හාමුදුරුවනේ_තරහා_අවසර…!

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හාමුදුරුවනේ_තරහා_අවසර…!

හාමුදුරුවනේ තරහා අවසර…!

අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි වූ නිසා පන්සලෙන් ඈත්ව ජීවත්වන්නට තීරණය කළෙමි. සිතට සැනසිල්ලක් නොගෙනෙන පන්සලකින් ඇති පලය කුමක්ද…?

වරක් මගේ මිතුරෙක් හාමුදුරුවන්ගේ මේ කිපෙන සුළු බව අරබයා අපූරු ප‍්‍රකාශයක් කළේය. ‘‘අපේ හාමුදුරුවන්ට පොඩි දේකට වුනත් තරහා ගියාට, එතුමා හරිම සිල්වත්.’’ මා අදහන අන්දමට බුදු දහමෙහි ඇති මූලික ගුණාංගය වන්නේ මෛත‍්‍රිය හා කරුණාවයි. මෛත‍්‍රිය හා කරුණාව පෙන්වන්නට නොහැකිවන තැන ඇති බුද්ධාගම, මා අදහන බුදු දහමට පටහැනි වූවකි. ඉදින් වහා කිපෙන සුළු වූ අයෙක් සිල්වත් වන්නේ කෙසේද…? මේ පැනය මගේ මිතුරාගෙන් අසන්නට සිතුනත්, එයින් ඔහු සිත් තැවුලට පත්වනු ඇතැයි සිතා මුවින් නොබැන සිටියෙමි. සැරපරුෂ, තද ගති පැවතුම් සහිත වීම ලංකාවේ බොහෝ පන්සල්වල ලොකු හාමුදුරුවන් නමැති අයිකනයේ පොදු ලකුණකි. එසේ සැර පරුෂ, ලිහිලක් නොපෙන්වන ගුණාංග නොමැති නම් පන්සලක පාලනය සහ සංවර බව තබා ගන්නට නොහැකි වේ යැයි පොදු මතයක් අප අතර පවතී. එනිසා දුසිල්වත් බව සඳහා කැපෙන ලකුණු ගණන මේ සැර පරුෂ හෝ කිපෙන සුළු බව සඳහා නොදැනෙන තරම් කුඩා ඉලක්කමක් බවට අද අපේ බුද්ධාගමෙහි පත්ව තිබේ. අනෙක් වචනවලින් කියනවා නම් මෛත‍්‍රිය හා කරුණාව සඳහා ලැබෙන්නේ සිල්වත්කමෙන් අඩු ලකුණු ගණනෙකි. කුඩා කාලයෙහි පව්කාර කොල්ලන් වූ අප, පන්සලේ වෙරළු ගසට ගල් ගැහුවේ වෙරළු කෑමට ඇති උවමනාවට නොව, එහි විසූ වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ එයින් කෝප වී, කුණුහරුපයෙන් බැණ වදිනු අසා ප‍්‍රීති වීමටය.

ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ අද අපේ රටේ පවතින බුද්ධාගම මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන එනු ලැබූ බුද්ධාගම කියාය. යුද්ධය නිසා මිය ගිය මිනිසුන් සංඛ්‍යාව දැක කලකිරී බුදුදහම වැළඳගත් අශෝක අධිරාජයා ඉන් නොනැවතී සිය දෙදරුවන් ද ශාසනයට කැප කළේය. ඔහු පුත් මිහිදු මහ රහතන්වහන්සේ ලංකාවට රැගෙන ආවේ මේ බුද්ධාගමයි. එහෙත් වැඩි කලක් ගත නොවි මෙරට එකල සිටි බුද්ධ පුත‍්‍රයින් විසින් රජවරුන් යුද්ධය සඳහා මෙහෙයවමින් ඒ බුද්ධාගම කෙළසණු ලැබීය. එදා පටන් නොයෙක් ආකාරයෙන් වෙනස්කම්වලට බඳුන්ව පැමිණි අපේ සිංහල බුද්ධාගම ඉතා අසරණ තත්ත්වයට පත්වන්නේ, රට යුරෝපීයයන්ගේ යටත් විජිතයක් බවට පත්ව තිබූ සමයේය.

යුරෝපීයයන් ගෙන ආ ආගම් ප‍්‍රචාරය සමඟ තරග කරන්නට හැකි ආකාරයේ බුද්ධාගමක් උදෙසා අවශ්‍ය පණපෙවීමේ හැකියාව හා ශක්තිය අපේ ශ‍්‍රී ලාංකිකයනට තිබුණේ නැත. මේ අවශ්‍ය ප‍්‍රාණය පොම්ප කරනු ලැබුවේ අමෙරිකාවේ සිට පැමිණි හෙන්රි ඕල්කට් නමැති සුද්දා විසිනි. ඕල්කට්තුමා සුද්දන් ආගම් ප‍්‍රචාරය කළ ශෛලීයෙන් බුද්ධාගම ප‍්‍රචාරය කරන්නට ඇවැසි මෙවලම් නිෂ්පාදනය කළේය. බෞද්ධ ප‍්‍රචාරක වැඩ සටහන්, බෞද්ධ පාසල්, බොදු බැති ගී (කැරොල්) ආදිය හඳුන්වාදුන්නේ අපේ බුද්ධාගමට මිෂනාරි පන්නයේ ජීවයක් ලබා දෙමිනි.

අනගාරික ධර්මපාලතුමා ගොඩවූයේ මේ හෙන්රි ඕල්කට් නමැති සුද්දා ධර්ම ප‍්‍රචාරය සඳහා යොදා ගත් ගොන් කරත්තයටමය. අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමාට එහා යමින් වඩාත් සැර පරුෂ හා ග‍්‍රාම්‍ය ලෙස සිය ප‍්‍රචාර ව්‍යාපාරය දියත් කරනු ලැබුවේ සුද්දා පෙන්නූ සංවරය මෙයට අවශ්‍ය නොවන බව කියාපාන අයුරිනි. ඔහු මිනිසුන් ඇමතුවේ ඉතා ගොරහැඩි, රළු පරළු බසකිනි. ඔහුගේ ධර්ම ප‍්‍රචාරය වඩාත් නෑකම් කීවේ සුද්දන්ගේ උපායශීලී ප‍්‍රචාරක ක‍්‍රමවලට වඩා, පෘතුගීසින් බලහත්කාරයෙන් කතෝලික ආගම පැටවීමට යොදා ගත් තර්ජනාත්මක ස්වරූපයටය. අද දවසේ ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සිංහල බෞද්ධයාගේ පරමාදර්ශී චරිතයක් වන්නේ මෙලෙස රළු බසෙකින් බැන වදිමින් ධර්ම ප‍්‍රචාරයෙහි නියැලූණු ධර්මපාලතුමාය. පෘතගුගීසි නලින් ද සිල්වා මහාචාර්යතුමාට, එතුමා තමන්ගේ කෙනෙක් ලෙස දැනෙන්නේ ද සමහරවිට මේ නෑකම නිසා විය හැකිය.

අපේ සමාජය තමන්ට අවශ්‍ය පරිදි බුද්ධාගම වෙනස් කර ගනිමින් එයට නව අර්ථකථනයන් දෙමින් සිටින්නීය. සමහර විටෙක එතැනින් නොනැවතී බුද්ධ චරිතය ද තමන්ට අභිමත පරිදි වෙනස් කරන්නට කැසකවන්නීය. පසුගිය දිනෙක මහා සංචාරය නමැති රූපවාහිනී වැඩසටහන මෙහෙවමින් අද දවසේ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මහදැනමුත්තා වූ ජැක්සන් ඇන්තනී පවසා සිටියේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට වැඩම කළේ බෞද්ධාගමික වූ නාගගෝත‍්‍රිකයින් හට වූ ඇල්ම නිසා මිථ්‍යාදෘෂ්ටික යක්‍ෂ ගෝත‍්‍රිකයින් මලය දේශයට පලවා හැරීමට ය, කියා ය. රහත්ඵල ලැබූ අපේ බුදු රජාණන්වහන්සේටත් එසේ කළ හැකි විණි නම්, ඇයි යකඩෝ අපිට දෙමළුන් තමිල්නාඩුවටම එළවන්න බැරි…?
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    col3add.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mas Malu kana gaman : siyalu sathvayo suvapath vethva: keema maithriya nove. Buddhism da nove.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mas Malu kana gaman : siyalu sathvayo suvapath vethva: keema maithriya nove. Buddhism da nove.
    ලක්ශ්මන් මහත්තයො.. සැහෙන කාලයක් ඔන්ලයින් හිටිය එකේ නරකද වචනයක් දෙකක් හරි සින්හලෙන් ටයිප් කලොත්.. උබේ බයිලා අඩු තරමේ කියවන්නවත්..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් උඹ කොහොමද කියන්නේ හරි බුදුදහම නෙමෙයි තියෙන්නේ කියලා
    හරි දැන් අපි දන්න බුදුදහම ආවේ ඉස්සර ඉදන් තිබ්ච්ච පොත් පත් සෙල්ලිපි වගේ දේවල් වලින්නේ
    අනිවාර්යෙන් ඕකේ වෙනස්කම් වෙන්න ඇති
    ඒත් උඹ කියන බුදු දහම මොකක්ද කියලා කියලා දීපන්කෝ මුලින්ම
    උඹට පොතක් හම්බුනාද හරි බුදුදහම මේකයි කියලා

    උඹත් හීන් නූලෙන් කියන්නේ හාමුදුරුවරුන්ට කට වහන් ඉන්න කියලනේ
    හම්බයෝ රට අල්ලනකන්

    තොගේ පරණ ත්‍රෙඩ් බැලුවම පේනවා කාටද කඩේ යන්නේ කියලා

    BBS_ත්‍රස්වාදී_සංවිධානය
    බොදුබල_තස්ත්‍රයින්
    හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය
    ඥාණසාර_හිමියන්_ගැන
    බලසේනාවල_ගඳ

    පරණ ත්‍රෙඩ් එකක් උනත් තොගේ රෙප් කැපුවා මම
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,547
    22,233
    113
    Gotland
    දැන් උඹ කොහොමද කියන්නේ හරි බුදුදහම නෙමෙයි තියෙන්නේ කියලා
    හරි දැන් අපි දන්න බුදුදහම ආවේ ඉස්සර ඉදන් තිබ්ච්ච පොත් පත් සෙල්ලිපි වගේ දේවල් වලින්නේ
    අනිවාර්යෙන් ඕකේ වෙනස්කම් වෙන්න ඇති
    ඒත් උඹ කියන බුදු දහම මොකක්ද කියලා කියලා දීපන්කෝ මුලින්ම
    උඹට පොතක් හම්බුනාද හරි බුදුදහම මේකයි කියලා

    උඹත් හීන් නූලෙන් කියන්නේ හාමුදුරුවරුන්ට කට වහන් ඉන්න කියලනේ
    හම්බයෝ රට අල්ලනකන්

    තොගේ පරණ ත්‍රෙඩ් බැලුවම පේනවා කාටද කඩේ යන්නේ කියලා



    පරණ ත්‍රෙඩ් එකක් උනත් තොගේ රෙප් කැපුවා මම

    siripalaya dan ek na. u ita passe thawa id ganakin awa kujitha una. danuth innawa wena id ekakin
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    siripalaya dan ek na. u ita passe thawa id ganakin awa kujitha una. danuth innawa wena id ekakin

    ඒකත් එහෙමද
    :baffled::baffled::baffled:
    පලවෙනි පිටුවේ මුලින්ම ඔය බම්ප් දාලා උඩට ගත්ත එකා තමයි හම්බයා
    ඌද දන්නේ නෑ සිරිපාල