සමහර වෙලාවට අපි මිනිස්සුන්ට නරියා, බල්ලා රිලවා, බූරුවා කියලා කතාකරනවා. අපි එහෙම කතාකරන්නේ උගේ චරිත ලක්ෂණ දිහා බලලා. ඒ නිසා උගේ මහ උන්ගේ හීනවලට අනූව දාපු නම්වලට වඩා ඒ නම් මොනවා හරි ඌ ගැන කියනවා. ඒ අනුව මහඋන් දාපු නම මොහොතකට අමතක කරලා, අපි මේ හාදයාට හරක් පැටියා කියලා කියමු.
මම වරක් හරක් පැටියාගේ අම්මායි තාත්තායි හමුවුණ වෙලාවක ඇහුවා, ඇයි ඔය දෙන්නා කසාද බැන්දෙ කියලා. දෙන්නා හිටියේ වයස හැට ගණන්වල. දෙන්නාම මුලින්ම විඩාබර හිනාවක් දාලා පොඩි විහිලූවක් කරලා කීවා ඒ තමයි බඹා කෙටූ හැටි, ඒවා ඉතින් නියම කාලෙදී ලෝක සම්මතයට අනුව විය යුතු දේවල් කියලා. එහෙම නැත්නම් මිනිහෙක් සම්පූර්ණ නෑයි කීවා. ඊට පස්සේ මම ඇහුවා දැන් ඉතින් සම්පූර්ණ ද කියලා. ඒකට මුකුත් නොකියා හිනා උනා. ඔබත් අහලා බලන්න.
මෙන්න මේ විදියට ලෝක දහම විදියට විශාල පිරිසක් යන රටාව නිවැරදිව ජීවත් වීම විදියට තෝරාගත්ත දෙදෙනකුට දාව හරක් පැටියා ඉපදුණා. මහඋන් හරක් පැටියාට කුඩා කාලයේ පටන් කළ යුතු දේවල් කළේ පර්යේෂණාත්මකව නෙමේ, පැවත ආපු ලෝක සම්මතයට අනුවයි. කවුරුත් වස් යන්නට නළලට පොට්ටු තිබූ නිසා ඌටත් පොට්ටුවක් ලැබුණා. ඒක ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද කියලා කවුරුත් දැනගෙන හිටියෙත් නෑ. කවුරුත් ප‍්‍රශ්න කළේත් නෑ. උගේ පස්ස හේදීමේ ඉඳන් ඉඳුල් කටගෑම දක්වා හැමදේම ලෝක සම්මතයට අනුව වෙච්ච දේවල්. කොටින්ම උගේ මහ උන් දෙන්නට මොළය වෙහෙසා තනිව කල්පනා කරලා කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. රටාවක් තිබුණා. උන්ට තිබුණේ ඒ අනුව යන්ඩයි.
හරක් පැටියා බහ තෝරන කාලයට එනකොට මහඋන් දෙන්නාට සිද්දවුණා ඌට ලෝකය ගැන කියලා දෙන්න. ලෝක සම්මතය තියන නිසා ඒකත් හරිම ලේසි වැඩක් උණා. කවදත් හරක් පැටියාගේ මහ උන්ට තිබුණා පොඩි සැකයක් එක්ක හීනමානයක් උන් ජීවත්වෙන විදිය, අඳින පළඳින කනබොන හැසිරෙන විදිය හරියටම හරිද කියලා. මේ නිසා වඩා උසස් හා ඉහළට ගියවුන් කියලා බහුතරය පිළිගත් උන් කනබොන අඳින විදිය අනුගමනය කිරීම වඩා ආරක්ෂිත බව පෙනුණා. විශාල ගෙයක් කාර් එකක් සමඟ පිළිගත් රස්සාවක් හෝ ලොකු ආදායම් මාර්ගයක් තිබුන එකෙක් උගේ මහවුන් විසින් ඉහළට ගිය එකෙක් විදියට සැලකුවා. හරක් පැටියාට ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු, පාසල් විෂයන් විතරක් නෙමේ විනෝදාංශ පවා තේරුවේ ඇහැට පේනමානයේ ඉහළ ගියවුන්ගේ දේවල් දිහා බලාගෙනයි. හරිම ලේසියි. Read