හසලක වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හසලක වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න



    6SHtGlj.jpg


    gamini.jpg


    a3caf358c7b8a6968e28ac0047aa9f24-300x387.jpg

    1966 සැප්තැම්බර් 22 වැනි දින හසලක උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. හසලක ප්‍රදේශයේ ගොවියකුවූ වයි.බී.බබානිස් ගාමිණීගේ පියාවූ අතර, 1980 දී ඔහු මිය ගියේය. වයි.බී.ජුලියට් නමැති සිය මෑණියන් සහ සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමග ගාමිණී ජීවත්වූයේ හසලක ප්‍රදේශයේ කුඩා නිවෙසකය.

    මුලින්ම සාමාන්‍ය සෙබළෙකු වශයෙන් හමුදා සේවයට බැදුණු ගාමිණී මිය යන විට ලාන්ස් කෝප්‍රල්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියේය.

    මෙම වීර සෙබළා සිය ජීවිතය පූජා කර අලිමංකඩ හමුදා කදවුරේ 1500 කට ආසන්න හමුදා සෙබළුන්ගේ ජීවිත බේරාගනු ලැබුවේ 1991 ජූලි 14 වැනි දිනයේදීය.

    මෙම වීර ක්‍රියාව වෙනුවෙන් ගාමිණී කුලරත්න රණවිරුවා -පරම වීර විභූෂණ - සම්මානයෙන් පිදුම් ලැබීය.එසේම ඔහුගේ පිළිරූ දෙකක්ද ඉදි කරනු ලැබිණ. ඉන් එකක් ඔහු දිවි පිදූ අලිමංකඩ යුද හමුදා කදවුර අසළ ඉදි කෙරුණු අතර, අනෙක් පිළිරුව ඔහුගේ ගම් ප්‍රදේශයවූ හසලක නගරයේ ඉදිකරනු ලැබ තිබේ.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    රණවිරුවාණෙනි,
    අපගේ හදපිරි ප්‍රණාමය.....

    ඔබේ කැපකිරීමට අප සදා ණය ගැතිය ...

    :(:(:(:(:(