ ගානක්. අන්න ඊට පස්සෙ වෙන එකෙක් ගිහිල්ලා නිදහස්
    කරන්න ගාන අහලා බලන්න. අන්න එ‍තකොට තේරෙයි හරක් කීයක් හිතේ තියාගෙන ද එක හරකෙක් මස්කඩ කාරයා අතාරින්නෙ කියලා.

    ඊට පස්සෙ ඉතින් ඒකට වලියක් දාගන්නවා ද නැද්ද කියන එක ඔබේ වැඩක්. හැබැයි පරිස්සමෙන් ඕකුන් ගාව ආයුධ එහෙම තියෙනවා.
    වැඩිය කියන්න ගියොත් කොක්කෙ එල්ලන්නත් ඉඩ තියෙනවා. :rofl:

    පිනක් කරනවා නම් ප්‍රතිඵල ගැන බුද්ධිමත්ව හිතලා කරන්න
    නැත්තන් නොකර ඉන්න

    මෝඩ කතා කියන්න එපා.

    බෞද්ධයෝ ඒක කරන්නේ චේතනාව කර්මය නිසා. බෞද්ධ නොවන අය කලත් එච්චර තමයි.
    හරකා නිදහස් කරන මිනිහගේ චේතනාව ජිවිතයක් බෙර ගන්න එක.
    මස් කඩ කාරයා හරක් 6-7ක් නෙවේ 100ක් 200ක් මැරුවත් ඒක නිදහස් කල මිනිහට ප්‍රශ්නයක් නෑ. වැඩකුත් නෑ.
    ජිවිතේ බේරගත්ත පින නිදහස් කල මිනිහට.
    හරක් මරපු පව මස් කඩ කාරයාගේ.
    මස් කඩකරයාගේ ක්‍රියාකාරකම් නිදහස් කල මිනිහගේ පාලනයෙන් තොරයි නේ? එක තේරෙන්නේ නැද්ද?
    ඔය නිදහස් කරන මිනිස්සුන්ට පුළුවන් නං ඔය මස් කඩ වහයි. බැරි නිසයි පුළුවන් දේ කරන්නේ.

    නිකන් නොදන්න කතා කියාගෙන මිනිහෙක් කරන පිනට ගරහන්න එපා.

    කතා කරනවා නම් කියන දේ ගැන දැනගෙන බුද්ධිමත්ව හිතලා කියන්න
    නැත්තන් කතා නොකර ඉන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    “චේතනාහං බික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බන්ටු;15013952 said:
    උඹ කියන කතාවට මන් එකඟ නෑ මචන්. :no::no:
    බුද්ධ දේශනාවේ තියෙන්නේ "චේතනාහo බික්ඛාවේ කම්මං වදාමි" කියල.
    හරකෙක් නිදහස් කරගන්න කෙනෙක්ගේ හිතේ තියෙන්නේ සතෙක් මරණයෙන් බේර ගන්න එක. එකේ ආනිසංස එයාට ඒ විදියට ලැබෙයි. මස් කඩ කාරයාගේ චේතනාව තමයි එයාගේ කර්මය. ඒක අයහපත් නිසා එයාට ඒකට අදාළ ආනිසංස මොන අත්මෙකදී හරි ලැබෙයි.
    මේ ලෝකේ මිනිස්සු අතරේ සැප වගේම අන්ත අසරණ දුක විඳින (කරුම) පිරිස දිහා බැලුවොත් යම් වෙනසක් තියනවා නේද?
    සතෙක් මරණෙන් මුදවාගන්න කෙනා වලක්වන එකත් පවක්.

    Pin thanhawa...
    Mona huththa unath kamak na thamanta pin hambenawa nam...:lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මෝඩ කතා කියන්න එපා.

    බෞද්ධයෝ ඒක කරන්නේ චේතනාව කර්මය නිසා. බෞද්ධ නොවන අය කලත් එච්චර තමයි.
    හරකා නිදහස් කරන මිනිහගේ චේතනාව ජිවිතයක් බෙර ගන්න එක.
    මස් කඩ කාරයා හරක් 6-7ක් නෙවේ 100ක් 200ක් මැරුවත් ඒක නිදහස් කල මිනිහට ප්‍රශ්නයක් නෑ. වැඩකුත් නෑ.
    ජිවිතේ බේරගත්ත පින නිදහස් කල මිනිහට.
    හරක් මරපු පව මස් කඩ කාරයාගේ.
    මස් කඩකරයාගේ ක්‍රියාකාරකම් නිදහස් කල මිනිහගේ පාලනයෙන් තොරයි නේ? එක තේරෙන්නේ නැද්ද?
    ඔය නිදහස් කරන මිනිස්සුන්ට පුළුවන් නං ඔය මස් කඩ වහයි. බැරි නිසයි පුළුවන් දේ කරන්නේ.

    නිකන් නොදන්න කතා කියාගෙන මිනිහෙක් කරන පිනට ගරහන්න එපා.

    කතා කරනවා නම් කියන දේ ගැන දැනගෙන බුද්ධිමත්ව හිතලා කියන්න
    නැත්තන් කතා නොකර ඉන්න

    ඔච්චර ගැඹුරට යන්න එපා. මෙතන කියන්නේ හරක් නිදහස් කරන එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි කියලා. මම නම් කියන්නේ හරක් නිදහස් කරන සල්ලි වලින් ගමේ ඉන්න දුප්පත් මිනිසුන්ට උදව්වක් කලොත් ගොඩක් පිං කියලා
    .
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ඔච්චර ගැඹුරට යන්න එපා. මෙතන කියන්නේ හරක් නිදහස් කරන එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි කියලා. මම නම් කියන්නේ හරක් නිදහස් කරන සල්ලි වලින් ගමේ ඉන්න දුප්පත් මිනිසුන්ට උදව්වක් කලොත් ගොඩක් පිං කියලා
    .

    ඔතන කිසි ගැඹුරක් නෑ. චේතනාවයි කර්මය. චේතනාව මොකද්ද කියන එකයි වැදගත්. එච්චරයි.

    title: හරක් නිදහස් කරන මී හරක්
    highlighter: පිනක් කරනවා නම් ප්‍රතිඵල ගැන බුද්ධිමත්ව හිතලා කරන්න නැත්තන් නොකර ඉන්න

    හරක් නිදහස් කරන එක "තේරුමක් නැති" වැඩක් විදිහට තමයි මෙතන කියන්නේ.

    කරනවා නං පින් කම් ලෝකේ අනන්තවත් තියනවා. ඒ ඒ මොහොතේ තමන් මොකද්ද කරන්නේ කියන එක තොර ගන්න එක ඒ ඒ අයගේ වැඩක්. තව කෙනෙකුට කිසිම අයිතියක් නෑ ඕකට වඩා අරක හොඳයි. ඒකට වඩා මේක කළා නං හොඳයි කියන්න. මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා. දැනට අවුරුදු 4-5කට කලින්. මට මොකද්ද තියන අයිතිය ඔටාරා බල්ලෝ බේරලා කන්න දෙනවට වඩා හොඳයි ගමේ අසරණ මිනිසුන්ට දුන්නා නං හොඳයි කියන්න? මට අදාළ නෑ නේ? දෙකම පිනක්. ප්‍රතිපල වෙනස්. නමුත් තමන් තෝරාගන්නේ මොකද්ද කියන එක ඒ අයගේ වැඩක්. අපිට වැඩක් නෑ ඒක.

    සත්තු මැරුවොත් තමනුත් එන භවයන් වලදී එහෙම මැරෙන්න වෙයි.
    සත්වයෙක් ගේ ජිවිතයක් බෙරුවොත් ප්‍රතිපල විදිහට සමහරවිට තමන්ගේ ජීවිතෙත් අනතුරු දායක අවස්ථාවල බේරෙයි.
    ගමේ ඉන්න දුප්පත් මිනිසුන්ට උදව්වක් කලොත් ප්‍රතිපල විදිහට සමහරවිට තමන් අසරණ වෙලාවට ඒවා ලැබේවි.

    කරනදේ තෝරා ගැනීම තමන්ගේ වැඩක්.
    පවු කරන්න එපා කියන්න.
    හැබැයි කෙනෙක් පිනක් කරද්දී ඕකට වඩා හොඳයි අරක කළා නං කියන්න එපා.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔතන කිසි ගැඹුරක් නෑ. චේතනාවයි කර්මය. චේතනාව මොකද්ද කියන එකයි වැදගත්. එච්චරයි.

    හරක් නිදහස් කරන එක "තේරුමක් නැති" වැඩක් විදිහට තමයි මෙතන කියන්නේ.

    කරනවා නං පින් කම් ලෝකේ අනන්තවත් තියනවා. ඒ ඒ මොහොතේ තමන් මොකද්ද කරන්නේ කියන එක තොර ගන්න එක ඒ ඒ අයගේ වැඩක්. තව කෙනෙකුට කිසිම අයිතියක් නෑ ඕකට වඩා අරක හොඳයි. ඒකට වඩා මේක කළා නං හොඳයි කියන්න. මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා. දැනට අවුරුදු 4-5කට කලින්. මට මොකද්ද තියන අයිතිය ඔටාරා බල්ලෝ බේරලා කන්න දෙනවට වඩා හොඳයි ගමේ අසරණ මිනිසුන්ට දුන්නා නං හොඳයි කියන්න? මට අදාළ නෑ නේ? දෙකම පිනක්. ප්‍රතිපල වෙනස්. නමුත් තමන් තෝරාගන්නේ මොකද්ද කියන එක ඒ අයගේ වැඩක්. අපිට වැඩක් නෑ ඒක.

    සත්තු මැරුවොත් තමනුත් එන භවයන් වලදී එහෙම මැරෙන්න වෙයි.
    සත්වයෙක් ගේ ජිවිතයක් බෙරුවොත් ප්‍රතිපල විදිහට සමහරවිට තමන්ගේ ජීවිතෙත් අනතුරු දායක අවස්ථාවල බේරෙයි.
    ගමේ ඉන්න දුප්පත් මිනිසුන්ට උදව්වක් කලොත් ප්‍රතිපල විදිහට සමහරවිට තමන් අසරණ වෙලාවට ඒවා ලැබේවි.

    කරනදේ තෝරා ගැනීම තමන්ගේ වැඩක්.
    පවු කරන්න එපා කියන්න.
    හැබැයි කෙනෙක් පිනක් කරද්දී ඕකට වඩා හොඳයි අරක කළා නං කියන්න එපා.

    ඔය චේතනා තියරි එක අනුව හරකව සල්ලි ගෙවල බේරගන්න එකා දන්නව නම් ඒ හරකට ගෙන්වන සල්ලි නිසා තව හරක් කීපයක් මැරෙනව කියල එතන වෙන්නෙ අකුසල කර්මයක්...:yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය චේතනා තියරි එක අනුව හරකව සල්ලි ගෙවල බේරගන්න එකා දන්නව නම් ඒ හරකට ගෙන්වන සල්ලි නිසා තව හරක් කීපයක් මැරෙනව කියල එතන වෙන්නෙ අකුසල කර්මයක්...:yes:

    එකට තමයි හලෝ චේතනාව කියන්නේ!

    මිනිහෙකුට පුළුවන් ජිවිතයක් බෙර ගන්න අරමුණෙන් ඒ චේතනාව ඇතිව හරකෙක් නිදහස් කරන්න. (සිද්ද වෙන්නේ පිනක් විතරයි)

    තව මිනිහෙකුට පුළුවන් තව හරක් මරන්න අනුබල දෙන චේතනාවෙන් හරකෙක් නිදහස් කරන්න. (පිනක් සිද්ද වෙන අතරේ බරපතල පවකුත් වෙනවා)

    ඒ ඒ මිනිහගේ ඒ ඒ මොහොතේ ඒ ඒ ක්ෂණයට පහල වෙච්චි චේතනාව දන්නේ චේතනාව පහල කර ගන්න මිනිහම තමයි. ඔයාට බෑනේ එක මොකද්ද කියන්න? :rolleyes: ;)

    බෞද්ද නොවන ඔයාට කොහොම තේරෙන්නද චේතනාව කර්මයක් වෙන හැටි! :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකට තමයි හලෝ චේතනාව කියන්නේ!

    මිනිහෙකුට පුළුවන් ජිවිතයක් බෙර ගන්න අරමුණෙන් ඒ චේතනාව ඇතිව හරකෙක් නිදහස් කරන්න. (සිද්ද වෙන්නේ පිනක් විතරයි)

    තව මිනිහෙකුට පුළුවන් තව හරක් මරන්න අනුබල දෙන චේතනාවෙන් හරකෙක් නිදහස් කරන්න. (පිනක් සිද්ද වෙන අතරේ බරපතල පවකුත් වෙනවා)

    ඒ ඒ මිනිහගේ ඒ ඒ මොහොතේ ඒ ඒ ක්ෂණයට පහල වෙච්චි චේතනාව දන්නේ චේතනාව පහල කර ගන්න මිනිහම තමයි. ඔයාට බෑනේ එක මොකද්ද කියන්න? :rolleyes: ;)

    බෞද්ද නොවන ඔයාට කොහොම තේරෙන්නද චේතනාව කර්මයක් වෙන හැටි! :D

    මෙහෙමනෙ.... එක හරකෙක් නිදහස් කරාම ඒක නිසා තව හරක් කීපයක් මැරෙනව කියල දැනගෙන ඒ ක්‍රියාව කරොත් ඒක කුසල කර්මයක් වෙන්න විදියක් නෑනෙ.. කොච්චර මෝඩයෙක්ට උනත් තේරෙනව එක හරකෙක් මැරෙන්න අරින එක හොදයි හරක් කීයයක් මැරෙන්න අරීනවට වඩා කියල... ඉතින් ඒ සිතුවිල්ල ආවම එතන හොද චේතනාවක් තියනව කියන්න බෑනෙ..

    "බෞද්ද නොවන ඔයාට කොහොම තේරෙන්නද චේතනාව කර්මයක් වෙන හැටි!"

    ගොඩක් බෞද්ද අයට වඩා මට ඕක තේරෙනව...ලොල්
     
    Last edited: