හරක්_හොරු

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    හොර හරක්‌ ලොරිය කොටුකර ගන්න
    තොරතුරු දුන් ළමයින්ට මැරයෙක්‌ පහර දෙයි :angry:



    cow.jpg




    අවිස්‌සාවේල්ල කොස්‌ගම ප්‍රදේශයේ හොර හරක්‌ ලොරියක්‌ පිළිබඳව පොලිසියට තොරතුරු දුන් දරුවන් පිරිසකට පහරදී තර්ජනය කළ සැකකරුවකු ඊයේ (04 වැනිදා) කොස්‌ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු කොස්‌ගම කඩුගොඩ ප්‍රදේශයේ අයෙකි.

    මෙම සැකකරු සහ මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු එක්‌ව ලොරි රථයකින් හරක්‌ තිදෙනකු සොරාගෙන යන බවට දරුවන් පිරිසක්‌ සෙල්ලම් කරමින් සිටියදී දැක ඇත.

    එම දරුවන් වහා වැඩිහිටියන් දැනුවත් කර කොස්‌ගම පොලිසියට දැනුම්දීමෙන් පසු සැකකරුවන් දෙදෙනකු සහ හරක්‌ ලොරිය අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ගැබ්ගත් එළදෙනකු සමග ගවයන් තිදෙනකු ලොරියේ සිට ඇත.

    ගවයින් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන බව හෙළිකර ගැනීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන්ට ගවයන් සොරාගෙන යැමට ලබාදුන් පුද්ගලයා පිළිබඳව ගමේ ආරංචියක්‌ පැතිර ගොස්‌ ඇත.

    ඒ සම්බන්ධයෙන් ගමේ පුද්ගලයා විසින් හරක්‌ ලොරිය පොලිසියට කොටුකර දීමට කටයුතු කළ බව කියන දරුවන් සොයාගෙන ගොස්‌ ඔවුන් දෙදෙනකුට පහරදී මැර තර්ජනය කර ඇත.

    මේ සම්බන්ධයෙන් කොස්‌ගම පොලිසියට දරුවන් විසින් පැමිණිලි කිරීමෙන් පසු සැකකරු ඊයේ (04 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු මුදාගැනීම සඳහා උසස්‌ පොලිස්‌ නිලධාරියකු උත්සහ දරා ඇති බවද ගම්වාසීහු "දිවයින" පැවසූහ.

    කොස්‌ගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. හේරත් මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ සිදුකර සැකකරු අධිකරණයට අද (05 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.