හා හා හරි හාවා srilankan singers versions

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හා හා හරි හාවා srilankan singers versions

    (අපහාසයට නොවේ උපහාසයට පමණි)
    මාතෘකාව - හා හා හරි හාවා







    ලංකාවෙ රැප් සීන් එකේ ඉන්න ඩෑල් -



    " හා හා හරි හාවා හුට්ටො අපි නෑ පදිරි තොගෙ කන් දෙකට, පනින්න හිතුවා නම් හා චණ්ඩි, කරල යවන්නෙ තනිකර නොණ්ඩි, අපි එළවලු කොටුවෙ දළු කොළ කනකොට තෝ හා තාත්තගෙ ඇටෙත් නෑ හුට්ටො, පනිනව නම් පැනල බලපන් කැ*යො මේ බෝඩරේට, කපල ඔබනව තොගෙ නැට්ට බෝලෙට ග්‍රෙනේඩ් එකක් හයි කරල තොගෙම කටේ උට්ටෝ.....කෝ හාවා කෝ හාවා කෝ හාවා.... සද්ද වහන් පැනපන් හුට්ටො පනින දේසෙකට, පැනලා සැපේ ඉඳපන් උට්ටෝ....අම්මට.....දැක මගෙ පඹය බියවෙන්නෙ නෑ උට්ටො....පඹය නෙමෙයි උඹෙ අම්මටවත් අපි බය නෑ....සද්ද එපා හා නිගා.....අපි දෙන්නෙ ඩිෂුම් ඩිෂුම්....."




    කසුන් කල්හාර -





    " හා හා හරී හාවා..... පිණුම් මෞලයක දූරකයෙන් පිහිනා ... අවසානයේ....ඒ...ඒ....ඒ ....ඒ ... ශුද්‍ර අංගුලිකාවක වෙස් ගෙන....පැන පැන ආ....ආ....වා.....රාත්‍රියේ......මේ එළවළු කොටුවක මගේ ශෘංගාර සිහිනයේ.....ඒ.....ඒ......ඒ.......දළු කොළ කා.....ප්‍රපංචයක සතපවා.....පැන ගියා.....ආ....කොයිබද හාවා......?....සස ජාතකේ.....ශක්‍ර දේවතා සංධ්වනියෙන්......සැලෙන හදවතට වැදුණු......ආලෝක පුංජයක්......හා.....ආ....ආ.....ආ...වා.....ස්වයං ජාත හාවුන් නෑ.....පෘතුවියේ....."






    ඩෙත් මෙට්ල් සීන් එකේ ඉන්න ඩෑල් -





    "ග්‍රෝ....ඕ.....ඕ....ඕ.....ඕ......ර්.....ක්‍රා....ආ......ආ............හී......යා.......ආ..........හා....හා.....හරී.......හා.............වා...........රා......ආ.........ආ.......ආ.........( ඩ්‍රාං ) ......පෑ...........න........පෑ..............න............ආ...........වා................ සාතන් උගේ බෙල්ල කඩා...............කෑ.......ඈ..........වා............ලේ බිලි දී.........ආ.....ත්......මය........බිලි ගත්තා..........රා...........ආ...........කොහිද හාවා........යක්ෂයා.........ආ..........ආ..........සමග ...... ලේ වියරු වී............ග්‍රෝ........."







    බස් සින්දු කාරයන් -





    "....සුදු හිම හා හා හරි හාවියේ.....දරා ගන්න බෑ මේ ආදරේ.....උඹ පැන ගිය දා පටන් මා වින්ද දුක් වේදනා......එළවලු කොටුවේ දළු කොළ කනව නම් කළින් කියන්නට තිබුණා.......දැක මගේ පඹයා, මා දෑසේ වේදනා......වෙන දෑසකට නම් දෙන්න එපා සුදු වස්තුව හාවා......මා දෑසේ කඳුළු වලින් ඔබ ප්ලේන්ටි බොනවද හාවා......අපි දෙන්නා මේ මාවතේ මුමුණපු පෙම් කථා උඹට මතකද, නැත්තන් පැන ගිය දා සිට විඳවන්නේ මගේ අහිංසක හදවත විතරද.........ඔය සුදු පා පනින ඉසව්වේ මල් පිපේවා කියා මම අසරණව පතනවා.......ඉවසන්නම් හාවෝ ඔබේ නාමයෙන්.....ආයෙත් වරක් මේ දෑසින් කඳුළු වැක්කෙරෙනවා.....මා වෛර කරන්නේ නෑ උඹ එළවළු කොටුවේ දළු කොළ කෑවා කියා.....සිපගත් කන් දෙකට වෛර කරන්නේ මොන හිතකින්ද........අද මාව පඹ‍යෙක් වාගේ පෙනුනාට.....මා හට දී වේදනා ....නගුටත් අරන් ගියා.....ඉවසන්න බෑ...දළු කොළ මතක් වෙලා....."




    ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම -





    "( ටක්ක ටකිඳ, ටක්ක ටකිඳ, ඩිෂ්ටං ටං, ටක්ක ටකිඳ ) ... අහ අහ ජිගි ජිගි ජං.....නන නාන නාන නා......හා හරි හාවා දළු කොළ කෑවා......මගෙ දෑස ආදරෙන් පිරී ගියා.......( ටරක ටකස්, ටරක ටකස්, ටික්ක ටිකිඳ ටික්ක ටිකිඳ ) ..... හිතවත් කම් ඔහේ තියා.....ඌ දළු කොළ ටික කාලා පැන ගියා.......කෝ මල්ලිලා සද්දයක් දෙන්ඩ......හෝ....ඕ......ඕ.....ඕ..... හා හා හා...... කියන්න....මම හා හා කියන කොට ඕගොල්ල හරි හාවා කියන්න .... රායිට්........හා....හා..... ( "හරි හාවා" ) නියමායි......."




    නන්දා මාලිනි -





    " යදම් දමා වැට කඩුළු යෙදූ.....එළවලු කොරටුව පුපුරා, ගුගුරා විසිරී යන සේ......නැගී සිටිය හාවා......දළු කොළ කෑමට අයිතිය නැති දෙරණේ......අඳෝනාව ගෙන වැටට උඩින් පැන ගියා.......නමක් ගමක් නැති හාවා........"




    ජිප්සීස් ( සුනිල් ) -





    ආ.......ඕ......දෙන්න දෙන්න හාවාට දෙන්න.....කෝ හාවා....හාවට බෑ.......ඕ......මම අම්බානට බය උනා එදා......ඌ වැටට උඩින් පැන ගියා සදා......මම කිව්ව ඌට බං.....පනින්නෙපා කියල දැන්.......කෝ කිව්වට ඇහුවේ නෑ හාවා........හාවා එපා.......බුදු නෝනෙ මට හා මස් එපා..... කෝ දෙන්න හාවට, උස්සල දෙන්න......"






    රෝහණ බැද්දගේ / බන්දුල විජේවීර -





    " හහා......ඔන්න බොළ ඔය හාවා......මේ පැත්තෙන් යන්න ආවා......අපේ කරුමෙ තමා සීයේ......මූ දළු කොළ ටික කෑවා......හැබැයි බෑණො ඉතින් ඌත් යමක් කන්න එපායෑ.......අපිට පිනක් උනා කියලා අපි සතුටු වෙමු බොළං .... හහා....."






    ආත්මා ලියනගේ -





    "හා.....................වා....................ආ.........පැන පැන ආවාහ්..............කා.......................................ලා....................ආඅ............දළු කොළ කෑවා.......එළවලු.....කෑවා.....රහසේ...."






    කොරීන් අල්මේදා -





    " අම්මට්ට හුඩු දෙන්න දෙන්න මල්ලිලා....කැරකිලා දෙන්න අපිට......මේ හාවො නැතත් කොරටුවකට - දළු කොළ ටික නොකෑවාට - එළවලු ටික තාම තියෙනවා........"




    ලහිරු පෙරේරා -





    "හාවා ආවා පැන පැන, කන්න දුන්න දළු කොළ ටික, දෙන්න ඕන රට පකිරිඤ්ඤං.....මම ඌත් එක්ක නිව්යෝර්ක් වල කඩල බැදලා විකුණනකොට, වෙල්ලවැහුම් සහ ඉස්පඤ්ඤං.....ඊට පස්සෙ රටකජු ටික වටේ දාලා බෙලිමල් ටික, අලින්ට රණවරා පොවනවා.......එහෙම නැතත් අඟහරුවල, දෙවනි පාර බැටින් කරපු, සනත් වගේ ගෙදරට එනවා......කොයිල් ස්ප්‍රිං එකක් අරගෙන - රොබින් හුඩ්ගෙ දුන්න හදල - විද්දා ත්‍රිකුණාමලේටම........එතන තේක්ක තඩි ගස් හිටවලා - බෙන්ස් කාර් අරන් දාලා - ගෙදර ගියා බයිසිකලේ මං....."




    අසංග ප්‍රියමන්ත පිරීස් -





    "මෙදී පොටී මගි කොරටුවි දළු කොළි ටිකි නෑ වගී....අනී පුතී මටි නම් දැන් හතිළිස් ඇඳිරියි වගී......හාවික් විත් දළු කෑවිට තරහක් නෑ මී හිතේ......කැටපෝලිටි ගල් නොදැම්මි උගෙ බඩිගින්නයි අගී......//.....ඉස්දුදියි.....ජයින් ජයිම වීවා"......








    (සයිබර වරිගෙ උණ්ඩියාගෙ ස්ටේටස් එකක් උස්සන ලදී )
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    "මෙදී පොටී මගි කොරටුවි දළු කොළි ටිකි නෑ වගී....අනී පුතී මටි නම් දැන් හතිළිස් ඇඳිරියි වගී......හාවික් විත් දළු කෑවිට තරහක් නෑ මී හිතේ......කැටපෝලිටි ගල් නොදැම්මි උගෙ බඩිගින්නයි අගී......//.....ඉස්දුදියි.....ජයින් ජයිම වීවා"......



    මේකතමයි මට හොදම..:lol:
     
    • Like
    Reactions: marachoon