ඕක උත්තරයක් ද ? ප්‍රශ්නයක් නේ?
ඇත්තටම උඹ හිතන විදිහට ආර්ථික ප්‍රතිලාභ අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ අපරාධ විධිවිධාන නඩු පනත සංශෝධනය කරන්න කියල යුරෝපා සංගමය ඉල්ලන්නේ ඇයි?
ඒ දෙකේ සම්බන්දය මොකක්ද?
දැන් ඇත්තටම EU එක එහෙම ඉල්ලීමක් කලාද? ඒ මොන පදනම යටතෙද කියලා හරියටම දන්නවාද?
EU එහෙම ඉල්ලන්නේ හිරේ ඉන්න කොටි එලියට දැමීමේ කුමණ්ත්‍රණයක් ලෙසයි කියලා අර්ථදක්වාගෙන හිටියම හරිද?
ඇත්තටම EU ඉල්ලන්නේ මොකක්ද, ඇයි ඒ කියලා දැනගෙන ඉමුද අපි අපිට කැමති, අපි ආස / අපිට වාසි අර්ථදැක්වීමකට යනවා වෙනුවට?
මහින්ද රාජපක්ෂ යුද්ධයේදී හමුදාව මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ අන්තර්ජාතික පරීක්ෂණයකට විරුද්ධ වුණා කියල EU concessions කප්පාදු කළේ ඇයි?
මහින්ද රාජපක්ශ EU එකේ ඉල්ලීමට විරුද්ද වුනා විතරක් නෙමෙයි ඊට වඩා EU එකට, විශේෂයෙන් බ්‍රිතාන්‍යයට රාජ්‍යතාන්ත්‍රිකව ලැජ්ජා වෙන විධියට වැඩ කලා.
විදෙස් රටවල් එක්ක ගණුදෙනු කරනකොට වැදගත් විධියට කරන්න ඕනෑ. අපිවගේ වැඩිම අපනයන ආදායම EU එකෙන් ගන්න පුංචි රටක් වීරකැටියේ/වලස්මුල්ලේ චන්ඩිපාට් ඒ රටවල නායකයින්ට දැම්මාම ඇණ ගන්න වෙනවා තමයි.
ලංකාවේ අපනයන වැඩියෙන්ම ගන්න රටවල් - රූපය බලන්න:
Source: http://www.srilankabusiness.com/pdf/performance_of_exports_2014.pdf
දැන් මහින්ද චින්තනය අනුව EU එක අපෙන් වැඩිම අපනයන අරගෙන් අපිට වැඩියෙන්ම විදෙස් විනිමය දෙනවා විතරක් නෙමේ අපේ මෝඩ චූන් චන්ඩිපාට් බලන්නත් ඕනෑ.
අඩුම ගානේ ඒ මිනිස්සු කියනදේ අහලා, රටක් විධියට අපිට තියෙන ගැටලු ඒ මිනිස්සුන්ට කියලා, ප්‍රශ්ණෙ විසඳගන්නවා වෙනුවට පිස්සු කෙලියම ඔහොම EU concessions නැතිවෙනවා කියන එක අහන්න දෙයක්ද?
සාකච්චාවෙන් ප්‍රශ්ණයක් විසඳ ගන්නවා කියන්නේ රට පාවා දෙන එකද?

අපේ terrorism act එකට සංශෝධන කරන්න කියල බලපෑම් කරන්න අයිතියක් EU එකට හම්බෙනවද අපේ අපනයන ගන්නවා කියලා? ලංකාව ස්වෛරී රාජ්‍යයක් නෙමේද?
