හලාල් ප්‍රශ්නය දෙස මැදහත්ව බලන්න

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හලාල් ප්‍රශ්නය දෙස මැදහත්ව බලන්න

    මෑතක සිට ඔබ මිලදී ගන්නා බොහෝ ආහාර, බෙහෙත් ආදී පාරිභෝගික ද්‍රව්‍යවල "හලාල්" නමින් ලාංඡනයක්‌ දක්‌නට ඇත. එය කිරිපිටි, බිස්‌කට්‌, නූඩ්ලස්‌, බීම වර්ග ආදී සෑම ඇසුරුමකම පාහේ දක්‌නට ඇත.

    මේ හලාල් යනු මුස්‌ලිම් ආගමික පිළිවෙතකි. එයින් කියවෙන්නේ "පරිභෝජනයට සුදුසුයි. අල්ලා දෙවියන් වහන්සේට කැපයි" යන්නයි. මුස්‌ලිම් අයට ඌරුමස්‌, ඌරුතෙල් මිශ්‍ර ආහාර මිලදී ගැනීම ආගමෙන් තහනම්. එබඳු බෙහෙතක්‌වත් ගැනීම තහනම්. එපමණක්‌ නොව සතුන් මැරිය යුත්තේද හෙමින් හෙමින් ලේ වැගිරීමට සැලසීමේ කෲරතර ක්‍රියාව මගිනුයි. හේතුව ලේ ආහාරයට ගැනීමත් තහනම් වීමයි. එහෙම නොවන දේ වලට කියන්නේ "හරාම්" කියලයි.

    මේ හලාල් ලකුණ සහිත ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල විවෘත සංවාදයක්‌ ආරම්භවී තිබෙනවා. එක්‌ පාර්ශ්වයක්‌ කියන්නේ හලාල් මිලදී ගැනීම වැරදි බවයි. දෙවැනි පාර්ශ්වය කියන්නේ හලාල් මිලට ගැනීම කිසිදු වරදක්‌ නොවන බවයි. රජයේ මැති ඇමැතිතුමන්ලත් කරුණු දක්‌වන්නේ මේ දෙවැනි පාර්ශ්වය නිවැරදි බව කියන්නයි.

    පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා කථා කරමින් කියා සිටියේ හලාල් ක්‍රමය ජාත්‍යන්තරයෙන්ම පිළිගත් නිවැරැදි පිළිවෙතක්‌ බවයි. රජය පැත්තෙන් කරුණු දක්‌වන ආකාරයෙන් නම් පෙනී යන්නේ ඒ ඇත්තන් බරපතල මිථ්‍යාවක පැටලී සිටින බවයි. ඒ අය කියන්නේ "හලාල්" සංවාදය මගින් සිංහල මුස්‌ලිම් ගැටුමක්‌ නිර්මාණය කරන්නට කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බවයි. එය වැරදි අර්ථ කථනයක්‌. "හලාල්" ප්‍රශ්නය දෙස අවංක ලෙස, මධ්‍යස්‌ථ ලෙස බලන විට පෙනී යන්නේ එහි මුස්‌ලිම් විරෝධයක්‌ හෝ හලාල් විරෝධයක්‌ නැති බවයි. එහි තිබෙන්නේ හලාල් නමැති ඉස්‌ලාම් ආගමික සංකල්පය වර්තමානයේ මෑතක සිට ක්‍රියාත්මක කරනු ලබන ආකාරය පිළිබඳ විවේචනයක්‌ පමණයි.

    මෑතකදී එස්‌. බී. දිසානායක ඇමැතිතුමාත් මේ ගැන නිවැරදි නොවන ප්‍රකාශයක්‌ කර තිබුණා. ඒ නිසා ඇමැතිතුමන්ලාටත් වඩාත් නිවැරදි අවබෝධයක්‌ ලබාදීම සඳහා කෙටියෙන් කරුණු කිහිපයක්‌ පැහැදිලි කර දෙන්නයි මේ ලිපිය මගින් උත්සාහ කරන්නේ.

    මෙත්තා වචී කර්මයෙන් යුතුව අප දක්‌වන මේ මධ්‍යස්‌ථ අදහස්‌ පිළිබඳ සාවධාන වන ලෙස මැති ඇමැතිතුමන්ලාට කාරුණිකව දන්වා සිටිනවා. අප වැරදි නම් නිවැරදි කරන ලෙස ද ඉල්ලා සිටින්නට කැමතියි.

