හර්ස් ඩ්‍රයිවර්

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    හර්ස් ඩ්‍රයිවර්

    ඔන්න එක මහත්තයෙක් හවස් ජාමේ පොඩි ගමනක් යන්න ටුක් ටුක් එකකට නැග්ගා. දැන් අපි ටුක් ටුක් එකක යනකොට වුනත් බහින තැනට කියන නම දන්නෙ නැතිනම්, එහෙම නැත්නම් බහින තැන හොයාගෙන යන්න ඕනනම් කරන්නේ ටුක් ටුක් ඩ්‍රයිවර්ගේ කරට උඩින් පාර බලාගෙන ගිහින් නවත්තන්න ඕන තැන කියන එකනේ. ඔන්න ඉතින් අපේ මේ මහත්තයත් ටුක් ටුක් ඩ්‍රයිවර්ගේ උරහිසට උඩින් බලාගෙන ඉඳලා බහින තැන පෙන්නන්න ඩ්‍රයිවර් මහත්තයගේ උරහිසට තට්ටු කරනවා. ඒ පාර ඩ්‍රයිවර් මහත්තයා හොඳටම කලබල වෙනවා, බුදු අම්මෝ කියාගෙන ටුක් ටුක් එකත් කොන්ට්‍රෝල් නැතුව පෙරළෙනවා කාණුවට. මහත්තයත් ෆුල් මඥ්ඥං. පස්සේ පොඩ්ඩක් කලබලේ සන්සිඳුනට පස්සේ මහත්තයා කියනවා ටුක් ටුක් ඩ්‍රයිවර්ට,
    "සොරි මල්ලි, ඔයා ඇයි එහෙම කලබල වුනේ මම පිටට තට්ටු කරලා බහින තැන පෙන්නුවහම?"
    ටුක් ටුක් මල්ලි කියනවා,
    "නෑ නෑ මහත්තයගේ අතේ වැරැද්දක් නෑ. මම අද තමයි මුලින්ම ත්‍රී විල් එකක් එලවන්න පටන් ගත්තේ. මීට කලින් අවුරුදු විස්සක්ම මම එලෙව්වේ හර්ස් එකක්!"​
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    ayyoo patta!!!

    Rep ewara welalu ban... :( :( :( :( :( :( :(