හාඩ් එකේ ඩේටා ටික Recover කරගන්න

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ !

    යාලුවෙක්ගේ ලැප් එකක් තියනවා හාඩ් එක ෆොර්මැට් කරන්න ගහින් C එක ඇරෙන්න ඉතුරු පාර්ටිෂන් ටික මැකිලා (ඉතුරු පාටිෂන් ටික මැකිලා විතරයි, ෆෝමැට් කරලා නෑ).

    කොහොමහරි ඊටපස්සේ C එක ෆෝර්මැට් කරලා වින්ඩෝස් දාලා.

    දැන් මචං වෙන පාටිෂන් පෙන්නන්නේ නෑ This PC ගියාම.

    Disk Management ගියාම Unallocated වල පෙන්නනවා ඉතුරු ඉඩ ටික.

    දැන් මචං වෙන්න ඕනේ ඕකේ තියන ඩේටා ටික රිකවර් කරගන්න එක. ඒක කොහොමද කරගන්නේ ?

    දන්න හොඳ රිකවරි සොෆ්ට්වෙයා එකක් තියනවද. Unallocated space එකේ ඩේටා ටික රිකවර් කරගන්න පුළුවන් එකක්.

    දන්නා අය කොටාගෙන යං කොල්ලනේ.

    Unallocated 500 GB විතර තියනවා. ඔය ටික රිකවර් කරන්න ඊට වඩා ලොකු සයිස් එකක් තියන හාඩ් එකක් හොයාගන්නත් වෙයි නේද :sorry:

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න මචංලා :)

    ස්තුති වේවා 🙏


    ඔව් ඔව් යාළුවන්ටමයි වෙන්නේ
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan mage pen eka wenuwt wena partitiion ekk format wela mama recover krghthte EaseUS recovery eken.. Software setups wage podi podi files thiyn dewal pawa hodt recover una... "Recuwa" eken recover karoth samahr welwt enne files tika withri, e kiyanne pictures , mp3 kiyala wena wenama enwa .. Folder structure eka na..
    EaseUS eken folder structure ekath ekkama recover una.. Unallocated space ekaka wada krnw d kiyl nam dnne na bn...

    Habai oya mona magua krannth data override krganne nathuw idapan..
     
    • Like
    Reactions: SpaceX

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    TestDisk නියමයි. MBR එක අවුල් ගියත් recover කරගත්ත ඒකෙන්. Dos වගේ interface එකක් තියෙන්නෙ. අවුලක් නෑ
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    අඩේ තැන්ක්ස් මචං හැමෝටම 🙏

    කරලා බලන්නම් මේ දේවල්
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    Ease US එකෙන් වැඩේ කරගත්තා මචං. :yes:

    බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්.

    Unallocated space එකත් අඳුරගත්තා මුළින්ම. කෙළින්ම ඒකම රිකවර් කරන්න පුළුවන් ආයේ ඒකෙන් පාටිෂන් හද හද ඉන්නේ නැතුව.

    සැළකිලිමත් වෙන්න ඕනේ එකම දේ තමා, රිකවර් කරන්න යන පාටිෂන් එක වගේ දෙගුණයක විතර හිස් ඉඩක් තියන ඩ්‍රයිව් එකක් ඕනේ වුණා අපිට නං, රිකවර් වෙන ෆයිස් ටික සේව් වෙන්න දෙන්න. මොකද ආදී කාලේ ඒවගේ ඉඳන් රිකවර් වෙනවා. යාලුවාගේ කාලෙකට කළින් මකපු ඩේටත් රිකවර් වෙලා තිබ්බා කිව්වා.

    එහෙනං, හැමෝටම ගොඩක් තෑන්ක්ස් කොල්ලනේ !!! :) 🙏 :love: