හරියට tile අල්ලමු

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Supiri wedak machan.....Digatama karan yamu..
    11.gif
    ++++++
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ටයිල් නිවැරදිව තොරා ගන්නේ කොහොමද

    ටයිල් නිවැරදිව තොරා ගන්නේ කොහොමද


    එලකිරි යාලුවන්ගෙ යහපත් ප්‍රතිචාර නිසා ඔන්න ඉක්මනටම තව කරුණු ටිකක් කියන්න හිතුවා...
    එක දෙයක් මතක තියා ගන්න ඔනෙ.... මෙතන මම කියන්නෙ ගොඩාක්ම සරල කරුණු විතරයි.... ඕනෑම කෙනෙකුට ලෙසියෙන් තෙරුම් ගන්න් පුලුවන් දේවල්.... එහෙම හොඳයි කියල හිතනවා...

    ටයිල් වල වර්ග ගොඩාක් තියනවා... මේ එක එක වර්ග වල තියෙන ගුනාංග එකිනෙකට වෙනස්. ඉතිං ඒනිසාම මේවා පාවිච්චි කරන අවස්ථා එකිනෙකට වෙනස්.

    1. අපි හැමෝම දන්න ටයිල් වර්ගයක් තමයි ( Glazed Tiles ) කියන්නෙ

    මේවා අපි පාවිච්චි කරන්නේ නිවසේ විසිත්ත කාමර, ශාලාව, නිදන කාමර වගේ වියලි පරිසරයක් තියෙන තැන් වලට තමයි...
    මේවා වල ප්‍රයෝජන ගොඩක් තියනවා....
    ආලෙපිත glazed coating එක නිසා කල් පැවැත්ම හොඳයි.
    ජලය උරා ගැනීමක් නෑ..( උඩු මහලේ පොලවෙන් බිම් මහලේ සීලිමට දියසීරාවක් ගලා ඒම වලක්වනවා....)

    0KTDA3p.png

    අපි හැමොම කැමති මෙවා ඇල්ලුවම කන්නඩිය වගේ දිලිසෙන නිසා....

    60x60cm-Marble-Design-Glaze-Porcelain-Floor-Tile-PJ6625-.jpg


    නමුත් එකම දේ තමයි නිතර වතුර වැටෙන තැන් වල මේ ටයිල් අල්ලන්න එපා... අත පය හතර කඩාගන්න වෙයි...
    උදා: කුස්සිය


    2. Unglazed ටයිල් කියන්නේ තව ජාතියක්.

    මෙවයෙ අර කියපු glazed coating එක නෑ. එනිසා පොඩි රලු ස්වභාවයක් තියනවා... දිලිසෙන්නෙ නෑ... මේවා නිතර වතුර වැටෙන තැන් වගේම එලිමහන් වලට පාවිච්චි කරනවා.. මේ ටයිල් වල රලු බවත් වෙනස් වෙනවා... smooth, semi rough, rough කියල වෙනස් වෙනවා... මොකද ගරාජයකට වගෙ අල්ලන ටයිල් එකක් බැකනියකට ගැලපෙන්නෙ නෑ...
    මේ කියන smooth ටයිල් නම් ගෙදර කාමර, ශාලාව ඇතුලු ඕනෑම තැනකට ගැලපෙනවා...

    G01.jpg


    මේ ටයිල් වල තියන එකම අවාසිය පිරිසිදු කරන්න ටිකක් අමරුයි. ( glazed tile වලට සාපෙක්ෂව ) මොකද කුනු දූවිලි රැදෙන්න ලේසි, ඒ වගේම සමහර තෙල් වර්ග උරා ගන්නත් ඉඩ තියනවා... එහෙම උනොත් පැහැය වෙනස් වෙන්න පුලුවන්.


    මීට අමතරව තව ගොඩක් වර්ග තියනවා....

    3.මොසැයික්
    4. ග්ලාස් මොසැයික්
    5. මාර්බල්
    6. ග්‍රැනයිට්...

    තව ගොඩක් ජාති තියනවා....

    මගෙන් අහන්න එපා ටයිල් ගන්න යන්න ඔනෙ Rocell ද lanka tiles ද කියලා මොකද එවා ගැන කතා කරන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ....

    ඇත්තටම මට කියන්න ඔන වුනේ ටයිල් තෝරගන්න කොට සැලකියයුතු කරුනු ටිකක් ගැන......

    මෙන්න මෙහෙමයි.....

    1. වර්නය හා මෝස්තර රටාව

    මේක ඉතින් 100% හිමිකරුවා ගේ සම්පුර්ණ නිදහස මත කෙරෙන දෙයක්. අපිට මුකුත් කියන්න බෑ...
    ( සැම විටම පාවිච්චි කරන්න බලාපොරොත්තු වන ගෘහභාන්ඩවල වර්නය හා බිත්ති වල වර්නය ඔලුවෙ තියාගෙන ටයිල් තෝරා ගන්න... )

    2. ටයිල් කැටයක ප්‍රමානය ( tile size )

    වැදගත් ම කරුන නම් ටයිල් කැටයක් ප්‍රමානයෙන් ලොකු වෙන්න වෙන්න අපතේ යන ප්‍රමානය (wastege) වැඩි වෙනවා. නමුත් ටයිල් කැටය ලොකු වෙන්න වෙන්න ලස්සන වැඩි වෙනවා.
    උදා: 30 x 30 ටයිල් කැටයකට වඩා 60 x 60 ටයිල් කැටයක් ඇල්ලුවම ලස්සනයි.. වැඩි පෙනුමක් ලැබෙනවා.... නමුත් එක එක 60 x 60 කැටයක් කැඩුනොත් 30 x 30 කැට 4ක් කැඩුනා හා සමානයි...
    සරලම විදියට කියනව නම්.... ලොකු වර්ගඵලයක් තියෙන ස්ර්‍ජුකෝනාස්‍ර කොටසකට ( හොල් එකකට .... විසිටිං, ලිවිං ) ලොකු ටයිල් එකක් අල්ලන්න පුලුවන්.. නමුත් පෑන්ට්‍රිය, කුස්සිය, වැසිකිලිය වගේ තැන් වලට කුඩා ටයිල් ඇල්ලීමෙන් අනවශ්‍ය වියදම් අඩු කර ගන්න පුලුවන්


    3. ටයිල් වල ගනකම (thickness)

    ටයිල් කැටයක ගනකම ගොඩක් වැදගත් වෙන්නෙ ටයිල් වල කල්පැවැත්මට... ගනකම වැඩි ටයිල් එකක සවි ශක්තිය කල්පැවැත්ම වැඩී...
    තවත් වැදගත් දෙයක් තමයි ටයිල් එකේ අලෙපිත coating එකේ ගනකම. ටයිල් ගන්නකොට මේ coating එකේ ගනකම ගැනත් චුට්ටක් කල්පනාකාරී වෙන්න.


    g1HSHF1.jpg


    4. ටයිල් අතර පරතරය ( spacing)

    මෙතනත් ගොඩක් අය වරද්ද ගන්න තැනක්.... දැන් අලුත් ක්‍රමයට හැමෝම කැමතී ටයිල් අතර ඉඩක් නැතුව (zeero joint) විදියට ටයිල් අල්ලන්න....
    නමුත් හැම ටයිල් එකක්ම එහෙම අල්ලන්න බෑ... එහෙම අල්ලන්න පුලුවන් ටයිල් තියනවා බැරි ටයිල් තියනවා... ඒ ගැනත් පස්සට කියල දෙන්නම්.


    5. මේක නම් මගේ පෞද්ගලික හැඟීමක්....
    ටයිල් ගන්නකොට ( බිමට ) ස්කර්ටින් (Skirting) එකට අවශ්‍ය වෙන ටයිල් ප්‍රමානයත් එතැනින්ම ගන්නවා නම් හොඳයි.... එතන වාසි 2ක් තියනවා...

    1. අපිට අවශ්‍ය වන දික් අඩි ප්‍රමානයට පමනයි මුදල් ගෙවන්න වෙන්නේ. අපතේ යාමක් නෑ. ( ගෙදරදි බසුන්නෑ ටයිල් කපනකොට කඩුනොත් පාඩුව අයිතිකරුටයී)

    2. යන්ත්‍රානුසාරයෙන් (champer) කර නිම කරවා ගත හැකි වීම

    kpr070.jpg


    තව ගොඩක් දේවල් තියනවා කියල දෙන්නනම්.... අදට ඇති... අයෙත් ලියන්නම් ඉක්මනටම..... ඔයාලගෙ දිරි ගැන්වීම සහ උනන්දුව නිසාමයි මේ ටික ලිව්වෙ....
     
    Last edited:

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    එල එල මචං.. වටින ත්‍රේඩ් එක.. ඉතුරු ටිකත් ඉක්මනින් දාපන්.. ටයිල් තෝරගන්නෙ කොහොමද කියන සීන් එක එහෙම.. මගේ ගෙදරත් උඩ කෑල්ලට තාම ඇල්ලුවෙ නෑ.. මුදල් ප්‍රශ්නයක් නිසා.. :(

    පොඩි පොඩි අදහස් ටිකක් එකතු කලා කොච්චර දුරට වැදගත් වෙවිද කියල නම් දන්නෙ නෑ....
     
    • Like
    Reactions: Randike Mendis