හාම්පුතා එනතුරු වසර දෙකක් රෝහලට එයි

ElaMans

Member
May 10, 2014
1,268
434
0
හාම්පුතා එනතුරු වසර දෙකක් රෝහලට එයි

loyal-dog2-550x405.jpg

තම ස්වාමියා මියගිය බව නොදැන ඔහු එනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ අවුරුදු 2 ක පුරාවට එක් දිනයකුදු මගනොහැර රෝහලට පැමිණ බලා සිටින බැල්ලියක ගැන සර්බියාවෙන් වාර්තා වේ.

මාෂා නම් සුරතල් නමින් හැදින්වෙන මේ ඩෑෂ්හවුන්ඞ් වර්ගයට අයත් බැල්ලියගේ ස්වාමියාව සිටියේ විශ‍්‍රාමිකයෙකි. ඔහු මීට අවුරුදු 2 කට පෙර හදිසි රෝගාබාධ තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් කෙරී තිබෙන අතර ඔහු රෝහලේදීම මියගොස් ඇත. මේ බව මාෂා නොදන්නීය. ඇයට කියාදීමටද රෝහලේ කාර්යමණ්ඩලයට නොහැකිය. කිහිපවරක්ම ඔවුන් ඇයට නව නිවසක් සොයාදුන්නද ඇය ඒ සෑම අවස්ථාවකම පැන විත් රෝහලටම පැමිණ ඇත්තීය. මාෂා රෝහලේ සිටින්නේ උදය කාලයේදී පමණක් වීමද විශේෂය.ඇය රාති‍්‍රයේ තම මියගිය ස්වාමියාගේ නිවස මුර කිරීමට යන්නීය.තම රාජකාරිය නිමවා ඇය වහාම පැමිණෙන්නේ රෝහලටය.

තම ස්වාමියා පැමිණෙන තෙක් වසර 10 ක් දුම්රියපළට වී බලා සිටි ජපානයේ හචිකෝ හා මාෂා සමාන කිරීමට මාධ්‍ය කටයුතු කර තිබේ.රුසියාවේ ඇය දැන් හැදින්වෙන්නේ ‘‘රුසියාවේ හචිකෝ‘‘ ලෙසය. රෝහල් කාර්යමණ්ඩලය ඇයට ආදරයම දක්වති. ඇය වෙනුවෙන් සයනයක් පිළියෙල කර දීමටද ඇය රෝහලට පැමිණෙන අවස්ථාවේදී කෑමට යමක් තැබීමටද ඔවුහු කටයුතු කරති.

‘‘පේනවද ඇයගේ ඇස්. ඒවා දිළිසෙනවා. සාමාන්‍යයෙන් බල්ලෙකුගේ ඇස් ඒ විදිහට දිළිසෙන්නේ නැහැ.ඇය හඩනවා.සතුන්ටත් අපට වගේම හැගීම් දැනීම් තිබෙනවා.අනාගතයේ කවුරුන් හෝ මාෂාගේ ආදරය දිනාගනීවි කියලා මගේ විශ්වාසයක් තිබෙනවා.එතකම් ඇයව අපි බලා ගන්නවා‘‘ යැයි පවසන්නේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය ව්ලැදිමිර් බෙෂ්පොලොව්ය.


loyal-dog3-550x349.jpg


loyal-dog-550x403.jpg

Source: lankadeepa
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ජපානයේ හචිකෝ හා මාෂා සමාන කිරීමට මාධ්‍ය කටයුතු කර තිබේ.රුසියාවේ ඇය දැන් හැදින්වෙන්නේ ‘‘රුසියාවේ හචිකෝ‘‘ ලෙසය.

    :)

    නියම සතෙක්,අපේ බල්ලාටත් මම දැම්මෙ හචිකෝ කියලා :yes: 9+

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    සිරාට පට්ටම දුක කතාවක්.. අපේ සමහර මිනිස්සු ළඟවත් නැති ලෙන්ගතුකමක් මේ සතාට උරුම වෙලා.. :sorry: