ටයිල් කරන විට දැන ගතයුතු කරුනු
1. ටයිල් වතුරේ පෙඟවීම
දැකල ඇති ඉස්සර නම් ටයිල් අල්ලන්න කලින් සේරම ටයිල් ටික වතුර බේසමක දාල තියනවා හොඳින් පෙඟෙන්න. නමුත් දැන් කලෙ බාස්ලා එහෙම කරන්නෙ නෑ... ඇහුවම කියනවා " මේ ටයිල් පොඟවන්න ඔන නෑ කියලා..."
මේ කතාව ඇත්තද.... ඔව් සමහර ටයිල් වර්ග මේ විදියට වතුරෙ පොඟ වන්න ඕන කරන්නෙ නෑ... මොකද ඒවා වල වතුර උරා ගැනීමේ ගුනය හරිම අඩුයි... නමුත් මේ හැම එකක්ම නෙමෙයි.... සමහර එව විතරක් බව මතක තියා ගන්න....
2. එකම රටාවට ටයිල් ඇල්ලීම
ගොඩක් අය දන්නවත් ඇති නමුත් හැමෝම දැන ගන්න ඔන නිසා කියන්නම්..... අපි තෝරගත්ත ටයිල් වල විවිධ රටා තියනවනේ.... නමුත් සමහර රටා අඳුරගන්න ටිකක් අමාරුයි බැලු බැල්මට.... ටයිල් කීපයක් ඇල්ලුවම තමයි තෙරෙන්නෙ එකක් රටාවෙන් පිට කියල.. තනියෙන් ටයිල් කැටේ බැලුවට පෙන්නේ නෑ....
ඉතින් මේකට කරන්න ඔන දේ තම ටයිල් කැටේ පිට පැත්ත හරවලා බලන්න.
මේ විදියටම නැතත් ඊතලයක් ඇඳලා තියනවා හැම ටයිල් කැටයකම. මේක ගොඩක් වැදගත් වෙන්නෙ කෑලි කැපෙන තැන් වලදි වගේ.. එහෙම වෙලාවට කපන කෑල්ල ගැන හිතනව මිසක් රටාව අමතක වෙනවා... නමුත් ඊතලය බැලුවම ලෙසියෙන් පැත්ත තෝර ගන්න පුල්වන් වෙනවා....
3. සිමෙන්ති මිශ්රනය
ටයිල් අල්ලන්න සිමෙන්ති මිශ්රනයක් පාවිච්චි කරන්න පුලුවන්... ටයිල් අල්ලන්නම හදපු විශේෂ සිමෙන්ති වර්ගයක් තියනවා... tile glue කියන්නෙ මේවට... නමුත් මිල අධිකයි.
මෙ tile glue වල වාසි අවාසි වගේම විවිද tile glue වර්ග අපි නව තාක්ෂනය යටතේ කතා කරමු.නමුත් මිශ්රනය ඉතා හොඳින් අනා ගන්න ඔනෙ... නැතිනම් පස්සෙ ටයිල් බොල් වෙන්න මේක බලපානවා...
4. ටයිල් අල්ලන පිලිවෙල
ටයිල් අල්ලද්දි හැම වෙලේම එක පිලිවෙලකට අල්ලන්න ඔනෙ. අල්ලල ඉවර වුනු ටයිල් උඩින් ඇවිදින්න තියා ගන්න හොඳ නෑ.. ( කාමරයක වගේ නම් කෙලවරකින් පටන් ගෙන දොර ගාවින් අවසන් කරන්න )
අල්ලලා ඉවරවුනු ටයිල් කැට එවෙලෙම පිරිසිඳු කරන්න ඔනෙ. නැතිනම් එවයෙ රැඳුනු සිමෙන්ති හයි වෙනවා... පස්සෙ සූරන්න වෙනවා යවන්න... මැට් ටයිල් එකක් නම් ලෙසිත් නෑ යවන්න....
මේවා පුන්චි දෙවල් උනාට පුන්චි අතපසු වීමකින් ලොකු පාඩුවක් වෙන්න පුලුවන්
5. curing
කවුරුවත් නොකරන වැදගත්ම දේ තමයි ටයිල් අල්ලලා ඉවර උනාට පස්සෙ දින දෙකක් හොඳින් වතුර දාන්න ඔනෙ.... ( හරියට අපි කපරාරුවට වතුර දානව වගේ)
මේකට කියන්නෙ curing කියලයි. මොකද අපි සිමෙන්ති වලින් කරන හැම වැඩකදිම වතුර දාන්න ඔනෙ... හොඳින් curing කලාම ශක්තිමත් බැඳිමක් ලැබෙනවා...ගැලවීයාමේ හැකියාව අඩු වෙනවා.
6.grout කිරීම
grout කිරීම කල යුත්තේ මින් පසුවයි... ටයිල් ඇල්ලීමෙන් පසු දීර්ග කාලයක් grout නොකර තැබීම හොඳ නෑ... මෙකෙන් ටයිල් බොල් වෙන්න පටන් ගන්නවා.... ඒනිසා curing අවසන් වූ පසු ඉක්මනින් grout කිරීම වැදගත්.
සැ.යු. grout කිරීමට පෙර ටයිල් අතර දාර ඉතා හොඳින් පිරිසිඳු කරන්න. නැතිනම් grout වල කල් පැවැත්ම අඩු වෙනවා.. grout ගැලවෙන්න පටන් ගන්නවා....
grout කිරීමෙන් පසු හොඳින් පිරිසිඳු කිරීමත් ඉතා වැදගත්.... මොකද grout සිමෙන්ති වලට වඩා ගොඩක් හයියයි. ඒනිසා වේලෙන්න කලින් ඉතා හොඳින් පිහිදන්න ඔනෙ.
තවත් කරුනු ඉදිරියේදි බලාපොරොත්තු වන්න
Last edited: