මචෝ, මේක ගැන නම් තව විස්තරයක් හොයගන්න ඕන බං, මගෙත් ඔය විදියටමයි lines තියෙන්නෙ (ඒත් මගෙ අත් උබට වඩ ලස්සනයි. මම උබට වඩා අඩුවෙන් අත පාවිච්චි කරන එකෙක් ලොල්)
මගේ අත බලන්න දුන්නම බලන්නෙ නැ බං මිනිස්සු, එකෙක් මගෙ මුන බලල හයියෙන් හිනා වෙලා නැගිටලා ගියා ඌ ආයෙ ආවෙ නැ, තව එකක් නලල රැලි කරන් ගොඩක් වෙලා කල්පනා කරල මට මේක ගැන නම් හරියටම කියන්න බැ මහත්තයො කියල වෙන තැනක් කිව්වා එතනින් බලන්න කියල, එතනට නම් මම ගියෙ නැ.
එකම එක පාරක් පාරේ සාස්තර කියන ගැනියෙක් නම් ගත්තගමන් කියවගෙන කියවගෙන ගියා සාමාන්‍ය මිනිහෙක්ගෙ වගේම, දන්නවනෙ උන්ගෙ ටෝක් ටික, පොඩි කාලෙ කරදර තිබිලා දැන් ඒවා නැ, බ්ලා බ්ලා බ්ලා මගේ හිතේ ගින්දර නැති උනා, ඒත් මේකි කියවලා ඉවර උනාම තමයි මගේ අත හරියට දැකලා තියෙන්නෙ, ඒකි එක පාරම නවත්තලා මාතයා 100 ක් දෙන්න මාතයට වරදින්නෙ නැ කියලා GF ට කිව්වා නොනා වාසනාවන්තයි මාතයව පරිස්සම් කරගන්න කියලා.
එතනින් පස්සෙ මම කාටවත් පෙන්නුවෙ නැ, බයයි බං.
අනිත් එක මට කාටවත් අත පෙන්න්න එපා කියල තව කෙනෙක් කිව්වා, උබට මොනා හරි විස්තරයක් අහු උනොත් කියපන්, උබට Super Powers මොනා හරි තියෙන්වාද බං ? අනේ මම නම් සාමාන්‍ය අතේ සතේ නැති කොල්ලෙක් :/