හාවා සහ හාඩ්වෙයාර් එක

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    හාවා සහ හාඩ්වෙයාර් එක

    ඔන්න දවසක් හාවෙක් ආවලු හාඩ්වෙයාර් එකකට.

    හාවා : මුදලාලි කැරට් තියනවද?
    මුදලාලි: නෑ හාවෝ මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ.
    හාවා: ok , මුදලාලි


    ඊට පස්සේ හාව යන්න ගියාලු. ඊළඟ දවසේ ඔන්න අයෙත් එනවලු.

    හාව: මුදලාලි කැරට් තියනවද?
    මුදලාලි: මම දැන් එක සැරයක් කිව්වනේ හාවෝ මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ.
    හාවා: ok , මුදලාලි.

    ඊට පස්සේ හාව යන්න ගියාලු. ඊළඟ දවසේ ඕනනේ අයෙත් එනවලු.


    හාව: මුදලාලි කැරට් තියනවද?
    ඔන්න දැන් නම් මුදලාලිට මල පැන්නලු. ඇයි ඉතින් මේකා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැනේ.
    මුදලාලි: මේ හාවෝ දැන් උඹට මම දවස් දෙකක් කිව්වා මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් විකුනන්නේ නෑ. උඹ ආයේ අවොත් කඹයක් අරගෙන කකුල් දෙකෙන් එල්ලනවා.
    හාවා: ok , මුදලාලි.

    කියල හාවා පැනල දිව්වලු. ඊට පස්සේ මෙන්න මේකා අයෙත් එනවලු පහුවදා.
    හාව: මුදලාලි කඹයක් තියනවද?
    මුදලාලි: කඹ ඉවර වුන හාවෝ.
    හාවා: එහෙනම් මුදලාලි කැරට් තියනවද.