හරියටම_මැරෙන දවස කියන දවස වැඩි ඇතක නෑ...

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    හරියටම_මැරෙන දවස කියන දවස වැඩි ඇතක නෑ...

    7932322418_365b4efb5f.jpg


    කෙනකු ස්‌වභාවිකව මැරෙන දිනය හරියටම කිව හැකි විද්‍යාත්මක ක්‍රමයක්‌ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්‌ටර් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇනිටා ස්‌ටෙෆනොවස්‌කා සහ මහාචාර්ය පීටර් මැක්‌ලින්ටොක්‌ යන දෙදෙනා විසින් සොයා ගනු ලැබ තිබෙනවා. මෙය Medical Test එකක්‌.

    දියවැඩියාව ගැන හෙළි කරන රුධිර සීනි පරීක්‍ෂණයක්‌ හෝ පිළිකාවක්‌ හඳුනා ගැනීමට උපකාරී වන ඇටමිඳුළු පරීක්‍ෂණයක්‌ හා සමාන වන මෙය කිසියම් පුද්ගලයකු හරියටම මියයන දිනය කිව හැකි ලොව පළමුවන විද්‍යාත්මක පරීක්‍ෂණය ලෙස ඉතිහාසයට එක්‌වනවා. මේ පරීක්‍ෂණයට යොදා ගත්තේ අත් ඔරලෝසුවක්‌ වැනි උපකරණයක්‌.

    සම මත ඇති endothelial සෛලවල ස්‌වභාවය හඳුනා ගැනීමටත් ඒ සෛල වියපත්වන කාලය කවරක්‌ද යන්න කීමටත් මේ උපකරණයට පුළුවන්. ඒ අනුව කෙනකු වැහැරී ස්‌වාභාවිකවම මිය යන කාලය හෝ දිනය හරියටම කීමට මෙම උපකරණයට හැකි වනවා.

    මනුෂ්‍ය ශරීරයේ තිබෙන කේෂ නාලිකා තුළ එන්ඩොෆොලියල් නමැති සෛල විශේෂය තිබෙනවා. මනුෂ්‍ය ශරීරය තුළ අඩංගු කුඩාම රුධිර නාලිකා ලෙස හැඳින්වෙන්නේ කේෂනාලිකායි.

    මේ සියුම් නහර විශේෂය සිරුරේ හැම තැනකම විසිරී තිබෙනවා. සිරුරේ සෑම තැනකම සිදුවන ක්‍රියාකාරකම් සමඟ මෙම කේෂ නාලිකාවලට විශාල සම්බන්ධයක්‌ තිබෙනවා. අතේ බඳින උපකරණය මගින් කරන්නේ එක්‌ඩොකෙලියල් සෛලය විශ්ලේෂණය කිරීමයි.

    මැරෙන දිනය හරියටම කිව හැකි උපකරණයට දැනටමත් පේටන්ට්‌ අයිතිය ලබාගෙන අවසන්. මේ උපකරණය මගින් එන්ඩොතෙලියල් සෛලවල මට්‌ටම ’0′ සිට ’100′ දක්‌වා වර්ගීකරණය කරනවා.

    ඒ අතරතුර පවතින විවිධ මට්‌ටම්වලදී මනුෂ්‍ය ජීවිතයකට තව ඉතිරිව ඇත්තේ කොපමණ කාලයක්‌ද කියන එක මේ පර්යේෂණය සිදුකළ මහාචාර්යවරුන්ට කියන්නට පුළුවන්.

    මැරෙන දවස කියන උපකරණය තව වසර තුනකින් වෛද්‍යවරුන්ට ලබා ගත හැකි පහසු මිලකට නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.


    source -fb
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැමෝම ස්වභාවිකවම මැරෙන්නෙත් නෑ අනික අපි හැමෝම ඉස්සරට වඩා කෘතිම රස කාරක fast foods වලට නැඹුරු වෙලා ඉවරයි ... තරහ කාරයෙක් වහ ටිකක් දුන්නොත් ... කවුරු හරි වෙඩි තිබ්බොත් ... ලෝක යුද්ධයක් ඇවිළුනොත් :confused: :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kawda danne swabawikawama marenna weida kiyala

    හැමෝම ස්වභාවිකවම මැරෙන්නෙත් නෑ අනික අපි හැමෝම ඉස්සරට වඩා කෘතිම රස කාරක fast foods වලට නැඹුරු වෙලා ඉවරයි ... තරහ කාරයෙක් වහ ටිකක් දුන්නොත් ... කවුරු හරි වෙඩි තිබ්බොත් ... ලෝක යුද්ධයක් ඇවිළුනොත් :confused: :dull:
    මටත් හිතුනේ මේකම තම‍යි......බලාපොරොත්තු නොවුන හදිසි අනතුරකින් හෝ වෙන විදි‍යකට කෙනෙක් මැරෙන්නත් ඕන තරම් ඉඩ ති‍යනවනේ........

    Good post machan.....Rep+
     
    • Like
    Reactions: Dhanushka.N