මචන් හැංගිලා කාටවත් නොපෙනී කිසි කටහඩක්වත් ඇහෙන්නේ නැතුව කාමරේ දොරත් වහගෙන ඉන්න හිතෙන්නේ ඇයි ? දවසේ වැඩි වෙලාවක් මත් වෙලා වගේ ඉන්න තිබුනානම් හිතෙනවා .එක්කෝ අලුතෙන්ම පටන් ගන්න හිතෙනවා(අලුතෙන්ම පටන් ගන්නවා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ ) .මට තේරෙන්නේ නෑ ඇයි කියලා දැන් වැඩි හොදටම .මෙහෙම දැනුන අය ඉන්නවද ? නිකන්ම ඒක අඩුවෙලා ගියාද ? තාවකාලික feel එකක්ද ?
