හරීන් ඌව මහ ඇමති

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
හරීන් ඌව මහ ඇමති

har.png


ඌව පළාත් සභාවේ මහඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම්දී තිබේ.

ඌව ආණ්ඩුකාර සී.නන්දමැතිව් මහතා ඉදිරියේ හරීන් ප්‍රනාන්දු මහතා මීට ටික වේලාවට පෙර දිවුරුම්දී ඇත.

ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානයට එහි බලය හිමිවූ අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌවේ මහ ඇමති ලෙස දිවුරුම්දෙන ලදී.

‍කෙසේ වුවද ඔහු මහඇමති ලෙස දිවුරුම්දී මාස තුනකට වැඩි කාලයකින් එහි බලය පෙරළුණු අතර ඊට ආසන්නතම හේතුව ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමය.


උපුටා ගැනීම: අද දෙරණ
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔක්කොමට කලින් මහින්දයගෙ අගවිනිසුරුවයි ආන්ඩුකාරයොයි එලවන්න ඔනි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ වනවිට මොණරාගල සිරිගල පිහිටි නිවසින් බඩු භාණ්ඩ ඉවත්කරගෙන ඇති බව වාර්තා වේ. ඔහුට මහ ඇමති ධුරය ඉතා ඉක්මනින් අහිමිවනු ඇති බවද එසේ වුවහොත් යවිපක්ෂ නායක ධුරය පවා හිමි නොවනු ඇති බවද පලාත් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.

    එම පළාත් සභාවේ විපක්ෂ නායක වශයෙන් පත්වීමට අවශ්‍ය බහුතර කැමැත්ත හෝ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ලබාගත නොහැකි බව හෙළි වෙමින් තිබේ. ඔහු මෙයට දින කිහිපයකට පෙර කතරගම දේවාලයේ බස්නායක ධුරයෙන්ද ඉවත්වූ බව වාර්තා විය.