    මේ හලාල් අනුමැතිය දෙන්නේ All Ceylon Jamiyyaathul Ulama කියන මුස්‌ලිම් පූජක සංවිධානය මගිනුයි. ඒක නිකම්ම දෙන්නේ නෑ. වාර්ෂික බඳු මුදලක්‌ දිය යුතුයි. ඒ ඒ ව්‍යාපාරයේ හැටි හැටියට මුදල වෙනස්‌. අඩුම වශයෙන් රු. 175,000/} ක්‌ වත් වනු ඇති. රුපියල් දස ලක්‍ෂයකට වැඩියෙන් ගෙවන නිෂ්පාදන ආයතන ද රාශියක්‌ තියෙනවා. දැනට එබඳු හලාල් භාණ්‌ඩ වර්ග 4500 කට වැඩියි. ඒ අනුව මේ මුස්‌ලිම් උලමලාට වර්ෂයකට ලැබෙන අවම ආදායම රු. 7,000,000,000/} (රුපියල් කෝටි හත්සියයක්‌) වන බව අන්තර්ජාල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ කෙරුණා. මේ මුදල කෙලින්ම ලැබෙන්නේ උලමලාට. මුස්‌ලිම් ආගම ව්‍යාප්තියට පමණක්‌ නෙමෙයි, ජිහාඩ් වැනි අල්කයිඩා වැනි ආයුධ සන්නද්ධ අන්තවාදී වැඩවලටත් යොදා ගැනෙන්නේ මේ මුදල් සම්භාරයයි. මෙපමණක්‌ නොවෙයි. හලාල් සහතිකය ලත් ආයතනවල මුස්‌ලිම් කෙනෙකුට හෝ දෙදෙනකුට රැකියා දිය යුතුයි. මේ ක්‍රමයෙන් මුස්‌ලිම් අය 10,000 ක්‌ පමණ බලහත්කාරයෙන් රැකියාත් ලබනවා.

    දැන් ප්‍රශ්නය මේකයි. මේ රටේ මුස්‌ලිම් අය ඉන්නේ 9% යි. බෞද්ධ 70% ක්‌ පමණ. අර සුළු පිරිස වෙනුවෙන් මේ සා විශාල මුදලක්‌ අපි ගෙවන්නේ ඇයි. අප නොඅදහන අප ගරු නොකරන හලාල් නමැති ආගමික විශ්වාසය වෙනුවෙන් මුස්‌ලිම් උලමලාගේ මඩිය තර කරන්නේ ඇයි?

    සාමාන්‍ය මුස්‌ලිම් ආගමිකයන් මේ කූට උපයාමාර්ග ගැන දන්නේ නෑ. ඒ අය අහිංසකයි. නමුත් අපට පැහැදිලිව පේනවා මෑතක සිට මේ "හලාල්" නමින් ක්‍රියාත්මක කරන්නේ සිංහල - මුස්‌ලිම් ජනතාවන් අතර පවත්නා සමගිය හා මිත්‍රත්වය විනාශ කරන උපක්‍රමයක්‌ බව. ඒ දේ කරන්නේ මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක්‌ විසිනුයි.

    ළඟදී ඒ. එච්. එම්. µවුසි ඇමතිතුමා මේ වගේ අදහසක්‌ කිව්වා. "හලාල් කැමැති නැති අය නොකා ඉන්න. හලාල් නොවන දේ කෑවොත් නරකාදියේ උපදින නිසා අපි හලාල් කනවා." (29.01.2013 රාත්‍රී 8.00 ස්‌වර්ණවාහිනී ප්‍රවෘත්ති) ඒක හරි. ඒ ඇත්තන්ට හලාල් ඉල්ලන්න අයිතියක්‌ තියෙනවා නම් හලාල් නොවන දේ ඉල්ලන්නත් අපට අයිතිය තියෙනවා. නමුත් බලපෑමෙන්, අයථා උපක්‍රම මගින් සියලු පරිභෝගික ද්‍රව්‍ය හලාල් කරලා නම්, අපි කොහොමද අපට අවශ්‍ය විදියෙ භාණ්‌ඩ තෝරන්නෙ. නිදසුනක්‌ වශයෙන් සියලු කිරිපිටි වර්ග හලාල් නම් අපි කොහොමද කිරි පිටි එකක්‌ තෝරා ගන්නේ?

    හලාල් නොකෑවෙත් මුස්‌ලිම් ඇත්තො නරකාදි යනව නම්, හලාල් කෑවොත් අපටත් වෙන්නෙ නරකාදියේ උපදින්නයි.

    මේ හලාල් වැඩේ නොමිලේ කෙරෙනවා නම් අපට කමක්‌ නෑ. නමුත් මේ වැඩේ නිසා අදාල භාණ්‌ඩවල මිළ වැඩිවෙලා. ඇයි අපි කාගේවත් විශ්වාසයකට වැඩි මිළක්‌ ගෙවන්නේ?

    සාමාන්‍යයෙන් ගණන් බලා ඇති පරිදි සෑම පාරිභෝගිකයෙක්‌ම දිනකට රුපියල් 20/} ක්‌ හෝ ඊට වැඩි මුදලක්‌ හලාල් සඳහා ගෙවනවා. ඒක සාධාරණද? මේ හලාල් කිරීම මහාපරිමාණයෙන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්න ගත්තෙ දැනට මාස 4 ක පමණ ඉඳල. ඇමැතිතුමා කියන විදියට හලාල් නොවන දේ පරිභෝග කිරීම නිසා නරකාදියේ උපදිනවා නම්, මේ හදිසි හලාල් ව්‍යාප්තියට කලින් කාපු බීපු කවුරුත් නරකාදියෙද? එහෙනම් ඇමතිතුමාගේ මිය ගිය නෑදැයො ඔක්‌කොම අපායෙ වෙන්න ඕනෙ.

    අපි µවුසි ඇමැතිතුමා ගැන හිතමු. එතුමාගේ වයස දැන් 76 යි. එතුමාගේ ජීවිතේ වැඩිම කාලයක්‌, ඒ කියන්නේ දැනට මාස 4 ක්‌ පමණ වන තෙක්‌ වැඩිපුර පරිභෝජනය කළේ "හරාම්"ම දේවමයි. දැන් මේ ළඟකදි තමයි හලාල්ම පූර්ණ වශයෙන් පටන් ගත්තේ. ජිවිතේ ඉතිරි හරිය ගණනය කළහොත් ඒ කාලය ගතවුණු ජීවිත කාලයට වඩා බොහොම අඩුයි. ඒ අනුව වැඩි කාලයක්‌ හලාල්ම නොගැනීමේ වරදට. එතුමා ඒකාන්තයෙන්ම ඉපදෙන්නේ අපායෙමයි. අනේ ඇමතිතුමෝ ඔබතුමා ගැන අපට කණගාටුයි.

    එහෙනම් මොකක්‌ද ඉස්‌ලාම් ඇදහීමේ අර්ථය. ජපානයේ මේ හලාල් පිළිවෙත ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ වගේ රටවල ඉන්න මුස්‌ලිම් ඇත්තෝ ඉන්නේ බඩගින්නේද? විශාල මුස්‌ලිම් ජනගහනයක්‌ ඉන්න ඉන්දියාවේ වත් මේ තරම් හලාල් ව්‍යාප්තියක්‌ නෑ.

    ඒ අයගේ ආගමික උවමනාවක්‌ වෙනුවෙන් අපි අපේ ලේ දහඩිය වැනි මුදල් ගෙවන්නේ ඇයි?

    මේ ප්‍රශ්නය 91% ක්‌ පමණ අපේ රටේ ජීවත් වන මුස්‌ලිම් නොවන හැම දෙනාටම පොදුයි. බලන්න අප කාටත් නොදැනීම මුස්‌ලිම් අය කරන කූඨ ප්‍රයෝගයේ හැටි? ඔබට හිතේවි මේ වැනිදේට තමයි කියන්නේ ඌරගේ මස්‌ ඌරගේ පිටේම තියලා කපනවයි කියල. නමුත් ඒ උපමාව හරි මදි. මේ උලමලාගේ හලාල් අපචාරයට දෙන්න තියෙන උපමාව මේකයි. ඌරගේ මස්‌ ඌරාගේ පිටේ තියලා ඌරාගේ අතින්ම කප්පවනවා වගේ.

    හලාල් කියන්නේ ඒකාධිකාරි දම්වැලක්‌. යම් නිෂ්පාදනයක්‌ හලාල් කරන විට ඒ නිෂ්පාදනයට යොදාගන්නා අනෙකුත් අතුරු නිෂ්පාදනත් හලාල් විය යුතුයි. ඒ හැම භාණ්‌ඩයකම හලාල් වෙනුවෙන් පාරිභෝගිකයා මුදල් ගෙවනවා. බලන්න මේ දම්වැලේ හෙවත් ජාලයේ අප පැටලැවිලා තියෙන හැටි. පුදුමය නම් බෝතල් වතුරත් හලාල් කරලා. තව ටික දවසක්‌ ගියාම කඩදාසි ගෘහභාණ්‌ඩ පිඟන් කෝප්ප ආදියටත් හලාල් ඒවි. ඒ සියල්ලටමත් එක්‌ක මුස්‌ලිම් අන්තවාදීන්ට කප්පම් ගෙවන්න වෙන්නේ අපිටමයි.

    අපේ බුද්ධිමත් මුස්‌ලිම් පිංවතුන් මේ ව්‍යසනය තේරුම් ගන්න. මෙය ඔබට එරෙහි ව්‍යාපාරයක්‌ නෙවෙයි. ජාති භේද ආගම් භේද අවුස්‌සනවා නෙවෙයි. අපට සිදුවන බලවත් අසාධාරණයක්‌ ගැන හඬඟා කියනවා පමණයි. "ඉස්‌ලාම්" යන වචනයේ තේරුම සාමය යන්නයි. නමුත් මේ වැනි ක්‍රියා මගින් පවතින සාමයත් විනාශ වෙනව නොවේද? ශුද්ධ කුරාණයේ නම් කියන්නේ හලාල්ම සපයා ගැනීමට දුෂ්කර අවස්‌ථාවල හලාල් නොකළ දේත් පරිභෝජනයට ගැනීම වරදක්‌ නොවන බවයි. (ශුද්ධ කුරාණය( සුරා 2, 173 පදය) බලන්න කොයි තරම් මධ්‍යස්‌ථ ඉගැන්වීමක්‌ද? නමුත් සමහර අන්තවාදීන් තමයි මේ සත්‍ය විකෘති කරන්නේ.

    ශුද්ධ කුරාණයේ 4 වැනි අන්නිසා සුරාව, 97 වැනි පදයේ ඉගැන්වීමට අනුව, ඉස්‌ලාම් බැතිමතකු මිය ගිය විට මැලෙයිකා දේව දූතයන්ගේ විමර්ශණයට භාජනය වෙනවා. එහිදී ඉස්‌ලාම් නොවන රටක ජීවත් වෙමින් හරියට ආගම අදහන්නේ නැතිව මිය ගියොත් අපායගාමී වන බව සඳහන් වෙනවා. එසේ අපායගාමී නොවන්නට නම් අන් අයගේ රටවල්aවලින් බැහැර වී අල්ලාටම අයිති රටකටම යායුතු බවට උනන්දු කෙරෙනවා. (ඔබ සිටි ඒ රට අතහැර පිටව යා යුතුව නොතිබුණේ දැයි විමසන්නේ මය.

    මේ ශුද්ධ කුරාණයේ ඉගැන්වීම් අනුව ඉස්‌ලාම් නොවන රටකදී සියලුම ඉස්‌ලාම් චාරිත්‍ර පොතේ හැටියට ඉටු කිරීම කළ නොහැකි බව පිළිගැනෙනවා.

    මෙබඳු සංවේදී ප්‍රශ්නවලදී ජාතිවාදයෙන් බැණ අඬ ගසමින් සිංහලයාටම තර්ජනය කිරීම මහලොකු වීරකමක්‌ ලෙස සලකන ඇතැම් මැති ඇමැතිවරුන්ගේ මෝහ මූලික ක්‍රියාකලාපය පිළිබඳව අප බලා සිටින්නේ ඉමහත් සංවේගයෙන් යුතුවයි.

    මේ කරුණු අනුව පෙනී යන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන "හලාල්" ප්‍රතිපාදන මගින් මුස්‌ලිම් නොවන අයට බලවත් අසාධාරණයක්‌ වන බවයි. පාරිභෝගික භාණ්‌ඩවල තත්ත්ව සහතිකය සඳහා රජයේ අනුමත ක්‍රමවේදයක්‌ තිබෙනවා. SLS (ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය) ISO (ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය) යනුවෙන් ලාංඡන යොදන්නේ ඒ අනුවයි. එහෙත් රජය අනුමත ආගමික සංවිධානයකට එබඳු සහතික නිකුත් කිරීමට අවසරය ලැබුණේ කෙසේද? එබඳු ක්‍රම මගින් පාරිභෝගිකයාගෙන් වැඩි මිලක්‌ ලබා ගැනීමට අවසරය ලැබුණේ කෙසේද? පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම සඳහා වන "පාරිභෝගික අධිකාරිය" වෙනුවෙන් තවත් කණ්‌ඩායමක්‌ සූරා කනු ලැබීමට ඉඩදීම රාජ්‍ය ව්‍යවස්‌ථාවේ පුරවැසියාගේ සමාන අයිතිය පිළිබඳ වගන්තිය උල්ලංගණය කිරීමක්‌ නොවන්නේද? සෑම රට වැසියකුටම සමාන ලෙස රැකවරණය සැලසීමේ ප්‍රතිපත්තිය මෙහිදී වත්මන් රජය විසින් නොසලකා හැර නොතිබෙන්නේද?

    ඒaනිසා මේ සිද්ධීන් සම්බන්ධයෙන් සිංහල මුස්‌ලිම් විරසකයක්‌ මවාපාන්නට යත්න නොදරන ලෙසත් කරුණු කාරණා මධ්‍යස්‌ථව සලකා බලා සිදුවන අසාධාරණය ඉවත් කරන්නට සතර අගතියෙන් තොරව (බිය ආදී කරුණු නිසා පක්‍ෂග්‍රාහී නොවී) ක්‍රියා කරන ලෙසත් වගකිව යුත්තන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අප හැම අද භුක්‌ති විඳින්නා වූ උදාර සාමය දිගු කලක්‌ පවත්වගෙන යැමේ උදාර සිතුවිල්ලෙන්මයි.

    සිංහල මුස්‌ලිම් සමගිය දිනේවා!

    දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
    ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි


    http://www.divaina.com/2013/02/17/feature19.html
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    හලාල් සහතිකය රජය මගින් ලබාදිය යුතුයි.
    වැඩේ ඉවරයි.
    ලංකාවේ සිංහල එවුන්ට කවදා මොලේ පැදෙයිද දන්නේ නැහැ.
     
    ලංකාවේ සිංහල එවුන්ට කවදා මොලේ පැදෙයිද දන්නේ නැහැ.
    රතු මිරිස් කනකල් මොළේ පෑදෙන්නෙ නෑ:yes:. (නමුත් ඒ කියන එකවත් තේරුම් ගන්න හැකියාවක් නෑනේ - ඉතිං කොහෙද ජාතිය බේරගන්නේ :rolleyes: )
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඉදිරියේ රාළ;20902219 said:
    රතු මිරිස් කනකල් මොළේ පෑදෙන්නෙ නෑ:yes:. (නමුත් ඒ කියන එකවත් තේරුම් ගන්න හැකියාවක් නෑනේ - ඉතිං කොහෙද ජාතිය බේරගන්නේ :rolleyes: )

    අනිත් රටවල ඉන්න සුළු ජාතිකයන්ට නටන්න දෙන්නේ නැහැ.
    ලංකාවේ එවුන්ට කොන්ද පන නැති නිසා මුස්ලිම් එවුන් රගපනවා..
     
    ලංකාවේ එවුන්ට කොන්ද පන නැති නිසා මුස්ලිම් එවුන් රගපනවා..
    අවුරුදු 200කට කලින් කොණ්ද පණ තියෙන්නත් ඊට පස්සෙ අවුරුදු 200ක ඉඳලා ටික ටික කොණ්ද පණ නැති වේගෙන එන්නත් හේතුව මොකක්ද :nerd: ?
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    halal kama kanawatwa wenne muslim nowen ayagen muslim wun TAX ekak gannawa wage wadak
    halal sahathike nikan den nha eketa kapena ganth apen ganne wikunana wun
    ekko halal saharthike nikan denna one nathnam waya wena gana muslim wun palli waling ekathu karala jamma da jummada wunta denna one

    ape rate idan api wunta tax gewanawa :angry::angry:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඉදිරියේ රාළ;20905293 said:
    අවුරුදු 200කට කලින් කොණ්ද පණ තියෙන්නත් ඊට පස්සෙ අවුරුදු 200ක ඉඳලා ටික ටික කොණ්ද පණ නැති වේගෙන එන්නත් හේතුව මොකක්ද :nerd: ?

    රතු මිරිස්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ඔය සහතිකේ දෙන්න කලින්.. ඔය මිනිස්සු කෑවේ.. ලංකාවේ කඩවල කෑම නෙවේද? ඒවා එතකොට දිර වැවුවේ නැද්ද? :baffled: මොන සහතිකෙත් රජයෙන් දුන්නා නම් ඉවරයි.:oo:
     
    Last edited: