හලාල් වලට එරෙහිව සටනක් !!!(නොවේ)

arunajn

Member
May 19, 2009
161
9
0
SINHALA RATE
යුක්තියේ මූලධර්ම බිඳදමන හලාල් බෙදුම්වාදය
දැන් රටම හලාල්ය. කාගේත් කතාව හලාල් ගැනය. බොහෝ මුස්ලිම් කෑම කඩවල හලාල් යැයි සඳහන් කර තිබුණේ අද ඊයේ නොවේ. එහෙත් එය මෙරට සමාජයට ප්‍රශ්නයක් නොවීය. එසේනම් හලාල් දැන් ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඇයි?
බස් රථයේදී නිතර නිතර ලියුම් කරුට හමුවන අබ්දුල් අයියාගෙන් හලාල් ගැන විමසූ කල ඔහු පැවැසුවේ මෙවැනි කතාවකි.
‘හලාල් කෑම කෑවම කාටත් ප්‍රශ්නයක් නැහැ. ඇඟටත් ගුණයි. මොකද හලාල් කිරීමේදී ඇඟට ගුණදායක තෙල් බිඳු කීපයක් කෑමවලට එක් කරනවා. ඒ අබ්දුල් අයියාගේ හලාල් සූත්‍රයයි. අබ්දුල් අයියාගේ තෙල් බිඳු කතාව ලියුම් කරුට හලාල් සංවාදයේදී අසන්නට ලැබුණේ නැත. එසේනම් මේ හලාල් යනු කුමක්ද? හලාල් යනු ආහාරපාන කැපකර ගැනීමේ ඉස්ලාම් ආගමික විධියයි. එහෙයින් හලාල් යන්නෙහි තිබෙන්නේ යෝග්‍ය කැප යන තේරුමය. හලාල්වලට ප්‍රතිවිරුද්ධ වචනය හරාම්ය. එහි තේරුම අකැප, අයෝග්‍ය යන්නයි. මේ අයුරින් ආහාරපාන පිළිබඳ ඒ එ් ආගමික හා සංස්කෘතික පසුබිම අනුව ලෝකයේ ජන සමාජවල තිබෙන පිළිවෙත වෙනස්ය. සමහරුන් භාවිත කරන ආහාරපාන තවත් අය අනුභව නොකරති. ඉස්ලාම් භක්තිකයෝ ඌරුමස් නොකති. බොහෝ බෞද්ධයෝද ගවමස් අනුභව නොකරති. ඒ අනුව හලාල් - හරාම් යනු ඉස්ලාම් භක්තිකයා තමන්ගේ භාවිතයට යෝග්‍ය සහ අයොග්‍ය ආහාරපාන වෙන්කර ගැනීම සඳහා අනුගමනය කරන එසේත් නැත්නම් ඒ සඳහා ඉස්ලාම් ආගමෙන් නිර්දේශිත ක්‍රම වේදයයි. ආහාර පාන පිළිබඳ ඉස්ලාමිකයන්ගේ තවත් පිළිවෙතක් වෙන්නේ ‘අස්සව්ම් නමින් හඳුන්වන උපවාස සමයයි. අවුරුද්දේ රමලාන් මාසය පුරා එනම් පෙ.ව 6 සිට ප.ව. 6 දක්වා කාලයේදී ඉස්ලාමිකයෝ ආහාරපාන භාවිතයෙන් මිදෙති.
එසේනම් දැන් රටේ ඇති වී තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ගේ මෙකී හලාල් පිළිවෙතට එරෙහි විරෝධයක්ද? කිසිසේත්ම නැත. ඉස්ලාම් භක්තිකයන් කන බොන විධිය මෙරට බෞද්ධයන්ට එදා සේම අද ද ප්‍රශ්නයක් නොවේ. බෞද්ධයෝ අනෙක් මිනිසාගේ වෙනසට අනන්‍යතාවට ගරු කරති.
තතු එසේනම් මෙම හලාල් අර්බුදයේ පදනම කුමක්ද? විරෝධයේ අරමුණ කුමක්ද? ඒ පිළිබඳ පළ වී තිබෙන විවිධ මත විශ්‍ලේෂණයෙන් පසුව සැබෑ අර්බුදය තේරුම් ගැනීමට පසුබිම සැකසේ.
ලොකු කතා දොඩවන එවැනි කතාවලින් මුග්ධජනයා වශීකෘත කිරීමට පෙළෙඹෙන ඇමැති ඩලස්
බුදුපිළිමයට සහ කුරාණයට මුවා වී ‍ලේ සෙලවී මට ඉඩ නොතබන බවට පසුගිය කාලයේ පුරසාරම් දෙඩීය.
ජරා ජීර්ණ දේශපාලනේ තිත්ත වී පෙට්ටගමත් ඔළුව උඩ තියාගෙන රටින් පැන්න ඩලස් දොඩවන පුරසාරම් කතා ලියුම් කරුට හාස්‍ය රසය ගෙනදේ. බුදුපිළිමයට මුවා වි ‍ලේ සෙල වූ ඉතිහාසයක් තිබේනම් එය පෙන්වාදීමට ඩලස් ඇමැත්තා කටයුතු කළ යුතුය. එහෙත් කුරාණයේ නාමයෙන් නම් ‍ලේ දැනුදු සෙලවේ. අනෙක හලාල් ප්‍රශ්නයට බුදු පිළිමයක් ඈඳාගත්තේ කවරනම් කෙංගෙඩියකටද, මේ අතර දේශපාලනික වශයෙන් අවමංගල වී ඇති නමුදු නමින් මංගල නම් වන කට මැත දොඩවන්නා තලෙයිබාන් භික්ෂු කල්ලියක් ගැන කතා කළේය. මංගල ඉන් අදහස් කරන්නේ හලාල් ජාවාරමට එරෙහි වීම තලෙයිබාන් ප්‍රයත්නයක් බවද? කොළඹට පැමිණ ලිබරල් මහත්තයකු සේ පෙනි සිටින මංගල මාතරට ගොහින් ඡන්ද වැඩ කරන කොට කුලය ඈඳාගෙන දේශපාලනේ කරන හැටි ලියුම්කරු නොදන්නවා නොවේ. එවැනි මංගල තලෙයිබාන් භික්ෂු කල්ලියක් ගැන කතා කරයි.
ආණ්ඩුවේ ප්‍රමුඛ වාග්පතියකු වන ඇමැති නිමල් සිරිපාල හලාල් ගැන කතා කළේ බදුල්‍ලේ මුස්ලිම් ඡන්ද ටික ඔළුවේ තියා ගෙනය. රටට හෙණ ගැව්වත් දේශපාලනේ කොරන්න එපැයි නේද? කොහොම නමුත් ඇමැති නිමල් කිව්වේ හලාල් ආහාරවලටඅකමැති නම් හලාල් කැම පරිභෝජනය නොකරන ලෙසයි. මේ පිළිතුර, ගැලවිජ්ජා සූත්‍රය නිමල්ට ඉගැන්නුවේ ඔහුගේ හිතාදර ඇමැති ෆවුසි උන්නැහේ දැයි ලියුම්කරුට සිතේ. ඊට හේතුව ඇමැති ෆවුසි ‘හලාල් කෑම එපානම් නොකා ඉන්නැයි’ චණ්ඩියකු සේ පැවැසූ බැවිනි. නිමල් හා ෆවුසි යන දෙදෙනාට අනුව මෙතන තිබෙන්නේ හුදෙක් කෑම පිළිබඳ ප්‍රශ්නයකි. ඩලස් සහ මංගල වැන්නෝ ආගමික ප්‍රශ්නයක් දකිති. එසේ නම් මේ උද්ගත වී තිබෙන්නේ හලාල් විරෝධයක්ද, ආගමික ප්‍රශන්යක්ද? ආහාර පාන අනුභවය පිළිබඳ අර්බුදයක්ද? නොමැත. මෙහි කිසිම හලාල් විරෝධයක් නැත. ඇමැති චම්පිකට හෝ හෙළ උරුමයට හෝ බොදුබල සේනා සංවිධානයට ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට හලාල් විරෝධයක් නොමැත. මේ සියලු දෙනා විරෝධය පළ කරන්නේ හලාල් ජාවාරමටය. හලාල් නමැති ආගමික සිරිත ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බව ඔවුන්ගේ විවේචන වලින් පැහැදිලි වේ.
එසේනම් හලාල් උණුසුම යනු ආගමික විරෝධයක්ද? ඉස්ලාම් භක්තියන්ට එරෙහි නැගීටීමක්ද? බොහෝ දේශපාලන වාචාලයන් ‍පොට වරද්දාගත් තැන මෙතනය. හලාල් ජාවාරමට එරෙහිවීම යනු ආගමික හෝ හුදෙක් ආහාරපාන පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙහි තිබෙන්නේ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ අර්බුදයකි.
මෙරට මුස්ලිම් ජනගහනය 9කි. බෞද්ධයෝ 70ක් සිටිති. එහෙත් ජමියියතුල් උලමා සංවිධානය බෞද්ධයන් ඇතුළු රටේ හින්දු, ක්‍රිස්තියානි, ආදී සියලු දෙනාට හලාල් ආහාර කවා ‍පොවා ඇත. බෞද්ධයන්ට හින්දුන්ට ක්‍රිස්තියානින්ට හලාල් ආහාරපාන අවශ්‍ය නැත. එහෙත් ඔවුන්ට ඔවුන් මිලදී ගන්නා ආහාරපාන හා සමහර භාණ්ඩ වෙනුවෙන් හලාල් මිලක් ගෙවීමට සිදු වී තිබේ. මෙසේ භාණ්ඩවලට හලාල් අගයක් එකතු කිරීම නිසා ආණ්ඩුවෙන් පනවා තිබෙන බදුබර මදිවාට ජමියියතුල් උලමාලා විසින් පටවා තිබෙන හලාල් බරක් දැරීමට සිදු වී තිබේ. මෙහි තිබෙන සාධාරණත්වය හා යුක්තිය කුමක්ද? මෙය කළුකඩ ජාවාරමකි. ඉතා ප්‍රයෝගයෙන් මුදල්ගරා ගැනීමකි. බහුතර ජනතාවගේ මානව හිමිකම් කඩ කිරිල්ලකි. මේ උලමාලාගේ හලාල් ජාවාරමේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ පළමු අරමුණ මුස්ලිම් වෙළෙඳ අධිකාරියක්, ආධිපත්‍යයක් ගොඩ නැගීමය. වෙළෙඳාම සියතට ගත් විට දේශපාලනික ආදි සියලු පැතිවලින් බලය තහවුරු කරගත හැකි බව ඔවුහු දනිති. ක්‍රිස්තියානි අන්තවාදීන් මේ රට ක්‍රිස්තියානි කිරීමටත් මුස්ලිම් අන්තවාදීන් මුස්ලිම් කිරීමටත් මානබලන බව රහසක් නොවේ. ඒ සිහින සැබෑ කරගන්නා තෙක් බෞද්ධයෝ ඇස්කන් පියාගෙන මුනිවත රැකිය යුතුද? තමන්ගේ අයිතිය වෙනුවෙන් සංවිධානාත්මකව නැගිටීමට බෞද්ධයන්ට අයිතියක් නැද්ද? එසේ නැගිටීම අන්තවාදයක් ආගමික උන්මාදයක් වන්නේ කෙසේද? හලාල් ජාවාරමට එරෙහිව බෞද්ධ සමාජයේ හඬක් මතුවීමේ ප්‍රතිඵලයක් ලෙස යම් බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබේ. එය ඉස්ලාම් භක්තිකයන්ට හෝ කවර පිරිසකට හානියක් නොවේ. බෞද්ධ විරෝධයේ තිබෙන්නේ මුලින්ද සඳහන් කළ පරිදි සාධාරණ යුක්තිගරුක ඉල්ලීමකි. හින්දු සහ ක්‍රිස්තියානි ආදීහු එහිලා මුනිවත රකිති. ඔවුන් එසේ නිහඬවන්නේ ඇයි? හලාල් ජාවාරමෙන් ඔවුන්ගේ ‍පොකැට්ටුවටද වදී. බොහෝ ප්‍රශ්න ගැන කතා කරන කතෝලික සභාව මෙකි අයුක්තිය පිළිබඳ නිහඬවීම කිසිසේත්ම යුක්ති සහගත නොමැත.
මෙය බෞද්ධ සහ ඉස්ලාම් ප්‍රශ්නයක් සේ සිතන්නේ නම් එය පටු චින්තනයකි.
හලාල් ජාවාරම පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා මතු කළ තර්කයද අතිශය වැදගත්ය. එලෙස හලාල් වැනි ප්‍රමිති සහතියක් නිකුත් කිරීමට උලමාලාට බලයක් ලැබුණේ කෙසේද? යන්න ඔහු ප්‍රශ්න කළේය. භාණ්ඩයකට ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමට බලය තිබෙන්නේ ශ්‍රීලංකා ප්‍රමිති ආයතනයට හෝ අන්තර්ජාතික ප්‍රමිති ආයතනයට පමණි. එහෙත් රනිල් වික්‍රමසිංහ මතු කළ තර්කය පිළිබඳ ආණ්ඩුව පුළුල් අවධනායක් යොමු කළේ නැත. හලාල් ජාවාරම ගැන සොයා බැලීමට ආණ්ඩුව කමිටුවක් පත් කර තිබේ. ආණ්ඩු පත් කරන කමිටු ගැන අමුතුවෙන් කිවයුතු නැත. මෙහි අයුක්ති සහගත අසාධාරණ ස්වභාවයක් තිබෙන බව පැහැදිලි හෙයින් ආණ්ඩුව කිසිසේත්ම කල් මැරිය යුතු නැත. වැනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුද නැත. ආණ්ඩුවේ වගකීම සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමය. ජනසමාජය අන්තවාදී තැනකට තල්ලු වී යන්නේ ආණ්ඩුව සෘජුව තීන්දු ගතයුතු තැන්වලදී සෙවල පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් පමණි. දැඩිව තීන්දු ගත යුතු තැන්වලදී එහේට මෙහේට වැනිම අන්තවාදීන්ගේ මනදොළ ඉටුවන අයුරින් හැසිරීම ආණ්ඩුවක වගකීම නොවේ. එසේම ප්‍රශ්නවලින් ලිස්සායාම ආණ්ඩුවක පිළිවෙතද නොවේ. එනිසා උලමලාගේ මුළු රටම හලාල් කිරීමේ ජාවාර ම නතර කිරීමට ආණ්ඩුව නොපමාව යොමු විය යුතුය.
ඉස්ලාමික රටක්වන ඉරානය බුදුපිළිමය තහනම් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එහි ඉස්ලාම් ආගම හැරුණු කොට යුදෙව්, ක්‍රිස්තියානි ශරතුස්ත්‍රා ආදී ආගම් ඇදහීමට බාධාවක් නැත. එහෙත් බුදු පිළිමය තහනම්ය. ඉරානය බුදු පිළිමය තහනම් කළේ එමගින් සංස්කෘතික ආක්‍රමණයක් වන බව සඳහන් කරමිනි. බුදුපිළිමය ඉරානයේ සංස්කෘතික ආක්‍රමණයක් නම් හලාල් ජාවාරම කෙබඳු ආක්‍රමණිකයක්ද? ඉරානය බුදුපිළිමය දොට්ට දැමු ආකාරයෙන් මෙරට සිංහල බෞද්ධයා ඉස්ලාමයට සලකා නැත. ඉතිහාසය පුරා සිංහල බෞද්ධයා මුස්ලිම් භක්තිකයන්ට සියලු ආකාරයෙන් සලකා තිබේ. පෘතුගීසීන් පහර දෙන විට මුස්ලිම් භක්තිකයා රැකගත්තේ සිංහල රජතුමා විසිනි. මේ ඉතිහාසය යටපත් කර නොහැක. එහෙයින් සිංහලයා සමග සහයෝගයෙන් පෙරසේම ජීවත්වීමට ඉස්ලාමිකයා යොමු විය යුතුය.
සාමාන්‍ය ඉස්ලාම් භක්තිකයන් පිළිබඳ සිංහල බෞද්ධ සමාජයට ප්‍රශ්නයක් නැත. ඔවුන් විරෝධය පළ කරන්නේ අන්තවාදී ජාවාරම්කාරයන්ට පමණි. සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානයට ජමයිතුල් සංවිධානය විරෝධය පළ කරයි. උලමාලාගේ ජාවාරම කිසිසේත්ම ඉස්ලාමයට නොඑකඟ බව එම සංවිධානය අවධාරණය කරයි.
හලාල් සහතික කිරිල්ලක අවම මිල 1,75000කි. දැනට භාණ්ඩ 4500ක් පමණ හලාල් කර තිබේ. උලමාලාගේ වාර්ෂික ආදායම කෝටි 700කි.
මේ මුදල්වලට වෙන්නේ කුමක්ද? වහාම මේ ගැන පරීක්ෂණ පැවැත්විය යුතුය.
ඉස්ලාම් සමාජයේ මධ්‍යස්ථ බුද්ධිමතුන් යම් හඬක් නගා හලාල් ජාවාරම පිළිබඳ රට දැනුම්වත් කළ යුතුය. බුද්ධිමතුන්ගේ නිහඬවීමෙන් අන්තවාදීහු බලවත් වෙති. හලාල් සිරිතේ සහ හලාල් ජාවාරමේ වෙනස පෙන්වා දිය යුතුය.
මේ අතර බෞද්ධයන් මුස්ලිම් කරණයට ලක් කිරීමේ කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වන බව බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි. එම චෝදනාව අසත්‍යයක් නොවේ. තවත් පැත්තකින් ක්‍රිස්තියානි මූල ධර්මවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙයි. මේවා පිළිබඳ කෑ ගැසීම පමණක් කිසිසේත්ම විසඳුමක් නොවේ. සිංහල බෞද්ධ සමාජය අරාජිකය. එහි සංවිධානාත්මක ගමනක් නැත. නව අභියෝග හඳුනාගෙන නැත. ගිහි සමාජයේ සේම පැවිදි සමාජයේද අයා‍ලේ යාමක්ම දැකිය හැකිය. එහෙයින් ඇති වී තිබෙන බෞද්ධ ප්‍රබෝධය නිසි අයුරින් කළමනාකරණය කරගෙන නව අභියෝග වලට මුහුණ දිය හැකි ශක්තිමත් දීප ව්‍යාප්ත සංවිධානාත්මක ජාලයක් ගොඩ නගා ගැනීමට යොමු විය යුතුය. ඒ හැර වෙන මගක් නැත.

වරුණ අබේසේකර


Meka wenama lipiyak widihata damiya yuthu unath, athi tharam Halal Threads thibena nisa mehi damuwe...Lakbima uputa ganeemaki
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
වෙන තැනක දැන්මෙ මෙතනත් දැන්ම. හලාල් සහතිකය අපිට අනවශ්‍යයි. නමුත් ආයතන හලාල් නැති නිශ්පාදන වෙලද පොලට හදුන්වාදීම උත්තරය වෙන්නෙ නෑ. හේතුව මන්චි ආයතනයම ගත්තොත් ඔවුන් බිසකට් අපනයනය කරනව. ඒ කියන්නෙ ඔය තත්ව සහතිකේ අනිවා අවශ්‍ය වෙනව. එ නිසා මන්චි ආයතනය හලාල් නැති නිශ්පාදන බෞද්ධ අපි වෙනුවෙන් වෙලද පොලට එව්වට මන්චි බිස්කට් අපනයනය කිරීම සදහා ඔවුන් සතුව හලාල් සහතිකය තිබිය යුතු වෙනව. ඒ කියන්නෙ පෙර මුදලම නැවත වතාවක් අදාල උලමන්ට ගෙවන්න වෙනව. ඒ මුදලින් උලමල ආයිත් අපිට ගේම දෙනව.
ඒ කියන්නෙ ප්‍රශ්නය එතමයි නමුත් අවශ්‍යතාවය විසදිල. ඕක තමා දැන් දැන් වෙන්න යන්නෙ. ඒ නිසා හලාල් සහතිකය ඉල්ලිමේදි ආයතන වර්ගීකරනයකට යටත් නොවී නිශ්පාදිත හලාල් ප්‍රමානයන්ට යටත් වී මුදලක් අය කලයුතු වෙනව. එවිට ප්‍රශ්නය තරමක් දුරට නිරාකරනය වෙනව. ඒත් එවිට කර්මාන්ත ගැටලු කිහිපයක් එනව. හලාල් සහ නන් හලාල් ලෙස එකම නිශ්පාදිතය වෙන වෙනම තැන් දෙකකදි නිශ්පාදනය කිරීමට සිදු වෙනව. ඒ සදහා අදාල ආයතන දැරිය යුතු මුලු පිරිවැය ඉහල යනව. ඒ කියන්නෙ පෙරතිබූ මිලට අදාල බිස්කට ගන්න බැරි වෙනව.

ඒක කොහොමත් වෙනවනේ අපනයනය කරන බාන්ඩ ඒ ඒ රටවල් වලට අදාල ප්‍රමිති සහතික ලබාගන්නවා නැතුව SLS වලට යවන්න බෑනේ, ලංකාව වගේ නෙවි ඒ රටවල් වල (අරාබි විතරක් නෙවි යුරෝපීය) අදාල ප්‍රමිතිය තිබුනේ නැත්තන් රේගුවෙන් එලියට දන්නේ නෑ. ඒවාට වියදම් අනුව එහෙ මිල ගණන් තීරණය වෙනවා, ලංකාවේ මිලටම ඒ රටවල් වල බාන්ඩ ගන්න බෑ නේ.
ඕනෙම අපනයන බාන්ඩයක් එහෙමයි, ඒවාට වෙනම නිෂ්පාදනය කරනවා
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ඒක කොහොමත් වෙනවනේ අපනයනය කරන බාන්ඩ ඒ ඒ රටවල් වලට අදාල ප්‍රමිති සහතික ලබාගන්නවා නැතුව SLS වලට යවන්න බෑනේ, ලංකාව වගේ නෙවි ඒ රටවල් වල (අරාබි විතරක් නෙවි යුරෝපීය) අදාල ප්‍රමිතිය තිබුනේ නැත්තන් රේගුවෙන් එලියට දන්නේ නෑ. ඒවාට වියදම් අනුව එහෙ මිල ගණන් තීරණය වෙනවා, ලංකාවේ මිලටම ඒ රටවල් වල බාන්ඩ ගන්න බෑ නේ.
    ඕනෙම අපනයන බාන්ඩයක් එහෙමයි, ඒවාට වෙනම නිෂ්පාදනය කරනවා
    ඔව් ඒත හලාල් සහ නන් හලාල් ලෙස එකම නිශ්පාදිතය වෙලදපොලට හදුන්වාදීම ප්‍රශ්නෙට උත්තරය නෙමේ නේද?