හරියට tile අල්ලමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
එළකිරි...
වැදගත් පෝස්ට් එකක්....

ELA REP+3


එල...... එල.....


11.gif

good post

වටින්වා සහෝ ගොඩක්ම....++

අපේ ගෙදරත් දැන් ටයිල් අල්ලාගෙන යනවා. කාමර වල නම් ඇල්ලුවා. සාලේ ඉතුරු වෙලා තියෙනවා.
thx for the advice machan

elazzzzzzzzz


දිරි ගැන්වීම් වලට ගොඩක් ස්තුති... තවත් කරුනු ඉක්මනින්ම දාන්නම්
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
ටයිල් කරන විට දැන ගතයුතු කරුනු

1. ටයිල් වතුරේ පෙඟවීම

දැකල ඇති ඉස්සර නම් ටයිල් අල්ලන්න කලින් සේරම ටයිල් ටික වතුර බේසමක දාල තියනවා හොඳින් පෙඟෙන්න. නමුත් දැන් කලෙ බාස්ලා එහෙම කරන්නෙ නෑ... ඇහුවම කියනවා " මේ ටයිල් පොඟවන්න ඔන නෑ කියලා..."
මේ කතාව ඇත්තද.... ඔව් සමහර ටයිල් වර්ග මේ විදියට වතුරෙ පොඟ වන්න ඕන කරන්නෙ නෑ... මොකද ඒවා වල වතුර උරා ගැනීමේ ගුනය හරිම අඩුයි... නමුත් මේ හැම එකක්ම නෙමෙයි.... සමහර එව විතරක් බව මතක තියා ගන්න....

2. එකම රටාවට ටයිල් ඇල්ලීම

ගොඩක් අය දන්නවත් ඇති නමුත් හැමෝම දැන ගන්න ඔන නිසා කියන්නම්..... අපි තෝරගත්ත ටයිල් වල විවිධ රටා තියනවනේ.... නමුත් සමහර රටා අඳුරගන්න ටිකක් අමාරුයි බැලු බැල්මට.... ටයිල් කීපයක් ඇල්ලුවම තමයි තෙරෙන්නෙ එකක් රටාවෙන් පිට කියල.. තනියෙන් ටයිල් කැටේ බැලුවට පෙන්නේ නෑ....
ඉතින් මේකට කරන්න ඔන දේ තම ටයිල් කැටේ පිට පැත්ත හරවලා බලන්න.

m7wh2LB.jpg



මේ විදියටම නැතත් ඊතලයක් ඇඳලා තියනවා හැම ටයිල් කැටයකම. මේක ගොඩක් වැදගත් වෙන්නෙ කෑලි කැපෙන තැන් වලදි වගේ.. එහෙම වෙලාවට කපන කෑල්ල ගැන හිතනව මිසක් රටාව අමතක වෙනවා... නමුත් ඊතලය බැලුවම ලෙසියෙන් පැත්ත තෝර ගන්න පුල්වන් වෙනවා....


3. සිමෙන්ති මිශ්‍රනය

ටයිල් අල්ලන්න සිමෙන්ති මිශ්‍රනයක් පාවිච්චි කරන්න පුලුවන්... ටයිල් අල්ලන්නම හදපු විශේෂ සිමෙන්ති වර්ගයක් තියනවා... tile glue කියන්නෙ මේවට... නමුත් මිල අධිකයි.

මෙ tile glue වල වාසි අවාසි වගේම විවිද tile glue වර්ග අපි නව තාක්ෂනය යටතේ කතා කරමු.නමුත් මිශ්‍රනය ඉතා හොඳින් අනා ගන්න ඔනෙ... නැතිනම් පස්සෙ ටයිල් බොල් වෙන්න මේක බලපානවා...

4. ටයිල් අල්ලන පිලිවෙල

ටයිල් අල්ලද්දි හැම වෙලේම එක පිලිවෙලකට අල්ලන්න ඔනෙ. අල්ලල ඉවර වුනු ටයිල් උඩින් ඇවිදින්න තියා ගන්න හොඳ නෑ.. ( කාමරයක වගේ නම් කෙලවරකින් පටන් ගෙන දොර ගාවින් අවසන් කරන්න )

අල්ලලා ඉවරවුනු ටයිල් කැට එවෙලෙම පිරිසිඳු කරන්න ඔනෙ. නැතිනම් එවයෙ රැඳුනු සිමෙන්ති හයි වෙනවා... පස්සෙ සූරන්න වෙනවා යවන්න... මැට් ටයිල් එකක් නම් ලෙසිත් නෑ යවන්න....
මේවා පුන්චි දෙවල් උනාට පුන්චි අතපසු වීමකින් ලොකු පාඩුවක් වෙන්න පුලුවන්

5. curing

කවුරුවත් නොකරන වැදගත්ම දේ තමයි ටයිල් අල්ලලා ඉවර උනාට පස්සෙ දින දෙකක් හොඳින් වතුර දාන්න ඔනෙ.... ( හරියට අපි කපරාරුවට වතුර දානව වගේ)

මේකට කියන්නෙ curing කියලයි. මොකද අපි සිමෙන්ති වලින් කරන හැම වැඩකදිම වතුර දාන්න ඔනෙ... හොඳින් curing කලාම ශක්තිමත් බැඳිමක් ලැබෙනවා...ගැලවීයාමේ හැකියාව අඩු වෙනවා.

6.grout කිරීම

grout කිරීම කල යුත්තේ මින් පසුවයි... ටයිල් ඇල්ලීමෙන් පසු දීර්ග කාලයක් grout නොකර තැබීම හොඳ නෑ... මෙකෙන් ටයිල් බොල් වෙන්න පටන් ගන්නවා.... ඒනිසා curing අවසන් වූ පසු ඉක්මනින් grout කිරීම වැදගත්.

සැ.‍යු. grout කිරීමට පෙර ටයිල් අතර දාර ඉතා හොඳින් පිරිසිඳු කරන්න. නැතිනම් grout වල කල් පැවැත්ම අඩු වෙනවා.. grout ගැලවෙන්න පටන් ගන්නවා....

Fhud6kP.jpg


grout කිරීමෙන් පසු හොඳින් පිරිසිඳු කිරීමත් ඉතා වැදගත්.... මොකද grout සිමෙන්ති වලට වඩා ගොඩක් හයියයි. ඒනිසා වේලෙන්න කලින් ඉතා හොඳින් පිහිදන්න ඔනෙ.

තවත් කරුනු ඉදිරියේදි බලාපොරොත්තු වන්න
 
Last edited:
  • Like
Reactions: roshan1

Jayantha Upatissa

Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    මටම මගේ ටයිල් ටික අල්ලගන්න හිතුන. ඉතුරු විස්තර ටිකත් දාන්න.
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    එලකිරි ආ.... :) ටයිල් ස්පේසර් ලගදි ආව සීන් එකක්ද.....??


    අලුත්ම දෙයක් නෙමෙයි... නමුත් ගොඩක් බාසුන්නැහේ ලා පාවිච්චි කරල නෑ. වැදගත් වෙන්නෙ අයිතිකරු විදියට අපි දැනුවත් වෙලා ඉන්න එකයි.
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මටම මගේ ටයිල් ටික අල්ලගන්න හිතුන. ඉතුරු විස්තර ටිකත් දාන්න.


    විස්තර ටිකක් 4 වන පිටුවේ සහ 9 වන පිටුවේ තියනවා.... තවත් විස්තර කියන්නම් සහෝ.....
     
    බයික් නම් "රත්තරන්"
    කෝච්චි නම් "පෙරේරා"
    ටින්කරින් නම් "IDG"
    ලේලන්ඩ් නම් "යුරාජ්"
    වගේ
    අලුත්ම එකා තමයි
    ටයිල් නම් "D Ran"

    හොද වැඩක් මචන් මමත් මේ ටිකේ ගෙයක් හදාගෙන යනවා.
    මට යාලුවෙක් වැඩේ පටන් ගන්න කලින්ම කිව්වා "මචන් බාස්ලා එක්ක වැඩ කරන්න නම් වෙනම මුල ඉදන් ඉස්කෝලේ යන්න ඕන කියලා"
    සහතික ඇත්ත..
    පිස්සු හැදෙනවා උන් දෙන ආතල් වලට.

    දිගටම කරගෙන පලයන් මචන්..
    :D:D:D

    2++
     
    Last edited:

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    බයික් නම් "රත්තරන්"
    කෝච්චි නම් "පෙරේරා"
    ටින්කරින් නම් "IDG"
    ලේලන්ඩ් නම් "යුරාජ්"
    වගේ
    අලුත්ම එකා තමයි
    ටයිල් නම් "D Ran"

    හොද වැඩක් මචන් මමත් මේ ටිකේ ගෙයක් හදාගෙන යනවා.
    මට යාලුවෙක් වැඩේ පටන් ගන්න කලින්ම කිව්වා "මචන් බාස්ලා එක්ක වැඩ කරන්න නම් වෙනම මුල ඉදන් ඉස්කෝලේ යන්න ඕන කියලා"
    සහතික ඇත්ත..
    පිස්සු හැදෙනවා උන් දෙන ආතල් වලට.

    දිගටම කරගෙන පලයන් මචන්..
    :D:D:D

    2++


    ටයිල් විතරක් නෙමෙයි ගෙයක් හදනකොට අයිතිකාරය විදියට අපි දැනගෙන ඉන්න ඕන වැදගත්ම කරුනු ටිකක් ඉදිරියෙදි දාන්න හිතුවා අපෙ යාලුවෝ හින්දම.... ඉඩ ලැබෙන විදියට දාන්නම් සහෝ.... කොමෙන්ටුවට ස්තුති...