අද කියන්න හිතුවෙ හර්නියා ගෙඩි ගැන විශේෂ හේතුවක් නිසා මේ ළඟකදි අපි අවුරුදු විසි ගානක කොලුවෙක්ගෙ හර්නියා එකක් ඔපරේෂන් කලා මේක අවුරුදු ගානක් කෝෂෙ එක්ක ඉදිමිලා තිබිල ඒත් හොස්පිටල් ඇවිත් නෑ ඔපරේෂන් කරන කොටයි දැක්කෙ ඒ පැත්තෙ වෘෂණ ය ක්ෂය වෙලා කියල(atrophy).අනික් පැත්තෙ එකටත් මොනා හරි උනොත් අනාගතේ අඳුරෙ තමයි
.මුල් කාලෙම රෝහලට ආවනම් පැයක ඔපරේෂන් එකක්.හර්නියා එකක් කියන්නෙ සරලව ගත්තොත් නෙරාඒමක් කියන්න පුලුවන් ඕක බඩේ ආවම අපි උදරයේ හර්නියා තත්ත්වයක් කියල කියනව.හර්නියා වර්ග කීපයක් තිබුණත් අද කතා කරන්නෙ ඉකිලිය ආශ්‍රිතව එන inguinal hernia ගැන.
අපේ බඩ ගත්තම ඒකේ ඉස්සරහ පැත්ත සම්පූර්ණයෙන් වැහිල තියෙන්නෙ මාංශපේෂි වලින් මේව බිත්තියක් වගේ බඩ ඇතුලෙ තියෙන ඒව අල්ලගෙන තමයි ඉන්නෙ ඉතින් මේ බිත්තියේ දුර්වල තාවයක් ආවම බිත්තිය කඩාගෙන බඩේ තියෙන එව්වා එලියට එන්න බලනව මේක ගෙඩියක් වගේ තමයි පේන්නෙ.
අපේ ඉකිලි ප්‍රදේශයේ තමයි මේ මාංශපේෂි ඇවිත් තුනි ස්තරයක් බවට පත් වෙලා ශ්‍රෝණි අස්ති වලට සෙට් වෙන්නෙ මේකෙදි තව විශේෂ වැඩක් වෙනව ඒ තමයි පිරිමි අපේ වෘෂණ අපේ කලළ අවදියේ අපේ වකුගඩු තියෙන තැන් වල හැදිල තමයි වෘෂණ කෝෂ වලට පහත් වෙන්නෙ ඒව බඩේ ඉඳල පහලට ඇවිත් ඉකිලි ආශ්‍රිත කුහරයකින් එලියට ඇවිත් inguinal canal කියන බටේ දිගේ ගිහිල්ල තමයි කෝෂෙට බහින්නෙ .සාමාන්‍යෙන් අර කුහරය වැහිල යනව නමුත් සමහර අයගෙ මේ කුහරෙ ඉතුරු වෙලා ඒකෙන් අපේ බඩ ඇතුලෙ තියෙන ඒව එලියට එනව මෙහෙම එන බඩවැල් අතුනුබහන් අපේ වෘෂණ කෝෂෙ දක්වාම යන්න පුලුවන් මේ හර්නියා වර්ගය Indirect Inguinal Hernia කියල හඳුන්වනව.
ඊට අමතරව උදර බිත්තියේ දුර්වලතා නිසා අරවගේ බඩේ ඒව එලියට ආවොත් ඒව direct Inguinal hernia කියල කියනව.
ඔය රූපෙ කියපු විස්තරේ හරියටම තියෙනව.
ඊලඟට බලන්න ඕන ඇයි මේව එන්නෙ කියල ,
1.උදර බිත්තියේ දුර්වලතා නිසා
2.උදර කුහරයේ පීඩනය වැඩි වීම නිසා
පලවෙනි හේතුව විවිධ රොගාදිය නිසා වෙන්න පුලුවන් .
දෙවනි හේතුව අපිට වලක්වා ගන්න පුලුවන්.බ්ඩේ ප්‍රෙශර් වැඩි වෙන්නෙ මොන වෙලාවටද,
අපි කහින කොට,තටමන කොට ,බර ඔසවනකොට
එතකොට අපිට කැස්ස ඇතිවෙන හේතුවක් ලෙඩක් තියේනම් වලක්වා ගන්න ඕන,විශේෂ යෙන් දුම් බීම නිසා උදරයේ ප්‍රෙශර් වැඩි වෙනව කැස්ස ඇති වෙන්න හේතු වෙනව මාංශපේෂි වල ශක්තිය අඩු වෙනව..දුම්බීම නතර නොකර හර්නියා ඔපරේෂන් කලාට කිසි වැඩක් නෑ.
අපි තටමන්නෙ ඇයි ?ටොයිලට් යන්නෙ නැති නිසා ඉතිං බඩ වේලගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියල කලින් ත්‍රෙඩ් වල කීව නිසා ආයෙ කියන්නෙ නෑ.මුත්‍රා කරද්දි තටමන්න වෙන හේතුවක් තමයි පුරස්ති ග්‍රන්තිය ඉදිමෙන එක වයසක සීයලාට තියෙනව ගොඩක් ඒකට බේත් කරගන්න එක වැදගත්.
රෝග ලක්ෂණ
ඉකිලි ආශ්‍රිත ගෙඩියක් තමා මුලින් එන්නෙ මූලික අවදියේ දි හිට ගත්තම විතරක් පේන ගෙඩි එන්න එන්න ලොකු වෙලා අතින් ඔබල වත් ඇතුලට දානන බැරි වෙනව.
බඩවැල් මේ අස්සට ඇවිත් හිර උනොත් බඩවැල් වලට ලේ නැති වෙලා බඩවැල් මැරෙන්න උනත් පුලුවන් .
බඩේ කැක්කුම බඩ පුරවා දාන ගතිය එන්න පුලුවන් විශේෂ යෙන් බඩවැල් හර්නියාවට බැහැල නම්.
මම අර පටන් ගන්නකොට කීව කතාවෙ වගෙව් කොෂෙ ඉදිමිලා එන්න පුලුවන්.
ප්‍රතිකාර
මේක හොඳ කරන්න තියෙන එකම ක්‍රමය සැත්කමක් මගින් නිවරදි කිරීම විතරයි.මම දන්න තරමින් වෙනත් වෛද්‍ය ක්‍රම මගින් මේක හොඳ කරන්න බෑ.එහෙම පුලුවන් කියල නොමග ගිය ලෙඩ්ඩු අපි හොඳ කරල යවල තියෙනව.මොන ගෙඩියෙන් හරි වවාගන කන්න බලන මිනිස්සු ඉන්න නිසා අසරන ලෙඩ්ඩු දුක් විඳිනව ඒ නිසා අහුවෙන්න එපා.
ඔපරේෂන් එකෙදි ඉනෙන් පහල හිරි වට්ටල ඉකිලියේ කැපුමක් යොදල අර එලියට ආපුව ඇතුලට දාල වහන එකයි කරන්නෙ.ඊට අමතරව දැලක් වගේ එකක් බිත්තියට තියල මහනව.එතකොට ආයෙ එන එක වලක්වන්න පුලුවන්.ඔපරේෂන් කරාම සති දෙකක් වත් යනකල් රෙස්ට් කරන එක හොඳයි ඇඳේ ඉන්න ඕන නෑ ඒත් කිලෝ විස්සට වඩා බර උස්සන්න පුලුවන් වෙන්නෙ සති දෙකක් වත් ඉඳල සාමාන්‍ය ජීවිතේ කටයුතු සති තුනකින් පටන් ගන්න පුලුවන්.කිලෝ පනහක් විතර උස්සන වැඩ බඩෙන් ඩම් එක අල්ලල කරන වැඩ කරන්න නම් මාස තුනක් වත් ඉන්න ඕන නැත්තම් අර මැහුම් ගලවගෙන ආයෙ ගෙඩි එනව.වෘෂණ කොෂෙටම ආපු ඒව සැත්කම් කරානම් තද අන්ඩර්වෙයා එකක් අඳින්න ඕන සති දෙකක් විතර මොකද කෝෂ ඉදිමෙන්න පුලුවන්.
දැන් නවතම ක්‍රමය තමයි ලැපරොස්කපික් ක්‍රමයට හර්නියා සැත්කම් කිරීම අවශ්‍ය නම් පස්සෙ විස්තර කියන්නම්.
අපේ කස්ටියත හර්නියා තියේ නම් අල බැහැල පොල් ගෙඩි සයිස් වෙනකල් ඉන්නෙ නැතුව ළඟම රෝහලේ ශල්‍ය සායනයට යන්න.
බුදු සරණයි
Last edited:
