හල්දුම්මුලේ සිට බන්ඩාරවෙලට පාර දිගේ

gepa

Well-known member
  • හල්දුම්මුලේ සිට බන්ඩාරවෙලට පාර දිගේ

    වාහනේක බන්ඩාරවෙල යන්න සෙට් උනා හදිසියේම.නිකමට වගේ කැමරාවත් දාගෙනයි ගියේ.වාහනේ ශටර් එකෙන් කැමරාව එලියට අරන් හල්දුම්මුලේ ඉඳන් හපුතලේ හරියට යනකන් පින්තූර ටිකක් ගත්තා.හදිසියට ගත්තට පොඩි ගතියක් තියනවා වගේ හංඳා එලකිරියට දාන්න හිතුනා..

    පාර දෙපැත්තම මීදුමෙන් වැහිලාමයි ගොඩක් වෙලාවට

    DSC_0055.jpg


    DSC_0049.jpg


    DSC_0050.jpg


    මේ හපුතලේ කිට්‍ටුව.ගස් අමුතුවට උඩට ගිහින්

    DSC_0061.jpg


    සරුවට වැවුනු තේ යායවල්

    DSC_0054.jpg


    යන අතරමග කඩේක හිටපු පොඩි මල්ලියෙක්

    DSC_0072.jpg


    මේ හපුතලේ කන්ද හරිය
    DSC_0068.jpg


    මේ හපුතලේ කන්ද පාර මීදුම්න් වැහෙන්න ඔන්න මෙන්න කියලා

    DSC_0066.jpg


    මේ පින්තූර හපුතලේ කන්ද පල්ලෙහා,මම ඉන්න සීමාවේම උසින් වලාකුලු යායක්..යටින් මීදුම දානවා
    DSC_0084.jpg


    DSC_0089.jpg


    DSC_0103-2.jpg


    DSC_0096.jpg


    මේ මීදුමත් එක්ක හල්දුම්මුල්ල කිට්‍ටුව කන්දක්

    මේ පරේ සුරතලී ඇල්ල බෙලිහුල් ඔය තානායම හරියේ හිරිකටු ඔය වගේ තවත් ගොඩක් තැන් බලාගෙන යන්න පුලුවන්.ඒත් මම හදිසි ගමනක් අතරේ ගත්ත පොටෝ ටිකක් හඳා සුන්දර තැන් වැඩි හරියක් මග ඇරුනා..එහෙනම් අදට තොරනේ විස්තරේ අහවරයි.. බලා ගිය හැමට ඉස්තූතියි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    bump
    මම ආසම පැත්තක්
    දැනට මතකේ තියෙන මුල්ම දවස් වල හිටියේ ඔය පැත්තේ

    එ මතකේ නිකක් දිවය ලෝකයක් වාගේ :)

    10+
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය පළවෙනි පින්තූරෙ තියෙන හරියෙ (හපුතලේ වයි හන්දියේ) පටන් ගන්න තැනම උඩ තියෙන බංගලාවෙ තමයි මම ඊයෙ පෙරේදා හිටියෙ. අපරාදෙ දන්නවනන් සෙට් වෙලා ෆන් එකක් ගන්න තිබ්බ.. ඔය ඒ ප්ලේස් එකේ මේ දවස් දෙකේම වෙඩින් ෂූට් ටිකක් කරා... ෆයිනස් කැලෙ හරියෙ.. කොහොමද වැස්ස... කියල වැඩක් නැහැනේ... උදේ 10 පහුවෙච්ච ගමන් කලු කරල වහිනවා නේද...
     

    gepa

    Well-known member
  • ඔය පළවෙනි පින්තූරෙ තියෙන හරියෙ (හපුතලේ වයි හන්දියේ) පටන් ගන්න තැනම උඩ තියෙන බංගලාවෙ තමයි මම ඊයෙ පෙරේදා හිටියෙ. අපරාදෙ දන්නවනන් සෙට් වෙලා ෆන් එකක් ගන්න තිබ්බ.. ඔය ඒ ප්ලේස් එකේ මේ දවස් දෙකේම වෙඩින් ෂූට් ටිකක් කරා... ෆයිනස් කැලෙ හරියෙ.. කොහොමද වැස්ස... කියල වැඩක් නැහැනේ... උදේ 10 පහුවෙච්ච ගමන් කලු කරල වහිනවා නේද...


    අප්පට සිරි මරු වැස්සා.ලොකුවටත් නෑ.. ලා අදුරු පාට වෙනවා වට පිටාව විනාඩියෙන්.. ආයෙත් පැහැදිලි වෙනවා..ප්‍රී ශූට් වලට නම් මරේ මරු තමා අයියේ..දන්නේ නෑ නේ මේ ඉසව්වේ කියලා හිටියේ..නැද්ද ගත්තු පොටෝ එහෙම
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්පට සිරි මරු වැස්සා.ලොකුවටත් නෑ.. ලා අදුරු පාට වෙනවා වට පිටාව විනාඩියෙන්.. ආයෙත් පැහැදිලි වෙනවා..ප්‍රී ශූට් වලට නම් මරේ මරු තමා අයියේ..දන්නේ නෑ නේ මේ ඉසව්වේ කියලා හිටියේ..නැද්ද ගත්තු පොටෝ එහෙම

    නැහැ බන්.. කැමරාව ගද්දිම කොහෙන් හරි වැස්සක් පාත් වෙනවා :(:(:(